"උඩ්ඩා" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(පන්චක්ස් පන්චක්ස් බ්ලොකී - Panchax panchax blochii Arnold). මිරිද...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| (නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්) | |||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | (පන්චක්ස් පන්චක්ස් බ්ලොකී - Panchax panchax blochii Arnold). මිරිදියෙහි ද මුහුදු වෙරළ අසල තරමක් ලුණු රසැති ජලයෙහි ද ජීවත් වන දිගින් අඟල් 1½ක් පමණ වූ මත්ස්‍යයෙකි. උඩ්ඩා කහපාටට හුරු කොළපාටය. උගේ 2 වැනි පෘෂ්ඨීය වරල් නාරටියේ සිට 4 වැනි පෘෂ්ඨීය වරල් නාරටිය දක්වා කළු පැල්ලමක් ඇත. උගේ හිස පහතට එබී ඇත. හනු දත් සහිතය. උදරීය වරල් දික් වී නැත. අංශ රේඛාවක් (lateral line) ද නැත. | + | [[ගොනුව:4-528.jpg|500px|left]](පන්චක්ස් පන්චක්ස් බ්ලොකී - Panchax panchax blochii Arnold). මිරිදියෙහි ද මුහුදු වෙරළ අසල තරමක් ලුණු රසැති ජලයෙහි ද ජීවත් වන දිගින් අඟල් 1½ක් පමණ වූ මත්ස්‍යයෙකි. උඩ්ඩා කහපාටට හුරු කොළපාටය. උගේ 2 වැනි පෘෂ්ඨීය වරල් නාරටියේ සිට 4 වැනි පෘෂ්ඨීය වරල් නාරටිය දක්වා කළු පැල්ලමක් ඇත. උගේ හිස පහතට එබී ඇත. හනු දත් සහිතය. උදරීය වරල් දික් වී නැත. අංශ රේඛාවක් (lateral line) ද නැත. |
පන්චක්ස් ලිනෙයාටුස් ඩායි (Panchax lineatus dayi Steindachner) නමින් හැඳින්වෙන්නේ ඉරිඋඩ්ඩාය. ඌ අඟල් 2ක් පමණ දිගය. උගේ ශරීරයේ පැති කහපාටය; රතු තිත් සහිතය. ශරීරය හරහා තදපාට පටි 1 සිට 4 දක්වා දක්නට ලැබේ. වරල් කහපාටය. ඒවායේ නාරටි රතුපාට හෝ තැඹිලිපාටය. පෞච්ඡ (caudal) හා ගුද වරල්වල වාටි රතුපාටය. හරස්පටි වැඩි සංඛ්‍යාවක් ගෑනු සතාට ඇත. පිරිමි සතාගේ උදරීය නාරටි දික් වී ඇත. ඉරිඋඩ්ඩාට අංශ රේඛාවක් නැත. ඉරිඋඩ්ඩා ද මුහුද වෙරළ අසල තරමක් ලුණු රසැති ජලයේ ජීවත් වේ. | පන්චක්ස් ලිනෙයාටුස් ඩායි (Panchax lineatus dayi Steindachner) නමින් හැඳින්වෙන්නේ ඉරිඋඩ්ඩාය. ඌ අඟල් 2ක් පමණ දිගය. උගේ ශරීරයේ පැති කහපාටය; රතු තිත් සහිතය. ශරීරය හරහා තදපාට පටි 1 සිට 4 දක්වා දක්නට ලැබේ. වරල් කහපාටය. ඒවායේ නාරටි රතුපාට හෝ තැඹිලිපාටය. පෞච්ඡ (caudal) හා ගුද වරල්වල වාටි රතුපාටය. හරස්පටි වැඩි සංඛ්‍යාවක් ගෑනු සතාට ඇත. පිරිමි සතාගේ උදරීය නාරටි දික් වී ඇත. ඉරිඋඩ්ඩාට අංශ රේඛාවක් නැත. ඉරිඋඩ්ඩා ද මුහුද වෙරළ අසල තරමක් ලුණු රසැති ජලයේ ජීවත් වේ. | ||
09:39, 18 පෙබරවාරි 2026 වන විට නවතම සංශෝධනය
(පන්චක්ස් පන්චක්ස් බ්ලොකී - Panchax panchax blochii Arnold). මිරිදියෙහි ද මුහුදු වෙරළ අසල තරමක් ලුණු රසැති ජලයෙහි ද ජීවත් වන දිගින් අඟල් 1½ක් පමණ වූ මත්ස්‍යයෙකි. උඩ්ඩා කහපාටට හුරු කොළපාටය. උගේ 2 වැනි පෘෂ්ඨීය වරල් නාරටියේ සිට 4 වැනි පෘෂ්ඨීය වරල් නාරටිය දක්වා කළු පැල්ලමක් ඇත. උගේ හිස පහතට එබී ඇත. හනු දත් සහිතය. උදරීය වරල් දික් වී නැත. අංශ රේඛාවක් (lateral line) ද නැත.පන්චක්ස් ලිනෙයාටුස් ඩායි (Panchax lineatus dayi Steindachner) නමින් හැඳින්වෙන්නේ ඉරිඋඩ්ඩාය. ඌ අඟල් 2ක් පමණ දිගය. උගේ ශරීරයේ පැති කහපාටය; රතු තිත් සහිතය. ශරීරය හරහා තදපාට පටි 1 සිට 4 දක්වා දක්නට ලැබේ. වරල් කහපාටය. ඒවායේ නාරටි රතුපාට හෝ තැඹිලිපාටය. පෞච්ඡ (caudal) හා ගුද වරල්වල වාටි රතුපාටය. හරස්පටි වැඩි සංඛ්‍යාවක් ගෑනු සතාට ඇත. පිරිමි සතාගේ උදරීය නාරටි දික් වී ඇත. ඉරිඋඩ්ඩාට අංශ රේඛාවක් නැත. ඉරිඋඩ්ඩා ද මුහුද වෙරළ අසල තරමක් ලුණු රසැති ජලයේ ජීවත් වේ.
මේ මත්ස්‍යයෝ දෙදෙනා ම දිය මතුපිට පාවෙන යම් යම් දෑ ආහාර කොටගනිත්. උන්ගේ ප්‍රධාන ආහාරය මදුරු කීටයන් බැවින් ඔවුහු මනුෂ්‍යයාට ප්‍රයෝජනවත් වෙති. උඩ්ඩා සිප්‍රිනොඩොන්ටිපෝමේස් (Cyprinodontiformes) ගෝත්‍රයෙහි සිප්‍රිනොඩොන්ටිඩේ කුලයට අයත්ය.
(සංස්කරණය: 1970)
