"ආයිආයි" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | [[ගොනුව:2-579.jpg|right| | + | [[ගොනුව:2-579.jpg|right|350px]](ඩවුබෙන්ටෝනියා මඩගස්කරියෙන්සිස්-Daubentonia madagascariensis). මැඩගස්කරයේ ජීවත් වන සතෙකි. ප්‍රිමාටේස් ගෝත්‍රයෙහි ([[අග්‍රේශයෝ]] බ.) ඩවුබෙන්ටොනිඩෙ කුලයට අයත් එක ම සතා ආයිආයිය. ප්‍රමාණයෙන් බළලකු පමණ වූ මේ සතාට ලොම් සහිත දිග වලිගයක් තිබේ. එබැවින් ඌ ලොකු ලේනකුට සමානය. ඌට වටකුරු පුළුල් හිසක් ද කෙටි මූණක් ද විශාල ඇස් ද පැතලි කන් ද ඇත. උගේ විශාල අත්වල උල් නියපොතු සහිත සිහින් දිග ඇඟිලි තිබේ. තුන්වැනි ඇඟිල්ල විශේෂයෙන් ම සිහින්ය. කඳන් තුළ සිටින පණුවන් සොයා ගන්නේ එහි ආධාරයෙනි. උගේ පාද ලීමරයන්ගේ මෙන් හරස් කළ හැකි මහපටැඟිල්ලකින් යුක්තය. ඒ ඇඟිල්ලෙහි පැතලි නියපොත්තක් ද අනෙක් ඇඟිලිවල උල් නියපොතු ද තිබේ. ආයිආයියා ආදිකල්පික මූලික ලීමර ප්‍රභේදයකින් පහළ වී අනුවර්තනය වූ කෘන්තක ලක්ෂණ ඇති සතකු සේ සැලකීමට පිළිවන. |
තනි තනිව හෝ ජෝඩු වශයෙන් හෝ ජීවත්වන ආයිආයියා නිශාචරයෙකි. ඌ දවල් කාලය ගත කරන්නේ ඝන කැළෑවේ ගස් මුදුනක ඉපල්වලින් තනන ලද තම කූඩුවට වී වලිගය හකුළුවාගෙන නිදමිනි. ඌ රෑට එළියට ආ විට කම්බි පණුවන් හා කෘමීන් සෙවීමෙහි නිරත වේ. ගෙඩි වර්ග, උණබඩ සහ උක්පැණි උගේ ආහාරයි. | තනි තනිව හෝ ජෝඩු වශයෙන් හෝ ජීවත්වන ආයිආයියා නිශාචරයෙකි. ඌ දවල් කාලය ගත කරන්නේ ඝන කැළෑවේ ගස් මුදුනක ඉපල්වලින් තනන ලද තම කූඩුවට වී වලිගය හකුළුවාගෙන නිදමිනි. ඌ රෑට එළියට ආ විට කම්බි පණුවන් හා කෘමීන් සෙවීමෙහි නිරත වේ. ගෙඩි වර්ග, උණබඩ සහ උක්පැණි උගේ ආහාරයි. | ||
13:27, 19 අගෝස්තු 2025 වන විට නවතම සංශෝධනය
(ඩවුබෙන්ටෝනියා මඩගස්කරියෙන්සිස්-Daubentonia madagascariensis). මැඩගස්කරයේ ජීවත් වන සතෙකි. ප්‍රිමාටේස් ගෝත්‍රයෙහි (අග්‍රේශයෝ බ.) ඩවුබෙන්ටොනිඩෙ කුලයට අයත් එක ම සතා ආයිආයිය. ප්‍රමාණයෙන් බළලකු පමණ වූ මේ සතාට ලොම් සහිත දිග වලිගයක් තිබේ. එබැවින් ඌ ලොකු ලේනකුට සමානය. ඌට වටකුරු පුළුල් හිසක් ද කෙටි මූණක් ද විශාල ඇස් ද පැතලි කන් ද ඇත. උගේ විශාල අත්වල උල් නියපොතු සහිත සිහින් දිග ඇඟිලි තිබේ. තුන්වැනි ඇඟිල්ල විශේෂයෙන් ම සිහින්ය. කඳන් තුළ සිටින පණුවන් සොයා ගන්නේ එහි ආධාරයෙනි. උගේ පාද ලීමරයන්ගේ මෙන් හරස් කළ හැකි මහපටැඟිල්ලකින් යුක්තය. ඒ ඇඟිල්ලෙහි පැතලි නියපොත්තක් ද අනෙක් ඇඟිලිවල උල් නියපොතු ද තිබේ. ආයිආයියා ආදිකල්පික මූලික ලීමර ප්‍රභේදයකින් පහළ වී අනුවර්තනය වූ කෘන්තක ලක්ෂණ ඇති සතකු සේ සැලකීමට පිළිවන.තනි තනිව හෝ ජෝඩු වශයෙන් හෝ ජීවත්වන ආයිආයියා නිශාචරයෙකි. ඌ දවල් කාලය ගත කරන්නේ ඝන කැළෑවේ ගස් මුදුනක ඉපල්වලින් තනන ලද තම කූඩුවට වී වලිගය හකුළුවාගෙන නිදමිනි. ඌ රෑට එළියට ආ විට කම්බි පණුවන් හා කෘමීන් සෙවීමෙහි නිරත වේ. ගෙඩි වර්ග, උණබඩ සහ උක්පැණි උගේ ආහාරයි.
ආයිආයියා අහිංසක සතෙකි. එහෙත් මැඩගස්කරයේ වැසියන් අතර මේ සතා පිළිබඳ නොයෙක් මිථ්‍යා විශ්වාස ඇත. ආයිආයියකු ස්පර්ශ කළ අයකුට නොයෙක් විපත් සිදුවේය යන විශ්වාසයක් ද ඔවුන් තුළ පවතී. එරට වැසියෝ මේ සතුන්ට බොහෝ ගෞරව දක්වති.
(සංස්කරණය: 1965)
