"අශෝකමාලා" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
(නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්) | |||
7 පේළිය: | 7 පේළිය: | ||
දහතුන්වන සියවසට අයත් ලොකප්පදීපකසාර නමැති පාලි ග්‍රන්ථයෙහි ද සාලි-අශෝකමාලා කථාව දක්නා ලැබේ. එහි අශෝකමාලාව පිළිබඳව දක්වා ඇති තොරතුරු සීහළවත්ථුපකරණයෙහි දක්නා ලැබෙන කථාව හා මුළුමනින් ගැළපෙයි. ([[සාලිරාජකුමාරයා]] බ.) | දහතුන්වන සියවසට අයත් ලොකප්පදීපකසාර නමැති පාලි ග්‍රන්ථයෙහි ද සාලි-අශෝකමාලා කථාව දක්නා ලැබේ. එහි අශෝකමාලාව පිළිබඳව දක්වා ඇති තොරතුරු සීහළවත්ථුපකරණයෙහි දක්නා ලැබෙන කථාව හා මුළුමනින් ගැළපෙයි. ([[සාලිරාජකුමාරයා]] බ.) | ||
− | (කර්තෘ: [[ඇස්. | + | == පොත්පත් == |
+ | සද්ධර්මාලංකාරය | ||
+ | |||
+ | පොල්වත්තේ බුද්ධදත්ත නාහිමි - ඉතා පැරණි සිංහල බණ කතා | ||
+ | |||
+ | (කර්තෘ: [[ඇස්.ඩබ්ලිව්. ඈපා සෙනෙවිරත්න]]) | ||
(සංස්කරණය: 1965) | (සංස්කරණය: 1965) |
11:28, 11 ඔක්තෝබර් 2024 වන විට නවතම සංශෝධනය
මෝ තොමෝ දුටුගැමුණු මහ රජුගේ (ක්‍රි.පූ. 161-137) එක ම පුත්‍රයා වූ සාලිරාජකුමාරයාගේ භාර්යාව වූවාය. ඔවුන් දෙදෙනා පිළිබඳ පුවත ලංකා ඉතිහාසයෙහි සඳහන් වන ප්‍රේමකථා අතුරෙන් විශිෂ්ට එකකි. මහාවංසයෙහි මේ ප්‍රවෘත්තිය ඉතා සැකෙවින් දක්වා ඇති හෙයින් අශෝකමාලාව ගැන වැඩි යමක් දැන ගැනීමට අපට ඉන් පිහිටක් නොලැබේ. ඉතා රූමත් සැඬොල් තරුණියක වූ අශෝකමාලාව කෙරෙහි ඇලුම් කළ සාලි රාජ කුමාරයා රාජ්‍යය නොකැමැති වූ බව එහි දැක්වෙයි. එහෙත් මහාවංසයෙහි වූ අඩුපාඩුව පුරවා ලන මහාවංස ටීකාව ඇය අනුරාධපුර නගරයෙහි නැගෙනහිර දොරටුව අසල පණ්ඩුකාභය රජු පිහිටුවා ලූ සැඬොල් ගමක් වූ සාලි නම් වඩුගමෙහි දෙටුවඩුවාගේ අශෝකා නමැති දුව බවත් දිනක් උයනට පිවිසි සාලි රාජ කුමාරයා එහි හෝපලු රුකෙක නැඟ මල් නෙළමින් සිටි ඒ වඩු දුවගේ ගීරැවු අසා ඇය කරා එළඹ එකෙණෙහි උපන්නා වූ බලවත් ස්නේහ ඇතිව ඇය මාළිගාවට ගෙන ගොස් භාර්යාව කර ගත් බවත් පවසයි.
රසවාහිනියෙහිත් එය ඇසුරෙන් විරචිත සද්ධර්මාලංකාරයෙහිත් අශෝකමාලා පිළිබඳව දක්නා ලැබෙන තොරතුරු මහාවංස ටීකාවෙහි වූ තොරතුරු හා වස්තු වශයෙන් බොහෝ දුරට එකඟ වෙයි. එහෙත් ඒ පොත් දෙකෙහි ඕ හෙල්ලෝල (හෙල්ලෝලි) නම් ගම ප්‍රධාන නැවෑමියාගේ (ලෝකුරුවාගේ) දූ වූ දේවී නමැති එක්තරා සැඬොල් තරුණියක් වූවා යයි දැක්වේ. සාලි රාජ කුමාරයාට මුණ ගැසෙද්දී ඇය ගී ගයමින් සිටි බවක් ඒ පොත්වලින් නොකියැවෙයි. ඇය හෝපලු රුකෙක දී දුටු හෙයින් 'අශෝකමාලා'යි නම් කරන ලද බවත් දුටුගැමුණු රජතුමා ඇයගේ රූපසම්පත්තිය දැක මහත් වූ සන්තෝෂයට පැමිණ ඔවුන් යුවළ රුවන් රැසක් මත සිටුවා අභිෂේක මඟුල් කොට ඇය සාලිරාජකුමාරයාට පාවා දුන් බවත් ඒ පොත් දෙක්හි වැඩි දුරටත් සඳහන් වෙයි. ඉහත කී හෙල්ලෝල (හෙල්ලෝලි) නම් ගම අනුරාධපුරයේ දකුණු වෙහෙරටත් ඉසුරුමුණි වෙහෙරටත් අතර පිහිටා තුබුණු බව ආචාර්‍ය්‍ය පරණවිතාන මහතා පවසයි.
සීහළවත්ථුපකරණ නමැති පැරැණි පාලිග්‍රන්ථයෙහි සාලිරාජකුමාරයාත් අශෝකමාලාවත් පිළිබඳ ප්‍රේමකථාව අමුතු ම මුහුණුවරකින් දක්නට ලැබේ. එහි ඇය 'අශෝකමාලිනී' නමින් හඳුන්වා මුඛයෙන් අශෝක මල් කෙසරු වැනි රැස් විහිදුණු හෙයින් එ නම් වීය යි දක්වා ඇත්තේය. ඇය සොළොස් හැවිරිදි වියෙහි සිටිය දී එක් දිනක් කිසියම් කටයුත්තක් සඳහා අනුරාධපුර නගරයට යන අතරමඟ පිරිවර සහිතව රථයක නැඟී නුවරින් පිට යමින් සිටි සාලිරාජකුමාරයා දැක බියපත්ව ප්‍රාකාර බිත්තියට හේත්තු වූ බවත් සාලිරාජකුමාරයා ඇය බිත්තියෙහි සිතියම් කරන ලද රුවකැ යි සිතා ඒ කවරකු විසින් අඳින ලද දැ යි විමැසූ කල ඒ සිතියම් කළ රුවක් නොව සැඬොල් දැරියකැ යි මිනිසුන් දැන්වූ බවත් ඉන් පසු කුමරා ඇය මාළිගයට ගෙන ගොස් මෙහෙසි තනතුරෙහි තබා ගත් බවත් එහි දැක්වේ. ස්වකීය පුත්‍රයාගේ හිතුවක්කාරකම ගැන මුල දී කෝපයට පත් දුටුගැමුණු රජතුමා අශෝකමාලිනියගේ රූපශ්‍රීය දැකීමෙන් පසු පැහැදී ගිය බව සීහළවත්ථුපකරණයෙහි ද සඳහන් වෙයි.
දහතුන්වන සියවසට අයත් ලොකප්පදීපකසාර නමැති පාලි ග්‍රන්ථයෙහි ද සාලි-අශෝකමාලා කථාව දක්නා ලැබේ. එහි අශෝකමාලාව පිළිබඳව දක්වා ඇති තොරතුරු සීහළවත්ථුපකරණයෙහි දක්නා ලැබෙන කථාව හා මුළුමනින් ගැළපෙයි. (සාලිරාජකුමාරයා බ.)
පොත්පත්
සද්ධර්මාලංකාරය
පොල්වත්තේ බුද්ධදත්ත නාහිමි - ඉතා පැරණි සිංහල බණ කතා
(කර්තෘ: ඇස්.ඩබ්ලිව්. ඈපා සෙනෙවිරත්න)
(සංස්කරණය: 1965)