"ඉන්ද්රිය ජය" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('භූතයන් ජය ගැනීමට (දමනයට) අනතුරුව යෝගියකු විසින...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | භූතයන් ජය ගැනීමට (දමනයට) අනතුරුව යෝගියකු විසින් ඵලප්‍රාප්තිය සඳහා සිද්ධකටයුතු සාධනයකි. එය ප්‍රධාන වශයෙන් ඉන්ද්රියයන් දමනය කිරීමට හේතු වන සාධනයක් බැවින් ඊට | + | භූතයන් ජය ගැනීමට (දමනයට) අනතුරුව යෝගියකු විසින් ඵලප්‍රාප්තිය සඳහා සිද්ධකටයුතු සාධනයකි. එය ප්‍රධාන වශයෙන් ඉන්ද්රියයන් දමනය කිරීමට හේතු වන සාධනයක් බැවින් ඊට 'ඉන්ද්රිය ජය' යන නම ව්‍යවහාර වේ. ඉන්ද්රිය දමනයෙන් තොරව කිසි ම යෝගියකුට යෝග සාධනයෙන් ඵල නොලැබිය හැකි බැවින් යෝගාභ්‍යාස කිරීමේ දී ඉන්ද්රිය දමනය විශේෂ සැලකීමට භාජන වූවකි. දමනය නොකළ ඉන්ද්රියයන්ගෙන් සමන්විතව සමාධි වැඩීම ආත්ම වංචාවක් ලෙස ද සැලැකේ. ඉන්ද්රියයන් ජයගැනීම සඳහා යෙදිය යුතු මූලික උපාය ප්රත්යාහාරයයි. විෂයයන් කෙරෙහි ප්‍රසක්ත වූ ඉන්ද්රියයන් ශබ්දාදි ඉන්ද්‍රියගෝචර වස්තූන් කෙරෙන් ඉවත් කරලීම 'ප්‍රත්‍යාහාර' නම් වේ. ඉන්ද්රිය නිග්‍රහය හා වශීකරණය ද ඉච්ඡානුකූල ලෙස ක්‍රියා කිරීමට සැලැස්වීම ද ප්රත්යාහාරයෙන් වෙයි. ආශ්වාස ප්‍රශ්වාසයට ද ඉන්ද්රියයන් දමනය කිරීමට ද එය උපකාරී වේ. චිත්තවෘත්ති නිරෝධ මාත්‍රයෙන් ම ඉන්ද්රිය දමනය සිදු වුව ද ඒ සඳහා සත්ව ශුද්ධිය ද අවශ්‍යය. මද, මාන, ඊර්ෂ්‍යා ආදිය පහ කිරීමෙන් සෝදාහරින ලද චිත්තමල හේතුකොටගෙන සත්ව ශුද්ධිය වේ. එකල නිරායාසයෙන් ම සෞමනස්‍යය ඇති වේ. සෞමනස්යයාගේ අවික්ෂේපයෙන් ඒකාග්‍රතාව ද ඉන්ද්රිය ජය හා ආත්මදර්ශන යෝග්‍යත්වය ද ගෙන දේ. |
| + | |||
යෝග සාධනය පිළිබඳ හැම අවස්ථාවක දී ම යෙදිය යුතු සංයමය ඉන්ද්රිය ජය උදෙසා උපයෝගී කරගත යුතු අවසාන පියවරයි. ඉන්ද්‍රියගෝචර විෂයයන් විශාල සංඛ්‍යාවක් ඇත්තාක් මෙන් සංයම ද බොහෝ ගණනකි. සංයම සිද්ධි ද අනන්තය. මොවුනතුරෙන් මුඛ්‍ය වශයෙන් සැලකීමට භාජන වී ඇත්තේ ගෘහීතෘ, ග්‍රහණ, ග්‍රාහ්‍ය යන සංයම තුනය. | යෝග සාධනය පිළිබඳ හැම අවස්ථාවක දී ම යෙදිය යුතු සංයමය ඉන්ද්රිය ජය උදෙසා උපයෝගී කරගත යුතු අවසාන පියවරයි. ඉන්ද්‍රියගෝචර විෂයයන් විශාල සංඛ්‍යාවක් ඇත්තාක් මෙන් සංයම ද බොහෝ ගණනකි. සංයම සිද්ධි ද අනන්තය. මොවුනතුරෙන් මුඛ්‍ය වශයෙන් සැලකීමට භාජන වී ඇත්තේ ගෘහීතෘ, ග්‍රහණ, ග්‍රාහ්‍ය යන සංයම තුනය. | ||
| − | ග්‍රහණ, ස්වරූප, අස්මිතා, අන්වය, අර්ථවත්ත්ව යන පංචවිධ ඉන්ද්රිය රූපයන් අනුක්රමයෙන් සංයත කිරීමෙන් යෝගියාට ඉන්ද්රිය ජය ප්රාදුර්භාවය වන්නේය. ඉන් පසු මනෝජවිත්ව, | + | |
| + | ග්‍රහණ, ස්වරූප, අස්මිතා, අන්වය, අර්ථවත්ත්ව යන පංචවිධ ඉන්ද්රිය රූපයන් අනුක්රමයෙන් සංයත කිරීමෙන් යෝගියාට ඉන්ද්රිය ජය ප්රාදුර්භාවය වන්නේය. ඉන් පසු මනෝජවිත්ව, විකිරණභාවාදීන්ගේ ඵලප්‍රාප්තිය වන්නේය. | ||
(සංස්කරණය: 1970) | (සංස්කරණය: 1970) | ||
| − | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: ගුප්ත විද්‍යා]] |
| − | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: ඉ]] |
14:50, 22 අප්‍රේල් 2025 වන විට නවතම සංශෝධනය
භූතයන් ජය ගැනීමට (දමනයට) අනතුරුව යෝගියකු විසින් ඵලප්‍රාප්තිය සඳහා සිද්ධකටයුතු සාධනයකි. එය ප්‍රධාන වශයෙන් ඉන්ද්රියයන් දමනය කිරීමට හේතු වන සාධනයක් බැවින් ඊට 'ඉන්ද්රිය ජය' යන නම ව්‍යවහාර වේ. ඉන්ද්රිය දමනයෙන් තොරව කිසි ම යෝගියකුට යෝග සාධනයෙන් ඵල නොලැබිය හැකි බැවින් යෝගාභ්‍යාස කිරීමේ දී ඉන්ද්රිය දමනය විශේෂ සැලකීමට භාජන වූවකි. දමනය නොකළ ඉන්ද්රියයන්ගෙන් සමන්විතව සමාධි වැඩීම ආත්ම වංචාවක් ලෙස ද සැලැකේ. ඉන්ද්රියයන් ජයගැනීම සඳහා යෙදිය යුතු මූලික උපාය ප්රත්යාහාරයයි. විෂයයන් කෙරෙහි ප්‍රසක්ත වූ ඉන්ද්රියයන් ශබ්දාදි ඉන්ද්‍රියගෝචර වස්තූන් කෙරෙන් ඉවත් කරලීම 'ප්‍රත්‍යාහාර' නම් වේ. ඉන්ද්රිය නිග්‍රහය හා වශීකරණය ද ඉච්ඡානුකූල ලෙස ක්‍රියා කිරීමට සැලැස්වීම ද ප්රත්යාහාරයෙන් වෙයි. ආශ්වාස ප්‍රශ්වාසයට ද ඉන්ද්රියයන් දමනය කිරීමට ද එය උපකාරී වේ. චිත්තවෘත්ති නිරෝධ මාත්‍රයෙන් ම ඉන්ද්රිය දමනය සිදු වුව ද ඒ සඳහා සත්ව ශුද්ධිය ද අවශ්‍යය. මද, මාන, ඊර්ෂ්‍යා ආදිය පහ කිරීමෙන් සෝදාහරින ලද චිත්තමල හේතුකොටගෙන සත්ව ශුද්ධිය වේ. එකල නිරායාසයෙන් ම සෞමනස්‍යය ඇති වේ. සෞමනස්යයාගේ අවික්ෂේපයෙන් ඒකාග්‍රතාව ද ඉන්ද්රිය ජය හා ආත්මදර්ශන යෝග්‍යත්වය ද ගෙන දේ.
යෝග සාධනය පිළිබඳ හැම අවස්ථාවක දී ම යෙදිය යුතු සංයමය ඉන්ද්රිය ජය උදෙසා උපයෝගී කරගත යුතු අවසාන පියවරයි. ඉන්ද්‍රියගෝචර විෂයයන් විශාල සංඛ්‍යාවක් ඇත්තාක් මෙන් සංයම ද බොහෝ ගණනකි. සංයම සිද්ධි ද අනන්තය. මොවුනතුරෙන් මුඛ්‍ය වශයෙන් සැලකීමට භාජන වී ඇත්තේ ගෘහීතෘ, ග්‍රහණ, ග්‍රාහ්‍ය යන සංයම තුනය.
ග්‍රහණ, ස්වරූප, අස්මිතා, අන්වය, අර්ථවත්ත්ව යන පංචවිධ ඉන්ද්රිය රූපයන් අනුක්රමයෙන් සංයත කිරීමෙන් යෝගියාට ඉන්ද්රිය ජය ප්රාදුර්භාවය වන්නේය. ඉන් පසු මනෝජවිත්ව, විකිරණභාවාදීන්ගේ ඵලප්‍රාප්තිය වන්නේය.
(සංස්කරණය: 1970)