"උණ්ඩුකය" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(Caecum). ක්ෂීරපායී සත්වයන්ගේ කුඩා අන්ත්‍රය හා මහා...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්)
1 පේළිය: 1 පේළිය:
(Caecum). ක්ෂීරපායී සත්වයන්ගේ කුඩා අන්ත්‍රය හා මහා අන්ත්‍රය සන්ධි වන ස්ථානයෙහි පිහිටා ඇති, කෙළවර වැසුණු අන්ධාශය (diverticulum) උණ්ඩුකය නමි. උදර බිත්තියේ පිටුපසින් සහමුලින් ම ශ්‍රෝණි කුහරය (pelvic cavity) ඇතුළත දකුණු ජඝනක ලේණයේ (iliac fossa) පිහිටා තිබෙන එය සාමාන්‍යයෙන් සම්පූර්ණයෙන් ම උදරච්ඡදයෙන් ([[උදරච්ඡදය]] බ.) වැසී තිබේ. කුඩා අන්ත්‍රයේ පහළ කොටස වන ශේෂාන්ත්‍රකය (ileum) උණ්ඩුකයේ අංශයට ඇතුළු වේ. ශේෂාන්ත්‍රක උණ්ඩුක කපාටය (ileocaecal valve) මේ සිදුර ආරක්ෂා කරයි. උණ්ඩුකය තුළට නෙරා සිටින තුණ්ඩ දෙකකින් සමන්විත වූ මේ කපාටය නිසා ප්‍රත්‍යාවර්තනය (regurgitation) වළකී. උණ්ඩුකයේ වම් අපර පෘෂ්ඨයෙන් [[උණ්ඩුක පුච්ඡය]] (බ.) නෙරා සිටී.
+
[[ගොනුව:4-539.jpg|350px|left]](Caecum). ක්ෂීරපායී සත්වයන්ගේ කුඩා අන්ත්‍රය හා මහා අන්ත්‍රය සන්ධි වන ස්ථානයෙහි පිහිටා ඇති, කෙළවර වැසුණු අන්ධාශය (diverticulum) උණ්ඩුකය නමි. උදර බිත්තියේ පිටුපසින් සහමුලින් ම ශ්‍රෝණි කුහරය (pelvic cavity) ඇතුළත දකුණු ජඝනක ලේණයේ (iliac fossa) පිහිටා තිබෙන එය සාමාන්‍යයෙන් සම්පූර්ණයෙන් ම උදරච්ඡදයෙන් ([[උදරච්ඡදය]] බ.) වැසී තිබේ. කුඩා අන්ත්‍රයේ පහළ කොටස වන ශේෂාන්ත්‍රකය (ileum) උණ්ඩුකයේ අංශයට ඇතුළු වේ. ශේෂාන්ත්‍රක උණ්ඩුක කපාටය (ileocaecal valve) මේ සිදුර ආරක්ෂා කරයි. උණ්ඩුකය තුළට නෙරා සිටින තුණ්ඩ දෙකකින් සමන්විත වූ මේ කපාටය නිසා ප්‍රත්‍යාවර්තනය (regurgitation) වළකී. උණ්ඩුකයේ වම් අපර පෘෂ්ඨයෙන් [[උණ්ඩුක පුච්ඡය]] (බ.) නෙරා සිටී.
  
ඒ ඒ සත්ව විශේෂ අනුව උණ්ඩුකයේ දිගත් වින්‍යාසයත් බෙහෙවින් වෙනස් වේ. මිනිසාගේ උණ්ඩුකය අඟල් 6ක් පමණ දිගය. සාමාන්‍යයෙන් ශාකභක්ෂක සතුන්ට සාපේක්ෂ ලෙස වඩා දික් වූ උණ්ඩුකයක් ඇත. එය ඇතැම් විට දරණ ගැසී සිටී. උන්ගේ උණ්ඩුකය තුළ බැක්ටීරියා ක්‍රියා කිරීමෙන් සෙලියුලෝස් ජීරණය සිදු වේ. රට හාවාගේ උණ්ඩුකය ලොකුය. මඩි වැනි විස්තරණ ‍ශ්‍රෙණියකින් එය සමන්විත වේ. වලහා වැනි ඇතැම් සතුන්ට උණ්ඩුකයක් නැත. ඇතැම් මත්ස්‍යයන්ට ආමාශය හා අන්ත්‍රය සන්ධි වන ස්ථානයෙහි ආමාශයාන්ත උණ්ඩුක (pyloric caeca) ඇත. සමහර කෘමීන්ගේ ගුද මාර්ගයෙහි එවැනි මඩි පිහිටා තිබේ.
 
09:54, 18 පෙබරවාරි 2026 වන විට නවතම සංශෝධනය

4-539.jpg
(Caecum). ක්ෂීරපායී සත්වයන්ගේ කුඩා අන්ත්‍රය හා මහා අන්ත්‍රය සන්ධි වන ස්ථානයෙහි පිහිටා ඇති, කෙළවර වැසුණු අන්ධාශය (diverticulum) උණ්ඩුකය නමි. උදර බිත්තියේ පිටුපසින් සහමුලින් ම ශ්‍රෝණි කුහරය (pelvic cavity) ඇතුළත දකුණු ජඝනක ලේණයේ (iliac fossa) පිහිටා තිබෙන එය සාමාන්‍යයෙන් සම්පූර්ණයෙන් ම උදරච්ඡදයෙන් (උදරච්ඡදය බ.) වැසී තිබේ. කුඩා අන්ත්‍රයේ පහළ කොටස වන ශේෂාන්ත්‍රකය (ileum) උණ්ඩුකයේ අංශයට ඇතුළු වේ. ශේෂාන්ත්‍රක උණ්ඩුක කපාටය (ileocaecal valve) මේ සිදුර ආරක්ෂා කරයි. උණ්ඩුකය තුළට නෙරා සිටින තුණ්ඩ දෙකකින් සමන්විත වූ මේ කපාටය නිසා ප්‍රත්‍යාවර්තනය (regurgitation) වළකී. උණ්ඩුකයේ වම් අපර පෘෂ්ඨයෙන් උණ්ඩුක පුච්ඡය (බ.) නෙරා සිටී.

ඒ ඒ සත්ව විශේෂ අනුව උණ්ඩුකයේ දිගත් වින්‍යාසයත් බෙහෙවින් වෙනස් වේ. මිනිසාගේ උණ්ඩුකය අඟල් 6ක් පමණ දිගය. සාමාන්‍යයෙන් ශාකභක්ෂක සතුන්ට සාපේක්ෂ ලෙස වඩා දික් වූ උණ්ඩුකයක් ඇත. එය ඇතැම් විට දරණ ගැසී සිටී. උන්ගේ උණ්ඩුකය තුළ බැක්ටීරියා ක්‍රියා කිරීමෙන් සෙලියුලෝස් ජීරණය සිදු වේ. රට හාවාගේ උණ්ඩුකය ලොකුය. මඩි වැනි විස්තරණ ‍ශ්‍රෙණියකින් එය සමන්විත වේ. වලහා වැනි ඇතැම් සතුන්ට උණ්ඩුකයක් නැත. ඇතැම් මත්ස්‍යයන්ට ආමාශය හා අන්ත්‍රය සන්ධි වන ස්ථානයෙහි ආමාශයාන්ත උණ්ඩුක (pyloric caeca) ඇත. සමහර කෘමීන්ගේ ගුද මාර්ගයෙහි එවැනි මඩි පිහිටා තිබේ.

සාමාන්‍යයෙන් උණ්ඩුකයෙහි ඇති වන්නේ රෝග ස්වල්පයක් පමණි. උග්‍ර ඇපෙන්ඩිසයිටිස් රෝගයේ දී උණ්ඩුකය බෙහෙවින් ප්‍රදාහයට පත් වේ. ආන්ත්‍රික අවරෝධය (intestinal obstruction) ශමනය කිරීම සඳහා කරන ශල්‍යකර්මවල දී උණ්ඩුකය උපයෝගී කොටගනු ලැබේ.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උණ්ඩුකය&oldid=10217" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි