"ආර්යවංශ ප්‍රතිපදා" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('ආර්යවංශ (අරියවංස) යන නාමය බෞද්ධ සාහිත්‍යයෙහි ඉ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
3 පේළිය: | 3 පේළිය: | ||
ආර්යවංශ නමින් පාලි සූත්‍රයක් ද ඇත. ඒ සූත්‍රය දේශනා කිරීම ද ආර්යවංශ හෙවත් ආර්යවංශ දේශනා නමින් ලක්දිව ව්‍යවහාර කර තිබේ. ආර්යවංශ ප්‍රතිපදා නම් එකී ආර්යවංශ සූත්‍රයෙහි වදාළ කරුණු පුරුදු පුහුණු කිරීමයි. | ආර්යවංශ නමින් පාලි සූත්‍රයක් ද ඇත. ඒ සූත්‍රය දේශනා කිරීම ද ආර්යවංශ හෙවත් ආර්යවංශ දේශනා නමින් ලක්දිව ව්‍යවහාර කර තිබේ. ආර්යවංශ ප්‍රතිපදා නම් එකී ආර්යවංශ සූත්‍රයෙහි වදාළ කරුණු පුරුදු පුහුණු කිරීමයි. | ||
− | අංගුත්තරනිකායේ චතුක්කනිපාතයේ අරියවංස සූත්‍රයෙහි සඳහන් වන්නේ සිව්පසයෙහි යථාලාභ, යථාබල, යථාසාරුප්ප සන්තෝෂය ඇතිව ප්‍රයෝජන ගැන්ම හා භාවනායෙහි ඇල්ම ඇතිකර ගැන්ම පිළිබඳවයි. මේ පිළිබඳ විස්තර විසුද්ධිමග්ග, මනොරථපූරණී, පපංචසූදනී ආදියෙහි පළ වේ. චූලනිද්දේසයෙහි අරියවංස සූත්‍රය ඇතුළත් කර ඇත්තේ මඳක් වෙනස් ලෙසකිනි. එනම් භාවනාරත (භාවනාවෙහි ඇල්ම) යනු වෙනුවට ගිලානපච්චය යනු යෙදීමෙනි. එහෙත් අංගුත්තරනිකායෙහි ආවේ චීවරයෙහි, පිණ්ඩපාතයෙහි සහ සේනාසනයෙහි යථාලාභාදි ත්‍රිවිධ සන්තෝෂය හා | + | අංගුත්තරනිකායේ චතුක්කනිපාතයේ අරියවංස සූත්‍රයෙහි සඳහන් වන්නේ සිව්පසයෙහි යථාලාභ, යථාබල, යථාසාරුප්ප සන්තෝෂය ඇතිව ප්‍රයෝජන ගැන්ම හා භාවනායෙහි ඇල්ම ඇතිකර ගැන්ම පිළිබඳවයි. මේ පිළිබඳ විස්තර විසුද්ධිමග්ග, මනොරථපූරණී, පපංචසූදනී ආදියෙහි පළ වේ. චූලනිද්දේසයෙහි අරියවංස සූත්‍රය ඇතුළත් කර ඇත්තේ මඳක් වෙනස් ලෙසකිනි. එනම් භාවනාරත (භාවනාවෙහි ඇල්ම) යනු වෙනුවට ගිලානපච්චය යනු යෙදීමෙනි. එහෙත් අංගුත්තරනිකායෙහි ආවේ චීවරයෙහි, පිණ්ඩපාතයෙහි සහ සේනාසනයෙහි යථාලාභාදි ත්‍රිවිධ සන්තෝෂය හා භාවනාරාමයෙහි පිහිටීම යන මේ කරුණු සතර ආර්ය වංශය වශයෙනි. සිව්පස දැහැමි ලෙස උපදවා ගැන්ම හා භාවනායෙහි ඇල්ම භික්ෂූන්ගේ පිළිවෙත වියයුතු බව මේ දේශනාවෙන් පැහැදිලි කොට තිබේ. බුද්ධාදි ආර්යයන්ගේ වංශය (උත්තමයන්ගේ පිළිවෙත) යන අර්ථයෙන් මෙබඳු ගුණවත් පැවැත්මකට ආර්යවංශ හෙවත් ආර්යවංශ ප්‍රතිපදා යයි ව්‍යවහාර කළ බව පෙනේ. |
− | ආර්යවංශ සූත්‍රය භික්ෂු ජීවිතයෙහි තත්වය | + | ආර්යවංශ සූත්‍රය භික්ෂු ජීවිතයෙහි තත්වය එළිකරන වැදගත් සූත්‍රයක් හෙයින් ලක්දිව භික්ෂූන් වහන්සේලා මේ සූත්‍රය විශේෂයෙන් පුරුදු පුහුණු කළ බවත් ඇතැම් භික්ෂූන්වහන්සේලා මේ සූත්‍රයෙන් ධර්ම දේශනා කළ බවත් සිංහල රජවරුන් ආර්යවංශදේශනාව කළ භික්ෂූන්ට විශේෂ සත්කාර කළ බවත් ආර්යවංශ දේශනාව මහෝත්සවයක් ලෙස පවත්වන ලද බවත් පෙනේ. |
ආර්යවංශ දේශනා මහෝත්සවය බෙහෙවින් ලක්දිව පවත්වා ඇත්තේ වස්කාලයේ දීය. ආර්යවංශ දීඝභාණක මහා අභයතෙරුන්වහන්සේ වැනි ධර්මධර උතුමෝ ආර්යවංශ දේශනාවෙහි සමර්ථ වූ දේශකයන් ලෙස පුරාණ ලංකාවේ ප්‍රකට වූහ. | ආර්යවංශ දේශනා මහෝත්සවය බෙහෙවින් ලක්දිව පවත්වා ඇත්තේ වස්කාලයේ දීය. ආර්යවංශ දීඝභාණක මහා අභයතෙරුන්වහන්සේ වැනි ධර්මධර උතුමෝ ආර්යවංශ දේශනාවෙහි සමර්ථ වූ දේශකයන් ලෙස පුරාණ ලංකාවේ ප්‍රකට වූහ. | ||
11 පේළිය: | 11 පේළිය: | ||
මහාගාම මහාවාපී වැනි විහාරස්ථානවල අවුරුදු පතා ආර්යවංශ දේශනා පින්කම පවත්වන්නට යෙදුණු බව රසවාහිනී, සද්ධර්මාලංකාර ආදි පොත්වල සඳහන් වේ. උදුම්බරගිරි විහාරස්ථානයෙහි ආර්යවංශ දේශනාව හමසකට වරක් පවත්වන ලද බව සඳහන් වෙයි. වස්කාලයෙහි දෙපෝයකට වරක් පවා ආර්යවංශ දේශනා පැවැත්වූ බව දක්නට ලැබේ. මෙබඳු ආර්යවංශ දේශනා මහෝත්සව සඳහා රජ ඇමතිවරුන් විසින් වියදම පවා වෙන් කොට තුබූ බව තෝනිගල ආදි සෙල්ලිපිවලින් පෙනේ. | මහාගාම මහාවාපී වැනි විහාරස්ථානවල අවුරුදු පතා ආර්යවංශ දේශනා පින්කම පවත්වන්නට යෙදුණු බව රසවාහිනී, සද්ධර්මාලංකාර ආදි පොත්වල සඳහන් වේ. උදුම්බරගිරි විහාරස්ථානයෙහි ආර්යවංශ දේශනාව හමසකට වරක් පවත්වන ලද බව සඳහන් වෙයි. වස්කාලයෙහි දෙපෝයකට වරක් පවා ආර්යවංශ දේශනා පැවැත්වූ බව දක්නට ලැබේ. මෙබඳු ආර්යවංශ දේශනා මහෝත්සව සඳහා රජ ඇමතිවරුන් විසින් වියදම පවා වෙන් කොට තුබූ බව තෝනිගල ආදි සෙල්ලිපිවලින් පෙනේ. | ||
− | අශෝක රජතුමා බාභ්‍රෑ සෙල්ලිපියෙහි ගිහිපැවිදි දෙපසට ම හදාළ යුතු යයි සඳහන් කළ සූත්‍ර අතර පෙනෙන | + | අශෝක රජතුමා බාභ්‍රෑ සෙල්ලිපියෙහි ගිහිපැවිදි දෙපසට ම හදාළ යුතු යයි සඳහන් කළ සූත්‍ර අතර පෙනෙන 'අලියවසානි' යනු ආර්යවංශ සූත්‍රයෙහි ඇතුළත් කරුණු වියයුතු බව ආචාර්ය්ය වල්පොළ රාහුල ස්ථවිරයන් වහන්සේ, ආචාර්ය්ය බී.ඇම්. බරුවා ආදී වියතුන්ගේ අදහසයි. |
(සංස්කරණය: 1965) | (සංස්කරණය: 1965) | ||
− | [[ප්‍රවර්ගය: බෞද්ධ | + | [[ප්‍රවර්ගය: බෞද්ධ ධර්මපාඨ]] |
[[ප්‍රවර්ගය: ආ]] | [[ප්‍රවර්ගය: ආ]] |
15:25, 2 ජනවාරි 2025 වන විට නවතම සංශෝධනය
ආර්යවංශ (අරියවංස) යන නාමය බෞද්ධ සාහිත්‍යයෙහි ඉතා ප්රකටය. එය සිංහල පොත්වල ද සුලභව යෙදී තිබේ. සිංහල ශිලාලිපිවල පවා මේ වචනය දක්නට ලැබේ. මෙසේ ආර්යවංශ යන නම බහුලව ව්‍යවහාර වන්නට හේතු බොහෝය.
ආර්යවංශ නමින් පාලි සූත්‍රයක් ද ඇත. ඒ සූත්‍රය දේශනා කිරීම ද ආර්යවංශ හෙවත් ආර්යවංශ දේශනා නමින් ලක්දිව ව්‍යවහාර කර තිබේ. ආර්යවංශ ප්‍රතිපදා නම් එකී ආර්යවංශ සූත්‍රයෙහි වදාළ කරුණු පුරුදු පුහුණු කිරීමයි.
අංගුත්තරනිකායේ චතුක්කනිපාතයේ අරියවංස සූත්‍රයෙහි සඳහන් වන්නේ සිව්පසයෙහි යථාලාභ, යථාබල, යථාසාරුප්ප සන්තෝෂය ඇතිව ප්‍රයෝජන ගැන්ම හා භාවනායෙහි ඇල්ම ඇතිකර ගැන්ම පිළිබඳවයි. මේ පිළිබඳ විස්තර විසුද්ධිමග්ග, මනොරථපූරණී, පපංචසූදනී ආදියෙහි පළ වේ. චූලනිද්දේසයෙහි අරියවංස සූත්‍රය ඇතුළත් කර ඇත්තේ මඳක් වෙනස් ලෙසකිනි. එනම් භාවනාරත (භාවනාවෙහි ඇල්ම) යනු වෙනුවට ගිලානපච්චය යනු යෙදීමෙනි. එහෙත් අංගුත්තරනිකායෙහි ආවේ චීවරයෙහි, පිණ්ඩපාතයෙහි සහ සේනාසනයෙහි යථාලාභාදි ත්‍රිවිධ සන්තෝෂය හා භාවනාරාමයෙහි පිහිටීම යන මේ කරුණු සතර ආර්ය වංශය වශයෙනි. සිව්පස දැහැමි ලෙස උපදවා ගැන්ම හා භාවනායෙහි ඇල්ම භික්ෂූන්ගේ පිළිවෙත වියයුතු බව මේ දේශනාවෙන් පැහැදිලි කොට තිබේ. බුද්ධාදි ආර්යයන්ගේ වංශය (උත්තමයන්ගේ පිළිවෙත) යන අර්ථයෙන් මෙබඳු ගුණවත් පැවැත්මකට ආර්යවංශ හෙවත් ආර්යවංශ ප්‍රතිපදා යයි ව්‍යවහාර කළ බව පෙනේ.
ආර්යවංශ සූත්‍රය භික්ෂු ජීවිතයෙහි තත්වය එළිකරන වැදගත් සූත්‍රයක් හෙයින් ලක්දිව භික්ෂූන් වහන්සේලා මේ සූත්‍රය විශේෂයෙන් පුරුදු පුහුණු කළ බවත් ඇතැම් භික්ෂූන්වහන්සේලා මේ සූත්‍රයෙන් ධර්ම දේශනා කළ බවත් සිංහල රජවරුන් ආර්යවංශදේශනාව කළ භික්ෂූන්ට විශේෂ සත්කාර කළ බවත් ආර්යවංශ දේශනාව මහෝත්සවයක් ලෙස පවත්වන ලද බවත් පෙනේ.
ආර්යවංශ දේශනා මහෝත්සවය බෙහෙවින් ලක්දිව පවත්වා ඇත්තේ වස්කාලයේ දීය. ආර්යවංශ දීඝභාණක මහා අභයතෙරුන්වහන්සේ වැනි ධර්මධර උතුමෝ ආර්යවංශ දේශනාවෙහි සමර්ථ වූ දේශකයන් ලෙස පුරාණ ලංකාවේ ප්‍රකට වූහ.
මහාගාම මහාවාපී වැනි විහාරස්ථානවල අවුරුදු පතා ආර්යවංශ දේශනා පින්කම පවත්වන්නට යෙදුණු බව රසවාහිනී, සද්ධර්මාලංකාර ආදි පොත්වල සඳහන් වේ. උදුම්බරගිරි විහාරස්ථානයෙහි ආර්යවංශ දේශනාව හමසකට වරක් පවත්වන ලද බව සඳහන් වෙයි. වස්කාලයෙහි දෙපෝයකට වරක් පවා ආර්යවංශ දේශනා පැවැත්වූ බව දක්නට ලැබේ. මෙබඳු ආර්යවංශ දේශනා මහෝත්සව සඳහා රජ ඇමතිවරුන් විසින් වියදම පවා වෙන් කොට තුබූ බව තෝනිගල ආදි සෙල්ලිපිවලින් පෙනේ.
අශෝක රජතුමා බාභ්‍රෑ සෙල්ලිපියෙහි ගිහිපැවිදි දෙපසට ම හදාළ යුතු යයි සඳහන් කළ සූත්‍ර අතර පෙනෙන 'අලියවසානි' යනු ආර්යවංශ සූත්‍රයෙහි ඇතුළත් කරුණු වියයුතු බව ආචාර්ය්ය වල්පොළ රාහුල ස්ථවිරයන් වහන්සේ, ආචාර්ය්ය බී.ඇම්. බරුවා ආදී වියතුන්ගේ අදහසයි.
(සංස්කරණය: 1965)