"අෂ්ටඵලරුහබෝධි" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('අනුරාධපුර මහමෙවුනා උයන්හි පිහිටුවන ලද දක්ෂිණ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
(නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්) | |||
1 පේළිය: | 1 පේළිය: | ||
− | අනුරාධපුර මහමෙවුනා උයන්හි පිහිටුවන ලද දක්ෂිණශාඛාමහාබෝධියෙහි හටගත් ඵලයෙකින් පැන නැගි බෝරුක් අටෙකි.මිහිඳු මාහිමියන්ගේ උපදෙස් පරිදි දෙවනපෑතිස් රජු විසින් දඹදිව | + | අනුරාධපුර මහමෙවුනා උයන්හි පිහිටුවන ලද දක්ෂිණශාඛාමහාබෝධියෙහි හටගත් ඵලයෙකින් පැන නැගි බෝරුක් අටෙකි. මිහිඳු මාහිමියන්ගේ උපදෙස් පරිදි දෙවනපෑතිස් රජු විසින් දඹදිව ශ්රීමහාබෝධියේ දක්ෂිණ ශාඛාව ලක්දිවට එවනු මැනැවැ යි දම්සෝ රජුට සන්දේශ යවන ලද්දේය. ඒ වූ පරිදි දක්ෂිණ ශාඛාව මහාබෝධියෙන් වෙන් කරගන්නා අවදියෙහි එහි බෝඵල පසෙක් ද විය. ඒ ශාඛාබෝධිය ලක්දිවට ගෙනවුත් මහමෙවුනා උයන්හි පිහිටුවන අවස්ථායෙහි වංශකථාදියෙහි දැක්වෙන පරිදි මහත් පෙළහර පහළ විය. සත් දවසක් ම බෝධිය හිම වලායෙන් වැසී තිබිණ. සත්වැනි දවසැ හිමවලා පහවැ ගියෙන් බෝධි ශාඛායෙහි කඳ, කොළ, අතු හා යට කී ඵල පස ද පෙනෙන්නට විය. මිහිඳු මාහිමියෝ ද සඟමිත් තෙරණියෝ ද පිරිවර සහිත දෙවන පෑතිස් රජ ද බොහෝ සෙයින් දිවයින් වැසි සියලු ජනයෝ ද බෝධිය පිහිටි තැනට රැස්වූහ. උතුරු ශාඛායෙහි විලිකුන්ව තිබූ ඵලයෙක් එකෙණෙහි ගිළිහුණේ මිහිඳු මහතෙරුන් දිගු කළ අත්හි පිහිටියේය. මහතෙරණුවෝ එය "මහරජ, රෝපණය කළ මැනැවැ"යි රජුට දුන්හ. රජ රන්කටාහයක මිහිරිපස් බහා ගඳකලලින් පුරා එය රෝපණය කෙළේය. සියල්ලන් බලා සිටිය දී මැ එයින් අංකුර අටක් නැඟී සතර රියන් පමණ වූ තරුණ බෝරුක් වැ සිටගත. රජ ඒ ආශ්චර්යය දැක ඒ බෝරුක් සේසතින් පුදා අභිෂේක දුන්නේය. |
− | එයින් එක් බෝරුකක් | + | එයින් එක් බෝරුකක් මහාබෝධිශාඛාව වැඩමවන ගමනේ දඹකොළ පටුනෙහි දී නැවින් ගොඩට ගෙන එදවස තුබූ තැන්හි රෝපණය කළහ. එකක් තිවක්ක නම් බමුණුගම්හි ද එකක් ථූපාරාමයෙහි ද එකක් ඉසුරුමුණි විහාරයෙහි ද එකක් පඨමකචේතිය ස්ථානයෙහි ද එකක් සෑගිරි (මිහින්තල) යෙහි ද එකක් රුහුණු ජනපදයෙහි කතරගම ද එකක් රුහුණෙහි ම සඳුන්ගම ද රෝපණය කළහ. මේ අටතැන්හි පිහිටුවූ බෝරුක් අට අෂ්ටඵලරුහබෝධි නමින් හඳුන්වනු ලැබේ. මේ ඵලරුහබෝධීන් අතුරෙන් තිවක්ක බමුණුගම්හි පිහිටුවූ බෝධිය මෙකල තන්තිරිමලය නමින් දන්නා තැන්හි දැනුදු දක්නට ඇත. එසේම ථූපාරාමය ඉසුරුමුණිය, සෑගිරිය හා කතරගම යන ස්ථානයන්හි පිහිටුවන ලද බෝධි වෘක්ෂයෝ ද මේ තාක් ප්‍රකට වැ දක්නට ලැබෙති. යාපන අර්ධද්වීපයෙහි වූ දඹකොළ පටුන, පැරණි අනුරාධපුරයේ නැගෙනහිර දොරටුව සමීපයෙහි පඨමකචේතිය, රුහුණු ජනපදයෙහි පිහිටියේ යැයි විනය අටුවාවෙහි සඳහන් වන සඳුන්ගම යන ස්ථානවල පිහිටුවන ලද බෝධි වෘක්ෂ තුන මේ දක්වාත් ඇද්දැයි සොයා බැලීම වටනේය. |
− | තවද ඉතිරි බෝඵල සතරෙහි | + | තවද ඉතිරි බෝඵල සතරෙහි ඇටවලිනුදු බෝපැල දෙතිසක් නැඟිණ. එද ලක්දිවැ යොදුනෙන් යොදුන ආරාමයන්හි රෝපණය කරන ලදි. ඉන් ඇතැම් බෝරුකෙක් අද පවා ඇතැයි අසන්නට ලැබේ. |
== පොත්පත් == | == පොත්පත් == | ||
මහාවංස | මහාවංස | ||
+ | |||
සමන්තපාසාදිකා | සමන්තපාසාදිකා | ||
(සංස්කරණය: 1965) | (සංස්කරණය: 1965) | ||
− | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: ලක්දිව බෞද්ධ පූජ්‍ය වස්තු]] |
− | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: අ]] |
15:27, 26 සැප්තැම්බර් 2024 වන විට නවතම සංශෝධනය
අනුරාධපුර මහමෙවුනා උයන්හි පිහිටුවන ලද දක්ෂිණශාඛාමහාබෝධියෙහි හටගත් ඵලයෙකින් පැන නැගි බෝරුක් අටෙකි. මිහිඳු මාහිමියන්ගේ උපදෙස් පරිදි දෙවනපෑතිස් රජු විසින් දඹදිව ශ්රීමහාබෝධියේ දක්ෂිණ ශාඛාව ලක්දිවට එවනු මැනැවැ යි දම්සෝ රජුට සන්දේශ යවන ලද්දේය. ඒ වූ පරිදි දක්ෂිණ ශාඛාව මහාබෝධියෙන් වෙන් කරගන්නා අවදියෙහි එහි බෝඵල පසෙක් ද විය. ඒ ශාඛාබෝධිය ලක්දිවට ගෙනවුත් මහමෙවුනා උයන්හි පිහිටුවන අවස්ථායෙහි වංශකථාදියෙහි දැක්වෙන පරිදි මහත් පෙළහර පහළ විය. සත් දවසක් ම බෝධිය හිම වලායෙන් වැසී තිබිණ. සත්වැනි දවසැ හිමවලා පහවැ ගියෙන් බෝධි ශාඛායෙහි කඳ, කොළ, අතු හා යට කී ඵල පස ද පෙනෙන්නට විය. මිහිඳු මාහිමියෝ ද සඟමිත් තෙරණියෝ ද පිරිවර සහිත දෙවන පෑතිස් රජ ද බොහෝ සෙයින් දිවයින් වැසි සියලු ජනයෝ ද බෝධිය පිහිටි තැනට රැස්වූහ. උතුරු ශාඛායෙහි විලිකුන්ව තිබූ ඵලයෙක් එකෙණෙහි ගිළිහුණේ මිහිඳු මහතෙරුන් දිගු කළ අත්හි පිහිටියේය. මහතෙරණුවෝ එය "මහරජ, රෝපණය කළ මැනැවැ"යි රජුට දුන්හ. රජ රන්කටාහයක මිහිරිපස් බහා ගඳකලලින් පුරා එය රෝපණය කෙළේය. සියල්ලන් බලා සිටිය දී මැ එයින් අංකුර අටක් නැඟී සතර රියන් පමණ වූ තරුණ බෝරුක් වැ සිටගත. රජ ඒ ආශ්චර්යය දැක ඒ බෝරුක් සේසතින් පුදා අභිෂේක දුන්නේය.
එයින් එක් බෝරුකක් මහාබෝධිශාඛාව වැඩමවන ගමනේ දඹකොළ පටුනෙහි දී නැවින් ගොඩට ගෙන එදවස තුබූ තැන්හි රෝපණය කළහ. එකක් තිවක්ක නම් බමුණුගම්හි ද එකක් ථූපාරාමයෙහි ද එකක් ඉසුරුමුණි විහාරයෙහි ද එකක් පඨමකචේතිය ස්ථානයෙහි ද එකක් සෑගිරි (මිහින්තල) යෙහි ද එකක් රුහුණු ජනපදයෙහි කතරගම ද එකක් රුහුණෙහි ම සඳුන්ගම ද රෝපණය කළහ. මේ අටතැන්හි පිහිටුවූ බෝරුක් අට අෂ්ටඵලරුහබෝධි නමින් හඳුන්වනු ලැබේ. මේ ඵලරුහබෝධීන් අතුරෙන් තිවක්ක බමුණුගම්හි පිහිටුවූ බෝධිය මෙකල තන්තිරිමලය නමින් දන්නා තැන්හි දැනුදු දක්නට ඇත. එසේම ථූපාරාමය ඉසුරුමුණිය, සෑගිරිය හා කතරගම යන ස්ථානයන්හි පිහිටුවන ලද බෝධි වෘක්ෂයෝ ද මේ තාක් ප්‍රකට වැ දක්නට ලැබෙති. යාපන අර්ධද්වීපයෙහි වූ දඹකොළ පටුන, පැරණි අනුරාධපුරයේ නැගෙනහිර දොරටුව සමීපයෙහි පඨමකචේතිය, රුහුණු ජනපදයෙහි පිහිටියේ යැයි විනය අටුවාවෙහි සඳහන් වන සඳුන්ගම යන ස්ථානවල පිහිටුවන ලද බෝධි වෘක්ෂ තුන මේ දක්වාත් ඇද්දැයි සොයා බැලීම වටනේය.
තවද ඉතිරි බෝඵල සතරෙහි ඇටවලිනුදු බෝපැල දෙතිසක් නැඟිණ. එද ලක්දිවැ යොදුනෙන් යොදුන ආරාමයන්හි රෝපණය කරන ලදි. ඉන් ඇතැම් බෝරුකෙක් අද පවා ඇතැයි අසන්නට ලැබේ.
පොත්පත්
මහාවංස
සමන්තපාසාදිකා
(සංස්කරණය: 1965)