"ඇඳුම්" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 165 පේළිය: | 165 පේළිය: | ||
බඩල්, ආචාරි, වඩු හා සිත්තර ජනයාගේත් කූරුවේ ඇත්තන්ගේත් ඇඳුම් සාමාන්‍යයෙන් හන්දුරුවන්ගේ ඇඳුම්වලට සමාන විය. ඇම්බැට්ට කුලයේ ගෑනු පිරිමින්ට හැට්ටය ඇඳීමට අවසර තිබුණේය. අනෙක් කුලවල ගෑනුන් විසින් ඉණෙන් උඩ නග්නව තබා දනමඬලින් ඉතා පහළට නොවැටෙන සේ වස්ත්‍රය ඇඳ ගත යුතු විය. එහෙත් ශීතල ඇති විට මේ කුලවල ගෑනුන්ට හා පිරිමින්ට තමන්ගේ පිට හරහා වස්ත්‍රය දැමීමට අවසර ලැබුණේය. එවිට හන්දුරුවන් මුණ ගැසුණ හොත් ඔව්හු “බය බෝයි, හීතලට” යයි කියා ඔවුන් කමා කරවා ගත්හ. | බඩල්, ආචාරි, වඩු හා සිත්තර ජනයාගේත් කූරුවේ ඇත්තන්ගේත් ඇඳුම් සාමාන්‍යයෙන් හන්දුරුවන්ගේ ඇඳුම්වලට සමාන විය. ඇම්බැට්ට කුලයේ ගෑනු පිරිමින්ට හැට්ටය ඇඳීමට අවසර තිබුණේය. අනෙක් කුලවල ගෑනුන් විසින් ඉණෙන් උඩ නග්නව තබා දනමඬලින් ඉතා පහළට නොවැටෙන සේ වස්ත්‍රය ඇඳ ගත යුතු විය. එහෙත් ශීතල ඇති විට මේ කුලවල ගෑනුන්ට හා පිරිමින්ට තමන්ගේ පිට හරහා වස්ත්‍රය දැමීමට අවසර ලැබුණේය. එවිට හන්දුරුවන් මුණ ගැසුණ හොත් ඔව්හු “බය බෝයි, හීතලට” යයි කියා ඔවුන් කමා කරවා ගත්හ. | ||
| − | + | [[ගොනුව:3-148.jpg|200px|left]] | |
බඩහැල, රදා, හඟරම් (හකුරු), පදු, බෙරවා, කිඩි (කුලුපොතු), කින්නර යන කුලවල ජනයාට හැට්ටය ඇඳීමත් දනින් පහළට වස්ත්‍රය ඇඳීමත් තහනම් විය. බඩහැල හා රදා ගෑනුපිරිමින්ට වස්ත්‍රයේ කෙළවරින් උඩුකය වසා ගැනීමට අවසර ලැබුණු නමුත් ඉන් පහළ කුලවල ජනයාට රෝගී වූ විට හෝ ශීතල ඇති විට හැර අන් අවස්ථාවල දී එසේ උඩුකය වසා ගැනීම තහනම් වූයේය. | බඩහැල, රදා, හඟරම් (හකුරු), පදු, බෙරවා, කිඩි (කුලුපොතු), කින්නර යන කුලවල ජනයාට හැට්ටය ඇඳීමත් දනින් පහළට වස්ත්‍රය ඇඳීමත් තහනම් විය. බඩහැල හා රදා ගෑනුපිරිමින්ට වස්ත්‍රයේ කෙළවරින් උඩුකය වසා ගැනීමට අවසර ලැබුණු නමුත් ඉන් පහළ කුලවල ජනයාට රෝගී වූ විට හෝ ශීතල ඇති විට හැර අන් අවස්ථාවල දී එසේ උඩුකය වසා ගැනීම තහනම් වූයේය. | ||
හන්දුරුවන්ට නම් පටබැඳීමේ දී රන් රිදී හුයින් මල්ලියකම් කළ සේද හෝ පීත්ත පටක් රජු විසින් හිසෙහි බඳින ලදි. මෙසේ නම් පටබඳිනු ලැබුවෝ මුදියන්සේ නමින් හඳුන්වනු ලැබූහ. පෙති දෙකක් සහිත මකුටයක් වැනි තොප්පියක් ද එකල භාවිත විය. හන්දුරුවන් දැමූ තොප්පිය මුළුමනින් ම තනි (සුදු හෝ නිල්) පාටින් ද පහත් කුලවල ජනයාගේ තොප්පිය එක් පාටකින් හා පෙති දෙක වෙනත් පාටකින් හෙවත් හැම විට ම රතු පාටින් ද යුක්ත වූයේය. කින්නර මිනිසුන්ට කවර විධියක හෝ හිස්වැස්මක් ලෑම තහනම් විය. මේ කවර කුලයක හෝ ගෑනු හිස්වැසුම් නොදැමූහ. | හන්දුරුවන්ට නම් පටබැඳීමේ දී රන් රිදී හුයින් මල්ලියකම් කළ සේද හෝ පීත්ත පටක් රජු විසින් හිසෙහි බඳින ලදි. මෙසේ නම් පටබඳිනු ලැබුවෝ මුදියන්සේ නමින් හඳුන්වනු ලැබූහ. පෙති දෙකක් සහිත මකුටයක් වැනි තොප්පියක් ද එකල භාවිත විය. හන්දුරුවන් දැමූ තොප්පිය මුළුමනින් ම තනි (සුදු හෝ නිල්) පාටින් ද පහත් කුලවල ජනයාගේ තොප්පිය එක් පාටකින් හා පෙති දෙක වෙනත් පාටකින් හෙවත් හැම විට ම රතු පාටින් ද යුක්ත වූයේය. කින්නර මිනිසුන්ට කවර විධියක හෝ හිස්වැස්මක් ලෑම තහනම් විය. මේ කවර කුලයක හෝ ගෑනු හිස්වැසුම් නොදැමූහ. | ||
| − | + | ||
ඉංග්‍රීසි යුගයේ නිලමවරුන් මහනුවර යුගයේ දී රජ ඇඳුමට අයත් වූ මල්ගහ, උඩය ආදිය භාවිතා කරන්නට වූ බව පෙනේ. තවමත් උඩරට රදලවරුන් මංගල උත්සව ආදියෙහි දී අඳින මුළුඇඳුම ඔවුන්ගේ නිල ඇඳුම විය. දැනුත් දළදා මාළිගාවේ දියවඩන නිලමේත් දේවාලවල බස්නායක නිලමවරුත් පෙරහැර ආදි උත්සව අවස්ථාවල දී නිල ඇඳුම වශයෙන් එය අඳිති. යටට අඳින දිග කලිසමකින් (උඩයකින්) හා ඊට උඩින් අඳින බඳ පටියක් සහිත තුප්පොට්ටියෙන් ද කරවට ලූ මන්තයකින් හා රන්රිදී හුයින් ගෙත්තම් කළ පච්ච හැට්ටයෙන් ද මැණික් එබ්බූ රන් මුදු, විසිතුරු කැටයම් කළ වළලු, රන් මාල යන ආභරණවලින් ද මල්ගහ සහිත විසිතුරු ගෙත්තමින් සැරසූ තොප්පියකින් ද මුළුඇඳුම සැදුණේය. තුප්පොට්ටිය යනු මැදින් මනාව සන්ධි වන කැබැලි දෙකකින් යුත් අට රියන් හෝ නව රියන් සුදු රෙද්දකි. මෙකල කුලවත් ගෑනුන්ගේ ඇඳුම වූයේ ඔහොරිය හා ලියවැල් වැඩ දැමූ හැට්ටයයි. තුප්පොට්ටිය ඇඳ සතරැස් පට ලේන්සුවක් මුල්ලෙන් මුල්ලට සිටින සේ දෙකට නමා කොන් දෙක දෙවුරෙන් පහළ පපුව දෙසට වැටෙන පරිද්දෙන් කර ලා ගැනීම පහත් පෙළේ නිලධාරීන්ගේ සිරිත විය. විදානේන්ලාටත් පහළින් සිටි නිලධාරි තුප්පොට්ටිය පමණක් ඇඳ හිසෙහි තලප්පාවක් බැන්දෝය. පණිවුඩකරුවන්ගේත් මුරකරුවන්ගේත් ඇඳුම වූයේ දිය කච්චිය නම් වස්ත්‍රයයි. දියට (නාන විට) අඳින්නක් වූ බැවින් එය දිය කච්චිය නමින් හඳුන්වන ලදි. දිය කච්චිය වර්ණවත් නූලින් මල්ලියකම් යොදා අලංකාර කොට ගෙන කුලවතුන් යටඇඳුමක් සේ පරිහරණය කළ බව පැවසේ. එය ඉදිරිපසින් එල්ලෙන ලොකු පෙරවැස්මකින් ද පසුපසින් විසිතුරු වැඩ රහිත පටු රෙදි පටියකින් ද ඉණ වටා බැඳීමට යොදන වියූ පීත්ත පටියකින් ද යුක්ත විය. ඉදිරි පසට වඩා පසුපස බෙහෙවින් පටු වන ලෙස කපන ලද දිය කච්චිවලට පත් කපාපු දිය කච්චි යයි කියනු ලැබේ. දිය කච්චියක මුළු දිග අඩි 5 සිට 6 දක්වාත් පෙරවැස්මෙහි දිගපළල අඩි 1, 1/2 × 2 පමණත් විය. ගොවියෝ කුඹුරු වැඩෙහි යෙදෙන විට ‘මඩ කච්චිය’ නම් වූ රෙදි කඩක් ඉණ වටා ඔතා හිසෙහි සුම්බරයක් බැඳ ගත්හ. ඒ වෙනුවට දැන් බෙහෙවින් භාවිත වන්නේ අමුඩය හා භත්තිය නොහොත් බටකොළ තොප්පියයි. | ඉංග්‍රීසි යුගයේ නිලමවරුන් මහනුවර යුගයේ දී රජ ඇඳුමට අයත් වූ මල්ගහ, උඩය ආදිය භාවිතා කරන්නට වූ බව පෙනේ. තවමත් උඩරට රදලවරුන් මංගල උත්සව ආදියෙහි දී අඳින මුළුඇඳුම ඔවුන්ගේ නිල ඇඳුම විය. දැනුත් දළදා මාළිගාවේ දියවඩන නිලමේත් දේවාලවල බස්නායක නිලමවරුත් පෙරහැර ආදි උත්සව අවස්ථාවල දී නිල ඇඳුම වශයෙන් එය අඳිති. යටට අඳින දිග කලිසමකින් (උඩයකින්) හා ඊට උඩින් අඳින බඳ පටියක් සහිත තුප්පොට්ටියෙන් ද කරවට ලූ මන්තයකින් හා රන්රිදී හුයින් ගෙත්තම් කළ පච්ච හැට්ටයෙන් ද මැණික් එබ්බූ රන් මුදු, විසිතුරු කැටයම් කළ වළලු, රන් මාල යන ආභරණවලින් ද මල්ගහ සහිත විසිතුරු ගෙත්තමින් සැරසූ තොප්පියකින් ද මුළුඇඳුම සැදුණේය. තුප්පොට්ටිය යනු මැදින් මනාව සන්ධි වන කැබැලි දෙකකින් යුත් අට රියන් හෝ නව රියන් සුදු රෙද්දකි. මෙකල කුලවත් ගෑනුන්ගේ ඇඳුම වූයේ ඔහොරිය හා ලියවැල් වැඩ දැමූ හැට්ටයයි. තුප්පොට්ටිය ඇඳ සතරැස් පට ලේන්සුවක් මුල්ලෙන් මුල්ලට සිටින සේ දෙකට නමා කොන් දෙක දෙවුරෙන් පහළ පපුව දෙසට වැටෙන පරිද්දෙන් කර ලා ගැනීම පහත් පෙළේ නිලධාරීන්ගේ සිරිත විය. විදානේන්ලාටත් පහළින් සිටි නිලධාරි තුප්පොට්ටිය පමණක් ඇඳ හිසෙහි තලප්පාවක් බැන්දෝය. පණිවුඩකරුවන්ගේත් මුරකරුවන්ගේත් ඇඳුම වූයේ දිය කච්චිය නම් වස්ත්‍රයයි. දියට (නාන විට) අඳින්නක් වූ බැවින් එය දිය කච්චිය නමින් හඳුන්වන ලදි. දිය කච්චිය වර්ණවත් නූලින් මල්ලියකම් යොදා අලංකාර කොට ගෙන කුලවතුන් යටඇඳුමක් සේ පරිහරණය කළ බව පැවසේ. එය ඉදිරිපසින් එල්ලෙන ලොකු පෙරවැස්මකින් ද පසුපසින් විසිතුරු වැඩ රහිත පටු රෙදි පටියකින් ද ඉණ වටා බැඳීමට යොදන වියූ පීත්ත පටියකින් ද යුක්ත විය. ඉදිරි පසට වඩා පසුපස බෙහෙවින් පටු වන ලෙස කපන ලද දිය කච්චිවලට පත් කපාපු දිය කච්චි යයි කියනු ලැබේ. දිය කච්චියක මුළු දිග අඩි 5 සිට 6 දක්වාත් පෙරවැස්මෙහි දිගපළල අඩි 1, 1/2 × 2 පමණත් විය. ගොවියෝ කුඹුරු වැඩෙහි යෙදෙන විට ‘මඩ කච්චිය’ නම් වූ රෙදි කඩක් ඉණ වටා ඔතා හිසෙහි සුම්බරයක් බැඳ ගත්හ. ඒ වෙනුවට දැන් බෙහෙවින් භාවිත වන්නේ අමුඩය හා භත්තිය නොහොත් බටකොළ තොප්පියයි. | ||
09:38, 5 දෙසැම්බර් 2025 වන විට නවතම සංශෝධනය
ඇඳුම් වූකලි දියුණු නොදියුණු සියලු ම මනුෂ්‍ය කොට්ඨාසයන් අතර කිසියම් ආකාරයකින් දක්නා ලැබෙන සංස්කෘතික අංගයකි. රෙදිපිළී ආදියෙන් තනා ඇඟ ලා ගන්නා දෑ ‘ඇඳුම්’ යන්නෙන් අදහස් කැරෙයි. ඇඳුම් සාමාන්‍යයෙන් විළි වසා ගැනීම පිණිස යොදා ගන්නා හෙයින් හුදෙක් අලංකාරය පිණිස යොදා ගන්නා පැලඳුම් (ආභරණ බ.) කෙරෙන් වෙන් කොට ගනු ලැබේ. මේ අනුව ඇඳුම්වලින් ආචාරධර්ම විෂයක පරමාර්ථයකුත් පැලඳුම්වලින් සෞන්දර්ය විෂයක පරමාර්ථයකුත් ඉටු වෙතැයි සැලකිය හැකිය. එහෙත් හැම සමාජයක් ම ලිංගික අවයවයන් වසා ගැනීම් සංඛ්‍යාත සදාචාර ධර්මය රැකීම ඇඳුම්වලින් අපේක්ෂා කරතැයි සිතිය නොහේ. බොහෝ ප්‍රාකෘතික සංස්කෘතීන්හි ලිංගික අවයවයන් වසා ගැනීම සඳහා ඇඳුම් පාවිච්චි නොවන බව නොයෙක් විද්‍යාත්මක ගවේෂණයන්ගෙන් හෙළි වී තිබේ. දකුණු ඇමෙරිකාව, අප්‍රිකාව, මෙලනීසියාව ආදි රටවල බොහෝ ගෝත්‍රජනයා මුළුමනින් ම වාගේ නග්නව සිටීමත් උතුරු ඇමෙරිකාව, කැලිෆෝනියාව, ඕස්ට්‍රෙලියාව ආදි රටවල ඇතැම් ගෝත්‍රජනයා ලිංගික අවයවයන් නොවසා උරහිස් පමණක් වසා ගෙන සිටීමත් මෙහි ලා සඳහන් කළ හැකිය. ලිංගික අවයවයන් වසා ගැනීම කෙනකුන්ගේ අවධානය ඉන් බැහැරට යොමු කරවීමකට වඩා එදෙසට යොමු කරවීමකැයි ද ඇතැම් විමර්ශකයෝ සලකති.
විළිබිය මිනිසාට ආවේණික වූවකැයි සිතිය නොහේ. නොයෙක් සංස්කෘතීන්ට අයත් විවිධ මත පිරික්සා බැලීමෙන් විළිබිය හුදෙක් සමාජය විසින් ඇති කර ගන්නා ලද සම්මුතියක් බව පෙනී යයි. ඇතැම් සමාජවල ලිංගික නොවන වෙනත් ශරීරාවයවයන් වසා ගැනීම විළිබිය හා සම්බන්ධව පවතී. මුස්ලිම් ස්ත්‍රිය මුහුණත් චීන ස්ත්‍රිය පාදත් වසා ගැනීම ඊට නිදසුන් වශයෙන් දැක්විය හැකිය. විළිබිය නිසා ඇඳුම් ඇති වූ බවට වඩා ඇඳුම් නිසා විළිබිය ඇති වූ බව මේ අනුව සැලකීමට පිළිවන.
දේශගුණය නිසා ඇති වන පීඩාවලින් ආරක්ෂා වීම සඳහා මිනිසා ඇඳුම් නිපදවා ගන්නා ලදැයි යනු තවත් වැදගත් මතයකි. එහෙත් ඇඳුමෙහි ප්‍රභවයට දේශගුණය මුළුමනින් ම බලපා ඇතැයි සිතිය නොහේ. ඉතා උෂ්ණ රටක ජීවත් වන අරාබි ජාතිකයන් මුළු සිරුර ම ඇඳුම්වලින් වසා ගෙන සිටීමත් දකුණු ඇමෙරිකාවේ හෝන් තුඩුවෙහි ඇන්ටාක්ටික් දේශගුණයක ජීවත් වන ෆුයීජියන්වරුන් හම් කඩක් පමණක් ඇඟ දවටා ගෙන සිටීමත් වැනි කරුණු මෙහි ලා සැලකුව මනායි.
මිනිසා ඇඳුම් ඇඳීමට පුරුදු වූයේ අලංකරණය සලකා ගෙන යයි සමහර ලේඛකයෝ අදහස් කරති. සම්පූර්ණ නග්නභාවයෙන් සිටින ඇතැම් ප්‍රාකෘතික ජනකොට්ඨාසයන් ආභරණ හා වර්ණ උපයෝගී කර ගෙන කරන අලංකරණය පවා මානව විද්‍යාත්මක අරුතින් ඇඳුම්වලින් කෙරෙන කාර්යයට බෙහෙවින් සමාන වේ.
ඇඳුම ආකර්ෂණය සඳහා නිපදවා ගන්නා ලද ප්‍රාකෘතික උපායක් යයි ද එය මූලික වශයෙන් ලිංගික ආකර්ෂණය සඳහා වූයේ යයි ද වෙස්ටමාක් නමැති සුප්‍රසිද්ධ මානව විද්‍යාඥයා කියයි. ප්‍රාකෘතික සමාජවල මෙන් ම වර්තමාන සංකීර්ණ සමාජවල ද යම් යම් අවස්ථාවන්හි දී ලිංගික ආකර්ෂණය සඳහා ඇඳුම් හැඩගැසී ඇති බවට නිදසුන් දැක්විය හැකිය. ස්ත්‍රීපුරුෂ දෙපක්ෂය සඳහා ඇඳුම් දෙයාකාරයකින් විකාසනය වීම මෙම දෘෂ්ටිකෝණයෙහි පිහිටා තේරුම් ගත යුත්තකි. එහෙත් ඇඳුම සමස්ත පුද්ගලයා ම ප්‍රදර්ශනය කිරීම සඳහා හැඩ ගැසී ඇත්තක් සේ බොහෝ විට පෙනෙන බැවින් එය හුදෙක් ලිංගික ආකර්ෂණය සඳහා වූවක් යයි දැක්වීම දුෂ්කර වේ.
යම් යම් මිථ්‍යා විශ්වාස හේතු කොටගෙන ඇඳුම්වල ප්‍රභවය ඇති වීය යනු ඇතැම් උගතුන්ගේ මතයයි. සමහර ප්‍රාදේශික මිථ්‍යා විශ්වාසයන්ට අනුව ප්‍රජනනේන්ද්‍රියයන් ඇස්වහ වැදීමෙන් වළක්වා ගනු පිණිස වසා ගත යුතු වේ. සමහර නග්න ප්‍රාකෘතික ජන කොට්ඨාස ඇස්වහ වැදීමෙන් වැළකීම පිණිස ‘සුර’ වැනි කිසිවක් ගෙලෙහි හෝ අතෙහි පලඳිති. මේ පැලඳුම් කිසි තැනක ඇඳුම්වල ප්‍රභවය හා සම්බන්ධව ඇති සේ පෙනෙතත් සෑම තන්හි ම එය එසේ යයි කිව නොහැකිය.
දුප්පත් පොහොසත්, කුලීන කුලහීන ආදි පෞද්ගලික හා සමාජ තත්වයන් දැක්වීම ඇඳුම්වලින් බලාපොරොත්තු වෙතැයි ද මතයක් වෙයි. සුන් වූ සමාජ තත්වයක් ඇති සිරකරුවා හෝ වහලා නග්නව සිටී යයි ද සමාජ තත්වයෙන් උසස් වූ ගෝත්‍රනායකයා හෝ ප්‍රධානයා අධික ලෙස ඇඳුමෙන් සැදී සිටී යයි ද ඊට නිදසුන් වශයෙන් දක්වනු ලැබේ. වැඩවසම් යුගයේ සිංහල සමාජ සංවිධානය පිරික්සා බැලීමේ දී මේ මතයෙහි සත්‍යයක් ඇති බව පෙනේ. එකල විසූ රදල ප්‍රධානයන්ට මුළු සිරුර වසා ඇඳුමෙන් සැරසී සිටිය හැකි වූ නමුත් කුලහීනයන්ට අවසර තිබුණේ යම්තම් විළි වසා ගැනීමට පමණකි.
ඇඳුම පුද්ගලයා හා ආශ්‍රිතව පවතින්නක් බැවින් එයින් කෙනකුන්ගේ ආර්ථික ඓශ්වර්යය ප්‍රදර්ශනය වෙතැයි කිසිවෙක් දක්වයි. දිවිපෙවෙත සඳහා රැකියාවක යෙදී සිටින්නකුට ජේත්තුවට ඇඳපැලඳ ගෙන සිටීම දුෂ්කර මෙන් ම අනුචිත ද වෙයි. එහෙත් සුඛෝපභෝගී ධනවතකුට එසේ කළ හැකි හෙයින් එය ඔහුගේ ආර්ථික ඓශ්වර්යය ප්‍රදර්ශනය කිරීමට ඉවහල් වන බව නොරහසකි.
වර්තමාන ලෝකයේ ඇති වී තිබෙන විවිධ වෙනස්කම් හේතු කොටගෙන ඇඳුම් පිළිබඳ එක් විශේෂ කරුණක් ඉස්මතු වී පෙනේ. එනම් අසංකීර්ණ සමාජයන්හි ඇඳුම දේශය අනුව වෙනස් වන නමුත් වර්තමාන සංකීර්ණ සමාජයන්හි එය කාලය අනුව වෙනස් වන බවයි. කාලය අනුව ඇඳුම් වෙනස් වීම හෙවත් මෝස්තර බිහිවීම ඇඳුම් හා සම්බන්ධ නව්‍ය ලක්ෂණයකි. මේ ලක්ෂණය 10 වැනි හා 14 වැනි ශතවර්ෂ අතර කාලයේ දී යුරෝපයේ විද්‍යමාන වන්නට වූ නමුත් ඇඳුම් පිළිබඳ වැදගත් සිද්ධියක් ලෙස එය දියුණු වූයේ විද්‍යාපුනරුදයෙන් පසුවය. මෝස්තර පිළිබඳ මේ විප්ලවය ඇති වූයේ නාගරික සභ්‍යත්වය තුළිනි. ඉතා ඉක්මනින් හාත්පසින් ම වෙනස් අන්දමේ ඇඳුම් ඇති වන පරිද්දෙන් වෙනස් වීමත් පැරිස් නගරයේ ඇඳුම් නිෂ්පාදකයන්ගේ සිතැඟිවලට අනුව හැඩගැසීමත් මෝස්තර පිළිබඳ වැදගත් සිද්ධියකි. 1844-1919 අතර කාලය තුළ පැවති ස්ත්‍රී ඇඳුම් පිළිබඳ අධ්‍යයනයක් කළ ක්‍රීබර් නමැති සුප්‍රසිද්ධ මානව විද්‍යාඥයාගේ අදහස වූයේ මෝස්තර වෙනස් වීම යම්කිසි න්‍යායයකට අනුව සිදුවන්නක් බවයි. සායෙහි පළල අඩුවැඩි වූ සැටි මේ න්‍යායය පැහැදිලිව දක්වන නිදසුනකි. 1919ට පෙර අවුරුදු 50ක් පමණ කාලයක් තිස්සේ එය ක්‍රමයෙන් පළලින් වැඩි වූ බවත් ක්‍රීබර් පෙන්වා දී ඇත. මේ අනුව සලකා බලන විට ඇඳුම් නිෂ්පාදකයන්ගේ බලපෑම සීමාසහිත බව පෙනී යයි.
ඇඳුමේ ප්‍රභවය කුමක් ද, ඇඳුම් අඳින්නේ කුමක් නිසා ද යන ප්‍රශ්නවලට සියයට සියයක් නිවැරදි පිළිතුරු දීම අසීරුය. එම පිළිතුරු යම් යම් සාධක ආශ්‍රයෙන් එළඹිය හැකි අනුමාන වශයෙන් පවතිනු විනා ඒකාන්තයෙන් ම නිවැරදි විය නොහේ. ඇඳුම් සම්බන්ධයෙන් ඉහත දැක්වූ සෑම කරුණක ම යම්කිසි ප්‍රමාණයක සත්‍යයක් ගැබ්ව ඇතැයි කිව හැකිය. එම නිසා ඇඳුම් විවිධ හේතූන් නිසා ඇති වූ බවත් විවිධ හේතූන් නිසා භාවිත වන බවත් මනුෂ්‍යයන්ගේ මානසික හා කායික අවශ්‍යතා රාශියක් ම සපුරා ලන සංස්කෘතික අංගයක් බවත් නිගමනය කිරීමට පිළිවන.
පටුන
ඉතිහාසය
ඇතැම් වර්තමාන ප්‍රාකෘතික ජනකොට්ඨාසයන් මෙන් ආදිකල්පික මනුෂ්‍යයන් ද සතුන්ගේ ඇට හා දත්, බෙලිකටු යනාදියෙන් කළ ආභරණ පලඳින්නට ඇති බව පුරාවිද්‍යා කැණීම්වලින් පෙනී යයි. දැනට සොයා ගෙන ඇති ඉහළ පුරාශිලා සමයේ ඕරිග්නේෂන් යුගයට අයත් විකෘත නග්න ස්ත්‍රීරූපවල බාහු වළලු දක්නා ලැබේ. මේ පැලඳුම් කිසි තැනක ඇඳුම්වල ප්‍රභවය හා සම්බන්ධව ඇති සේ පෙනෙන බව යට කියන ලදි. ආදිකල්පික සමයයන්ට අයත් ඇඳුම් කිසිවක් මෙකල දක්නට නොලැබෙන්නේ ඇඳුම් ස්වභාවයෙන් ම දිරාපත් වන ද්‍රව්‍යවලින් තනා ගනු ලබන හෙයින් විය හැකිය. මේ කාලවල විසූ මිනිසුන් ගස්වල සුඹුළු, සතුන්ගේ හම් ආදියෙන් කළ කිසියම් ඇඳුම් විශේෂයක් අඳින්නට ඇතැයි සිතනු ලැබේ.
මිසර ඇඳුම්
ඉතිහාසගත සමයට පෙර දී ම මිසරයේ රෙදිපිළී හා සායම් වර්ග වෙළළෙඳාම සරුව පැවති බව පෙනේ. විනිවිද පෙනෙන තරම් සියුම් සිනිඳු හණරෙදි (ලිනන්) එහි නිපදවන ලදි. පුරාතන රාජධානි සමයේ දී පිරිමින්ගේ පොදු ඇඳුම වූයේ ඉණේ සිට දනහිසට මඳක් ඉහළින් වැටෙන සේ අඳිනු ලැබූ රෙදි කඩකි. කෙනකුන්ගේ සමාජ තත්වය හැඟවීම පිණිස රජකු විසින් සිංහ වලිගයක් පැලඳීම වැනි කිසියම් උපක්‍රමයක් යොදා ගන්නා ලදි. ක්‍රි.පූ. 1369 දී පමණ රජ කළ ටූටාංඛාමන් රජුගේ කාලය වන විට යථෝක්ත රෙදිකඩ දිගින් හා පළලින් වැඩි වී පෙරවැස්මක ආකාරය ගත්තේය. උරහිස් මත සැහැල්ලු කොටකබා හෝ අත්නැති කොට කබා පෙරවීම ද මෙකල භාවිතයට පැමිණි බව පෙනේ. 18 වන රාජවංශ යුගයේ දී යටකී පෙරවැස්මක් වැනි ඇඳුමට උඩින් ඔපනැලි ඇල්ලූ හණ සළුවක් අඳින ලදි. මේ ඇඳුම් ටොලමි රජවරුන්ගේ කාලයන් දක්වා පැවැත්තේය. රෝම යුගයේ දී එක් උරහියක් ඇරී තිබෙන පරිද්දෙන් අඳිනු ලැබූ දැති වාටි සහිත අලුත් මෝස්තරයේ ඇඳුමක් භාවිත විය.
මුල දී මිසර ගෑනුන් ඇන්දේ උරපටි සහිත, ඇඟට තදව සිටින සේ කිසිලි යට සිට ඇස්වට දක්වා වැටුණු ඇඳුමකි. 18 වන රාජවංශ සමය වන තුරු පැවති එය එකල පිරිමින් විසින් අඳිනු ලැබූ ඇඳුමට බෙහෙවින් සමාන ඇඳුමක් භාවිතයට ඊම නිසා යටපත් විය. ඔපනැලි සහිත මේ අලුත් ඇඳුම ඇන්ද කල සළුවක් මෙන් විසිරී ගියේය.
යුද්ධ හේතු කොටගෙන මිසර ඇඳුම්වලට ආසියාතික ආභාසයක් ලැබුණේය. මිසරයේ භාවිත වූ සැහැල්ලු අත්කොට හැට්ටයට ද එක් කොටසක් අනෙක් කොටසට වඩා දිගට අඳිනු ලැබූ දෙපොටකින් සැදුණු කොටකබායට ද ආසියාතික ප්‍රභවයක් වූ බව පෙනේ. පුරාතන රාජධානි සමයේ දී ඇඳුම් සඳහා වැඩි වශයෙන් භාවිත වූයේ සුදු පාටයි. එහෙත් පසු කාලයේ දී රතු, කහ, නිල්, කොළ ආදි බොහෝ පාට වර්ග භාවිතා කරන ලදි. ඇඳුම් අලංකාර කිරීම පිණිස වාටි හා සැරසිලි සංලක්ෂණත් ලියවැල් වැඩත් උපයෝගී කර ගෙන තිබේ.
මිසර ජාතිකයන් ඉතා මුල් කාලයේ දී කොංඩය වැවූ නමුත් අනතුරු කාලවල දී හිස බූ ගා 'බොරු කොංඩ' පාවිච්චි කළ බව පෙනේ. ඔවුන් භාවිතා කළ උස්, රවුම් තොප්පිය ‘ෆ්‍රිජියානු තොප්පිය’ නමින් හඳුන්වනු ලැබේ. ස්ත්‍රීන් විසින් පසුපසින් පීත්ත පටි එල්ලුණු ‘පොලොස්’ නමැති නාලාකාර හිස්වැස්මක් භාවිත කරන ලදි.
මිසර ජාතිකයන් මුල දී පාවහන් පාවිච්චි කළ බවක් නොපෙනේ. එහෙත් පසු කාලයේ දී ඔව්හු පන්, කොහු ආදියෙන් තැනූ පාවහන් භාවිතා කළහ.
බැබිලෝනියානු ඇඳුම්
සුමේරියානු අවධියේ (ක්‍රි.පූ. 3,000-2,000) දී බැබිලෝනියාවේ විසූ මිනිස්සු සාමාන්‍යයෙන් 'කෞනකෙස්' නමින් හඳුන්වනු ලැබූ දාවලු සහිත ලොම් ඇඳුමක් ඇන්දහ. ඇතැම් විට එය නොකටින ලද ස්වාභාවික ලොම් කැරලිවලින් පමණක් සැදුණේය. පිහාටුවලින් තැනූ කෞනකෙස් ඇඳුම් ද අඳින්නට ඇතැයි සිතනු ලැබේ. සාමාන්‍යයෙන් මේ ඇඳුමෙන් එක් උරහිසක් වසා අනෙක් උරහිස හිස්ව තිබෙන්නට හරින ලදි. පසු කාලයේ දී ඉදිරිපසින් පැළූ දිග, බර කබායක් බොහෝ විට භාවිත වූයේය. එය අඳින ලද්දේ අත් හා බඳපටියක් සහිත දිග යටඇඳුමකට උඩිනි.
බැබිලෝනියානු හා ඇසිරියානු ගෑනුන් නිරූපණය කෙරෙන චිත්‍ර හා මූර්ති දුර්ලභ හෙයින් ඔවුන්ගේ ඇඳුම් පිළිබඳ අපගේ දැනීම අල්පය, ඔවුන් මුල් කාලයේ දී පිරිමින්ගේ කෞනකෙස් ඇඳුමට සමාන ඇඳුමක් ද පසුව හැඩයක් නැති සළුවක් ද ඇඳි බව පෙනේ. ඔවුන්ගේ දෙවඟනන් නිරූපණය කොට ඇත්තේ පොලොයි සහිත දිග සළු ඇඳ සිටින ආකාරයෙනි.
ලොම් ඇඳුම් තැනීම බැබිලෝනියන්වරුන් විසින් බිහි කරන ලද කර්මාන්තයකි. ඔවුන්ගේ ඇඳුම් අලංකාර කිරීම පිණිස දඟර රටා, දාවලු වාටි ආදියත් ගුරු, රතු, කහ, කොළ යන පාට වර්ගත් උපයෝගී කර ගන්නා ලදි. මාරුවෙන් මාරුවට රතු හා කොළ යන පාටවලින් දාවලු පොහොට්ටු දමා විසිතුරු ලියවැල් වැඩ යොදා සැරසූ සළුපිළී රජ දරුවන් විසින් අඳින ලද බව පෙනේ.
ගැටි සහිත ලොකු තොප්පිය ශ්‍රෙෂ්ඨත්වය හඟවන ලකුණක් විය. පසු කාලයේ විසූ ප්‍රභූන් හා රජවරු තලප්පාවක් පාවිච්චි කළහ. මුල දී පාවහන් භාවිත නොවූ නමුත් පසු කාලයේ සිටි ඇසිරියන්වරුන් විසින් සෙරෙප්පු හා විසිතුරු උස් පාදුකා පාවිච්චි කරන ලදි.
පලස්තීන ඇඳුම්
පලස්තීන වැසියෝ පිළිමුවා බඳපටියක් සහිත ඉණකඩක් ඇඳ ඊට උඩින් හිස හා අත් බහා ලීමට කළ විවර සහිත ආයත චතුරස්‍ර වස්ත්‍රයක් පෙරවූහ. ඔවුන් විසින් කොළ, රතු, කහ, නිල් හා සුදු රෙදිපටිවලින් තැනූ 'කුෆ්තන්' නමැති කබායක් ද අඳිනු ලැබීය. මැසූ අත් හා කුඩා කරපටියක් සහිත වූ එය ඉණට හිරවන සේ ඇඳ දනහිස් අසල දී ඇඟට දවටන ලදි. එය අඳිනු ලැබූයේ ‘අබා’ නමින් හැඳින්වුණු බාහිර ඇඳුමකට උඩිනි. පොහොසත් ගෑනුන් විසින් කළු හෝ නිල් පාටින් යුත් මල්ලියකම් කළ දිගු-පුළුල් ඇඳුමක් ඇඳ බඳපටියකින් එය ඉණට හිර කර වෙළන ලදි. එහි දිග, ලිහිල් අත් පස්සට නමා උරහිසට පිටිපසින් කටු ගසා දැවටිය හැකි විය.
පිරිමින් විසින් පුළුන් හෝ ලොම් රෙද්දෙන් කළ ‘ලිබ්බාද්’ නමැති ඉස්පයියක් හිසෙහි බහා ‘තර්බූෂ්’ නමැති තුර්කි තොප්පියක් ඊ මත දමන ලදි. ඉන්පසු එය සිසාරා රෙදි කඩක් පටලවා තලප්පාවක් සාදනු ලැබීය. ගෑනුන් විසින් හිසෙහි රතු තොප්පියක් දමා ඊ මත දිග, සුදු මුහුණු වැස්මක් බහන ලදි.
පර්සියානු ඇඳුම්
ක්‍රි.පූ. 525 දී පර්සියන්වරුන් මිසරය අත්පත් කරගත් අවස්ථාවේ ඔවුන් ඇඳ සිටියේ සරුවාලයක් වැනි කලිසමක් හා මූට්ටු කබායකි. විසිතුරු පැහැයෙන් යුක්ත වූ කලිසම ඇස්වට ළඟ දී කකුලට හිර විය. ඇඟට තදව සිටි දිග අත් සහිත කබාය බෙල්ලේ සිට දන දක්වා වැටුණේය. හැට්ටයක් වැනි අත් සහිත කමිසයක් ද භාවිත වූ බව පෙනේ. අඳින්නාගේ උස මෙන් දෙගුණයක් දික් වූ සළුවක් ද අඳින ලදි. හිස ඇතුළු කිරීමට එහි මැදින් විවරයක් තිබුණේය.
බඳපටිය පර්සියන්වරුන්ගේ ඇඳුමේ අත්‍යවශ්‍ය අංගයක් විය. ඔවුන් විසින් උරමාලයක් ද පොරවන ලදි. ඉදිරිපසින් ඇස්බැම දක්වාත් පසුපසින් ගෙල දක්වාත් වැටුණු ලොම්මුවා හෝ පිළීමුවා හතරමුලු හෝ රවුම් ඉස්පයියක් ඔවුන්ගේ හිස්වැස්ම විය. පර්සියානු ගෑනුන්ගේ ඇඳුම් ගැන තොරතුරු අප්‍රකටය.
ක්‍රීට් (මිනෝවන්) ඇඳුම්
පුරාණ ක්‍රීට් රටේ මිනිස්සු ඉණකඩක් හෙවත් දියකච්චියක් වැනි ඇඳුමක් ඇන්දහ. උකුළ වටා තදින් දවටනු ලැබූ එය ඉතා තද ලොකු පටියකින් ඉණට හිර විය. ඊට උඩින් එල්ලෙන දාවලු සහිත කොට සායක් අඳින ලදි. ඔවුන් උඩුකය වැසූ බවක් නොපෙනේ. ඔව්හු ඇස්වටයට උඩින් සිටින සේ යෙදූ වරපටි සහිත උඩට නෙරා ගිය උල් පාවහන් දැමූහ. විශේෂ අවස්ථාවල දී පිහාටු ගැසූ හිස් වැසුම් හා තලප්පා භාවිත විය.
ක්‍රීට් ගෑනු පියවුරු අනාවරණය වන සේ මැසූ, රේන්ද පටි ඇල්ලූ අත්කොට චෝලියක් ඇන්දහ. ඝණ්ටාකාර දිග සායක් හා ඉණ වටා හිර කළ බඳ පටියක් සමග එය අඳිනු ලැබීය. ඔවුන්ගේ තොප්පිය මුහුණ මෙන් දෙගුණයක් උස් වූ මුදුන පැතැලි කේතුවකි. මල්ලියකම් හා සත්වරූප සංලක්ෂණ යොදා ක්‍රීට් ඇඳුම් අලංකාර කරන ලදි.
ග්‍රීක ඇඳුම්
පුරාණ ග්‍රීකයන්ගේ ප්‍රධාන ඇඳුම ‘හිමැටියොන්’ නමින් හැඳින්වුණේය. කටුවලින් හා බඳ පටියකින් රඳවනු ලැබූ එය සාමාන්‍යයෙන් ආයත චතුරස්‍ර, නොමසන ලද, බර, ලොම් වස්ත්‍රයකි. මේ ඇඳුම බාලමහලු ස්ත්‍රීපුරුෂ දෙපක්ෂය විසින් ම අඳින ලදි. බොහෝ විට පිරිමින් විසින් ඇඟ වසා ගැනීම පිණිස අඳිනු ලැබූ එක ම ඇඳුම වූයේ ද එයයි. යට ඇඳුමක් අඳිනු ලැබූ අවස්ථාවල දී එය බාහිර ඇඳුමක් මෙන් භාවිත වූයේය. බොහෝ විට වස්ත්‍රය වම් උරය හරහා දමා දකුණු කිසිල්ල යටින් ගෙන පපුව ඔස්සේ වම් බාහුව උඩින් හෝ වම් උරය උඩින් පොට බහා ලා අඳින ලදි. ඇතැම් විට දෙඋර වැසෙන සේ කබායක් මෙන් පෙරවීමෙන් හෝ දකුණු බාහුව මුළුමනින් ම වැසෙන සේ දෙඋර වටා තදින් දැවටීමෙන් හෝ එය අඳින ලද බව පෙනේ.
වැඩිහිටි පිරිමින් විසින් හා ගෑනුන් විසින් හණ පිළියෙන් කළ නාලාකාර හැඩයකින් යුක්ත වූ ‘කීතොන්’ නමැති දිග යටඇඳුමක් අඳින ලදි. එය අඳිනු ලැබූ ආකාරයෙහි ප්‍රාදේශීය වෙනස්කම් තිබුණේය. ඩෝරියන්වරුන්ගේ කීතොන් ඇඳුම අඳින ලද්දේ එහි උඩු කෙළවර දසරුවෙහි සිට ඉණ දක්වා උඩින් වැටී දෙපොටක් ව සිටින පරිද්දෙන් දෙකට නමා ඇඟ ලා ගෙන, උරහිස අසල වූ කොටස කටු ගසා රඳවා, බඳපටියකින් ඉණ වෙළා ගැනීමෙනි. අයෝනියන්වරුන්ගේ කීතොන් ඇඳුම ලිහිල් සායක් වැනි විය. එය මසා තිබීමත් අත් සහිත වීමත් නිසා ඩෝරියන් ඇඳුමෙන් වෙනස් වූයේය.
පිරිමින් හිමැටියොන් ඇඳුම සේ අඳිනු ලැබූ ආයත චතුරස්‍ර වස්ත්‍රයෙහි උඩු කෙළවර දසරුවෙහි සිට ඉණ දක්වා හෝ ඇතැම් විට දනහිස දක්වා හෝ උඩින් වැටී යන පරිද්දෙන් දෙකට නමා, ඇරී ගිය දෙකොන දකුණු පසින් සිටින සේ ඇඟලා ගෙන, උරහිස අසල වූ කොටස ලොකු කටු ගසා රඳවා ලීමෙන් ගෑනුන්ගේ ‘පෙප්ටොස්’ නමැති ඇඳුම තනා ගනු ලැබීය. සාමාන්‍යයෙන් මේ ඇඳුම තනිව අඳිනු ලැබූ නමුත් ඇතැම් විට ඊට යටින් සැහැල්ලු පිළියෙන් කළ කීතොන් ඇඳුමක් ද අඳින ලදි. ගෑනුන්ගේ කීතොන් ඇඳුම පිරිමින්ගේ එම ඇඳුමට වඩා විශාල වූයේත් දිග වූයේත් විය. කීතොන්-හිමැටීයොන් ඇඳුම් කට්ටළය ද ගෑනුන් විසින් අඳින ලදි. ඔව්හු ගෙවල් ඇතුළේ දී කීතොන් ඇඳුම පමණක් ඇඳ සිටියහ.
පළල් ගැටි සහිත තොප්පි මඟීන් විසිනුත් කලාතුරකින් ගෑනුන් විසිනුත් භාවිත කරන ලදි. ගෑනුන්ගේ සාමාන්‍ය හිස්වැස්ම වූයේ හිස සිසාරා දවටනු ලැබූ උරමාලයකි. කම්කරුවෝ කුඩා ඉස්පයියක් දැමූහ. සාමාන්‍යයෙන් පාවහන් පාවිච්චි නොවූ නමුත් සෙරෙප්පු හා මෘදු සපත්තු ගෑනු පිරිමි දෙපක්ෂය විසින් ම භාවිතා කරන ලදි.
රෝම ඇඳුම්
රෝමවරුන්ගේ ජාතික ඇඳුම ‘ටෝගා’ යන නමින් හඳුන්වන ලදි. වෘත්ත ඛණ්ඩයක හැඩහුරුකම ඇති විශාල වස්ත්‍රයක් වූ එය ග්‍රීකයන්ගේ ආයත චතුරස්‍ර හිමැටියොන් ඇඳුම මෙන් පොරවනු ලැබූ බාහිර ඇඳුමක් විය. එය අඳින ලද්දේ වස්ත්‍රයේ දිගින් තුනෙන් එකක් පමණ රැළි ගන්වා, ඍජු කෙළවර පපුව මැදින් සිටින සේත් රැළි නොකළ කොන ඉදිරිපසින් පාදයන් දක්වා වැටෙන සේත්, වම් උර මත දමා පිට හරහා ඇද, දකුණු කිසිල්ල යටින් හෝ දකුණු උරහිස මතින් හෝ ඉදිරියට ගෙන වම් උරහිස හරහා පොට බහා ලීමෙනි. ග්‍රීකයන්ගේ කීතොන් ඇඳුමට තරමක් සමාන වූ බඳපටි සහිත යට ඇඳුම් එකක් හෝ කිහිපයක් ටෝගා ඇඳුමට යටින් අඳින ලදි. දුප්පතුන්ගේ එක ම ඇඳුම වූයේ ද එවැනි යටඇඳුමකි. ටෝගා ඇඳුම් වෙනුවට පසු කාලයේ දී ග්‍රීක හිමැටියොන් ඇඳුම වැනි ‘පල්ලියුම්’ නමැති කබායක් භාවිත විය.
රෝම ගෑනුන්ගේ ඇඳුම ‘ස්ටෝලා’ හා ‘පල්ලා’ යන කොටස් දෙකකින් සමන්විත විය. ස්ටෝලා කොටස ග්‍රීකයන්ගේ කීතොන් නම් යටඇඳුමට සමාන වූයේය. වෙනසකට වූයේ එහි යට වාටිය ඔස්සේ මැසූ වර්ණවත් බෝර්දයක් හා නොයෙක් දිගට දැමූ අත් තිබීමයි. පල්ලා කොටස ආයත චතුරස්‍ර බාහිර ඇඳුමකි. එය අඳින ලද්දේ ග්‍රීකයන් පසු කාලයේ හිමැටියොන් ඇඳුම අඳිනු ලැබූ පිළිවෙළට ඉතා සමාන ලෙසිනි.
තොප්පි කලාතුරකින් භාවිත විය. ගෑනුන් විසින් පල්ලා වස්ත්‍රයෙහි පසුපස කොටස ඔවුන්ගේ හිස උඩින් ඉදිරියට බහා ලන ලදි. ගෑනුපිරිමි දෙකොටස ම ගේ තුළ දී සෙරෙප්පුත් පිටත දී පාදුකාත් දැමූහ.
චීන ඇඳුම්
චීනයේ සෑම පන්තියක ම ජනයා විසින් බටහිර රටවල භාවිත වන පිජාමා ඇඳුම් කට්ටළයට සමාන සාන් නම් ජැකෙට්ටුවකින් හා කූ නම් කලිසමකින් සැදුණු ඇඳුම් කට්ටළයක් අඳින ලදි. සාන් ජැකෙට්ටුවට පටු කරපටියක් අමුණා තිබුණේය. මා කුවා නම් ලිහිල් අත් සහිත සාමාන්‍ය ජැකෙට්ටුවක් ද පෝ නම් දිග ගවුමක් ද ක්වා නම් දිගින් හා පළලින් වැඩි මා කුවා ජැකෙට්ටුවක් ද භාවිත වූයේය. නිලධාරීන්ගේ මුළු ඇඳුම පෝ කුවා නම් විය. රාජකීය උත්සව අවස්ථාවල දී රජුන් විසින් ලුං පෝ හෙවත් මකර ගවුම අඳින ලදි. ඒ ඒ ඍතුවල දී අඳිනු ලැබූ වෙනස් වෙනස් ගවුම් වර්ග ද රාශියකි. ලොම්වලින් හා සේදවලින් කළ තෝ පාං නමැති පිටකබායක් පොහොසතුන් විසින් අඳින ලදි. බෞද්ධ හෝ දාර්ශනික සංකේත යොදා පිළියෙල කර ගත් මෝස්තර මසා සැරසූ කබා වර්ග රාශියක් ද භාවිත විය. රන් හුයින් කළ මල්ලියකම් සහිත ඇඳුම් ඇඳීමට රජයේ නිලධාරීන්ට විශේෂ අවසරයක් තිබුණේය. රතුපාට ප්‍රීතිය හඟවන වර්ණය වූ හෙයින් මණාළියෝ විසිතුරු රතු ඇඳුම් ඇන්දහ. පිරිමින්ගේ තොප්පි මුදුන්හි යෙදූ පොහොට්ටු ද රතුපාට විය.
ජපන් ඇඳුම්
ජපන් අධිරාජයා හා රදලවරුන් විසින් අඳිනු ලැබූ සම්මත ඇඳුම ‘හෝ’ නමින් හැඳින්වුණේය. ක්‍රි.ව. 300 දී පමණ චීනයෙන් පැමිණි මැහුම්කාරියන් විසින් චීන සේද රෙදිවලින් එය පළමු වරට පිළියෙල කරන ලදැයි කියනු ලැබේ. යූර්යකු අධිරාජයා (ක්‍රි.ව. 457-479) විසින් ජපානයේ ජාතික ඇඳුම අලුතින් සකස් කරන ලදි. සුයිකො අධිරාජයාගේ (ක්‍රි.ව. 593) කාලයේ දී විශේෂ හිස් වැස්මකින් පුද්ගලයන්ගේ නිල තත්වය හඟවනු ලැබීය. සාමාන්‍ය මහාජනයාත් පූජකයන් හා සෙබළුනුත් විසින් අඳිනු ලැබූ ඇඳුම් පාට, රටා, අත්වල දිග ආදි කරුණුවලින් එකිනෙකින් වෙනස් විය.
ජපනුන් විසින් යටිකය වසා අඳිනු ලැබූ ‘අකොමෙ’ නමැති කෙටි වස්ත්‍රයක් හා සමඟ ‘කසනෙ’ නමැති ලිහිල් බඳපටි කබායක් ද භාවිත විය. දනහිසට අඟල් කිහිපයකට පහළින් හා 'ෂිත-ගුත්සු' නමැති මේස් උඩින් වැටෙන සේ අඳිනු ලැබූ ලිහිල් සාය ‘හකමා’ නමින් හඳුන්වන ලදි. සුදු කපු ක්රේප් රෙදිවලින් කළ චාම් ජැකෙට්ටුවක් හා කලිසමක් සාමාන්‍ය ජනයාගේ ඇඳුම විය.
දිග අත්වලින් හා එරි නමැති කරපළුවකින් ද ඉණෙහි දැවටූ බඳ පටියකින් ද යුක්ත වූ ලිහිල් ගවුමක් වූ ‘කිමෝනෝ’ නමැති ඇඳුම ගෑනුන් විසින් හැම අවස්ථාවක දී ම අඳින ලදි. හෙයියන් අවධියෙන් (ක්‍රි.ව.794-1159) පසු ගෑනු සාමාන්‍යයෙන් හකමා සාය පමණක් අඳින්නට වූහ. පසු කාලයේ දී උත්සව අවස්ථාවන්හි ගෑනුන් විසින් අඳිනු ලැබූ ඇඳුම යටසායකින් ද බාහිර ඇඳුම් දෙකතුනකින් ද උඩුකය වසා පෙර වූ ‘හඔරි’ හෙවත් සේද කබායකින් ද යුක්ත විය. යාර 3ක් පමණ දිග වූත් අඟල් 10ක් පළල් වූත් ‘ඕබි’ නමැති බඳ පටියක් ඊට උඩින් ඉණ සිසාරා වෙළන ලදි.
ජපන් හිස්වැසුම් ශෛලිය ‘සුබෙරකෂි’ නමින් හඳුන්වනු ලැබීය. කටු ගසා ඇමුණූ ‘කම්මුරි’ නමැති සම්මත හිස් වැස්මට උඩින් ‘එබොෂි’ නමැති ඉස්පයියක් දමන ලදි. පිටිසර පළාත්වල විසූ මිනිස්සු තණකොළවලින් කළ ‘කසා’ නමැති ලොකු තොප්පියක් දැමූහ. ඔව්හු සාමාන්‍යයෙන් පාවහන් නොදැමූ නමුත් කලාතුරකින් පිදුරුවලින් කළ ‘සෝරි’ හෝ ‘ගෙතා’ නමැති ලී සෙරෙප්පු හෝ භාවිතා කළහ.
ඉන්දියානු ඇඳුම්
ආර්යයන්ගේ පැමිණීමට පෙර ඉන්දියාවේ විසූ ජනයා කපා නොමැසූ සළුවක් වැනි ඇඳුමක් පෙරවූ බව ඉන්දු හා ගංගා නිම්නවල පැවති ප්‍රාග්-ඓතිහාසික ශිෂ්ටාචාරයන් පිළිබඳව කරන ලද පුරාවිද්‍යා පරීක්ෂණවලින් හෙළිවෙයි. ආර්යාගමනය හා සම්බන්ධ වූ සංස්කෘති සංකලන සමයේ දී ඇඳුම් පිළිබඳ නොයෙක් විපර්යාස ඇති වූ බවත් අලුතින් ඇති වූ ඇඳුම් පැරණි ස්වදේශික ඇඳුම්වලින් ම ප්‍රභව වූ බවත් සිතනු ලැබේ. වෛදික ආර්යයන්ගේ හුරුපුරුදු ඇඳුම වූයේ ද කපා නොමැසූ සළුවකි. ඉණ සිසාරා දවටනු ලැබූ එය ‘නීවී’ නමින් හඳුන්වන ලදි. ඒ ඒ අවස්ථාවන්ට යෝග්‍ය ඇඳුම් වෛදික ග්‍රන්ථවල සඳහන් වෙයි. 'වාසස්' හෙවත් වස්ත්‍ර ඇඟ ලා සිටීම දෙවියන්ට කළ ගෞරවයක් වශයෙන් සැලකුණු බව ශතපථ බ්‍රාහ්මණයෙන් (II.4.2.3) හෙළි වෙයි. බ්‍රාහ්මණයන් අජින මුව හමින් ද අනෙක් සියලු ම ජනයා තණ, ලොම් ආදියෙන් ද කළ ඇඳුම් ඇඳිය යුතු බව ගෞතම ධර්ම ශාස්ත්‍රයෙහි දැක්වේ. කපු පිළියෙන් කළ වස්ත්‍ර ගැන ද එහි සඳහන් වෙයි. හණ, ලොම්, කම්බල ආදි ඇඳුම් පසු කාලයේ දී ඇති වූ බව ආපස්තම්බ ගෘහ්‍යසූත්‍රයෙන් පැවසේ. අන්තර්වාසය (යටිකය වැස්ම), උත්තරීයය (උඩුකය වැස්ම), උෂ්ණීෂය (හිස්වැස්ම), අජින උත්තරීයය (අඳුන් දිවිසමින් කළ උඩුකය වැස්ම), ඡත්‍රය (කුඩය), උපානහ් (පාවහන්) හා යඥෝපවීත (පූනනූල්) දෙකක් යන මෙයින් ස්නාතක බ්‍රාහ්මණයකුගේ ඇඳුම සැදුණු බව බෞද්ධායන ධර්මශාස්ත්‍රයෙහි (1.3.5) දැක්වෙයි. බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩ විසූ සමයෙහි ඉන්දියාවේ භාවිත වූ හැම පිළියක් ම පාහේ දාවලු සහිත වූ බවත් බමුණන්ගෙන් බැහැර යාමේ දී යටිකය වසා ඇඳි සළුවට අමතර වශයෙන් උතුරුසළුවක් හෙවත් උත්තරාසංගයක් උඩුකයෙහි පරිහරණය කළ බවත් ගෑනුන් උඩුකය නොවැසූ බවත් ධම්මපදට්ඨකථායෙහි එන ඇතැම් තොරතුරුවලින් හෙළි වන්නේය.
ඉතිහාසගත මුල් කාලයේ දී පවා ඉන්දියානු ජනයා ඉතා විසිතුරු වූ ඇඳුම් පරිහරණය කළ බව ක්‍රි.පූ.300 දී පමණ සෙලූකස් I රජු විසින් ඉන්දියාවට යැවූ තානාපතියා වූ මෙගස්තීනීස් හා සුප්‍රකට ග්‍රීක භූගෝල ශාස්ත්‍රඥයකු වූ ස්ට්‍රෙබෝ (ක්‍රි.පූ. 63 පමණ) ඉන්දියාව ගැන ලියා ඇති වාර්තාවල "රනින් වැඩ දමා මැණික්වලින් අලංකාර කළ" වස්ත්‍ර එහි තුබුණු බව සඳහන් වීමෙන් එළිදරවු වෙයි. ක්‍රි.පූ. 2 වැනි සියවසේ පටන් ඉන්දියානු මූර්ති, බිතුසිතුවම්, කාසි ආදියෙහි සමකාලීන ඇඳුම් නිරූපණය වී තිබේ. ඉතා මුල් යුගයේ දී භාවිත වූ පිරිමි ඇඳුම උඩුකය නග්නව තිබෙන්නට හැර ශරීරයේ පහත කොටස සිසාරා දවටා ඉණට පහළින් බඳපටියකින් රැඳවූ පළල් රෙදි කඩකින් සැදුණේය. වස්ත්‍රයේ වැඩිපුර කොටසින් මැද හෝ දෙපස නරුපට තබන ලදි. ඇතැම් විට එහි කෙළවර කළවා අතරින් ගෙන පසුපසින් අවුණා ධෝතියක් මෙන් එය අඳිනු ලැබීය. මුල දී ගෑනුන් විසින් ද මෙවැනි ඇඳුමක් අඳින ලද බව චිත්‍ර නිරූපණවලින් පෙනේ. පසු කාලයේ දී වර්තමාන සාරියට සමාන කිසියම් ඇඳුමක් ගෑනුන් විසින් අඳින ලදි. එය දෙකකුල් හා උකුළු පෙදෙස වටා දවටා පියවුරු, පිට හා ඇතැම් විට හිස වැසෙන සේ ගෙන උරහිස ඔස්සේ පොට බහා ලූ දිග රෙදි කඩකි. උඩුකය හරහා කොනින් කොනට දවටා වම් උරහිස උඩින් දැමූ ‘දුපට්ට’ නමැති උරමාලයක් වැන්නකින් ඔවුන්ගේ ඇඳුම සාමාන්‍යයෙන් සම්පූර්ණ විය. දාසයන් හා දුප්පත් ජනයා විසින් අඳිනු ලැබුයේ ඉණකඩක් පමණකි. පැරණි ඉන්දියානු යුද ඇඳුම් බටහිර ආසියානු රටවල යුද ඇඳුම්වලට නෑකම් කියන බව භර්හුත්, සාංචි, අජන්තා ආදි තන්හි දක්නා ලැබෙන ප්‍රතිමාවලින් හා හා චිත්‍රවලින් හෙළි වෙයි. සෙන්පතියන් විසින් ජටාවක් බඳිනු ලැබූ නමුත් සෙසු හේවායෝ හිස්වැස්මක් පාවිච්චි නොකළහ.
1 වන සියවසේ දී ඉන්දියානු ඇඳුම මධ්‍යම හා බටහිර ආසියානු රටවල බලපෑමට හසු විය. මථුරාවෙන් සොයා ගන්නා ලද කාසිවලින් හා ප්‍රතිමාවලින් නිරූපණය වන කුෂාණ රජවරු සිතියන්වරුන්ට හා පාර්තියන්වරුන්ට ආවේණික වූ කලිසමකින් ද දනහිස් දක්වා වැටෙන බඳපටි කබායකින් හා විහිදී ගිය පළල් සංඝාටියකින් ද පාදුකාවලින් ද සමන්විත වූ බර ඇඳුමක් ඇඳසිටිති. මේ කාලයේ දී කපා මසන ලද ඇඳුම් ජනප්‍රිය විය. ගුප්ත යුගයේ දී ද බටහිර ආසියානු රටවල බලපෑම දක්නට ලැබුණේය. මේ රාජවංශයේ රජවරු ද බඳපටිය සහිත කබා හා කලිසම් වැනි ඇඳුමක් ඇඳ පාදුකා පය ලා ගෙන සිටින ආකාරයෙන් කාසිවල නිරූපණය වෙති. ඉස්පයියෙහි හා කපා මසන ලද නොයෙකුත් ඇඳුම්වල ප්‍රභවය බටහිර ආසියානු රටවල දී සිදු විය. අජන්තා හා බාඝ් බිතුසිතුවම්වල නිරූපණය වන රජුන්, දාසයන්, සෙබළුන්, ගෑනුන්, පිරිමින් ආදි හැම දෙන ම නොයෙක් ශෛලිවලට අයත් වූත් දිගින් විවිධ වූත් බඳපටි කබා ඇඳ සිටිනු පෙනේ. ප්‍රධාන ඇඳුම හා අවශේෂ ඇඳුම් ද රෙද්දෙහි විසිතුරු බව ද යන මෙයින් අඳින තැනැත්තාගේ සමාජ තත්වය හැඟවුණේය. විවිධ වූත් අගනා වූත් වෛවර්ණ රෙදි නිපදවීම ගැන මේ යුගයේ දී ඉන්දියාව මහත් ප්‍රසිද්ධියක් දැරීය. 6 වන සියවසේ බොම්බායෙහි ඇඳුම් ආයිත්තම් නිපදවූ විශාල වෙළෙඳ මධ්‍යස්ථාන තිබුණු බව කොස්මස් (බ.) සඳහන් කරයි.
පසු කාලයේ දී දේශීය ධෝතිය බඳපටි කබායත් සමඟ නැවත භාවිතයට පැමිණියේය. 10 වන සියවසේ පටන් විවිධ ප්‍රදේශවල විවිධාකාරයෙන් ධෝතිය අඳින ලදි. වයඹ දිග ප්‍රදේශවල ජනයා ශීතල දේශගුණයට වඩා යෝග්‍ය වූ ජැකෙට්ටු භාවිතා කළ බව හියුං සාං කියයි. විසිතුරු සංකීර්ණ රටා යොදා සරසනු ලැබූ මේඛලාව 8 වන සියවසේ පටන් ඉන්දියානු ගෑනුන්ගේ ඇඳුමෙහි ප්‍රධාන අංගයක් බවට පත් විය. ගුප්ත යුගයේ අවසානයත් සමඟ එතෙක් පැවති හිස්වැස්ම වූ තලප්පාව භාවිතයෙන් ගිලිහී ගියේය. ඇතැම් විට රජුන් හා බිසවුන් විසින් උස් කේතුකාකාර මකුට භාවිතා කරන ලදි.
ඇතැම් විට හිස වැසීමට පවා සෑහුණු සාරිය ඇඳීම 10 වන සියවසේ පටන් ගෑනුන් අතර ප්‍රචලිත විය. පසුව එය සුළු සුළු ප්‍රාදේශික වෙනස්කම් සහිතව ඉන්දියානු ගෑනුන්ගේ ජාතික ඇඳුම බවට පත් වූයේය. මහාභාරතය වැනි පැරණි ග්‍රන්ථයන්හි ‘සාරි’ යන්න සඳහන් වන නමුත් ඉන් අදහස් කරන ලද්දේ යටිකය වැසූ ඇඳුමක් යයි කියනු ලැබේ. එය වර්තමාන ධෝතිය වැන්නක් විය. වර්තමාන සාරියට යටින් අඳින යටසාය බවට පත්වී ඇත්තේ එයයි. වර්තමාන සාරිය දිගින් වැඩුණු 'දුපට්ට' සළුව හෝ 'ඕර්හ්නි' සළුව සාය වටා ඔතා ගැනීමෙන් සැදුණකැයි සිතනු ලැබේ. සාරියෙන් හිස වැසීමේ සිරිත මෑත කාලයේ දී උසස් හා මධ්‍යම පන්තිවල ගෑනුන් විසින් අත්හැර දැමීම දුපට්ට සළුව සාරිය බවට විකාසනය වීමේ නවතම අවස්ථාව වශයෙන් සැලකිය හැකිය.
මුස්ලිම් ආධිපත්‍යය ඉන්දියානු ඇඳුම් කෙරෙහි බෙහෙවින් බලපෑවේය. මෝගල් යුගය ඉන්දියාවේ ඇඳුම් මෝස්තර සම්බන්ධයෙන් ඉතා වැදගත් අවධියකි. මේ කාලයේ දී ඉන්දියානු ඇඳුම් අතරට සාය හා උරමාලය ද පළල් පටියක් සහිත ලොකු අත්දිග කබාය ද එක් විය. ටිමුරිද් රාජවංශයේ රජවරුන්ගේ කාලයේ දී මෝගල්වරුන්ගේ ‘ජමා’ නමැති කබාය අනුව සකස් කර ගත් කබායක් උතුරු ඉන්දියාවේ හා ඩෙකානයේ ජනයා අතර අනුක්‍රමයෙන් ව්‍යාප්ත විය. එය බොත්තම් සහිත වූවකි. ඉන් පෙර බොත්තම් සහිත ඇඳුමක් ඉන්දියානු ඇඳුම් ඉතිහාසයෙහි නොවූවිරූය. මේ අවධියේ දී ගෑනුන් විසින් ‘ඝඝ්‍ර’ නම් වූ සාය ද ‘චෝලි’ නම් වූ හැට්ටය ද ‘ඕර්හ්නි’ හෝ ‘දුපට්ට’ නම් වූ හිස වටා දිවෙන සළුව ද භාවිතා කරන ලදි. අක්බාර් රජු විසින් මුල් කාලයේ දී අඳින ලද්දේ ‘ජමා’ නමින් හැඳින්වුණු කබායයි. එහි සායක් වැනි වූ පහත කොටසෙහි වාටිය පැත්ත උල් හතරක් හෝ හයක් ඇති වන පරිද්දෙන් කපා තිබුණේය. ඔහු විසින් පසු කාලයේ දී ‘තාං පායි-ජාමා’ නමැති ඇඟට හිර වූ කලිසමකට උඩින් දෙකට පැළුැ ජමා කබායක් අඳින ලදි. ජහන්ගීර් රජුගේ ජමා ඇඳුම අනර්ඝ පට පිළියෙන් කරන ලද්දකි. ඒ හා සමඟ අඳිනු ලැබූ අවශේෂ ඇඳුම ‘කමර්බන්ද්’ හෝ ‘පට්කා’ නම් විය. එය මල්ලියකම් යොදා අලංකාර කරන ලද්දේය. රාජස්ථානයේ හා ඩෙකානයේ රාජසභාවන්හි ගෑනුන් විසින් පවා මේ ඇඳුමට අනුව තම ඇඳුම සකස් කර ගන්නා ලදි. ඔවුන් විසින් එය අඳින ලද්දේ ‘ජමා’ කබායක් සමඟ නොව 'ඝඝ්‍ර' නමැති සායත් සමඟය. මේ අවධියේ දී 'ඕර්හ්නි' නම් වූ සළුව ද වඩ වඩා දික්වන්නට වූයේය. වර්තමාන සාරියේ ප්‍රභවය මේ සළුවේ දික්වීම යයි සමහරු සිතති.
මුස්ලිම් ඇඳුම් මෝස්තර දකුණු ඉන්දියාව කෙරෙහි ඇති කෙළේ මඳ බලපෑමකි. දකුණු ඉන්දියාව සම්පූර්ණයෙන් ම දිනා ගන්නට මෝගල් රජුන් අපොහොසත් වූයෙන් එහි ඇතැම් පෙදෙස්වල ජනයා තමන්ගේ හුරුපුරුදු ඇඳුම් ම ඇන්දහ. කේරල හා ආන්ධ්‍ර වැනි ඇතැම් ප්‍රදේශවල ගෑනුන් අවුරුදු දෙදහසකට අධික කාලයක් උඩුකය වැසීම සඳහා විශේෂ ඇඳුමක් භාවිතා නොකිරීම ඊට නිදසුනකි. 19 වන සියවසේ මැද භාගයට අයත් ඇතැම් චිත්‍රවල දකුණු ඉන්දියානු ගෑනුන් සාරිය ඇඳ සිටිනු දැක්වෙයි. එහෙත් සාරිය දකුණට පැමිණියේ 20 වන සියවසේ දී යයි සිතනු ලැබේ.
යුරෝපීයයන්ගේ පැමිණීමෙන් පසු නවපන්නයේ ඉතා සංකීර්ණ ඇඳුම් ඉන්දියානු ඇඳුම් අතරට එකතු විය. 19 වන සියවසේ අග කොටස වන විට පිරිමි ඇඳුම් කෙරෙහි බටහිර බලපෑම ඉතා දැඩි වූ බව පෙනේ. අද නාගරික ජනයා පමණක් නොව ගම්බද බොහෝ ජනයා ද කමිසය, කලිසම, කබාය ආදි බටහිර ඇඳුම් අඳිති. බ්‍රිතාන්‍ය වැවිලිකරුවන් හා හේවායන් අතර භාවිත වූ කොට කලිසම දැන් ඉන්දියාවේ ඉතා පිටිසර ගම්මානවල පවා පාවිච්චි වෙයි.
ගෑනු ඇඳුම් කෙරේ වූ බටහිර බලපෑම එතරම් විශාල නොවූ බව පෙනේ. ගවුම්, කලිසම්, නාන ඇඳුම් ආදි බටහිර ඇඳුම් ඇතැම් විට නාගරික ගෑනුන් අතර පාවිච්චි වෙයි. ඉන්දියානු චෝලිය බටහිර ගෑනුන්ගේ 'බ්ලෞස්' නමැති හැට්ටයේ බලපෑමට හසුවීමත් පංජාබ් ගෑනුන්ගේ චිරාගත කමීෂ් ඇඳුම බටහිර හිර ගවුමේ බලපෑමට හසුවීමත් ඉන්දියානු හා බටහිර ගෑනු ඇඳුම්වල අපූර්ව වූත් නිර්මාණාත්මක වූත් සංකලනයකි.
ලක්දිව ඇඳුම්
රාමායණයෙහි සඳහන් වන ලංකාවත් ලංකාද්වීපයත් එකක් සේ ගත හොත් ඉතා ඈත අතීතයෙහි ලක්දිව විසූ ජනයා ‘රාක්ෂස’ නමින් හැඳින්වුණු බව පිළිගත යුතුය. බුද්ධකාලයෙහි හා ඉන් පෙර කාලාන්තරයක් තිස්සේ රාක්ෂස හා යක්ෂ ජනයා මෙහි වාසය කළ බව දීපවංසයෙහි (I.72) දැක්වෙයි. විජයාගමනයට හෙවත් ක්‍රි.පූ. 5 වන සියවසට පෙර මෙරට යක්ෂ හා නාග ජනයා විසූ බව වංසකථාවලින් පෙනේ. මේ රාක්ෂස, යක්ෂ හා නාග ජනයාගේ ඇඳුම් පිළිබඳ තොරතුරු ඉතා අප්‍රකටය. රාවණ නම් රාක්ෂස රජු රක්තවර්ණ වස්ත්‍රයක් හැඳ සිටි බව රාමායණයෙහි එක් තැනක සඳහන් වෙයි. යක්ෂයන් යක්කැස (පා. යක්ඛකච්ඡ) බැඳ හුන් බව සහස්සවත්ථුප්පකරණයෙහි ගොඨඉම්බර වස්තුවෙන් පෙනේ. එය දනහිසට උඩින් වැටුණු කිසියම් ඉණකඩකැයි සිතිය හැකිය. නාගයන් වෙත නානා වර්ණ වස්ත්‍ර තිබුණු බව දීපවංසයෙන් (II.54) හෙළි වෙයි.
ක්‍රි.පූ. 5 වන සියවසේ දී පමණ විජය කුමරු විසින් ලක්දිව මනුෂ්‍යාවාස කරනු ලැබීමෙන් පසු මෙරට මුලින් ම පැවති ඇඳුම් පිළිබඳ තොරතුරු වංසකථා ආදියෙහි සඳහන් නොවේ. එකල විසූ ජනයා සමකාලීන ඉන්දියානු ඇඳුම් ම අඳින්නට ඇතැයි සිතිය හැකිය. බුද්ධකාලයෙහි ඉන්දියාවේ විසූ පිරිමින් සාමාන්‍යයෙන් සළුවක් හැඳ සිටි බවත් ගෙන් බැහැර යෑමේ දී සළුවක් පොරවා ගත් බවත් යට කියන ලදි. විජය රජුට මෙහෙසි වනු පිණිස පඬි රජුගේ දුවත් ඔහුගේ අමාත්‍ය ආදි ජනයාට භාර්යාවන් වනු පිණිස වෙනත් ස්ත්‍රීනුත් ඉල්ලා මධුරාපුරයට දූතයන් යැවූ අවස්ථාවෙහි පඬි රජු විසින් “ලංකාවට දූන් යවනු කැමැති ජනයා තමතමන්ගේ දූන්ට එක් ම සළුවක් දෙපටකොට (දුපට්ටං කත්වා) හඳවා පොරෝනා සළු හරවා තමතමන්ගේ ගෙදොරකඩවල තබන්නැ"යි ද "ඒ ලකුණෙන් ඔවුන් ගෙන යන්නෙමැ"යි ද අණ බෙර ලැවූ බව මහාවංස ටීකාවෙහි සඳහන් වෙයි. මෙයින් එකල මධුරාපුරයේ ස්ත්‍රීන් සාමාන්‍යයෙන් සළුවක් හැඳ සළුවක් පොරවා ගත් බව පෙනේ. ඔවුන් ලක්දිවට පැමිණි පසු ඔවුන්ගේ සාමාන්‍ය ඇඳුම ද හඳනා සළුවකින් හා පොරෝනා සළුවකින් සැදුණු බව සිතිය හැකිය. එතෙකුදු වුවත් මෙකල දකුණු ඉන්දියාවේ විසූ ස්ත්‍රීන් පොරෝනා සළුවක් භාවිත කෙළේ ද යන්න විමසිය යුත්තකි.
ඉතිහාසගත මුල් යුගයෙහි ලක්දිව භාවිත වූ ඇඳුම් පිළිබඳ තොරතුරු මහාවංස, මහාවංස ටීකා, සීහළවත්ථුපකරණ, සහස්සවත්ථුප්පකරණ, ධාතුවංස ආදි ග්‍රන්ථවලින් අල්පමාත්‍ර වශයෙන් දත හැකිය. මෙකල විසූ පිරිමින්ගේ ඇඳුම හඳනා සළුවය පොරෝනා සළුවය යි සළු දෙකකින් සැදුණු බව මේ ග්‍රන්ථවලින් හෙළි වෙයි. ගෙදර දීත් බැහැර දීත් හැම විට ම අඳිනු ලැබූ සළුව හඳනා සළුවයි. එය කවර ලෙසකින් අඳින ලද්දේ ද යන්න අවිනිශ්චිතය. රජුන්, ඇමැතියන් හා සුඛෝපභෝගී ජීවිත ගත කළවුන් විසින් හැම විටමත් පොදු ජනයා විසින් ගෙන් බැහැර යෑමේදීත් භාවිතා කළ අමතර වස්ත්‍රය හෙවත් උතුරුසළුව පොරෝනා සළුවයි. සාමාන්‍යයෙන් එය දෙඋර වසා පෙරවූ බව සිතිය හැකිය. වන්දනමානන ආදී අවස්ථාවල දී ගරුබුහුමන් පිණිස උතුරු සළුව ඒකාංශ කොට බහා ගන්නා ලදි. ලලාට ධාතූන් පිදීමට ගිය මහානාග රජ්ජුරුවෝ “උතුරුසළුව ඒකාංශ කොට බහා ගෙන දොහොත් මුදුනෙහි තබා වැඳ වැඳ සිටියෝය”යි ධාතුවංසයෙහි දැක්වෙන පාඨයෙන් ඒ බව තහවුරු කැරෙයි.
රජුන් සළුවක් හැඳ උතුරු සළුවක් පොරවා ගත් බව පෙනේ. උතුරුසළුව රජ ඇඳුමෙහි අත්‍යවශ්‍ය අංගයක් වූ බව කාවන්තිස්ස රජු ත්‍රිපිටක තිස්ස තෙරුන්ට තම උතුරුසළුව දෙන්නට සිතා නැවත “ඒකසාටකත්වය තමාට නොසෑහේ”යයි සිතූ බව සහස්සවත්ථුප්පකරණයෙහි හා ධාතුවංසයෙහි සඳහන් වීමෙන් හෙළි වෙයි. රජුන් විසින් ඇතැම් විට කම්බල ද පොරවන ලදි. සුභ රජු වසභ රජුට බියෙන් තම දුව හා තමා පෙරවූ මහාර්ඝ කම්බලය ද රාජභාණ්ඩ ද තම සහායක උළුවඩුවාට භාර කළ බව මහාවංස ටීකාවෙහි සඳහන් වීම ඊට සාක්ෂ්‍යයකි. අමාත්‍යයකුගේ නිල ඇඳුම හඟවන සඳහනක් සහස්සවත්ථුප්පකරණයෙහි සංඝ අමාත්‍ය වස්තුවෙහි දක්නා ලැබේ. සංඝ අමාත්‍යයාගේ පිය ඇමැතියා තමා විසින් අඳිනු ලැබූ සියදහස් වටිනා සළු යුවළක් ද තම කඩුව ද මුතුහර ද මහසිරිය ද යන මේ දෑ පුතුට තබා කලුරිය කළ බව එහි කියැවෙයි. මේ අනුව ඇමැතියකුගේ ඇඳුම හඳනා සළුවය, පොරෝනා උතුරුසළුවය, කඩුවය, මුතුහරය, සිරියය යන මෙයින් සැදුණු බව සිතිය හැකිය. බ්‍රාහ්මණතිස්ස සොරබිය හා සාය පහව ගිය පසු රජ පැමිණි (වළගම්බා) රජු සංඝ අමාත්‍යපුත්‍රයාට භාණ්ඩාගාරික තනතුර දී මහාවිතානයක් ද දුන් බව යටකී කථා වස්තුවෙහි සඳහන් වෙයි. මහ වියන ද රාජ ප්‍රසාදය දක්වනු පිණිස ප්‍රදානය කරන ලද්දකැයි (ස.ව., දන්ත කුටුම්බික වස්තුව) සැලකීමට පිළිවන. රාජ සේවකයන් විසින් නිමිළයාගේ (සුරනිම්මලයාගේ) “හිස කෙස් කප්වා ගඟෙහි නහවා පුණ්ණවඩ්ඪ (න) නම් වස්ත්‍ර යුග්මයක් (හඳවා) මනහර සුවඳ මල්දමක් (පලඳවා) හිස දුහුල් පටකින් වෙළවා” ඔහු කච්ඡකතිත්ථයෙහි දීඝාභය කුමරු වෙත පමුණුවන ලද බව මහාවංසයෙහි සඳහන් වෙයි. මෙයින් එකල විසූ රාජ්‍ය නිලධාරියකුගේ සාමාන්‍ය ඇඳුම්පැලඳුම් පිළිබඳ ඉඟියක් කැරෙතැයි සිතිය හැකිය.
සාමාන්‍ය පිරිමි ඇඳුම සළු දෙකකින් යුක්ත වූ බවට නොයෙක් තැනින් සාධක ලැබේ. සංඝ අමාත්‍යයාට පසුව භාර්යා වූ කුමරිය තමාට දෙවියන්ගෙන් ලැබුණු සළු යුවළ අටින් සළු දෙක දෙක තම බෑයන් සත්දෙනාට හැඳවූ බව යටකී සංඝ අමාත්‍ය වස්තුවෙහි සඳහන් වීමත් කච්ඡකතිත්ථයෙහි දීඝාභය කුමරු නිමිළයාට (සුරනිම්මලයාට) පුණ්ණවඩ්ඪ (න) නමැති සළු යුවළ හැඳවූ බව මහාවංසයෙහි සඳහන් වීමත් මෙහි ලා නිදසුන් වශයෙන් දැක්විය හැකිය. බොහෝ විට මේ සළු දෙක ම එක විට අඳින ලද්දේ ගෙන් බැහැර යන අවස්ථාවන්හි (ස.ව., චෝර වස්තුව) දීය. සුඛෝපභෝගී ජීවිත ගත කළවුන් විසින් ගෙතුළ දී පවා සළු දෙක ම අඳිනු ලැබූ බව තරුණ සුරනිම්මලයා “සිනිඳු සළු දෙකක් හැඳ අකර්මශීලව ගෙට වැදලා ඉදිති”යි ඔහුගේ බෑයන් සදෙන ඔහුට දොස් පැවරීමෙන් (ස.ව., සුරනිම්මල වස්තුව) පෙනේ. මේ සළු දෙක අඳින ලද්දේ කෙසේ දැයි එක එල්ලේ කිව නොහැකිය. එකක් ඇඳ එකක් පෙරවූ බව පමණක් නිසැකය. සුරනිම්මලයා පිළිබඳ යට කී තොරතුරු සඳහන් කරන සද්ධර්මාලංකාර කර්තෘ ඔහු “යහපත් පිළී දෙකක් ඔඩොක්කු තබා වලු එල්වා ඇඳ ගෙන” සිටි බව කියයි. මෙයින් එකල මේ සළු දෙක අඳිනු ලැබූ හැටි කියැවෙන නමුත් ඒ පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම අසීරුය. මෙකල ගම්බද පිරිමි ළමයින් එක් සළුවක් පමණක් ඇඳ සිටි බව පෙනේ. අප්‍රකටව දොරමඬලා ගමේ විසූ පණ්ඩුකාභය කුමරු සත් හැවිරිදි වියෙහි සිටිය දී දිනක් ගම්දරුවන් සමඟ නෑම පිණිස විලට ගොස් “තමාගේ හඳනා වස්ත්‍රය හැඳ ගෙන ම දියට බැස රුක් සිදුරක් තුළ සැඟවුණු” බව මහාවංස ටීකාවෙහි සඳහන් වීමෙන් ඒ බව ඔප්පු වෙයි.
ගෑනුන් විසින් එක් සළුවක් පමණක් අඳින ලදි. ගේ පිරිවර කුමාරිකාවන් නිල්, රන්වන්, රතු හා ගෑනුන් විසින් එක් සළුවක් පමණක් අඳින ලදි. එය හඳනා සළුවයි. උඩුකය වැසීමක් නොවීය. සද්ධාතිස්ස රජුගේ භාණ්ඩාගාරික තිස්ස අමාත්‍යයාට පසුව භාර්යා වූ කුමරියගේ සත් බෑයන්ට දළ පිළී සළුවක් (පොත්ථි) ලැබී එය ගෙනවුත් ඇයට දුන් බවත් මේ රජුගේ කාලයේ ම සිටි වාතගණ්ඩමලයවාසී චූලසුමනාවගේ සත් බෑයන්ට හණ සළුවක් ලැබී එය ඇයට ගෙනවුත් දුන් බවත් සීහළවත්ථුපකරණයෙහි කියැවේ. කුණ්ඩිසංඝාව තම හඳනා සළුව මුදා තෙර කෙනකුන්ට දී පසුව තමාට ලැබුණු දිවසළුවලින් එකක් ඇඳ ගත් බවත් සද්ධාසුමනාවට දෙවියන් විසින් එක් සළුවක් දුන් බවත් සංඝ අමාත්‍යයාට පසුව භාර්යා වූ කුමරියට ඇයගේ බෑයන් එක් සළුවක් ලැබ ගෙනවුත් දුන් බවත් ඇය කඩමාල්ලක් ඇඳ ගෙන එය තෙර කෙනකුන්ට දී පසුව තමාට දෙවියන්ගෙන් ලැබුණු දිවසළුවලින් එකක් ගෙන ඇඳ ගත් බවත් සහස්සවත්ථුප්පකරණයෙහි සඳහන් වෙයි. මේ තොරතුරුවලින් මෙකල විසූ ගෑනුන් විසින් එක් සළුවක් පමණක් අඳිනු ලැබූ බව විනා වෙන යමක් හෙළි නොවේ.
මේ යුගයෙහි සාගත අවස්ථාවන්හි ගෑනුපිරිමි දෙකොටස විසින් ම අඳින ලද්දේ කඩමාලු (පිලෝතික) හා රුක්සුඹුළෙන් කළ දළ පිළී (පොත්ථි) ආදියයි. ගොවීන් කාෂාය වර්ණ වස්ත්‍ර ඇඳගෙන ගොවිතැන් කළ බව (සී.ව., සද්ධාතිස්ස රජුගේ වස්තුව) පෙනේ. යුදෙහි දී සන්නාහ කඤ්චුකය (සැට්ටය) අඳිනු ලැබූ බව ගැමුණු-තිස්ස දෙබෑයන්ගේ යුද්ධය පිළිබඳ විස්තරයෙහි ලා මහාවංස ටීකාව පවසයි.
මෙකල නොයෙක් වස්ත්‍ර වර්ග භාවිත විය. ධර්මාශෝක රජු විසින් දේවානම්පියතිස්‌ස රජුට එවූ පඬුරු අතර කිලිටි වූ කල ගින්නෙහි බහා ලූ පමණකින් පිරිසුදු වීමට සමත් වස්ත්‍ර යුවළක් වූ බව මහාවංස ටීකාවෙහි දැක්වේ. දොරමඬලාගම විසූ කුණ්ඩල නමැති බ්‍රාහ්මණයකු විසින් නිමිළයා (සුරනිම්මලයා) අත කච්ඡකතිත්ථයෙහි දීඝාභය කුමරු වෙත පුණ්ණවඩ්ඪ (න) නමැති අනර්ඝ වූ වස්ත්‍ර එවූ බව මහාවංසයෙහි සඳහන් වෙයි. දුටුගැමුණු රජු මාගම වසන කල අනුරාධපුරයෙහි තම යහළු වෙළෙඳකුගෙන් චීන පිළී සියයක් ද සුදු පිළී සියයක් ද ව්‍යාලව්‍යාඝ්‍ර ආදි රූප සහිත චිත්‍ර පිළී සියයක් ද මාලාකර්මලතාකර්මයෙන් යුත් චිත්‍ර පිළී සියයක් ද ඉල්ලා යැවූ බව සහස්සවත්ථුප්පකරණයෙහි මහානේල වස්තුවෙන් කියැවේ. මෙකල නානා වර්ණ වස්ත්‍ර භාවිත වූ බව සේරුවාවිල ධාතු නිධාන උත්සවයට සහභාගී වූ සෝම දේවියගේ පිරිවර කුමාරිකාවන් නිල්, රන්වන්, රතු හා සුදු වස්ත්‍ර ඇඳ සිටි බව ධාතුවංසයෙහි සඳහන් වීමෙන් හෙළි වෙයි.
ඇඳුම් කපා මසා ගැනීමක් මෙකල පැවති බවට සාක්ෂ්‍යයක් යටකී ග්‍රන්ථවල දක්නට නොලැබේ. එහෙත් “අනුරාධපුරයෙහි තිස්ස නමැති තුන්නවායයා මැහුම් කර්මාන්තය නිසා ජීවත් වෙයි” යයි සීහළවත්ථුපකරණයෙහි තුන්නවාය වස්තුවෙහි සඳහන් වන හෙයින් දූරාතීතයෙහි පවා ලක්දිව මැහුම් කර්මාන්තය පැවති බව සිතිය හැකිය. එතෙකුදු වුවත් මෙහි මැහුම් කර්මාන්තය වශයෙන් ගැනුණේ ඉරුණු රෙදිපිළී මසාලීම දෝ යනු විමසිය යුත්තකි.
සද්ධාතිස්ස රජු කල රාජප්‍රසාදය ලැබූ පිරිමින්ට රජු විසින් මහාර්ඝ මැණික්වලින් සරසන ලද මකුටයක් දෙනු ලැබූ බව සීහළවත්ථුපකරණයෙන් හෙළි වෙයි. කච්ඡකතිත්ථයෙහි දීඝාභය කුමරු විසින් නිමිළයාගේ (සුරනිම්මලයාගේ) “හිස දුහුල් පටකින් වෙළවූ” බව මහාවංසයෙහි කියැවේ. මේ නිසා මෙකල සිටි රජුන් හැරුණු විට රජයේ නිලධාරීන්ට හා රාජප්‍රසාදය ලැබූවන්ට පමණක් හිස්වැස්මක් දැමීමට අවසර තිබුණු බව නිගමනය කළ හැකිය. එහෙත් රජුන් හා භික්ෂූන් විසින් විනා අන් කිසිවකු විසින් පාදුකා හෙවත් පාවහන් භාවිතා කරන ලදැයි සිතීමට තුඩු දෙන තොරතුරක් කිසි තැනක දක්නා නොලැබේ.
කිත්සිරිමෙවන් රජුගේ (ක්‍රි.ව. 303-331) රාජ්‍යෝදයෙහි පටන් අටවැනි වීර පරාක්‍රමබාහු රජුගේ (ක්‍රි.ව. 1484-1508) රාජ්‍යාවසානය දක්වා වූ සියවස් දොළසක් පමණ වූ ඉතා දීර්ඝ කාල පරිච්ඡේදය තුළ මෙරට භාවිත වූ ඇඳුම් ගැන අප දන්නා තොරතුරු අල්පමාත්‍ර බව කිව යුතුය. මේ කාලය තුළ දී ලියැවී ඇති බොහෝ පොත්පත් හුදු ධර්ම ග්‍රන්ථ වන හෙයින් ඒවායින් සමකාලීන තොරතුරු හෙළි වෙතැයි සිතිය නොහේ. එහෙත් ඒවායෙහි අතරින් පතර දක්නා ලැබෙන සඳහන්වලින් හා සමකාලීන ගල් කැටයම් ආදියෙන් නිරූපණය වන ස්ත්‍රීපුරුෂ රූපවලින් ලැබෙන සාධක අනුව අපට නිගමනය කළ හැක්කේ ඉන් පෙර යුගයෙහි භාවිත වූ ඇඳුම් ම මෙකල ද අවිශේෂයෙන් භාවිත වූ බවයි. එහෙයින් පිරිමින් සළුවක් හැඳ සළුවක් පොරවා ගන්නටත් ගෑනුන් සළුවක් හැඳ උඩුකය නොවසා තබන්නටත් ඇතැයි සිතිය හැකිය.
ක්‍රි.ව. 5 වන සියවස පමණේ දී භාවිත වූ ගෑනු ඇඳුම් පිළිබඳ තරමක අවබෝධයක් ලබා ගැනීමට සීගිරි බිතුසිතුවම් උපකාර වෙයි. මේ සිතුවම්වල නිරූපණය වන ගෑනු නායිකාවෝය, සේවිකාවෝ ය යි දෙගොල්ලක් වෙති. නායිකාවන් උඩුකය වැසූ බවක් නොපෙනේ. සේවිකාවෝ වැළමිටට මඳක් ඉහළින් සිටි අත් සහිත, සම්පූර්ණ උඩුකය වසා ගෙන බෙල්ලට හිර වූ, පසුපසින් පළා ඇතැයි සිතිය හැකි සැට්ට ඇඳ ඇතැම් විට ඊ මත තනපට බැඳ ගෙන සිටිති. මෙසේ තනපට බඳින ලද්දේ සැට්ට ලිහිල් හෙයින් වැඩපල කිරීමේ දී ඇති විය හැකි බාධාවන් වළක්වා ගැනීම පිණිස හෙවත් වැඩපල කිරීමේ පහසුව පිණිස බව සිතිය හැකිය. නායිකා සේවිකා දෙගොල්ලගේ ම යටිකය ඇඳුම වර්ණවත් සළුවකි. බොහෝ විට ඉණෙහි වම් පසින් නරුව තනා නැබ පෙදෙස පෙනෙන සේ එය අඳින ලදි. එක් සීගිරි පද්‍යයක (113) එය ‘ඔසැරිය’ යන නමින් හඳුන්වා ඇත. ඇතැම් සළුවල විසිතුරු ඉරි රටා හා දර්ශනීය වාටි දක්නා ලැබේ. සීගිරි සිතුවම්වලට සම කාලීන සේ සලකනු ලබන ඉසුරුමුණියෙහි සුප්‍රකට පෙම් යුවළ දැක්වෙන ගල් කැටයම ද මෙකල ගැහැනුන් සළුව ඇඳි ආකාරය සලකා ගැනීමට ඉවහල් වෙයි.
මෙකල විසූ දුප්පත් පෝසත් හැම දෙනාගේ ම ඇඳුම සාමාන්‍ය පෙනුමෙන් එක හා සමාන වූ බවත් වටිනාකමින් පමණක් විවිධ වූ බවත් සිතීමට පිළිවන. ශීතල දේශගුණය පවත්නා කල්හිත් කඳුරටෙහි දීත් සාමාන්‍ය ඇඳුමට උඩින් කම්බල හා පාවාර පොරවන ලදි. මහා පරාක්‍රමබාහු කුමරු පොළොන්නරු පුරයට යන අතරමඟ කඳුරටට පැමිණ රතු කම්බලයක් පොරවා ගත් බව මහාවංසයෙහි (66.101) සඳහන් වෙයි. ඔහු එය පොරවාගෙන ම යුද වන් බවත් (66.103) පසුව ගජබාහු රජුගේ රාජධානියට පැමිණ ලේ වැකුණු පාවාරය ගළවා ලූ බවත් (66.109) එහි ම තව දුරටත් කියැවේ. එහෙයින් ‘කම්බල’ හා ‘පාවාර’ යන වචන දෙකින් ම එක ම ඇඳුමක් අදහස් කරන ලදැයි සිතිය හැකිය.
මධ්‍යතන යුගයේ භාවිත වූ රෙදිපිළී අතර මුල් තැන ගත්තේ නොයෙක් පට වස්ත්‍ර වර්ගයි. චීනයෙන් හා සෝමාර දේශයෙන් ගෙන්වූ පට වස්ත්‍ර ගැන විශුද්ධිමාර්ග සන්නයෙහි සඳහන් වෙයි. 11 වන සියවසේ දී රාමඤ්ඤ (බුරුම) දේශයෙන් වටිනා රෙදිපිළී ලැබුණු බව මහාවංසයෙන් (58.9) පෙනේ. කෝසෙය්‍ය පට හෙවත් තිහිරි පිළී ද කපු පිළී හා (එළු ලොමින් කළ) කොමු පිළී ද කසී සළු හෙවත් බරණැස් පිළී ද ධම්පියා අටුවා ගැටපද, විශුද්ධිමාර්ග සන්න ආදි ග්‍රන්ථවල සඳහන් වෙයි.
පණ්ඩිත පරාක්‍රමබාහු රජු සතියෙහි සත් දින ඒ ඒ දිනට යෝග්‍ය වූ වර්ණ ඇති සළු ඇඳ ගත් බවත් දිනකට තුන් විටක් සළු පෙරළා සළු වැඩූ බවත් කඳවුරු සිරිතෙන් හෙළි වෙයි. ඔහු විසින් තමාට අභිමත පරිද්දෙන් අඳින ලදැයි දඹදෙණි අස්නෙහි සඳහන් වන “රත්සුදුනිල්කසුන් පිළී සොක්කම් වඩක්කම් වීරක්කම් කිලිමුක්කම් කාරික්කම්...” යනාදි වස්ත්‍ර කවරේ දැයි වෙන් වෙන් වශයෙන් විස්තර කිරීම උගහටය. ඉන් වැඩි කොටස ද්‍රවිඩ වස්ත්‍ර බව ඒවායේ නම්වලින් ම පෙනේ. “දළදාගෙයි රකවල සිටිනා ගණවැස්සන් කපුවන් ගෙබලන්නන් සැට්ට මයිලක්කට්ටු (=තලප්පා) ඇතිවැ” සිටිය යුතු බව දළදා සිරිතෙහි දැක්වෙයි.
කෝට්ටේ සමයෙහි රජුන් රජ ඇඳුම් ලෙසින් සුදු සිනිඳු පට පිළියක් ඇඳීමත් රස්විදුනා මිණිමුතු අබරණ පැලඳීමත් කළ බව හංස සන්දේශයෙහි රජසබ වැනුමෙන් කියැවේ. එකල සමහර ගෑනුත් උඩුකය නග්නව තබා ගත් බවටත් සමහර ගැනුන් පියවුරු තනපටකින් බැඳ ගත් බවටත් සාක්ෂ්‍ය සන්දේශවලින් (තිසර 31, මයූර 29; මයූර 118, පරෙවි 77, කෝකිල 71, 75, ගිරා 23) ලැබේ. නාභියේ සිට කෙංඩා අග දක්වා යටිකය වැසෙන සේ සළුවක් ඇඳීම කුලවත් ගෑනුන්ගේ සිරිත විය. ගොපලු ගෑනුන්ගේ සිරිත වූයේ එසේ ඇඳි සළුව දනින් උඩ සිටින සේ අකවටු ගන්වා ගැනීම බව සන්දේශවලින් (තිසර 87, 124, පරෙවි 56) හෙළි වෙයි. ගෑනුන් ඇඳි පට සළු හංස රූප, නෙළුම් මල් ආදි විසිතුරු සිතුයමින් අලංකාර වූ බව සැළලිහිණි සන්දේශයෙන් (8) පෙනේ. මෙකල චීන ජාතිකයන් වෙළෙඳාම පිණිස වර්ණවත් සැටින් රෙදි, විසිතුරු සේද රෙදි, මේස් රෙදි ආදිය මෙරටට ගෙනා බවත් මෙරට වැසියන් දිග කමිසයක් ඇඳ ශරීරයේ මැද කොටසෙහි කපු රෙදි කඩක් ඔතා ගත් බවත් චීනයේ යුංලෝ අධිරාජයාගේ (1403-1425) නාවික නිලධාරියකු වූ චෙංහෝ නමැත්තාගේ මුහුදු ගමන් විස්තර කරමින් චාරිකා ග්‍රන්ථයක් කළ ෆේයි සින් කියයි. මේ මුහුදු ගමන් ගැන ම ‘සාගර වෙරළේ විස්තර’ නමින් මා හුවාන් නමැත්තා ලියා ඇති ග්‍රන්ථයෙහි මෙරට මිනිසුන්ගේ ශරීරයෙහි උඩ කොටස ආවරණය නොවූ බවත් ඉණෙහි බැඳි පටියකින් හිර කරන ලද රෙදි කඩකින් ඔවුන් ශරීරයේ පහත කොටස වසා ගෙන හිස වටා කපුරෙදි තලප්පාවක් බැඳ ගත් බවත් චීනයෙන් ගෙන්වූ සිනිඳු සේද, ගෙත්තම් කළ ටපටා සේද ආදිය මෙහි භාවිත වූ බවත් දැක්වේ.
මහනුවර රාජධානි සමයෙහි මෙරට භාවිත වූ ඇඳුම් පිළිබඳ තොරතුරු සමකාලීන යුරෝපීයයන් ලියා ඇති විස්තරවලින් හා ඇඳ ඇති චිත්‍රවලින් බොහෝ දුරට හෙළි වෙයි. මෙකල විසූ රජුන් විසින් විවිධාකාර ඇඳුම් අඳින ලද බව පෙනේ. අපට දක්නට ලැබෙන ආදි ම සිංහල රාජ චිත්‍රය යෝරිස් වැන් ස්පිල්බර්ජන් නමැති ඕලන්ද ජාතික අද්මිරාල්වරයාගේ ඓතිහාසික සංග්‍රහයෙහි (1605) එන මහනුවර විමලධර්මසූර්ය I රජුගේ (1592-1604) රූපයකි. එහි විමලධර්මසූර්ය රජු උඩුකයට කර වටා ලූ මන්තයක් සහිත මැණික් කටුව දක්වා අත් දිග බුරුල් දිග හැට්ටයක් නොහොත් කබායක් ද යටිකයට බොලට දක්වා වැටුණු රන් කවණි සළුවක් ද ඇඳ හිසෙහි ඔටුන්නක් ද මිරිවැඩි සඟළින් තොර පයෙහි පාද ජාලා ද දමා දෙකන, ගෙලෙහි හා බාහුවෙහි ආභරණ පැලඳ අංශයෙහි කඩුව හා වමතෙහි නෙළුම් මලක් ඇතිව ස්පිල්බර්ජන් සෙනෙවියා හා අතට අත දී සිටිනු දැක්වෙයි. මේ චිත්‍රයෙහි රජු මිරිවැඩි සඟළින් තොරව නිරූපණය කොට තිබීම සැලකිය යුත්තකි. දෙගල්දොරුව බිතු සිතුවම්වල (ක්‍රි.ව. 1771-1786) වෙස්සන්තර රජු දැක්වෙන්නේ ද මිරිවැඩි සඟළින් තොරව බව මෙහි ලා කිව යුතුය.
රාජසිංහ II රජුගේ (1658-1687) කාලයෙහි මෙහි සිරකරුවකුව සිටි රොබට් නොක්ස් නම් ඉංග්‍රීසි ජාතිකයා ලංකාව ගැන ලියා ඇති ග්‍රන්ථයෙහි විස්තර වන රජ ඇඳුම අමුතු ම එකකි. එය ඇස්වට තෙක් වැටුණු දිග කලිසමකින් (උඩයකින්) හා අත් එක් පාටකිනුත් කඳ වෙනත් පාටකිනුත් යුත් පළු හැට්ටයකින් ද ඉදිරියෙන් පිහාටුවක් සිටුවා ලූ තුන්මහල් කළ හතරමුලු තොප්පියකින් හා මේස්-සපත්තුවලින් ද උර හරහා දැමූ බාපනයක එල්ලී අංශයෙන් වැටී සිටි රන් කොපුවක ලූ රන් මිටක් සහිත කඩුවකින් හා රන් මිටක් ඇති විසිතුරු පාටින් සිත්තම් කළ සැරයටියකින් ද යුක්ත විය. මේ ඇඳුම රාජසිංහ රජු විසින් ම පිළියෙල කර ගන්නා ලද්දක් බව නොක්ස් කියයි. එහෙත් රජු හැම විට ම එක ම මෝස්තරයේ ඇඳුම් භාවිතා නොකළ බව ද ඔහු සඳහන් කරයි.
දඹුලු විහාරයේ දක්නට ලැබෙන කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ (1747-1780) ප්‍රතිමාවකින් ඔහුගේ ඇඳුම කෙබඳු වී දැයි සිතා ගත හැකිය. එය ඇස්වට දක්වා දික් වූ කලිසමකින් (උඩයකින්) ද පසුපසින් උකුළෙන් පහළට වැටෙන තරම් දික්වූ හැට්ටයකින් ද කර වට දැමූ මන්තයකින් හා හිසෙහි ලූ ඔටුන්නකින් ද යුක්ත වූ බව ඉන් පෙනී යයි. මේ රජුගේ ඇඳුමක් වශයෙන් සැලකෙන ‘මෝජා හැට්ටය’ කුණ්ඩසාලේ විහාරයෙහි ආරක්ෂා වී පවත්නා වැදගත් පුරාවස්තුවකි. පට නූලින් වියන ලද එය සියලු රජ ඇඳුම් ඇඳ අවසානයෙහි ඇඟලන කර වටා දැමූ රැළි සහිත අපූරු හැට්ටයකි. පහත රැටියන් එය ‘ජුවන් හැට්ටය’ නමින් හඳුන්වතැයි සඳහන් වේ. එහි ඇතුළු රෙද්ද මලයාවෙන් ගෙන්වන ලද්දකැයි ද පිටින් ඇල්ලූ විල්ලූද රෙද්ද ලංකාවේ වියන ලද්දකැයි ද කියනු ලැබේ.
ජෝන් ඩේවිගේ ‘ලංකාවේ අභ්‍යන්තරය හා එහි වැසියන් පිළිබඳ විස්තරයක්’ (1821) නමැති ග්‍රන්ථයෙහි ඇමැති මඩුල්ල පිරිවරා සිටින ශ්‍රී වික්‍රම රාජසිංහ රජු (1798-1815) දැක්වෙන චිත්‍රයක් වෙයි. එහි රජු මැණික්කටුවේ ලොවිච්චි සහිත දිග අත් ඇති කමිසයකින් හා ඒ මත දැමූ හිස හා අත් සඳහා විවර සහිත බෝකොළ සැරසිල්ලෙන් යුත් උරහිස් ඇති පච්ච බෝහැට්ටයකින් ද කර වට ලූ විසිතුරු මන්තයකින් හා වළලුකරෙහි ලොවිච්චි සහිත බුරුල් කලිසමකින් (උඩයකින්) ද බඳ වෙළුැ බෝපටියකින් හා මුදුනෙහි බෝරලයක් ඇති ඔටුන්නකින් ද විසිතුරු පාදුකාවලින් හා දකුණතින් ගත් ලාකිරි වැඩ දැමූ ඊයකින් ද සැරසී සිටිනු පෙනේ. පත්තිරිප්පුවේ පෙනී සිටින ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දැක්වෙන චිත්‍රය ද බොහෝ දුරට මීට සමානය. එහි වෙනසකට ඇත්තේ දකුණතෙහි වූ ඉඳුල්කඩ (අත්පිස්නාව) පමණි.
මහනුවර යුගයේ සිංහල රජුන්ගේ සම්පූර්ණ ඇඳුම හෙවත් මුළුඇඳුම පිළිබිඹු කරන කුඩා ඇත්දත් රූපයක් (අඟල් 5, 7/8) කොළඹ කටුගෙයි තිබේ. ඉන් දැක්වෙන්නේ අටමුලු තොප්පිය, මන්තය සහිත බෝහැට්ටය, බෝපටිය, උඩය හා ආභරණ යන මෙයින් සැරසුණු රජෙකි. නිලමවරුන් අඳින ඉදිරිපසින් බොත්තම් යෙදූ සාමාන්‍ය හැට්ටයකින් ද රවුම් හෝ හතරමුලු තොප්පියකින් ද සැරසුණු රජවරු සමකාලීන බොහෝ චිත්‍රවලින් නිරූපණය වෙති. මල්ගහ හෙවත් තොප්පිය මුදුනේ වූ පුෂ්ප අලංකරණය හා අටමුලු තොප්පිය ද උඩය (මෙයට ‘කාල් හැට්ට සළුව’ යයි ද ව්‍යවහාර විය.) හා පාදජාලා ද මඟුල් කඩුව, මිරිවැඩි සඟළ, මුතු කුඩය ආදි කකුධ භාණ්ඩ (රන් ආවුද) ද භාවිතා කළ හැකි වූයේ රජුට පමණි.
විශේෂ නිලධාරීහු රජුගේ සළුපිළී හා ආභරණ භාරව සිටියෝය. රජු හැඳපැලඳ සැරසෙන විට පිරිවරා සිටීම ඔවුන්ගේ යුතුකම විය. මේ සියලු ම දුක්ගන්නා නිලමවරු උසස් ම පවුල්වලට අයත් වූහ.
ඩේවිගේ යටකී ග්‍රන්ථයෙහි එක් චිත්‍රයකින් සම්පූර්ණ ඇඳුමෙන් සැරසුණු රජ බිසවක් නිරූපණය වෙයි. එහි ඇය උඩුකයට ගෙත්තම් කළ අත්කොට හැට්ටයක් ඇඳ කර වටා විසිතුරු මන්තයක් දමා යටිකයට ඇස්වට තෙක් වැටුණු රන් කවණි සේලයක් ඇඳ අලංකාර පාවහන් දමා මාල, වළලු, තෝඩු ආදි ආභරණ පැලඳ සිටිනු දැක්වෙයි.
ගෙන් බැහැර දී නිලමවරුන් සුදු හෝ නිල් කපු පිළියෙන් කළ හැට්ටයකින් උඩුකය වසා යටට අඳින ලද සුදු වස්ත්‍රයකට උඩින් නිල් හෝ වෙනත් පාට වස්ත්‍රයක් ඉණට ඇඳ නිල් හෝ රතු බඳවෙළුවක් තුනටිය වටා ඔතා රිදී මිටක් ඇති සිරියක් ඉණේ ගසා කැටයම් කළ රිදී කොපුවක ලූ රිදී මිටක් ඇති කස්තානයක් අංශයෙහි එල්ලා සිත්තම් කළ සැරයටියක් අතින් ගෙන සිටි බව නොක්ස්ගේ විස්තරයෙන් පෙනේ. අදිකාරම්වරුන් තුප්පොට්ටිය ඇඳ විසිතුරු කසව් පටියක් ඉණෙහි බැඳ පච්ච හෝ පේස හැට්ටය ලා මන්තය දමා බෝරලය සහිත හතරමුලු තොප්පිය දමා ගත් බවත් නිලවරුන් මේ ඇඳුම ම සුළු සුළු වෙනස්කම් ඇතිව ඇඳ ගත් බවත් සුළු නිලධාරීන් තුන්පොට්ටිය ඇඳ රෙදි කඩකින් ඉණ වෙළා උඩුකය නග්නව තබා වට තොප්පිය ලා ගත් බවත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ඇමැති මඬුල්ල දැක්වෙන චිත්‍රයෙන් හෙළි වෙයි. ඉදිරිපසින් බොත්තම් යෙදූ පච්ච හැට්ටයකින් ද රවුම් හෝ හතරමුලු තොප්පියකින් ද නිලමවරුන් සැරසුණු බව ඇතැම් තන්හි සඳහන් වෙයි.
මල්ගහ වෙනුවට බෝරලය හෙවත් පොහොට්ටුව යොදන ලද හතරමුලු තොප්පියක් නිලමවරුන් හා රජ මාළිගාවේ නිලධාරීන් විසින් පලඳින ලදි. තොප්පියේ මුදුන වටා ඇති සුදු ලොවිච්චිය හෙවත් රැළිපාලම රජුට හා අදිකාරම්වරුන්ට ද මල්ගහ රජුට හා මාම්පිටියේ බණ්ඩාරලාට ද පමණක් සීමා විය. රාජකීය ඇඳුමේ අංගයක් වූ මේස් සපත්තු පාවිච්චි කිරීමට කිසිවකුටත් අවසර නොතිබුණේය.
කුලීන ගෑනුන්ගේ ඇඳුම මන්තයක් සහිත හැට්ටයකින් ද ඉණ වටා විවිධ ලෙස අඳින ලද රෙද්දකින් (සේලයකින්) ද මාල පදක්කම් හා මුදු වළලු යන ආභරණවලින් ද යුක්ත විය. ඔහොරිය යන නමින් හැඳින්වුණු රෙද්දේ කොන උරය මත දැමීම දහඅටවන සියවසට පෙර පැවැත්තේ විරල වශයෙනි. ගෑනුන් විසින් සාමාන්‍යයෙන් අඳිනු ලැබූ රෙද්ද පාදය නමින් හඳුන්වන ලදි. තනි රෙද්දක් පාදය නමි. දිගින් හය රියනක් හෝ හත් රියනකි; පළලින් වියත් හතරේ සිට හය දක්වා වෙයි. රෙද්දෙහි පළල රෙද්ද හිමියාගේ කුලය අනුව වෙනස් විය. කුලහීනයන්ට ඇඳීමට අවසර තිබුණේ පටු රෙදි පමණි.
කුලීන ගෑනුන් වැඩපල කිරීමේ පහසුව සලකා ගෙහි දී අඳින ඇඳුම් ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වුව ද ගෙන් බැහැර යන විට නිල් හා රතු නූලින් මල්ලියකම් යොදා සුදු සිනිඳු කපු පිළියෙන් කළ අත් සහිත කෙටි උඩුකය ඇඳුමක් ඇඳ ගත් බව නොක්ස්ගේ විස්තරයෙන් පැවසේ. ඔවුන් විසින් විසිතුරු සේද උරමාලයක් හිසෙහි හෝ දසරුවෙහි දමා අලංකාර කැටයම් සහිත රිදී තහඩු දෑලෙහි එල්ලූ හවඩි එකක් හෝ දෙකක් ඉණ වටා බඳින ලදි.
ෆිලිප්පුස් බල්දේයුස්ගේ ලංකා විස්තරයෙහි (1672) ලක්වැසියන්ගේ ඇඳුම් ගැන මෙසේ සඳහන් වෙයි: “සිංහල මිනිසුන්ගේ උඩුකය ඇඳුම කපු හෝ හණ පිළියෙන් කළ හැට්ටයකි. ඔව්හු සරුවාලයක් මෙන් දවටා ගනු ලැබූ වස්ත්‍රයක් ඉණෙන් පහළට අඳිති. කුලවත් ජනයා හිසෙහි රතු හිස්වැස්මක් දමති. ඔවුන් එය භාවිතා කරන්නේ මහත් අභිමානයකිනි. නොයෙක් මැණික් ගල් එබ්බූ කර්ණාභරණවලින් ඔවුන්ගේ කන් සරසා ඇත. ඔව්හු රිදී, ඇත්දත් හෝ රන් මිටි සහිත සිරි ඉණේ ගසා ගනිත්. පහත් කුලවල ජනයා ඔවුන්ගේ ඉඟටිය ඔස්සේ දැවටූ කුඩා රෙදි කඩක් පමණක් ඇතිව සම්පූර්ණයෙන් වාගේ නග්නව හැසිරෙත්. ගෑනු පියවුරු නොවසා ඔබ මොබ යති... ඔව්හු ගෙලෙහි රන් හෝ රිදී මාලත් අතැඟිලිවල හා පයැඟිලිවල මුදුත් දමති.”
සිංහලයන්ගේ තාන්නමාන්න හා කුලගොත් පිළිබඳව නොක්ස් ලියා ඇති විස්තරයෙන් ඇඳුම් ගැන වැදගත් තොරතුරු රැසක් හෙළි වෙයි. එකල උසස්පහත් කුල හඟවන සලකුණු වූයේ හැට්ටය ඇඳීම හෝ එය නැතිව නග්න උඩුකය ඇතිව සිටීමත් ඇඳි වත දනහිස්වලට පහළින් වැටුණු දිග ප්‍රමාණයත් කොළොම්බුවල වාඩි වීම හෝ ලී කොටවල නොහොත් බිම ඇතුරූ පැදුරුවල වාඩිවීමත් හිස්වැසුමුත් යන මේයි. හන්දුරු නමින් හඳුන්වනු ලැබූ කුලවතුන් ඔවුන්ගේ වස්ත්‍රය අඳින ලද සැටියෙන් හඳුනා ගත හැකි විය. පිරිමින් විසින් දනමඬලට පහළින් ගොප්මස දක්වාත් ගෑනුන් විසින් විළුම් දක්වාත් එය අඳින ලදි. ගෑනු එහි එක් කෙළවරක් දසරුව ඔස්සේ දමා එයින් පියවුරු වසා ලූහ.
බඩල්, ආචාරි, වඩු හා සිත්තර ජනයාගේත් කූරුවේ ඇත්තන්ගේත් ඇඳුම් සාමාන්‍යයෙන් හන්දුරුවන්ගේ ඇඳුම්වලට සමාන විය. ඇම්බැට්ට කුලයේ ගෑනු පිරිමින්ට හැට්ටය ඇඳීමට අවසර තිබුණේය. අනෙක් කුලවල ගෑනුන් විසින් ඉණෙන් උඩ නග්නව තබා දනමඬලින් ඉතා පහළට නොවැටෙන සේ වස්ත්‍රය ඇඳ ගත යුතු විය. එහෙත් ශීතල ඇති විට මේ කුලවල ගෑනුන්ට හා පිරිමින්ට තමන්ගේ පිට හරහා වස්ත්‍රය දැමීමට අවසර ලැබුණේය. එවිට හන්දුරුවන් මුණ ගැසුණ හොත් ඔව්හු “බය බෝයි, හීතලට” යයි කියා ඔවුන් කමා කරවා ගත්හ.
බඩහැල, රදා, හඟරම් (හකුරු), පදු, බෙරවා, කිඩි (කුලුපොතු), කින්නර යන කුලවල ජනයාට හැට්ටය ඇඳීමත් දනින් පහළට වස්ත්‍රය ඇඳීමත් තහනම් විය. බඩහැල හා රදා ගෑනුපිරිමින්ට වස්ත්‍රයේ කෙළවරින් උඩුකය වසා ගැනීමට අවසර ලැබුණු නමුත් ඉන් පහළ කුලවල ජනයාට රෝගී වූ විට හෝ ශීතල ඇති විට හැර අන් අවස්ථාවල දී එසේ උඩුකය වසා ගැනීම තහනම් වූයේය.
හන්දුරුවන්ට නම් පටබැඳීමේ දී රන් රිදී හුයින් මල්ලියකම් කළ සේද හෝ පීත්ත පටක් රජු විසින් හිසෙහි බඳින ලදි. මෙසේ නම් පටබඳිනු ලැබුවෝ මුදියන්සේ නමින් හඳුන්වනු ලැබූහ. පෙති දෙකක් සහිත මකුටයක් වැනි තොප්පියක් ද එකල භාවිත විය. හන්දුරුවන් දැමූ තොප්පිය මුළුමනින් ම තනි (සුදු හෝ නිල්) පාටින් ද පහත් කුලවල ජනයාගේ තොප්පිය එක් පාටකින් හා පෙති දෙක වෙනත් පාටකින් හෙවත් හැම විට ම රතු පාටින් ද යුක්ත වූයේය. කින්නර මිනිසුන්ට කවර විධියක හෝ හිස්වැස්මක් ලෑම තහනම් විය. මේ කවර කුලයක හෝ ගෑනු හිස්වැසුම් නොදැමූහ.
ඉංග්‍රීසි යුගයේ නිලමවරුන් මහනුවර යුගයේ දී රජ ඇඳුමට අයත් වූ මල්ගහ, උඩය ආදිය භාවිතා කරන්නට වූ බව පෙනේ. තවමත් උඩරට රදලවරුන් මංගල උත්සව ආදියෙහි දී අඳින මුළුඇඳුම ඔවුන්ගේ නිල ඇඳුම විය. දැනුත් දළදා මාළිගාවේ දියවඩන නිලමේත් දේවාලවල බස්නායක නිලමවරුත් පෙරහැර ආදි උත්සව අවස්ථාවල දී නිල ඇඳුම වශයෙන් එය අඳිති. යටට අඳින දිග කලිසමකින් (උඩයකින්) හා ඊට උඩින් අඳින බඳ පටියක් සහිත තුප්පොට්ටියෙන් ද කරවට ලූ මන්තයකින් හා රන්රිදී හුයින් ගෙත්තම් කළ පච්ච හැට්ටයෙන් ද මැණික් එබ්බූ රන් මුදු, විසිතුරු කැටයම් කළ වළලු, රන් මාල යන ආභරණවලින් ද මල්ගහ සහිත විසිතුරු ගෙත්තමින් සැරසූ තොප්පියකින් ද මුළුඇඳුම සැදුණේය. තුප්පොට්ටිය යනු මැදින් මනාව සන්ධි වන කැබැලි දෙකකින් යුත් අට රියන් හෝ නව රියන් සුදු රෙද්දකි. මෙකල කුලවත් ගෑනුන්ගේ ඇඳුම වූයේ ඔහොරිය හා ලියවැල් වැඩ දැමූ හැට්ටයයි. තුප්පොට්ටිය ඇඳ සතරැස් පට ලේන්සුවක් මුල්ලෙන් මුල්ලට සිටින සේ දෙකට නමා කොන් දෙක දෙවුරෙන් පහළ පපුව දෙසට වැටෙන පරිද්දෙන් කර ලා ගැනීම පහත් පෙළේ නිලධාරීන්ගේ සිරිත විය. විදානේන්ලාටත් පහළින් සිටි නිලධාරි තුප්පොට්ටිය පමණක් ඇඳ හිසෙහි තලප්පාවක් බැන්දෝය. පණිවුඩකරුවන්ගේත් මුරකරුවන්ගේත් ඇඳුම වූයේ දිය කච්චිය නම් වස්ත්‍රයයි. දියට (නාන විට) අඳින්නක් වූ බැවින් එය දිය කච්චිය නමින් හඳුන්වන ලදි. දිය කච්චිය වර්ණවත් නූලින් මල්ලියකම් යොදා අලංකාර කොට ගෙන කුලවතුන් යටඇඳුමක් සේ පරිහරණය කළ බව පැවසේ. එය ඉදිරිපසින් එල්ලෙන ලොකු පෙරවැස්මකින් ද පසුපසින් විසිතුරු වැඩ රහිත පටු රෙදි පටියකින් ද ඉණ වටා බැඳීමට යොදන වියූ පීත්ත පටියකින් ද යුක්ත විය. ඉදිරි පසට වඩා පසුපස බෙහෙවින් පටු වන ලෙස කපන ලද දිය කච්චිවලට පත් කපාපු දිය කච්චි යයි කියනු ලැබේ. දිය කච්චියක මුළු දිග අඩි 5 සිට 6 දක්වාත් පෙරවැස්මෙහි දිගපළල අඩි 1, 1/2 × 2 පමණත් විය. ගොවියෝ කුඹුරු වැඩෙහි යෙදෙන විට ‘මඩ කච්චිය’ නම් වූ රෙදි කඩක් ඉණ වටා ඔතා හිසෙහි සුම්බරයක් බැඳ ගත්හ. ඒ වෙනුවට දැන් බෙහෙවින් භාවිත වන්නේ අමුඩය හා භත්තිය නොහොත් බටකොළ තොප්පියයි.
16 වන සියවසේ සිට අවුරුදු එකසිය පනසක් පමණ කාලයෙහි පහතරට පාලකයන්ව සිටි පෘතුගීසීන්ගේ ආශ්‍රයෙන් පහතරට උසස් පෙළේ ගෑනු සාය, චීත්ත, කබාකුරුත්තු, ජැකෙට්ටු, තොප්පි, සපත්තු, මේස්, චිනේල ආදියටත් පිරිමි කලිසම්, කබාය, කමිස, තුවා, ලේන්සු ආදියටත් ඇබ්බැහි වූහ. මැහුම් කර්මාන්තය හා සම්බන්ධ වූ රේන්ද, බොත්තම්, දිදාල, පොලොයි, බීක්කු ආදි වචන රාශියක් ද පෘතුගීසීන්ගෙන් අපට ලැබී තිබේ. තෙල් ආලේප කළ හිස කෙස් ඇඳුම්වල ගෑවීම වළක්වනු පිණිස උඩරට ගෑනුපිරිමින් භාවිතා කළ සුදු කපු රෙදිවලින් හෝ පට රෙදිවලින් කරන ලද මන්තය වචනයත් සමඟ ම පෘතුගීසීන්ගෙන් ලද්දකි. පෘතුගීසීන්ගෙන් පසු අවුරුදු එකසිය පනසක් පමණ ඕලන්දයන් පාලකයන් වූයෙන් ඔවුන්ගේ ආශ්‍රයෙන් පහතරට උසස් පෙළේ ගෑනු බොස්තොරොක්ක ආදියත් පිරිමි බාච්චි ආදියත් භාවිතා කරන්නට වූහ. බොහෝ කලක සිට මෙරට වෙළහෙළඳාම් ආදිය අල්ලා ගෙන සිටි ජාවුන්ගේ ආශ්‍රයෙන් ගෑනුන්ට කම්බාය හා කර පළල් ගෙඩි හැට්ටයත් පිරිමින්ට සරම, කැස්බලෙලි පණාව හා කෙළින් පණාවත් පුරුදු වූයේය. 19 වන සියවසෙහි මුළු රට ම පාලනය කරන්නට වන් ඉංග්‍රීසීන්ගේ ආශ්‍රයෙන් යුරෝපීය ඇඳුම්පැලඳුම් වැඩිවැඩියෙන් භාවිතයට ආයේය. විසිවන සිය වස මුල දී නීතිඥ ජෝන් ද සිල්වා මහතා ‘සියබස් ලියගේ විලාපය’ නමින් පළ කළ පොතෙහි එන -
“සමහරු පලඳිති පණා ජැකැට් සෝමන් ද ඔට්ටු කච්චිත් රුවටා
සමහරු කලිසම් කබා කෝට් තොප්පිත් පලඳිති සිඳ කෙස් කොටටා
සමහරු කලිසම යටින් දමා රෙදි රියන් හතර පලඳිති උඩටා
සමහරු සරමක් ඇඳ ගෙන ලෙන්සුව දමා ගනිති තම කර වටටා”
(24) යන්නෙන් එකල මෙරට භාවිතා වූ ඇතැම් පිරිමි ඇඳුම්ද,
“ඇතැම් ලියෝ පොල්කා බොඩි ක්‍රිනොලයින් සාය ගවුම් තොප්පි ද අඳිතී
ඇතැම් ලියෝ කම්බා හැට්ටත් ඇඳ පුයර සුවඳ තවරා ගනිතී
ඇතැම් ලියෝ ඔහොරිය ඇඳ ගෙන පෙර හින්දු ඇඳුම පටලා ගනිතී
ඇතැම් ලියෝ පියවුරු නොවසා ගෙන සුබාවට ම ඇරලා සිටිතී”
(25) යන්නෙන් ඇතැම් ගෑනු ඇඳුම් ද කියැවෙන්නේය.
සිංහල ආණ්ඩුවෙන් කඩුව ලබා සිටි නිලධාරීන්ට ඔවුන්ගේ කඩු ආභරණයක් වශයෙන් පමණක් පාවිච්චි කරන්නට පෘතුගීසීන් නියම කිරීමෙන් බිහිවූ කස්තානය බොලාත් බොත්තම් සහිත බඳකබායක් සමඟ පලඳින ලද්දේය. ඕලන්දයෝ බාපනයත් කැස්බලෙලි කෙළින් පණාව හා නැමි පණාවත් සෝමන හෙවත් මලායත් ඊට එක් කළහ. ඉංග්‍රීසීන්ගේ පාලනයට යටත්ව වැඩි කල් නොගොස් ම බොහෝ දෙන කලිසම් කෝට් ඇඳ කොංඩය කපා තොප්පිය දැමීම කළ හෙයින් ඔවුන්ගේ කස්තාන ඇඳුමෙන් සෝමන හා පණාව බැහැරව ඒ වෙනුවට තොප්පිය හා කලිසම භාවිතයට ආයේය.
මෑතක් වන තුරු ම නැකති ගෑනුන්ට ඇඟ ලූ හැට්ටයෙන් වම් අත ගළවා එය ඉණ ගසා ගෙන මිස බැහැරක යාමට අවසර නැති විය. ලොකු ලේන්සුවක හෝ සතරැස් රෙදි කඩක දෙකොනක් ගෙල වටා ද දෙකොනක් ඉණ වටා ද බැඳීමෙන් පියවුරු වසා ගැනීම රොඩී ගෑනුන්ගේ සිරිතය. උඩරට තලතුනා ගෑනු ගෙදර දී ඇඳ සිටින සේල පොටින් පියවුරු වසා ගනිත්. මුස්ලිම් ගෑනු මොට්ටැක්කිලියෙන් හිස වසා උකුළු ඇටයෙන් පහළට වැටෙන ලොවිච්චියකින් යුත් හැට්ටයක් ඇඳ ඔවුන්ට විශේෂ වූ ක්‍රමයකට සාරිය අඳිති. පාසල් යන වියේ පසු වන මුස්ලිම් ගෑනු ළමයි බොලට තෙක් දිග බුරුල් කලිසමක් ඇඳ ඊට උඩින් දුනමඬල තෙක් පමණ වැටෙන කොට ගවුමක් ලා දහුල් රෙදි කඩකින් හිස වසා ගනිත්. දකුණු ඉන්දියානු ද්‍රවිඩ පිරිමි වේට්ටිය හා බැනියම ද ගෑනු ඔවුන්ට ම විශේෂ වූ ක්‍රමයකට අඳිනු ලබන නොයෙක් වර්ණ ඇති සාරිය හා හැට්ටය ද භාවිතා කරති. මීට අවුරුදු තිහහතලිහකට පෙර වයස අවුරුදු හයහත වන තෙක් ම වාගේ සාමාන්‍යයෙන් පිරිමි ළමයින් ඇන්දේ ‘ජංගිය’ හෝ ‘කමිසය’ නම් වූ දිග බැනියමක් පමණකි. දැන් ඒ ඇඳුම මුළුමනින් ම වාගේ අභාවයට ගොස් තිබේ.
මෙකල උඩපාත දෙරටෙහි ම කුලගොත් ගැන තැකීමක් නැතිව ගෑනු සාරිය හෝ ඔසරිය හෝ රෙද්ද හා හැට්ටය ද පිරිමි ජාතික ඇඳුම යයි කියන රෙද්ද හා දිග බැනියම හෝ රෙද්ද හා කබාය හෝ කලිසම හා කමිසය ද ගෑනු ළමයින් කොට ගවුම ද පිරිමි ළමයින් කොට කලිසම හා අත් කොට කමිසය ද බහුල වශයෙන් අඳිනු පෙනේ. මන්ත හැට්ටය හා ළමා සාරිය උඩරට ළාබාල තරුණියන්ගේ ශෝභන ඇඳුමකි.
(සංස්කරණය: 1967)






