"අවිච්චියා" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(පිට්ටා බ්‍රකියුරා – Pitta brachyura). ලංකාවේ සෙසු කුරුල...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| (නොපෙන්වන එම පරිශීලකයා මගින් අතරමැදි සංස්කරණ 3ක්) | |||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | (පිට්ටා බ්‍රකියුරා – Pitta brachyura). ලංකාවේ සෙසු කුරුල්ලන්ගෙන් පහසුවෙන් වෙන් කොට අඳුනාගත හැකි, පෙඳය කොට, විවිධ වර්ණයන්ගෙන් යුත්, ප්‍රමාණයෙන් පොල්කිච්චකු තරම් වූ ලක්ෂණ කුරුල්ලෙකි. සැප්තැම්බර මාසයේ දී පමණ ඉන්දියාවෙන් මෙහි සංක්‍රමණය වන මොවුහු මුහුදු මට්ටමෙන් අඩි 6,000 පමණ උස් පෙදෙස්වල පැතිරී මැයි මාසය පමණ වන තෙක් සිටිති. කෙටි පෙඳය නිතර ගස්සමින් පඳුරු අතර බිම පැන පැන කෘමීන්, ගොළු බෙල්ලන් සොයන අවිච්චියා උදය වරුවේත් හවස් වරුවේත්, අඳුරු දිනවල නම් දවස පුරාමත් “ආයිත් කියා” වැනි ශබ්දයක් නගමින් කෑගසයි. ඌ පඳුරුවල අත පෙවිය නොහැකි තරම් හරියේ සැඟවී රාත්‍රිය ගත කරයි. | + | [[ගොනුව:2-235.jpg|left|250px]](පිට්ටා බ්‍රකියුරා – Pitta brachyura). ලංකාවේ සෙසු කුරුල්ලන්ගෙන් පහසුවෙන් වෙන් කොට අඳුනාගත හැකි, පෙඳය කොට, විවිධ වර්ණයන්ගෙන් යුත්, ප්‍රමාණයෙන් පොල්කිච්චකු තරම් වූ ලක්ෂණ කුරුල්ලෙකි. සැප්තැම්බර මාසයේ දී පමණ ඉන්දියාවෙන් මෙහි සංක්‍රමණය වන මොවුහු මුහුදු මට්ටමෙන් අඩි 6,000 පමණ උස් පෙදෙස්වල පැතිරී මැයි මාසය පමණ වන තෙක් සිටිති. කෙටි පෙඳය නිතර ගස්සමින් පඳුරු අතර බිම පැන පැන කෘමීන්, ගොළු බෙල්ලන් සොයන අවිච්චියා උදය වරුවේත් හවස් වරුවේත්, අඳුරු දිනවල නම් දවස පුරාමත් “ආයිත් කියා” වැනි ශබ්දයක් නගමින් කෑගසයි. ඌ පඳුරුවල අත පෙවිය නොහැකි තරම් හරියේ සැඟවී රාත්‍රිය ගත කරයි. |
හිමාලය අද්දර කඳුවල පඳුරුවල ලොකු ගෝලාකාර කූඩුවක් තනා අවිච්චියා එහි බිත්තර පහක් පමණ ලයි. මේ බිත්තර සුදුය; දම් පාටට හුරු ලප සහිතය. | හිමාලය අද්දර කඳුවල පඳුරුවල ලොකු ගෝලාකාර කූඩුවක් තනා අවිච්චියා එහි බිත්තර පහක් පමණ ලයි. මේ බිත්තර සුදුය; දම් පාටට හුරු ලප සහිතය. | ||
14:21, 17 පෙබරවාරි 2025 වන විට නවතම සංශෝධනය
(පිට්ටා බ්‍රකියුරා – Pitta brachyura). ලංකාවේ සෙසු කුරුල්ලන්ගෙන් පහසුවෙන් වෙන් කොට අඳුනාගත හැකි, පෙඳය කොට, විවිධ වර්ණයන්ගෙන් යුත්, ප්‍රමාණයෙන් පොල්කිච්චකු තරම් වූ ලක්ෂණ කුරුල්ලෙකි. සැප්තැම්බර මාසයේ දී පමණ ඉන්දියාවෙන් මෙහි සංක්‍රමණය වන මොවුහු මුහුදු මට්ටමෙන් අඩි 6,000 පමණ උස් පෙදෙස්වල පැතිරී මැයි මාසය පමණ වන තෙක් සිටිති. කෙටි පෙඳය නිතර ගස්සමින් පඳුරු අතර බිම පැන පැන කෘමීන්, ගොළු බෙල්ලන් සොයන අවිච්චියා උදය වරුවේත් හවස් වරුවේත්, අඳුරු දිනවල නම් දවස පුරාමත් “ආයිත් කියා” වැනි ශබ්දයක් නගමින් කෑගසයි. ඌ පඳුරුවල අත පෙවිය නොහැකි තරම් හරියේ සැඟවී රාත්‍රිය ගත කරයි.හිමාලය අද්දර කඳුවල පඳුරුවල ලොකු ගෝලාකාර කූඩුවක් තනා අවිච්චියා එහි බිත්තර පහක් පමණ ලයි. මේ බිත්තර සුදුය; දම් පාටට හුරු ලප සහිතය.
අවිච්චියා පිට්ටිඩේ (Pittidae) කුලයට අයත් වේ. ලංකාවේ දක්නා කුරුල්ලන් අතුරෙන් පූර්වෝක්ත කුලයට අයත් වන්නේ ඌ පමණි. විශේෂයෙන් ම ආසියා ඕස්ට්‍රේලියා ප්‍රදේශයෙහි වසන මේ කුරුල්ලා ප්‍රධාන වශයෙන් වසන්නේ මලයා දූපත්වලය. අප්‍රිකාවෙහිත් අවිච්චියන්ගේ විශේෂ තුනක් දක්නට ලැබේ. ඉන්දියාවෙහි අවිච්චි විශේෂ කිහිපයක් ඇත. ලංකාවේ වසන්නේ හේමන්තයේ දී ඉන්දියාවෙහි සිට සංක්‍රමණය වන ඉහත සඳහන් විශේෂය පමණි (වල් අවිච්චියා බ.).
පොත්පත්
Henry, G. M. Birds of Ceylon
(සංස්කරණය: 1965)
