"අයෝනියාව" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| (නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්) | |||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | (Ionia). සුළු ආසියාවේ බටහිර වෙරළේ කොටසක් වූ මේ දේශය ඊජියන් මුහුදු තෙර පිහිටි හැතැපුම් | + | (Ionia). සුළු ආසියාවේ බටහිර වෙරළේ කොටසක් වූ මේ දේශය ඊජියන් මුහුදු තෙර පිහිටි හැතැපුම් 90ක් පමණ දික් වූ කඳු සහිත පටුබිම් තීරුවකි. වෙරළබඩ වූ දූපත් දෙකක් ද අයෝනියාවට අයත්ය. පුරාණයේ දී අයෝනියානු ග්‍රීකයෝ මෙහි විසූහ. |
ඇතන්ස්හි අවසාන රජු වූ කෝඩස්ගේ කාලයෙන් පසු ක්‍රි.පූ. 11 වන සියවසේ දි ඊජියන් මුහුදින් එතෙර ග්‍රීසියේ විසූ ඇටික් අයෝනියන්වරුන් විසින් මෙහි පළමුකොටම ජනපද පිහිටුවන ලදැයි සලකති. අයෝනියාව එකල කුඩා නිදහස් රාජ්‍ය දොළසක් එකතු වී සෑදුණු සමූහාණ්ඩු රාජ්‍යයක් විය. | ඇතන්ස්හි අවසාන රජු වූ කෝඩස්ගේ කාලයෙන් පසු ක්‍රි.පූ. 11 වන සියවසේ දි ඊජියන් මුහුදින් එතෙර ග්‍රීසියේ විසූ ඇටික් අයෝනියන්වරුන් විසින් මෙහි පළමුකොටම ජනපද පිහිටුවන ලදැයි සලකති. අයෝනියාව එකල කුඩා නිදහස් රාජ්‍ය දොළසක් එකතු වී සෑදුණු සමූහාණ්ඩු රාජ්‍යයක් විය. | ||
මේ කුඩා රාජ්‍යය ඉතා පුරාණයේ දී කළුමුහුදට ආසන්න පෙදෙස්වල හා මධ්‍යධරණී මුහුදේ දුපත් වල ද සිය බලය පැතිර විය. ක්‍රි.පූ. 7 වන සියවසේ දී සිමේරියන්වරුත් ලිඩියන්වරුත් අයෝනියාවට පහර දුන්හ. ක්‍රීසස් රජු කල ක්‍රි.පූ. 550 දී පමණ ලිඩියානු රාජ්‍යයට යටත් වූ අයෝනියාව ඉක්බිති පර්සියානු අධිරාජ්‍යයේ කොටසක් බවට පත් විය. අනතුරුව ක්‍රි.පූ. 479 දී ඇතන්ස්වරුන් පර්සියාව පැරද වූ පසු ඇතන්ස් දේශයට නතු විය. ක්‍රි.පූ. 387 දී ඇන්ටැල්සිඩාස් ගිවිසුමෙන් අයෝනි යාව නැවතත් පර්සියාවට අයත් විය. ඉක්බිති මහා ඇලෙක්සන්ඩර් රජු යටතට පත් අයෝනි යානු රාජ්‍යය කාලයක් තිස්සේ මැසිඩෝනියානු පාලනය යටතේ පැවැත්තේය. ක්‍රි.පූ. 64 දී අයෝනියාව රෝමවරුන් යටතට පැමිණියේ ය. මධ්‍ය කාලීන තුර්කි ආක්රමණවලින් පසු අයෝනියාවේ ග්‍රීක මුහුණුවර නැති වී ගියේය. | මේ කුඩා රාජ්‍යය ඉතා පුරාණයේ දී කළුමුහුදට ආසන්න පෙදෙස්වල හා මධ්‍යධරණී මුහුදේ දුපත් වල ද සිය බලය පැතිර විය. ක්‍රි.පූ. 7 වන සියවසේ දී සිමේරියන්වරුත් ලිඩියන්වරුත් අයෝනියාවට පහර දුන්හ. ක්‍රීසස් රජු කල ක්‍රි.පූ. 550 දී පමණ ලිඩියානු රාජ්‍යයට යටත් වූ අයෝනියාව ඉක්බිති පර්සියානු අධිරාජ්‍යයේ කොටසක් බවට පත් විය. අනතුරුව ක්‍රි.පූ. 479 දී ඇතන්ස්වරුන් පර්සියාව පැරද වූ පසු ඇතන්ස් දේශයට නතු විය. ක්‍රි.පූ. 387 දී ඇන්ටැල්සිඩාස් ගිවිසුමෙන් අයෝනි යාව නැවතත් පර්සියාවට අයත් විය. ඉක්බිති මහා ඇලෙක්සන්ඩර් රජු යටතට පත් අයෝනි යානු රාජ්‍යය කාලයක් තිස්සේ මැසිඩෝනියානු පාලනය යටතේ පැවැත්තේය. ක්‍රි.පූ. 64 දී අයෝනියාව රෝමවරුන් යටතට පැමිණියේ ය. මධ්‍ය කාලීන තුර්කි ආක්රමණවලින් පසු අයෝනියාවේ ග්‍රීක මුහුණුවර නැති වී ගියේය. | ||
| − | අයෝනියානු දර්ශන සම්ප්රදායයේ මවුබිම වූ අයෝනියාව ග්‍රීක සාහිත්‍යය පෝෂණය කිරීමෙහි ලා ඉටු කළ සේවය සුළුපටු නොවේ. එසේම ක්‍රි.පූ. 6, 7, 8 ශත වර්ෂවලදී කලාව අතින් ද මෙරට ඉතා උසස් දියුණුවක් ලබා තිබුණේය. | + | අයෝනියානු දර්ශන සම්ප්රදායයේ මවුබිම වූ අයෝනියාව ග්‍රීක සාහිත්‍යය පෝෂණය කිරීමෙහි ලා ඉටු කළ සේවය සුළුපටු නොවේ. එසේම ක්‍රි.පූ. 6, 7, 8 ශත වර්ෂවලදී කලාව අතින් ද මෙරට ඉතා උසස් දියුණුවක් ලබා තිබුණේය. [[යවන]] ලිපිය ද බලන්න. |
== පොත්පත් == | == පොත්පත් == | ||
13:32, 17 ජනවාරි 2025 වන විට නවතම සංශෝධනය
(Ionia). සුළු ආසියාවේ බටහිර වෙරළේ කොටසක් වූ මේ දේශය ඊජියන් මුහුදු තෙර පිහිටි හැතැපුම් 90ක් පමණ දික් වූ කඳු සහිත පටුබිම් තීරුවකි. වෙරළබඩ වූ දූපත් දෙකක් ද අයෝනියාවට අයත්ය. පුරාණයේ දී අයෝනියානු ග්‍රීකයෝ මෙහි විසූහ.
ඇතන්ස්හි අවසාන රජු වූ කෝඩස්ගේ කාලයෙන් පසු ක්‍රි.පූ. 11 වන සියවසේ දි ඊජියන් මුහුදින් එතෙර ග්‍රීසියේ විසූ ඇටික් අයෝනියන්වරුන් විසින් මෙහි පළමුකොටම ජනපද පිහිටුවන ලදැයි සලකති. අයෝනියාව එකල කුඩා නිදහස් රාජ්‍ය දොළසක් එකතු වී සෑදුණු සමූහාණ්ඩු රාජ්‍යයක් විය.
මේ කුඩා රාජ්‍යය ඉතා පුරාණයේ දී කළුමුහුදට ආසන්න පෙදෙස්වල හා මධ්‍යධරණී මුහුදේ දුපත් වල ද සිය බලය පැතිර විය. ක්‍රි.පූ. 7 වන සියවසේ දී සිමේරියන්වරුත් ලිඩියන්වරුත් අයෝනියාවට පහර දුන්හ. ක්‍රීසස් රජු කල ක්‍රි.පූ. 550 දී පමණ ලිඩියානු රාජ්‍යයට යටත් වූ අයෝනියාව ඉක්බිති පර්සියානු අධිරාජ්‍යයේ කොටසක් බවට පත් විය. අනතුරුව ක්‍රි.පූ. 479 දී ඇතන්ස්වරුන් පර්සියාව පැරද වූ පසු ඇතන්ස් දේශයට නතු විය. ක්‍රි.පූ. 387 දී ඇන්ටැල්සිඩාස් ගිවිසුමෙන් අයෝනි යාව නැවතත් පර්සියාවට අයත් විය. ඉක්බිති මහා ඇලෙක්සන්ඩර් රජු යටතට පත් අයෝනි යානු රාජ්‍යය කාලයක් තිස්සේ මැසිඩෝනියානු පාලනය යටතේ පැවැත්තේය. ක්‍රි.පූ. 64 දී අයෝනියාව රෝමවරුන් යටතට පැමිණියේ ය. මධ්‍ය කාලීන තුර්කි ආක්රමණවලින් පසු අයෝනියාවේ ග්‍රීක මුහුණුවර නැති වී ගියේය. අයෝනියානු දර්ශන සම්ප්රදායයේ මවුබිම වූ අයෝනියාව ග්‍රීක සාහිත්‍යය පෝෂණය කිරීමෙහි ලා ඉටු කළ සේවය සුළුපටු නොවේ. එසේම ක්‍රි.පූ. 6, 7, 8 ශත වර්ෂවලදී කලාව අතින් ද මෙරට ඉතා උසස් දියුණුවක් ලබා තිබුණේය. යවන ලිපිය ද බලන්න.
පොත්පත්
Hogarth, D.G. - Ionia and the East
Durant, Will - Life of Greece
Kitto, H.D.F. - The Greeks
(සංස්කරණය: 1965)