"ඉන්ද්‍රජිත්" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('රාවණ රජුට දාව මන්දෝදරිය කුස උපන් කුමාරයෙකි. ඔහ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | රාවණ රජුට දාව මන්දෝදරිය කුස උපන් කුමාරයෙකි. ඔහු වරක් ඉන්ද්‍රයා පරදවා ජය ගත් බැවින් ඔහුට ඉන්ද්‍රජිත් යන නම ඇති විය. පළමුවෙන් ඔහුට තැබූ නාමය | + | රාවණ රජුට දාව මන්දෝදරිය කුස උපන් කුමාරයෙකි. ඔහු වරක් ඉන්ද්‍රයා පරදවා ජය ගත් බැවින් ඔහුට ඉන්ද්‍රජිත් යන නම ඇති විය. පළමුවෙන් ඔහුට තැබූ නාමය 'මේඝනාද' යනුයි. මන්ත්‍ර බලයෙන් අදෘශ්‍යමානව සිට යුද්ධ කිරීමෙහි හේ සමත් වීල. ඉන්ද්‍රයා සමග සටන් කිරීමට රාවණා කැටුව දෙව්ලොවට ගිය හෙතෙම වික්‍රමාන්විතව යුද්ධ කොට, ගෞතම මුනිට වරදක් කර ඔහුගෙන් සාප ලබා සිටි ඉන්ද්‍ර පරදවා, ඔහු අල්වා සිරකරුවකු මෙන් ලංකාවට ගෙනාවේල. එකල බ්‍රහ්මයා ප්‍රමුඛ දෙවිවරු ඉන්ද්‍ර මුදාගැනීම පිණිස ලංකාවට ගියහයි කියත්. එහි දී බ්‍රහ්මයා විසින් මේඝනාදට ඉන්ද්‍රජිත් යන නාමය දෙන ලදි. එහෙත් අමරණීයත්වය සඳහා වරයක් දෙන තුරු ඉන්ද්‍ර මුදාහැරීමට මේඝනාද අකමැති වීල. බ්‍රහ්මයා එබඳු වරයක් දීමට නොහැකි බව ප්‍රකාශ කළ නමුදු පසුව ඉන්ද්‍රජිත් තම අභිමතාර්ථය සපල කරගත් බව පැවසේ. එහෙත් ඉන්ද්‍රජිත් යඥයක් සිදුකරමින් සිටින විට එහි හදිසියෙන් පැමිණි ලක්ෂ්මණ කුමාරයා ඔහුගේ හිස ගසා දැමූ බව රාමායණෙහි දැක්වේ. |
(සංස්කරණය: 1970) | (සංස්කරණය: 1970) | ||
| − | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: භාරතීය දේවකථා]] |
| − | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: ඉ]] |
11:15, 22 අප්‍රේල් 2025 වන විට නවතම සංශෝධනය
රාවණ රජුට දාව මන්දෝදරිය කුස උපන් කුමාරයෙකි. ඔහු වරක් ඉන්ද්‍රයා පරදවා ජය ගත් බැවින් ඔහුට ඉන්ද්‍රජිත් යන නම ඇති විය. පළමුවෙන් ඔහුට තැබූ නාමය 'මේඝනාද' යනුයි. මන්ත්‍ර බලයෙන් අදෘශ්‍යමානව සිට යුද්ධ කිරීමෙහි හේ සමත් වීල. ඉන්ද්‍රයා සමග සටන් කිරීමට රාවණා කැටුව දෙව්ලොවට ගිය හෙතෙම වික්‍රමාන්විතව යුද්ධ කොට, ගෞතම මුනිට වරදක් කර ඔහුගෙන් සාප ලබා සිටි ඉන්ද්‍ර පරදවා, ඔහු අල්වා සිරකරුවකු මෙන් ලංකාවට ගෙනාවේල. එකල බ්‍රහ්මයා ප්‍රමුඛ දෙවිවරු ඉන්ද්‍ර මුදාගැනීම පිණිස ලංකාවට ගියහයි කියත්. එහි දී බ්‍රහ්මයා විසින් මේඝනාදට ඉන්ද්‍රජිත් යන නාමය දෙන ලදි. එහෙත් අමරණීයත්වය සඳහා වරයක් දෙන තුරු ඉන්ද්‍ර මුදාහැරීමට මේඝනාද අකමැති වීල. බ්‍රහ්මයා එබඳු වරයක් දීමට නොහැකි බව ප්‍රකාශ කළ නමුදු පසුව ඉන්ද්‍රජිත් තම අභිමතාර්ථය සපල කරගත් බව පැවසේ. එහෙත් ඉන්ද්‍රජිත් යඥයක් සිදුකරමින් සිටින විට එහි හදිසියෙන් පැමිණි ලක්ෂ්මණ කුමාරයා ඔහුගේ හිස ගසා දැමූ බව රාමායණෙහි දැක්වේ.
(සංස්කරණය: 1970)