"ආහන්‍යතාව" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('රසායනික ලෙස ලෝහ යටතේ වර්ග කරනු ලබන බොහෝ ද්‍රව්...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
1 පේළිය: 1 පේළිය:
 
රසායනික ලෙස ලෝහ යටතේ වර්ග කරනු ලබන බොහෝ ද්‍රව්‍යවලට ලාක්ෂණික වූ ද ඒවාට ම විශේෂ වූ ද ඇතැම් භෞතික ගුණ තිබේ. ආහන්‍යතාව හෙවත් තළා හැඩ ගැස්විය හැකි බව ඉන් එකකි.
 
 +
 
ආහන්‍යතාව යනුවෙන් බෙහෙවින් අදහස් කැරෙනුයේ ලෝහයක් මටසිලුටු වන ලෙසට තැළීම, තද කිරීම, රෝල් කිරීම යනාදිය කළ හැකි බවට පමුණුවන ගුණයයි. මේ ගුණය සහමුලින් ම වාගේ ලෝහවලට පමණක් සීමා වී තිබේ. ලෝහවල ආහන්‍යතාව පහත සඳහන් පරිද්දෙන් අනුක්‍රමයෙන් අඩු වී යයි: රන්, රිදී, ඇලුමිනියම්, තඹ, ටින්, ප්ලැටිනම්, ඊයම්, සින්ක්, තුත්තනාගම්, යකඩ, නිකල්.
 
ලෝහයක් කම්බියක හැඩයට ඇද ගත හැකි වන්නේ එහි තන්‍යතාව නිසා යි. ආහන්‍යතාවේ ද තදකමේ ද එක් වීමෙන් තන්‍යතාව හට ගනී. ආහන්‍යතාවත් තන්‍යතාවත් අතර කිට්ටු සම්බන්ධකමක් ඇති වුවත් ලෝහයක තිබෙන මේ ගුණ දෙකේ ප්‍රමාණ වෙනස්ය; සමානවනුයේ ඉතා කලාතුරකිනි.
+
 
 +
ලෝහයක් කම්බියක හැඩයට ඇද ගත හැකි වන්නේ එහි තන්‍යතාව නිසා යි. ආහන්‍යතාවේ ද තදකමේ ද එක් වීමෙන් තන්‍යතාව හට ගනී. ආහන්‍යතාවත් තන්‍යතාවත් අතර කිට්ටු සම්බන්ධකමක් ඇති වුවත් ලෝහයක තිබෙන මේ ගුණ දෙකේ ප්‍රමාණ වෙනස්ය; සමාන වනුයේ ඉතා කලාතුරකිනි.
  
(සංස්කරණය: 1965)
 
(සංස්කරණය: 1965)

14:57, 1 ජනවාරි 2025 වන විට නවතම සංශෝධනය

රසායනික ලෙස ලෝහ යටතේ වර්ග කරනු ලබන බොහෝ ද්‍රව්‍යවලට ලාක්ෂණික වූ ද ඒවාට ම විශේෂ වූ ද ඇතැම් භෞතික ගුණ තිබේ. ආහන්‍යතාව හෙවත් තළා හැඩ ගැස්විය හැකි බව ඉන් එකකි.

ආහන්‍යතාව යනුවෙන් බෙහෙවින් අදහස් කැරෙනුයේ ලෝහයක් මටසිලුටු වන ලෙසට තැළීම, තද කිරීම, රෝල් කිරීම යනාදිය කළ හැකි බවට පමුණුවන ගුණයයි. මේ ගුණය සහමුලින් ම වාගේ ලෝහවලට පමණක් සීමා වී තිබේ. ලෝහවල ආහන්‍යතාව පහත සඳහන් පරිද්දෙන් අනුක්‍රමයෙන් අඩු වී යයි: රන්, රිදී, ඇලුමිනියම්, තඹ, ටින්, ප්ලැටිනම්, ඊයම්, සින්ක්, තුත්තනාගම්, යකඩ, නිකල්.

ලෝහයක් කම්බියක හැඩයට ඇද ගත හැකි වන්නේ එහි තන්‍යතාව නිසා යි. ආහන්‍යතාවේ ද තදකමේ ද එක් වීමෙන් තන්‍යතාව හට ගනී. ආහන්‍යතාවත් තන්‍යතාවත් අතර කිට්ටු සම්බන්ධකමක් ඇති වුවත් ලෝහයක තිබෙන මේ ගුණ දෙකේ ප්‍රමාණ වෙනස්ය; සමාන වනුයේ ඉතා කලාතුරකිනි.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආහන්‍යතාව&oldid=6815" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි