"එඩ්වින් ආනෝල්ඩ්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(1832 – 1904). ඉංග්‍රීසි ජාතික ලේඛකයෙකි. 19 වැනි ශතවර්ෂ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
 
1 පේළිය: 1 පේළිය:
(1832 – 1904). ඉංග්‍රීසි ජාතික ලේඛකයෙකි. 19 වැනි ශතවර්ෂයෙහි දී පෙරදිග ශිෂ්ටාචාරය බටහිරට හඳුන්වා දීමෙහි නිරතව සිටි විද්වතුන් අතුරෙහි ප්‍රධාන තැනක් ගනී. 1832 ජූනි 10 වැනිදා එංගලන්තයේ ග්‍රේව්ස්එන්ඩ්හි දී උපන් හෙතෙම රොචෙස්ටර් නගරයේ කිංස් පාසැලේ මූලික අධ්‍යාපනය ලබා ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ද ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලයේ ද ශාස්ත්‍ර හදාරා උසස් උපාධි ලබාගත්තේය. මඳකලක් බර්මිංහැම්හි එඩ්වරාජ විද්‍යාලයේ උපගුරුවරයකුව සිටි මොහු ක්‍රි. ව. 1856 දී ඉන්දියාවේ පූනාහි රජයේ ඩැකාන් (සංස්කෘත) විද්‍යාලයේ ප්‍රධානාචාර්‍ය්‍ය ධුරයට පත්කරනු ලැබ එහි පස්වසක් සේවය කෙළේය. 1861 දී පෙරළා මව් රටට ගොස් “ ඩේලිටෙලිග්‍රාප් ” පුවත්පතේ කර්තෘ මණ්ඩලයට බැඳී, 1873 දී එහි කර්තෘ ධුරයට පත්විය. 1886 දී යළිත් පෙරදිගට පැමිණ ජපානයෙහි ද සංචාරයක යෙදුණ හෙතෙමේ තුන්වැනි වරට විවාපත් වෙමින් 1897 දී ජපන් ලියක පාවා ගත්තේය. බොම්බායේ විශ්වවිද්‍යාලයේ ද රාජකීය ආසියාතික සංගමයේ රාජකීය භූගෝල ශාස්ත්‍රීය සංගමයේ ද සම්මාන සාමාජිකත්වය ඔහු වෙත පිරිනමන ලදි. 1886 දී බ්‍රිතාන්‍ය රජය මගින් කේ.සී. අයි. ඊ. නම් නයිට් නාමයෙන් පුදනු ලැබූ ඔහුට සියම් රජය ද තුර්කි රජය ද පර්සියාව සහ ජපානය ද සිය රාජකීය සම්මානයන්ගෙන් ගෞරව කළේය.
+
(1832–1904). ඉංග්‍රීසි ජාතික ලේඛකයෙකි. 19 වැනි ශතවර්ෂයෙහි දී පෙරදිග ශිෂ්ටාචාරය බටහිරට හඳුන්වා දීමෙහි නිරතව සිටි විද්වතුන් අතුරෙහි ප්‍රධාන තැනක් ගනී. 1832 ජූනි 10 වැනිදා එංගලන්තයේ ග්‍රේව්ස්එන්ඩ්හි දී උපන් හෙතෙම රොචෙස්ටර් නගරයේ කිංස් පාසැලේ මූලික අධ්‍යාපනය ලබා ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ද ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලයේ ද ශාස්ත්‍ර හදාරා උසස් උපාධි ලබාගත්තේය. මඳකලක් බර්මිංහැම්හි එඩ්වඩ්රාජ විද්‍යාලයේ උපගුරුවරයකුව සිටි මොහු ක්‍රි.ව. 1856 දී ඉන්දියාවේ පූනාහි රජයේ ඩැකාන් (සංස්කෘත) විද්‍යාලයේ ප්‍රධානාචාර්‍ය්‍ය ධුරයට පත්කරනු ලැබ එහි පස්වසක් සේවය කෙළේය. 1861 දී පෙරළා මව් රටට ගොස් 'ඩේලි ටෙලිග්‍රාෆ්' පුවත්පතේ කර්තෘ මණ්ඩලයට බැඳී, 1873 දී එහි කර්තෘ ධුරයට පත්විය. 1886 දී යළිත් පෙරදිගට පැමිණ ජපානයෙහි ද සංචාරයක යෙදුණ හෙතෙමේ තුන්වැනි වරට විවාපත් වෙමින් 1897 දී ජපන් ලියක පාවා ගත්තේය. බොම්බායේ විශ්වවිද්‍යාලයේ ද රාජකීය ආසියාතික සංගමයේ රාජකීය භූගෝල ශාස්ත්‍රීය සංගමයේ ද සම්මාන සාමාජිකත්වය ඔහු වෙත පිරිනමන ලදි. 1886 දී බ්‍රිතාන්‍ය රජය මගින් කේ.සී.අයි.ඊ. නම් නයිට් නාමයෙන් පුදනු ලැබූ ඔහුට සියම් රජය ද තුර්කි රජය ද පර්සියාව සහ ජපානය ද සිය රාජකීය සම්මානයන්ගෙන් ගෞරව කළේය.
බාලවියෙහි සිට ම කාව්‍ය රචනයට ප්‍රිය කළ එඩ්වින් ආනෝල්ඩ් 1852 දී ඔක්ස්‍ෆඩ් විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂක ශිෂ්‍යයන් විසින් රචිත උසස්තම පද්‍යනිබන්ධනය සඳහා පිරිනැමෙන නිව්ඩ්ගේට් ත්‍යාගය දිනා ගත්තේය. ඔහු ඉදිරිපත් කළ නිබන්ධනය බෙල්ෂසාර්ගේ භෝජන සංග්‍රහය (Belshazzar ’s Feast) නම් කාව්‍යයයි.
+
 
ඉන්දියාවේ දී හෙතෙම සංස්කෘතය ද තවත් ඉන්දියානු භාෂා ද මහත් උද්‍යෝගයෙන් හැදෑරීමට පටන් ගත්තේය. මෙපරිද්දෙන් ඔහුගේ භාෂා ඥානය දියුණු වෙත්ම ඉන්දියානු ඉතිහාසය, සාහිත්‍යය හා පුරාවෘත්තයන් කෙරෙහි ද ඔහුගේ සිත ඇදී ගියේය. ඔහු කියවූ පොත් අතුරින්   “ රාමායණය සහ       “මහාභාරතය ” යන ග්‍රන්ථලෝක සාහිත්‍යයේ ශ්‍රෙෂ්ඨතම කෘතීන් ලෙස පමණක් නොව, ඉමක් කොනක් නොදත හැකි බුද්ධි සාගරයක් සේ ඔහුගේ තරුණ හිතට වැටහී ගියේය.
+
බාලවියෙහි සිට ම කාව්‍ය රචනයට ප්‍රිය කළ එඩ්වින් ආනෝල්ඩ් 1852 දී ඔක්ස්‍ෆඩ් විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂක ශිෂ්‍යයන් විසින් රචිත උසස්තම පද්‍යනිබන්ධනය සඳහා පිරිනැමෙන නිව්ඩිගේට් ත්‍යාගය දිනා ගත්තේය. ඔහු ඉදිරිපත් කළ නිබන්ධනය 'බෙල්ෂසාර්ගේ භෝජන සංග්‍රහය' (Belshazzar’s Feast) නම් කාව්‍යයයි.
ඉන්දියාව පිළිබඳ නියම තතු එංගලන්තයට වටහා දීමට ඔහුගේ දැඩි උත්සාහයක් විය. “ මේ මහා ජාතියේ උදාර සංස්කෘතිය මිථ්‍යාවකැයි පවසන්නෝ අනුවණයෝය. එවැනි කථාවලට කන් දෙන අය දැන් නැත. එහෙත් මෙම ජාතිකයන්ගේ දියුණුව අරභයා ද ඔවුන් කෙරෙහි පවත්නා දක්ෂතාවලින් නිසි ප්‍රයෝජන ගැනුම සඳහා ද යුක්තිසහගත ක්‍රියාමාර්ගයක් තවමත් සැලැසී නැතැ ” යි හෙතෙම 1861 දී ලීවේය.
+
 
 +
ඉන්දියාවේ දී හෙතෙම සංස්කෘතය ද තවත් ඉන්දියානු භාෂා ද මහත් උද්‍යෝගයෙන් හැදෑරීමට පටන් ගත්තේය. මෙපරිද්දෙන් ඔහුගේ භාෂා ඥානය දියුණු වෙත්ම ඉන්දියානු ඉතිහාසය, සාහිත්‍යය හා පුරාවෘත්තයන් කෙරෙහි ද ඔහුගේ සිත ඇදී ගියේය. ඔහු කියවූ පොත් අතුරින් 'රාමායණය' සහ 'මහාභාරතය' යන ග්‍රන්ථ ලෝක සාහිත්‍යයේ ශ්‍රෙෂ්ඨතම කෘතීන් ලෙස පමණක් නොව, ඉමක් කොනක් නොදත හැකි බුද්ධි සාගරයක් සේ ඔහුගේ තරුණ හිතට වැටහී ගියේය.
 +
 
 +
ඉන්දියාව පිළිබඳ නියම තතු එංගලන්තයට වටහා දීමට ඔහුගේ දැඩි උත්සාහයක් විය. “මේ මහා ජාතියේ උදාර සංස්කෘතිය මිථ්‍යාවකැයි පවසන්නෝ අනුවණයෝය. එවැනි කථාවලට කන් දෙන අය දැන් නැත. එහෙත් මෙම ජාතිකයන්ගේ දියුණුව අරභයා ද ඔවුන් කෙරෙහි පවත්නා දක්ෂතාවලින් නිසි ප්‍රයෝජන ගැනුම සඳහා ද යුක්තිසහගත ක්‍රියාමාර්ගයක් තවමත් සැලැසී නැතැ”යි හෙතෙම 1861 දී ලීවේය.
 +
 
 
ඇතැම් සංස්කෘත කාව්‍යයන්ට ඔහු සැපැයූ පද්‍ය පරිවර්තන අතුරින් 1861 දී පළ වුණු හිතෝපදේශ පරිවර්තනය පළමුවැන්න විය. දෙවැන්න ගීත ගෝවින්දයේ පරිවර්තනයයි.
 
ඇතැම් සංස්කෘත කාව්‍යයන්ට ඔහු සැපැයූ පද්‍ය පරිවර්තන අතුරින් 1861 දී පළ වුණු හිතෝපදේශ පරිවර්තනය පළමුවැන්න විය. දෙවැන්න ගීත ගෝවින්දයේ පරිවර්තනයයි.
එඩ්වින් ආනෝල්ඩ්ට ඉමහත් ප්‍රසිද්ධියක් ගෙන දුන් කෘතිය වූකලි 1879 දී පළවුණු ආසියා ආලෝකය (The Light of Asia) යි. එය ගෞතම මුනින්ද්‍රයන්වහන්සේගේ චරිතාපදානය ද උන්වහන්සේගේ දේශනාවන් ද ගැබ් කොට විරචිත වීර කාව්‍යයකි. මෙය සංස්කෘත ග්‍රන්ථයෙක පරිවර්තනයක් නුවුවත් සංස්කෘත බෞද්ධ සාහිත්‍යයෙහි සහ සංස්කෘත මාධ්‍යය කොට පවතින මහායාන බෞද්ධ සම්ප්‍රදායෙහිත් බලපෑම එහි මැනවින් පිළිබිඹු වේ. ආසියා ආලෝකය බුදුරදුන්ගේ ජීවන චරිතයත්, ධර්මයත් යුරෝපීයයන්ට විදහා පාමින් රචනා කරන ලද පොත් අතුරෙහි අග්‍රස්ථානයක් ගනී. බුද්ධ චරිතය සම්බන්ධයෙන් පවතින ජනකථා ආශ්‍රයෙන් රචිත මෙම කාව්‍යයේ කතාපුවත කියැවෙන්නේ බෞද්ධෝපාසකයකුගේ මුවින් පැවසෙන අයුරිනි. කාව්‍යමය අගයට වඩා එහි ඇත්තේ බුද්ධාගම පිළිබඳ සාමාන්‍ය දැනීම පැතිර වූ රචනාවක් පිළිබඳ අගයකි. මේ පොත පළ වූ මුල් අවධියෙහි ම එංගලන්තයේ එහි සංස්කරණ 60ක් ද ඇමෙරිකාවේ සංස්කරණ 80ක් ද පළ වී ඉතා ඉක්මනට අලෙවි වී ගියේය. යුරෝපීය භාෂා ගණනකට ද එය නඟන ලදි. පෙරදිග රටවල ද එය බොහෝ ජනප්‍රිය වූයෙන් ඒ රටවල ද එහි සංස්කරණ හා පරිවර්තන රාශියක් බිහි වූයේය. පෙරදිගු එළිය නමින් මෙය සිංහලට ද පරිවර්‍තනය කොට ඇත.
+
 
ඉස්ලාම් ධර්මය කෙරෙහිත් සිය අවධානය යොමු කළ එඩ්වින් ආනෝල්ඩ් භක්ති මුක්තාවලිය” (Pearls of Faith) යන නමින් කාව්‍යයක් රචනා කෙළේය. (1883). 1877 වන විට ආනෝල්ඩ් පැරණි ග්‍රීක් සාහිත්‍යය සම්බන්ධව ද ග්‍රන්ථ කීපයක් රචනා කොට තිබුණි. ක්‍රිස්තුස් වහන්සේගේ ජීවන චරිතයත් ධර්මයත් අලළා රචනා කරන ලද ලෝකාලෝකය (The Light of the World) නම් කාව්‍යය 1891 දී පළ කරන ලදි. මේ හැර ඔහු විසින් නවකථාවක් ද ඇතුළු තවත් ග්‍රන්ථ කීපයක් රචනා කොට පළ කරවන ලදී.
+
එඩ්වින් ආනෝල්ඩ්ට ඉමහත් ප්‍රසිද්ධියක් ගෙන දුන් කෘතිය වූකලි 1879 දී පළවුණු 'ආසියා ආලෝකය' (The Light of Asia)යි. එය ගෞතම මුනීන්ද්‍රයන්වහන්සේගේ චරිතාපදානය ද උන්වහන්සේගේ දේශනාවන් ද ගැබ් කොට විරචිත වීර කාව්‍යයකි. මෙය සංස්කෘත ග්‍රන්ථයෙක පරිවර්තනයක් නුවූවත් සංස්කෘත බෞද්ධ සාහිත්‍යයෙහි සහ සංස්කෘත මාධ්‍යය කොට පවතින මහායාන බෞද්ධ සම්ප්‍රදායෙහිත් බලපෑම එහි මැනවින් පිළිබිඹු වේ. 'ආසියා ආලෝකය' බුදුරදුන්ගේ ජීවන චරිතයත්, ධර්මයත් යුරෝපීයයන්ට විදහා පාමින් රචනා කරන ලද පොත් අතුරෙහි අග්‍රස්ථානයක් ගනී. බුද්ධ චරිතය සම්බන්ධයෙන් පවතින ජනකථා ආශ්‍රයෙන් රචිත මෙම කාව්‍යයේ කතාපුවත කියැවෙන්නේ බෞද්ධෝපාසකයකුගේ මුවින් පැවසෙන අයුරිනි. කාව්‍යමය අගයට වඩා එහි ඇත්තේ බුද්ධාගම පිළිබඳ සාමාන්‍ය දැනීම පැතිර වූ රචනාවක් පිළිබඳ අගයකි. මේ පොත පළ වූ මුල් අවධියෙහි ම එංගලන්තයේ එහි සංස්කරණ 60ක් ද ඇමෙරිකාවේ සංස්කරණ 80ක් ද පළ වී ඉතා ඉක්මනට අලෙවි වී ගියේය. යුරෝපීය භාෂා ගණනකට ද එය නඟන ලදි. පෙරදිග රටවල ද එය බොහෝ ජනප්‍රිය වූයෙන් ඒ රටවල ද එහි සංස්කරණ හා පරිවර්තන රාශියක් බිහි වූයේය. 'පෙරදිගු එළිය' නමින් මෙය සිංහලට ද පරිවර්‍තනය කොට ඇත.
 +
 
 +
ඉස්ලාම් ධර්මය කෙරෙහිත් සිය අවධානය යොමු කළ එඩ්වින් ආනෝල්ඩ් 'භක්ති මුක්තාවලිය' (Pearls of Faith) යන නමින් කාව්‍යයක් රචනා කෙළේය (1883). 1877 වන විට ආනෝල්ඩ් පැරණි ග්‍රීක් සාහිත්‍යය සම්බන්ධව ද ග්‍රන්ථ කීපයක් රචනා කොට තිබුණි. ක්‍රිස්තුස් වහන්සේගේ ජීවන චරිතයත් ධර්මයත් අලළා රචනා කරන ලද 'ලෝකාලෝකය' (The Light of the World) නම් කාව්‍යය 1891 දී පළ කරන ලදි. මේ හැර ඔහු විසින් නවකථාවක් ද ඇතුළු තවත් ග්‍රන්ථ කීපයක් රචනා කොට පළ කරවන ලදී.
 +
 
 
1886 ජනවාරි මස ආනෝල්ඩ් පඬිතුමා ලංකාවට ආ බව ද ඔහු පිළිගැනීමේ උත්සවයක් මෙහි දී පවත්වන ලද බව ද ඕල්කොට්තුමා සඳහන් කරයි.
 
1886 ජනවාරි මස ආනෝල්ඩ් පඬිතුමා ලංකාවට ආ බව ද ඔහු පිළිගැනීමේ උත්සවයක් මෙහි දී පවත්වන ලද බව ද ඕල්කොට්තුමා සඳහන් කරයි.
1904 මාර්තු 24 වැනිදා මේ කීර්තිමත් ලේඛකයා පරලෝ සැපත් විය.
+
 
 +
1904 මාර්තු 24 වැනිදා මේ කීර්තිමත් ලේඛකයා පරලෝසැපත් විය.
  
 
(සංස්කරණය: 1965)
 
(සංස්කරණය: 1965)
  
[[ප්‍රවර්ගය:]]  
+
[[ප්‍රවර්ගය: ප්‍රාචීන පඬිවරු]]  
  
[[ප්‍රවර්ගය:]]
+
[[ප්‍රවර්ගය: ]]

11:46, 10 ඔක්තෝබර් 2024 වන විට නවතම සංශෝධනය

(1832–1904). ඉංග්‍රීසි ජාතික ලේඛකයෙකි. 19 වැනි ශතවර්ෂයෙහි දී පෙරදිග ශිෂ්ටාචාරය බටහිරට හඳුන්වා දීමෙහි නිරතව සිටි විද්වතුන් අතුරෙහි ප්‍රධාන තැනක් ගනී. 1832 ජූනි 10 වැනිදා එංගලන්තයේ ග්‍රේව්ස්එන්ඩ්හි දී උපන් හෙතෙම රොචෙස්ටර් නගරයේ කිංස් පාසැලේ මූලික අධ්‍යාපනය ලබා ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ද ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලයේ ද ශාස්ත්‍ර හදාරා උසස් උපාධි ලබාගත්තේය. මඳකලක් බර්මිංහැම්හි එඩ්වඩ්රාජ විද්‍යාලයේ උපගුරුවරයකුව සිටි මොහු ක්‍රි.ව. 1856 දී ඉන්දියාවේ පූනාහි රජයේ ඩැකාන් (සංස්කෘත) විද්‍යාලයේ ප්‍රධානාචාර්‍ය්‍ය ධුරයට පත්කරනු ලැබ එහි පස්වසක් සේවය කෙළේය. 1861 දී පෙරළා මව් රටට ගොස් 'ඩේලි ටෙලිග්‍රාෆ්' පුවත්පතේ කර්තෘ මණ්ඩලයට බැඳී, 1873 දී එහි කර්තෘ ධුරයට පත්විය. 1886 දී යළිත් පෙරදිගට පැමිණ ජපානයෙහි ද සංචාරයක යෙදුණ හෙතෙමේ තුන්වැනි වරට විවාපත් වෙමින් 1897 දී ජපන් ලියක පාවා ගත්තේය. බොම්බායේ විශ්වවිද්‍යාලයේ ද රාජකීය ආසියාතික සංගමයේ ද රාජකීය භූගෝල ශාස්ත්‍රීය සංගමයේ ද සම්මාන සාමාජිකත්වය ඔහු වෙත පිරිනමන ලදි. 1886 දී බ්‍රිතාන්‍ය රජය මගින් කේ.සී.අයි.ඊ. නම් නයිට් නාමයෙන් පුදනු ලැබූ ඔහුට සියම් රජය ද තුර්කි රජය ද පර්සියාව සහ ජපානය ද සිය රාජකීය සම්මානයන්ගෙන් ගෞරව කළේය.

බාලවියෙහි සිට ම කාව්‍ය රචනයට ප්‍රිය කළ එඩ්වින් ආනෝල්ඩ් 1852 දී ඔක්ස්‍ෆඩ් විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂක ශිෂ්‍යයන් විසින් රචිත උසස්තම පද්‍යනිබන්ධනය සඳහා පිරිනැමෙන නිව්ඩිගේට් ත්‍යාගය දිනා ගත්තේය. ඔහු ඉදිරිපත් කළ නිබන්ධනය 'බෙල්ෂසාර්ගේ භෝජන සංග්‍රහය' (Belshazzar’s Feast) නම් කාව්‍යයයි.

ඉන්දියාවේ දී හෙතෙම සංස්කෘතය ද තවත් ඉන්දියානු භාෂා ද මහත් උද්‍යෝගයෙන් හැදෑරීමට පටන් ගත්තේය. මෙපරිද්දෙන් ඔහුගේ භාෂා ඥානය දියුණු වෙත්ම ඉන්දියානු ඉතිහාසය, සාහිත්‍යය හා පුරාවෘත්තයන් කෙරෙහි ද ඔහුගේ සිත ඇදී ගියේය. ඔහු කියවූ පොත් අතුරින් 'රාමායණය' සහ 'මහාභාරතය' යන ග්‍රන්ථ ලෝක සාහිත්‍යයේ ශ්‍රෙෂ්ඨතම කෘතීන් ලෙස පමණක් නොව, ඉමක් කොනක් නොදත හැකි බුද්ධි සාගරයක් සේ ද ඔහුගේ තරුණ හිතට වැටහී ගියේය.

ඉන්දියාව පිළිබඳ නියම තතු එංගලන්තයට වටහා දීමට ඔහුගේ දැඩි උත්සාහයක් විය. “මේ මහා ජාතියේ උදාර සංස්කෘතිය මිථ්‍යාවකැයි පවසන්නෝ අනුවණයෝය. එවැනි කථාවලට කන් දෙන අය දැන් නැත. එහෙත් මෙම ජාතිකයන්ගේ දියුණුව අරභයා ද ඔවුන් කෙරෙහි පවත්නා දක්ෂතාවලින් නිසි ප්‍රයෝජන ගැනුම සඳහා ද යුක්තිසහගත ක්‍රියාමාර්ගයක් තවමත් සැලැසී නැතැ”යි හෙතෙම 1861 දී ලීවේය.

ඇතැම් සංස්කෘත කාව්‍යයන්ට ඔහු සැපැයූ පද්‍ය පරිවර්තන අතුරින් 1861 දී පළ වුණු හිතෝපදේශ පරිවර්තනය පළමුවැන්න විය. දෙවැන්න ගීත ගෝවින්දයේ පරිවර්තනයයි.

එඩ්වින් ආනෝල්ඩ්ට ඉමහත් ප්‍රසිද්ධියක් ගෙන දුන් කෘතිය වූකලි 1879 දී පළවුණු 'ආසියා ආලෝකය' (The Light of Asia)යි. එය ගෞතම මුනීන්ද්‍රයන්වහන්සේගේ චරිතාපදානය ද උන්වහන්සේගේ දේශනාවන් ද ගැබ් කොට විරචිත වීර කාව්‍යයකි. මෙය සංස්කෘත ග්‍රන්ථයෙක පරිවර්තනයක් නුවූවත් සංස්කෘත බෞද්ධ සාහිත්‍යයෙහි සහ සංස්කෘත මාධ්‍යය කොට පවතින මහායාන බෞද්ධ සම්ප්‍රදායෙහිත් බලපෑම එහි මැනවින් පිළිබිඹු වේ. 'ආසියා ආලෝකය' බුදුරදුන්ගේ ජීවන චරිතයත්, ධර්මයත් යුරෝපීයයන්ට විදහා පාමින් රචනා කරන ලද පොත් අතුරෙහි අග්‍රස්ථානයක් ගනී. බුද්ධ චරිතය සම්බන්ධයෙන් පවතින ජනකථා ආශ්‍රයෙන් රචිත මෙම කාව්‍යයේ කතාපුවත කියැවෙන්නේ බෞද්ධෝපාසකයකුගේ මුවින් පැවසෙන අයුරිනි. කාව්‍යමය අගයට වඩා එහි ඇත්තේ බුද්ධාගම පිළිබඳ සාමාන්‍ය දැනීම පැතිර වූ රචනාවක් පිළිබඳ අගයකි. මේ පොත පළ වූ මුල් අවධියෙහි ම එංගලන්තයේ එහි සංස්කරණ 60ක් ද ඇමෙරිකාවේ සංස්කරණ 80ක් ද පළ වී ඉතා ඉක්මනට අලෙවි වී ගියේය. යුරෝපීය භාෂා ගණනකට ද එය නඟන ලදි. පෙරදිග රටවල ද එය බොහෝ ජනප්‍රිය වූයෙන් ඒ රටවල ද එහි සංස්කරණ හා පරිවර්තන රාශියක් බිහි වූයේය. 'පෙරදිගු එළිය' නමින් මෙය සිංහලට ද පරිවර්‍තනය කොට ඇත.

ඉස්ලාම් ධර්මය කෙරෙහිත් සිය අවධානය යොමු කළ එඩ්වින් ආනෝල්ඩ් 'භක්ති මුක්තාවලිය' (Pearls of Faith) යන නමින් කාව්‍යයක් රචනා කෙළේය (1883). 1877 වන විට ආනෝල්ඩ් පැරණි ග්‍රීක් සාහිත්‍යය සම්බන්ධව ද ග්‍රන්ථ කීපයක් රචනා කොට තිබුණි. ක්‍රිස්තුස් වහන්සේගේ ජීවන චරිතයත් ධර්මයත් අලළා රචනා කරන ලද 'ලෝකාලෝකය' (The Light of the World) නම් කාව්‍යය 1891 දී පළ කරන ලදි. මේ හැර ඔහු විසින් නවකථාවක් ද ඇතුළු තවත් ග්‍රන්ථ කීපයක් රචනා කොට පළ කරවන ලදී.

1886 ජනවාරි මස ආනෝල්ඩ් පඬිතුමා ලංකාවට ආ බව ද ඔහු පිළිගැනීමේ උත්සවයක් මෙහි දී පවත්වන ලද බව ද ඕල්කොට්තුමා සඳහන් කරයි.

1904 මාර්තු 24 වැනිදා මේ කීර්තිමත් ලේඛකයා පරලෝසැපත් විය.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එඩ්වින්_ආනෝල්ඩ්&oldid=6333" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි