"උණ්ඩුක පුච්ඡය" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(අනුබද්ධය) (Vermiform appendix). උදරයේ දකුණු පැත්තේ පහළ කොටස...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| (නොපෙන්වන එම පරිශීලකයා මගින් අතරමැදි සංස්කරණ 2ක්) | |||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | (අනුබද්ධය) (Vermiform appendix). උදරයේ දකුණු පැත්තේ පහළ කොටසේ පිහිටි උණ්ඩුකයෙන් දික් වී පැතිර යන, එක කෙළවරක් වැසුණු, පටු නාලයකි. උණ්ඩුක පුච්ඡය උණ්ඩුකයෙන් පැතිර යන දිසාව විවිධ වේ. ප්‍රධාන වශයෙන් උණ්ඩුක පුච්ඡයක් ඇත්තේ ඇතැම් ක්ෂීරපායී සතුන්ටය. එක් එක් සත්වයාගේ විශේෂයත් වයසත් අනුව උණ්ඩුක පුච්ඡයේ ප්‍රමාණය හා ව්‍යූහය බෙහෙවින් වෙනස් වේ. | + | [[ගොනුව:4-538.jpg|350px|right]](අනුබද්ධය) (Vermiform appendix). උදරයේ දකුණු පැත්තේ පහළ කොටසේ පිහිටි උණ්ඩුකයෙන් දික් වී පැතිර යන, එක කෙළවරක් වැසුණු, පටු නාලයකි. උණ්ඩුක පුච්ඡය උණ්ඩුකයෙන් පැතිර යන දිසාව විවිධ වේ. ප්‍රධාන වශයෙන් උණ්ඩුක පුච්ඡයක් ඇත්තේ ඇතැම් ක්ෂීරපායී සතුන්ටය. එක් එක් සත්වයාගේ විශේෂයත් වයසත් අනුව උණ්ඩුක පුච්ඡයේ ප්‍රමාණය හා ව්‍යූහය බෙහෙවින් වෙනස් වේ. |
උණ්ඩුක පුච්ඡය උණ්ඩුකයෙන් පැතිර යන්නේ ශේෂාන්ත්‍රක උණ්ඩුක කපාටයෙන් (ileocaecal valve) අඟලක් පමණ පහළින්ය. මිනිසාගේ උණ්ඩුක පුච්ඡය සාමාන්‍යයෙන් අඟල් 4ක් පමණ දිගය. ඇතැම් විට එය දිගින් අඟල් 10කටත් වැඩි විය හැකිය. සාමාන්‍යයෙන් එය ඇඹරී දරණ ගැසී තිබේ. ඇතැම් විට එය දිගය, සිහින්ය. ඇතැම් විට කෙටිය, මහතය. උදරයේ පහළ කොටසේ දකුණු පස උණ්ඩුක පුච්ඡයේ පිහිටීම ද බෙහෙවින් වෙනස් වේ. උණ්ඩුකයට පිටුපසින් උණ්ඩුක පුච්ඡය පස්සටත් උඩු අතටත් හැරී තිබෙන්නට පුළුවන. එසේ නැත්නම් එය පහළටත් ඉදිරියටත් හැරී ශ්‍රේණියේ ගැඹුරට වී පිහිටන්නට පුළුවන. ඒ හැර වෙනත් හය ආකාරයකින් පමණ ද පිහිටන්නට පුළුවන. ස්ථිර සේ සැලකිය හැක්කේ උණ්ඩුක පුච්ඡ පාදයේ පිහිටීම පමණකැයි කිව හැකි තරමි. උණ්ඩුක පුච්ඡය පවත්නා ආකාරය සැම විට ම නිසැකව කිය නොහැකි වුවත් ශල්‍යකර්මය කරන්නාට හා රෝග විනිශ්චය කරන්නාට එය දැන හැඳිනගැනීම ඉතා වැදගත් වේ. | උණ්ඩුක පුච්ඡය උණ්ඩුකයෙන් පැතිර යන්නේ ශේෂාන්ත්‍රක උණ්ඩුක කපාටයෙන් (ileocaecal valve) අඟලක් පමණ පහළින්ය. මිනිසාගේ උණ්ඩුක පුච්ඡය සාමාන්‍යයෙන් අඟල් 4ක් පමණ දිගය. ඇතැම් විට එය දිගින් අඟල් 10කටත් වැඩි විය හැකිය. සාමාන්‍යයෙන් එය ඇඹරී දරණ ගැසී තිබේ. ඇතැම් විට එය දිගය, සිහින්ය. ඇතැම් විට කෙටිය, මහතය. උදරයේ පහළ කොටසේ දකුණු පස උණ්ඩුක පුච්ඡයේ පිහිටීම ද බෙහෙවින් වෙනස් වේ. උණ්ඩුකයට පිටුපසින් උණ්ඩුක පුච්ඡය පස්සටත් උඩු අතටත් හැරී තිබෙන්නට පුළුවන. එසේ නැත්නම් එය පහළටත් ඉදිරියටත් හැරී ශ්‍රේණියේ ගැඹුරට වී පිහිටන්නට පුළුවන. ඒ හැර වෙනත් හය ආකාරයකින් පමණ ද පිහිටන්නට පුළුවන. ස්ථිර සේ සැලකිය හැක්කේ උණ්ඩුක පුච්ඡ පාදයේ පිහිටීම පමණකැයි කිව හැකි තරමි. උණ්ඩුක පුච්ඡය පවත්නා ආකාරය සැම විට ම නිසැකව කිය නොහැකි වුවත් ශල්‍යකර්මය කරන්නාට හා රෝග විනිශ්චය කරන්නාට එය දැන හැඳිනගැනීම ඉතා වැදගත් වේ. | ||
09:53, 18 පෙබරවාරි 2026 වන විට නවතම සංශෝධනය
(අනුබද්ධය) (Vermiform appendix). උදරයේ දකුණු පැත්තේ පහළ කොටසේ පිහිටි උණ්ඩුකයෙන් දික් වී පැතිර යන, එක කෙළවරක් වැසුණු, පටු නාලයකි. උණ්ඩුක පුච්ඡය උණ්ඩුකයෙන් පැතිර යන දිසාව විවිධ වේ. ප්‍රධාන වශයෙන් උණ්ඩුක පුච්ඡයක් ඇත්තේ ඇතැම් ක්ෂීරපායී සතුන්ටය. එක් එක් සත්වයාගේ විශේෂයත් වයසත් අනුව උණ්ඩුක පුච්ඡයේ ප්‍රමාණය හා ව්‍යූහය බෙහෙවින් වෙනස් වේ.උණ්ඩුක පුච්ඡය උණ්ඩුකයෙන් පැතිර යන්නේ ශේෂාන්ත්‍රක උණ්ඩුක කපාටයෙන් (ileocaecal valve) අඟලක් පමණ පහළින්ය. මිනිසාගේ උණ්ඩුක පුච්ඡය සාමාන්‍යයෙන් අඟල් 4ක් පමණ දිගය. ඇතැම් විට එය දිගින් අඟල් 10කටත් වැඩි විය හැකිය. සාමාන්‍යයෙන් එය ඇඹරී දරණ ගැසී තිබේ. ඇතැම් විට එය දිගය, සිහින්ය. ඇතැම් විට කෙටිය, මහතය. උදරයේ පහළ කොටසේ දකුණු පස උණ්ඩුක පුච්ඡයේ පිහිටීම ද බෙහෙවින් වෙනස් වේ. උණ්ඩුකයට පිටුපසින් උණ්ඩුක පුච්ඡය පස්සටත් උඩු අතටත් හැරී තිබෙන්නට පුළුවන. එසේ නැත්නම් එය පහළටත් ඉදිරියටත් හැරී ශ්‍රේණියේ ගැඹුරට වී පිහිටන්නට පුළුවන. ඒ හැර වෙනත් හය ආකාරයකින් පමණ ද පිහිටන්නට පුළුවන. ස්ථිර සේ සැලකිය හැක්කේ උණ්ඩුක පුච්ඡ පාදයේ පිහිටීම පමණකැයි කිව හැකි තරමි. උණ්ඩුක පුච්ඡය පවත්නා ආකාරය සැම විට ම නිසැකව කිය නොහැකි වුවත් ශල්‍යකර්මය කරන්නාට හා රෝග විනිශ්චය කරන්නාට එය දැන හැඳිනගැනීම ඉතා වැදගත් වේ.
වසාහ පටක (lymphoid tissues) බොහොමයක් උණ්ඩුක පුච්ඡයට ඇත. උණ්ඩුකයේ කුහරයත් සමඟ උණ්ඩුක පුච්ඡය සාමාන්‍යයෙන් සම්බන්ධව පවතී. මිනිසාගේ උණ්ඩුක පුච්ඡයේ අභ්‍යන්තර සුස්තරය (ශ්ලේෂ්මකය) ජීරණ සුස්තරයේ ඉතිරි කොටසත් සමඟ අවිච්ඡින්නව පවතී.
උණ්ඩුක පුච්ඡයට සැබෑ අතුණුබහනක් (mesentery) නැත. ඊට ඇත්තේ ශේෂාන්ත්‍රකයේ අතුණුබහන් සමග අවිච්ඡින්නව පවත්නා උදරච්ඡදයේ නැම්මක් පමණි. උණ්ඩුක පුච්ඡය පෝෂණය කරන ධමනිය තරමක් ත්‍රිකෝණාකාර වූ මේ නැම්මෙහි පිහිටා තිබේ. මෙය මධ්‍ය-උණ්ඩුක පුච්ඡය (mesoappendix) නමින් හැඳින්වේ. ශ්ලේෂ්මල පටලයේ සුළු ප්‍රදාහයක් ඇති වීමෙන් උණ්ඩුක පුච්ඡයේ ද අධික නොවූ ප්‍රදාහයක් ඇති වන්නට පුළුවන. මෙය පැතිර ගියොත් මුළු අවයවයේ ම ප්‍රදාහයක් ඇති වන්නට පුළුවන. රුධිර සැපයුම නවතන තරමට ප්‍රදාහය වැඩි වුවහොත් කෝථය (gangrene) හා විගලනය (sloughing) ද සිදු වේ. පසුව විස්ඵෝටයක් සෑදේ. උණ්ඩුක පුච්ඡයේ සිදුරුවීම ද සිදු වන්නට පුළුවන.
රටහාවා හා මීයා වැනි ඇතැම් කෘන්තකයන්ගේ උණ්ඩුක පුච්ඡය මිනිසාගේ උණ්ඩුක පුච්ඡයට වඩා සාපේක්ෂ ලෙස ලොකුය. එම සතුන් ශාකභක්ෂකයන් වීම මීට සම්බන්ධ කරුණකැයි ඇතැම්හු විශ්වාස කරති. මිනිසාගේ උණ්ඩුක පුච්ඡයෙන් කෙරෙන නියම කාර්‍ය්‍යය කවරේ දැයි තව ම පැහැදිලි ලෙස සොයාගෙන නැත. මෙය කලක ජීරණ කාර්ෂයේ දැනට වඩා වැඩි කාර්‍ය්‍යයක් ඉටු කළ කොටසක ශේෂයක් ලෙස ද දැන් පරිණාමක යටපත් වීමට භාජන වෙමින් පවතින්නක් ලෙස ද සැලකේ. උණ්ඩුකයේ ක්ෂීණ වූ කෙළවර කොටසක් සේ ද එය දැක්විය හැකිය. (උණ්ඩුක පුච්ඡ ප්‍රදාහය සඳහා ඇපෙන්ඩිසයිටිස් බ.)
(සංස්කරණය: 1970)
