"ආමිස (ආමිෂ)" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('මිනිසාගේ උපභෝග-පරිභෝග පිණිස පවත්නා වස්ත්‍ර-ආ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | මිනිසාගේ උපභෝග-පරිභෝග පිණිස පවත්නා වස්ත්‍ර-ආහාර-ගෘහාදිය හා බෙහෙත් යන මේ දිවි පැවැත්ම සඳහා වැළඳගන්නා හෙයින් ආමිෂ යයි කියනු ලැබේ. එයම ශාසන ව්‍යවහාරයෙහි චීවර-පිණ්ඩපාත-සේනාසන-ගිලානපච්චය-භේසජ්ජ පරික්ඛාර යන නම්වලින් එයි. පර්‍ය්‍යාය නිෂ්පර්‍ය්‍යාය වශයෙන් ආමිෂය දෙවැදෑරුම් වෙයි. එහි චීවරාදි සිවුපසය නිෂ්පර්‍ය්‍යාය ආමිෂයි. | + | මිනිසාගේ උපභෝග-පරිභෝග පිණිස පවත්නා වස්ත්‍ර-ආහාර-ගෘහාදිය හා බෙහෙත් යන මේ දිවි පැවැත්ම සඳහා වැළඳගන්නා හෙයින් ආමිෂ යයි කියනු ලැබේ. එයම ශාසන ව්‍යවහාරයෙහි චීවර-පිණ්ඩපාත-සේනාසන-ගිලානපච්චය-භේසජ්ජ පරික්ඛාර යන නම්වලින් එයි. පර්‍ය්‍යාය නිෂ්පර්‍ය්‍යාය වශයෙන් ආමිෂය දෙවැදෑරුම් වෙයි. එහි චීවරාදි සිවුපසය නිෂ්පර්‍ය්‍යාය ආමිෂයි. යම්කිසි කාරණයකින් ලේශයකින් හෝ යම්තමකින් ආමිෂ වූයේ නොව වචනාර්ථ හෙයින් ම ආමිෂ වන හෙයිනි. මෙලොව කිසිවෙක් භවය ප්‍රාර්ථනා කොට හුදෙක් දෙව් මිනිස් සුව ලැබීමේ අදහසින් දන්සිල් ඈ පින්කම් කෙරෙයි. ඔහුට ඒ හේතුවෙන් දෙව් මිනිස් දෙගතියෙහි භෝග සම්පත් ලැබෙයි. ඒ සම්පත් නිෂ්පර්‍ය්‍යාය ආමිෂයි. එය ලැබීමට හේතු වූ පින්කම් පර්‍ය්‍යාය ආමිෂ නම් වේ. |
| − | බුදුසව් වූ පැවිද්දනට සිවුපසය ලැබෙනුයේ බුදු පියාණන්ගේ දායාදයක් වශයෙනි. බුදුන් විසින් ඒ ඒ තැන්හි දී “අනුජානාමි, භික්ඛවෙ, ගහපති චීවරං ; යො ඉච්ඡති පංසුකූලිකො | + | |
| + | බුදුසව් වූ පැවිද්දනට සිවුපසය ලැබෙනුයේ බුදු පියාණන්ගේ දායාදයක් වශයෙනි. බුදුන් විසින් ඒ ඒ තැන්හි දී “අනුජානාමි, භික්ඛවෙ, ගහපති චීවරං; යො ඉච්ඡති පංසුකූලිකො හොතු”යී (මහණෙනි, ගැහැවියන් දෙන සිවුරු පිළිගැනීමට අවසර දෙමි; යමෙක් කැමැති නම් පංසුකූලික වේවයි) ආදිය වදාළ හෙයින් ප්‍රණීත වූ සිවුරු ඈ සිවුපසය ම භික්ෂූන් විසින් ලද්දේය. එහෙයින් නිෂ්පර්‍ය්‍යාය ආමිෂය වූ සිවුපසය ම බුදුන් සතු වූයේ ම වෙයි. පර්‍ය්‍යාය ආමිෂය වූ දෙව් මිනිස් සුව ලබනුයේ ද බුදුන් වදාළ දන්සිල් ඈ පිළිවෙත්හි හැසිරීමෙනි. එහෙයින් එ ද බුදුන් සතු වූයේ ම වේ. බුදුහු ධම්මදායාද සූත්‍රයෙහි දී “ධම්මදායාදා මෙ, භික්ඛවෙ, භවථ, මා ආමිසදායාද”යී ආමිසය දායාද කොට නොගන්නා ලෙස භික්ෂූන්ට වදාළහ. ආමිස දායාදයන් වීම හේතු කොටගෙන බුදුසව්වන් මතු නොව තමන්වහන්සේ ද ගැරහිය යුතු බවට පැමිණෙන හෙයිනි. | ||
| + | |||
ආමිසපටිපත්ති වශයෙන් දෙවැදෑරුම් කොට වදාළ පූජා අතුරෙහි ද චීවරාදි සිවුපසයෙන් කරන පූජාව ආමිස පූජා නම් වෙයි. බුදුන් වදාළ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි හැසිරීම පටිපත්ති පූජා නම්වේ. මෙයිනුදු ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව උතුමැයි වදාරා ඇත. | ආමිසපටිපත්ති වශයෙන් දෙවැදෑරුම් කොට වදාළ පූජා අතුරෙහි ද චීවරාදි සිවුපසයෙන් කරන පූජාව ආමිස පූජා නම් වෙයි. බුදුන් වදාළ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි හැසිරීම පටිපත්ති පූජා නම්වේ. මෙයිනුදු ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව උතුමැයි වදාරා ඇත. | ||
(සංස්කරණය: 1965) | (සංස්කරණය: 1965) | ||
| − | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: බෞද්ධ ධර්මපාඨ]] |
| − | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: ආ]] |
10:58, 22 අප්‍රේල් 2025 වන විට නවතම සංශෝධනය
මිනිසාගේ උපභෝග-පරිභෝග පිණිස පවත්නා වස්ත්‍ර-ආහාර-ගෘහාදිය හා බෙහෙත් යන මේ දිවි පැවැත්ම සඳහා වැළඳගන්නා හෙයින් ආමිෂ යයි කියනු ලැබේ. එයම ශාසන ව්‍යවහාරයෙහි චීවර-පිණ්ඩපාත-සේනාසන-ගිලානපච්චය-භේසජ්ජ පරික්ඛාර යන නම්වලින් එයි. පර්‍ය්‍යාය නිෂ්පර්‍ය්‍යාය වශයෙන් ආමිෂය දෙවැදෑරුම් වෙයි. එහි චීවරාදි සිවුපසය නිෂ්පර්‍ය්‍යාය ආමිෂයි. යම්කිසි කාරණයකින් ලේශයකින් හෝ යම්තමකින් ආමිෂ වූයේ නොව වචනාර්ථ හෙයින් ම ආමිෂ වන හෙයිනි. මෙලොව කිසිවෙක් භවය ප්‍රාර්ථනා කොට හුදෙක් දෙව් මිනිස් සුව ලැබීමේ අදහසින් දන්සිල් ඈ පින්කම් කෙරෙයි. ඔහුට ඒ හේතුවෙන් දෙව් මිනිස් දෙගතියෙහි භෝග සම්පත් ලැබෙයි. ඒ සම්පත් නිෂ්පර්‍ය්‍යාය ආමිෂයි. එය ලැබීමට හේතු වූ පින්කම් පර්‍ය්‍යාය ආමිෂ නම් වේ.
බුදුසව් වූ පැවිද්දනට සිවුපසය ලැබෙනුයේ බුදු පියාණන්ගේ දායාදයක් වශයෙනි. බුදුන් විසින් ඒ ඒ තැන්හි දී “අනුජානාමි, භික්ඛවෙ, ගහපති චීවරං; යො ඉච්ඡති පංසුකූලිකො හොතු”යී (මහණෙනි, ගැහැවියන් දෙන සිවුරු පිළිගැනීමට අවසර දෙමි; යමෙක් කැමැති නම් පංසුකූලික වේවයි) ආදිය වදාළ හෙයින් ප්‍රණීත වූ සිවුරු ඈ සිවුපසය ම භික්ෂූන් විසින් ලද්දේය. එහෙයින් නිෂ්පර්‍ය්‍යාය ආමිෂය වූ සිවුපසය ම බුදුන් සතු වූයේ ම වෙයි. පර්‍ය්‍යාය ආමිෂය වූ දෙව් මිනිස් සුව ලබනුයේ ද බුදුන් වදාළ දන්සිල් ඈ පිළිවෙත්හි හැසිරීමෙනි. එහෙයින් එ ද බුදුන් සතු වූයේ ම වේ. බුදුහු ධම්මදායාද සූත්‍රයෙහි දී “ධම්මදායාදා මෙ, භික්ඛවෙ, භවථ, මා ආමිසදායාද”යී ආමිසය දායාද කොට නොගන්නා ලෙස භික්ෂූන්ට වදාළහ. ආමිස දායාදයන් වීම හේතු කොටගෙන බුදුසව්වන් මතු නොව තමන්වහන්සේ ද ගැරහිය යුතු බවට පැමිණෙන හෙයිනි.
ආමිසපටිපත්ති වශයෙන් දෙවැදෑරුම් කොට වදාළ පූජා අතුරෙහි ද චීවරාදි සිවුපසයෙන් කරන පූජාව ආමිස පූජා නම් වෙයි. බුදුන් වදාළ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි හැසිරීම පටිපත්ති පූජා නම්වේ. මෙයිනුදු ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව උතුමැයි වදාරා ඇත.
(සංස්කරණය: 1965)