"ආශ්චර්‍ය්‍යධර්ම" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('විස්මය එළවන, පුදුම උපදවන කාරණයයි: කලාතුරකින් ස...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
(නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්) | |||
1 පේළිය: | 1 පේළිය: | ||
− | විස්මය එළවන, පුදුම උපදවන කාරණයයි | + | විස්මය එළවන, පුදුම උපදවන කාරණයයි; කලාතුරකින් සිදුවන, සියලු තැන්හි නොසිදුවන, එහෙයින් ම සුලභ නොවන කාරණයයි. අන්ධයාගේ පර්වතයකට නැඟීමක් මෙන් නිතර නොවේ නුයි ආශ්චර්ය (අච්ඡරිය) නමි. මේ ශබ්ද නයයි. යළි අටුවානයින් අසුර (අච්ඡර) ගැසීමට යෝග්‍ය වූ කාරණය ආශ්චය්‍ය නමි. එබඳු අසිරිමත් දහම් ලොවැ මඳ තැනෙක කලාතුරකින් සිදුවේ. |
− | මහසයුරෙහි අසිරිමත් දහම් අටෙකි : 1. පිළිවෙළින් නිම්නව ගැඹුරුව ගිය බව, 2. වෙරළ නොඉක්මවා සිටුනා බව, 3. මළ කුණපයන් සමග නොසිටුනා බව , 4. ගංගා-යමුනා ආදි මහානදීන් සයුරට පැමිණ පළමු තුබූ නම්ගොත් හැරපියා මහමුහුද යයි කියයුතු බවට පැමිණීම, 5. ලොවැ සියලු ගංහෝ දියකඳ ගලාබට ද අහසින් වැසිවට ද මහසයුරෙහි අඩුවක් හෝ වැඩියක් නොවීම, 6. මහසයුර සියලු තැන එක ම ලුණු රසයෙන් යුක්ත වීම, 7. මහසයුර මුතු-මැණික්-වෙරළුමිණි-සක් | + | |
− | + | මහසයුරෙහි අසිරිමත් දහම් අටෙකි: 1. පිළිවෙළින් නිම්නව ගැඹුරුව ගිය බව, 2. වෙරළ නොඉක්මවා සිටුනා බව, 3. මළ කුණපයන් සමග නොසිටුනා බව, 4. ගංගා-යමුනා ආදි මහානදීන් සයුරට පැමිණ පළමු තුබූ නම්ගොත් හැරපියා මහමුහුද යයි කියයුතු බවට පැමිණීම, 5. ලොවැ සියලු ගංහෝ දියකඳ ගලාබට ද අහසින් වැසිවට ද මහසයුරෙහි අඩුවක් හෝ වැඩියක් නොවීම, 6. මහසයුර සියලු තැන එක ම ලුණු රසයෙන් යුක්ත වීම, 7. මහසයුර මුතු-මැණික්-වෙරළුමිණි-සක්-සිලා-පබළු-රන්-රිදී-පියුම්රා-මැසිරිගල් යන නානා රත්නයෙන් යුක්ත වීම, 8. යළි මහසයුර මහත් සිරුරු ඇති මහාසත්ත්වයන්ට වාසස්ථාන වීම යන කරුණු අට ය. | |
− | තවද | + | |
+ | එසෙයින් ම මේ බුදුසසුන්හි ද භික්ෂූන් සිත්අලවා විසීමට හේතුවන ආශ්චර්‍යධර්මයෝ අට දෙනෙක් වෙති: 1. සයුරෙහි පිළිවෙළින් ගැඹුරුබව මෙන් සසුන්හි ශීල-ධුතාංග-ශමථ-විදර්ශනා පරිපාටියෙන් අතිගම්භීර වූ රහත්ඵලය දක්වා පැමිණිය හැකි බව වෙයි. 2. සයුර වෙරළ නොපැන සිටීම මෙන් බුදුසව්වෝ ද පනවන ලද සිකපද වෙරළ ජීවිත හේතුයෙනුදු නොපැන යෙති. 3. මුහුද මෘතකුණපය සමග නොසිටුනාක් මෙන් දුශ්ශීල වූ සැක කටයුතු සිල් ඇති අශ්‍රමණයා හා සංඝ තෙමේ උද්දේසාදි සංවාස රහිත වෙයි. හේ කිසිවිටෙක සඟ මැද සිටිය ද සංඝයා ඔහුගෙන් ද හේ සංඝයා කෙරෙන් ද දුරු වූයේ මැ වෙයි. 4. මහගංහෝ සයුරට පැමිණ පෙර නම්ගොත් හරනාක් මෙන් ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර යන මොහු පළමු නම්-ගොත් හැරපියා ශාක්‍යපුත්‍ර යයි ව්‍යවහාරයට යෙති. 5. වැසිදියෙන් ගංහෝදියෙන් සයුරෙහි අඩුවැඩි නැතියා සේ කෙතෙක් පැවිද්දෝ රහත්වැ පිරිනිවියාහු නමුදු නිර්වාණ ධාතුයෙහි උනු බවක් හෝ පිරුණු බවක් නොපැනෙයි. 6. මහසයුර එක මැ ලුණු රස ඇතියා සේ බුදුසසුන ද එක මැ විමුක්ති රසයෙන් යුක්ත වූයේයැ. 7. මහසයුර මුතුමැණික් ආදි නන්රුවනින් පිරුණා සේ මේ ධර්මවිනය ශාසනය සතිපට්ඨාන-සම්‍යක්ප්‍රධාන-සෘද්ධිපාද-ඉන්ද්‍රිය-බල-බොජ්ඣංග-ආර්යඅෂ්ටාංගිකමාර්ග යන ධර්මරත්නයෙන් පරිපූර්ණ වූයේයැ. 8. මහසයුර මහාභූතයනට වාසස්ථාන වූ සේ මේ සසුන ද සෝතාපන්නාදි උත්තම සත්ත්වයනට ආවාස වූයේය. මොහු බුදුසසුන්හි ආශ්චර්‍ය්‍ය-අද්භූත ධර්මයෝයි (අංගුත්තර-අට්ඨකනිපාත). | ||
+ | |||
+ | තවද 'අච්ඡරියබ්භුත' සූත්‍රයෙහි බෝසතුන් පිළිබඳ වූ ආශ්චර්ය්යධර්මයෝ අටළොස් දෙනෙක් වදාරන ලද්දාහුය: 1. බෝසතුන් වෙසතුරු අත්බැවින් ච්‍යුතව සිහිනුවණින් යෙදී තුසිත භවනයෙහි ඉපදීමය, 2. සිහි නුවණින් යුතුව එහි විසීමය, 3. මිනිස් ගණනින් සත්පනස් කෙළ සැටලක්ෂයක් හවුරුදු එහි පරමායුස විඳීමය, 4. එයින් සැව සිහි නුවණැතිව මවුකුස පිළිසඳ ගැනීමය, 5. එකල දෙතිස් පෙරනිමිති පහළ වීමය, 6. මවුකුසැ සිටියහුට සිවුවරම් රජුන් අරක් ගැනීමය, 7. එකල බෝසත්මවගේ සිල්වත්බවය, 8. බෝසත්මවට කාමගුණූපසංහිත සිත් පහළ නොවීමය, 9. බෝසත් මව සියලු සැපතින් අනූන වීමය, 10. බෝසත් මව නිරාබාධ වීමය, 11. බෝසතුන් සපුරා දසමසක් ම මවුකුස විසීමය, 12. මවුකුසින් නික්මුණු සඳ දෙවියන් පළමු කොට පිළිගැනීමය, 13. මෑණියන් සිටියවුන් මැ කුසින් බිහිවීමය, 14. සිවුවරමුන් බෝසතුන් ඉදිරියෙහි තබා මව සැනැසීමය, 15. පිරිසුදුව මවුකුසින් බිහිවීමය, 16. සෘතු සුඛ ගැන්වීම සඳහා අහසින් දියදහර පහළ වීමය, 17. උපන් ඇසිල්ලෙහි සප්ත පද වීතිහාරයෙන් අභීතනාද පැවැත්වීමය, 18. උපන් ඇසිල්ලෙහි දෙතිස් පෙරනිමිති පහළ වීමය යන මොහුයි (මජ්ඣිමනිකාය - උපරිපණ්ණාස). | ||
+ | |||
ධර්ම සාහිත්‍යයෙහි මෙයින් අන්‍ය වූ ද ආශ්චර්යය අද්භූත ධර්මයෝ නොයෙක් තැන දක්වන ලද්දාහුය. | ධර්ම සාහිත්‍යයෙහි මෙයින් අන්‍ය වූ ද ආශ්චර්යය අද්භූත ධර්මයෝ නොයෙක් තැන දක්වන ලද්දාහුය. | ||
09:04, 3 ජනවාරි 2025 වන විට නවතම සංශෝධනය
විස්මය එළවන, පුදුම උපදවන කාරණයයි; කලාතුරකින් සිදුවන, සියලු තැන්හි නොසිදුවන, එහෙයින් ම සුලභ නොවන කාරණයයි. අන්ධයාගේ පර්වතයකට නැඟීමක් මෙන් නිතර නොවේ නුයි ආශ්චර්ය (අච්ඡරිය) නමි. මේ ශබ්ද නයයි. යළි අටුවානයින් අසුර (අච්ඡර) ගැසීමට යෝග්‍ය වූ කාරණය ආශ්චය්‍ය නමි. එබඳු අසිරිමත් දහම් ලොවැ මඳ තැනෙක කලාතුරකින් සිදුවේ.
මහසයුරෙහි අසිරිමත් දහම් අටෙකි: 1. පිළිවෙළින් නිම්නව ගැඹුරුව ගිය බව, 2. වෙරළ නොඉක්මවා සිටුනා බව, 3. මළ කුණපයන් සමග නොසිටුනා බව, 4. ගංගා-යමුනා ආදි මහානදීන් සයුරට පැමිණ පළමු තුබූ නම්ගොත් හැරපියා මහමුහුද යයි කියයුතු බවට පැමිණීම, 5. ලොවැ සියලු ගංහෝ දියකඳ ගලාබට ද අහසින් වැසිවට ද මහසයුරෙහි අඩුවක් හෝ වැඩියක් නොවීම, 6. මහසයුර සියලු තැන එක ම ලුණු රසයෙන් යුක්ත වීම, 7. මහසයුර මුතු-මැණික්-වෙරළුමිණි-සක්-සිලා-පබළු-රන්-රිදී-පියුම්රා-මැසිරිගල් යන නානා රත්නයෙන් යුක්ත වීම, 8. යළි මහසයුර මහත් සිරුරු ඇති මහාසත්ත්වයන්ට වාසස්ථාන වීම යන කරුණු අට ය.
එසෙයින් ම මේ බුදුසසුන්හි ද භික්ෂූන් සිත්අලවා විසීමට හේතුවන ආශ්චර්‍යධර්මයෝ අට දෙනෙක් වෙති: 1. සයුරෙහි පිළිවෙළින් ගැඹුරුබව මෙන් සසුන්හි ශීල-ධුතාංග-ශමථ-විදර්ශනා පරිපාටියෙන් අතිගම්භීර වූ රහත්ඵලය දක්වා පැමිණිය හැකි බව වෙයි. 2. සයුර වෙරළ නොපැන සිටීම මෙන් බුදුසව්වෝ ද පනවන ලද සිකපද වෙරළ ජීවිත හේතුයෙනුදු නොපැන යෙති. 3. මුහුද මෘතකුණපය සමග නොසිටුනාක් මෙන් දුශ්ශීල වූ සැක කටයුතු සිල් ඇති අශ්‍රමණයා හා සංඝ තෙමේ උද්දේසාදි සංවාස රහිත වෙයි. හේ කිසිවිටෙක සඟ මැද සිටිය ද සංඝයා ඔහුගෙන් ද හේ සංඝයා කෙරෙන් ද දුරු වූයේ මැ වෙයි. 4. මහගංහෝ සයුරට පැමිණ පෙර නම්ගොත් හරනාක් මෙන් ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර යන මොහු පළමු නම්-ගොත් හැරපියා ශාක්‍යපුත්‍ර යයි ව්‍යවහාරයට යෙති. 5. වැසිදියෙන් ගංහෝදියෙන් සයුරෙහි අඩුවැඩි නැතියා සේ කෙතෙක් පැවිද්දෝ රහත්වැ පිරිනිවියාහු නමුදු නිර්වාණ ධාතුයෙහි උනු බවක් හෝ පිරුණු බවක් නොපැනෙයි. 6. මහසයුර එක මැ ලුණු රස ඇතියා සේ බුදුසසුන ද එක මැ විමුක්ති රසයෙන් යුක්ත වූයේයැ. 7. මහසයුර මුතුමැණික් ආදි නන්රුවනින් පිරුණා සේ මේ ධර්මවිනය ශාසනය සතිපට්ඨාන-සම්‍යක්ප්‍රධාන-සෘද්ධිපාද-ඉන්ද්‍රිය-බල-බොජ්ඣංග-ආර්යඅෂ්ටාංගිකමාර්ග යන ධර්මරත්නයෙන් පරිපූර්ණ වූයේයැ. 8. මහසයුර මහාභූතයනට වාසස්ථාන වූ සේ මේ සසුන ද සෝතාපන්නාදි උත්තම සත්ත්වයනට ආවාස වූයේය. මොහු බුදුසසුන්හි ආශ්චර්‍ය්‍ය-අද්භූත ධර්මයෝයි (අංගුත්තර-අට්ඨකනිපාත).
තවද 'අච්ඡරියබ්භුත' සූත්‍රයෙහි බෝසතුන් පිළිබඳ වූ ආශ්චර්ය්යධර්මයෝ අටළොස් දෙනෙක් වදාරන ලද්දාහුය: 1. බෝසතුන් වෙසතුරු අත්බැවින් ච්‍යුතව සිහිනුවණින් යෙදී තුසිත භවනයෙහි ඉපදීමය, 2. සිහි නුවණින් යුතුව එහි විසීමය, 3. මිනිස් ගණනින් සත්පනස් කෙළ සැටලක්ෂයක් හවුරුදු එහි පරමායුස විඳීමය, 4. එයින් සැව සිහි නුවණැතිව මවුකුස පිළිසඳ ගැනීමය, 5. එකල දෙතිස් පෙරනිමිති පහළ වීමය, 6. මවුකුසැ සිටියහුට සිවුවරම් රජුන් අරක් ගැනීමය, 7. එකල බෝසත්මවගේ සිල්වත්බවය, 8. බෝසත්මවට කාමගුණූපසංහිත සිත් පහළ නොවීමය, 9. බෝසත් මව සියලු සැපතින් අනූන වීමය, 10. බෝසත් මව නිරාබාධ වීමය, 11. බෝසතුන් සපුරා දසමසක් ම මවුකුස විසීමය, 12. මවුකුසින් නික්මුණු සඳ දෙවියන් පළමු කොට පිළිගැනීමය, 13. මෑණියන් සිටියවුන් මැ කුසින් බිහිවීමය, 14. සිවුවරමුන් බෝසතුන් ඉදිරියෙහි තබා මව සැනැසීමය, 15. පිරිසුදුව මවුකුසින් බිහිවීමය, 16. සෘතු සුඛ ගැන්වීම සඳහා අහසින් දියදහර පහළ වීමය, 17. උපන් ඇසිල්ලෙහි සප්ත පද වීතිහාරයෙන් අභීතනාද පැවැත්වීමය, 18. උපන් ඇසිල්ලෙහි දෙතිස් පෙරනිමිති පහළ වීමය යන මොහුයි (මජ්ඣිමනිකාය - උපරිපණ්ණාස).
ධර්ම සාහිත්‍යයෙහි මෙයින් අන්‍ය වූ ද ආශ්චර්යය අද්භූත ධර්මයෝ නොයෙක් තැන දක්වන ලද්දාහුය.
(සංස්කරණය: 1965)