"උඩැක්කිය" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('අවනද්ධ වාද්‍ය භාණ්ඩයකි. සමින් වසන ලද මුඛ ඇත්තේ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
1 පේළිය: 1 පේළිය:
අවනද්ධ වාද්‍ය භාණ්ඩයකි. සමින් වසන ලද මුඛ ඇත්තේ යම් වාද්‍ය භාණ්ඩයක ද එය අවනද්ධ නම් වේ. උඩැක්කිය යන නාමය දෙමළ ‘උඩුක්කෛ’ යන්නෙන් බිඳී ආවකැයි සැලකිය හැකිය. මීට දෙමළෙන් ‘උඩුක්කෛ’ යන නාමය යොදන ලද්දේ එහි මැදභාගය සිහින් බැවිනි. එය දිගින් වියතක් පමණ වේ. මුඛවල (බෙර ඇස්වල) විෂ්කම්භය අඟල් අටක් පමණය. මැටි, දැව, පිත්තල යන මින් කිසිවකින් එහි කඳ තනාගනු ලැබේ. සමින් වැසූ ඇස් දෙක රැලි ආදියෙන් තොරව ස්ථිර ලෙස පිහිටන සේ ශක්තිමත් වළලු දෙකක් උභය පාර්ශවයෙහි සවි කර තිබේ. ලණු දැමීම සඳහා කරන ලද සිදුරු ඇති එම වළලු එකිනෙකට තද වන සේ දිග රැහැනක් එම සිදුරු අතරෙන් යොදා ගැටගසා ඇත. ඝන වූ පටියක් ලණුවලට පිටින් ඒවාට සම්බන්ධ කර උඩැක්කි කඳේ මැදභාගය හාත්පස වැසෙන සේ සවි කර ඇත. එය නාදයේ ආරෝහණ අවරෝහණ කාර්‍ය්‍යයන් සඳහා උවමනා වූ විටක තද කිරීම හා බුරුල් කිරීම උදෙසා යොදන ලද්දකි. ඇතැම් උඩැක්කිවල එක් බෙර ඇසක් හරහා විහිදුවන ලද ලණුවක් ද ඇතැමෙක දෙඇසෙහි ම එබඳු වූ ලණුව බැගින් ද යොදා ඇත. එම ලණු තද කිරීමෙන් මීමැස්සන්ගේ ගුමු ගුමු නාදයට සමාන ධ්වනියක් උඩැක්කි මුඛයෙන් නිකුත් වෙයි. සමහර උඩැක්කිවල කණ්ණි නමින් හැඳින්වෙන අස්ලොමක් එක් ඇසක් හරහට යොදා ඇත. අනික් ඇසට ගැසූ විට අස්ලොම ඇති ඇසින් මධුර ධ්වනියක් නිකුත් වේ.  
+
[[ගොනුව:4-525.jpg|300px|right]]අවනද්ධ වාද්‍ය භාණ්ඩයකි. සමින් වසන ලද මුඛ ඇත්තේ යම් වාද්‍ය භාණ්ඩයක ද එය අවනද්ධ නම් වේ. උඩැක්කිය යන නාමය දෙමළ ‘උඩුක්කෛ’ යන්නෙන් බිඳී ආවකැයි සැලකිය හැකිය. මීට දෙමළෙන් ‘උඩුක්කෛ’ යන නාමය යොදන ලද්දේ එහි මැදභාගය සිහින් බැවිනි. එය දිගින් වියතක් පමණ වේ. මුඛවල (බෙර ඇස්වල) විෂ්කම්භය අඟල් අටක් පමණය. මැටි, දැව, පිත්තල යන මින් කිසිවකින් එහි කඳ තනාගනු ලැබේ. සමින් වැසූ ඇස් දෙක රැලි ආදියෙන් තොරව ස්ථිර ලෙස පිහිටන සේ ශක්තිමත් වළලු දෙකක් උභය පාර්ශවයෙහි සවි කර තිබේ. ලණු දැමීම සඳහා කරන ලද සිදුරු ඇති එම වළලු එකිනෙකට තද වන සේ දිග රැහැනක් එම සිදුරු අතරෙන් යොදා ගැටගසා ඇත. ඝන වූ පටියක් ලණුවලට පිටින් ඒවාට සම්බන්ධ කර උඩැක්කි කඳේ මැදභාගය හාත්පස වැසෙන සේ සවි කර ඇත. එය නාදයේ ආරෝහණ අවරෝහණ කාර්‍ය්‍යයන් සඳහා උවමනා වූ විටක තද කිරීම හා බුරුල් කිරීම උදෙසා යොදන ලද්දකි. ඇතැම් උඩැක්කිවල එක් බෙර ඇසක් හරහා විහිදුවන ලද ලණුවක් ද ඇතැමෙක දෙඇසෙහි ම එබඳු වූ ලණුව බැගින් ද යොදා ඇත. එම ලණු තද කිරීමෙන් මීමැස්සන්ගේ ගුමු ගුමු නාදයට සමාන ධ්වනියක් උඩැක්කි මුඛයෙන් නිකුත් වෙයි. සමහර උඩැක්කිවල කණ්ණි නමින් හැඳින්වෙන අස්ලොමක් එක් ඇසක් හරහට යොදා ඇත. අනික් ඇසට ගැසූ විට අස්ලොම ඇති ඇසින් මධුර ධ්වනියක් නිකුත් වේ.  
  
මේ වාද්‍ය භාණ්ඩය වමතින් ග්‍රහණය කර දකුණතේ ඇඟිලිවලින් වාදනය කරනු ලැබේ. මෙය වැයීමේ දී දෝංකාරය හැර අනිකුත් විංශතිවිධ හස්තපාටයන් (බෙරපද) යෙදීමට නියමිතය. ඉන්දියාවේ මාරිඅම්මන් කෝවිල්වල ද ග්‍රාමදේවතා කෝවිල්වල ද උඩැක්කිය භාවිත වේ. අප රට මහනුවර ඇසළ පෙරහැරේ සහ අන් පෙරහරවල ද උඩැක්කි වයමින් නාටන නාට්‍ය කණ්ඩායම් දක්නට ලැබෙත්. ලංකාවේ දේවපූජාවන්හි දී ද දෙවොල්මඩු ආදියෙහි දී ද උඩැක්කිය භාවිත කරනු ලැබේ.
 
09:38, 18 පෙබරවාරි 2026 වන විට නවතම සංශෝධනය

4-525.jpg
අවනද්ධ වාද්‍ය භාණ්ඩයකි. සමින් වසන ලද මුඛ ඇත්තේ යම් වාද්‍ය භාණ්ඩයක ද එය අවනද්ධ නම් වේ. උඩැක්කිය යන නාමය දෙමළ ‘උඩුක්කෛ’ යන්නෙන් බිඳී ආවකැයි සැලකිය හැකිය. මීට දෙමළෙන් ‘උඩුක්කෛ’ යන නාමය යොදන ලද්දේ එහි මැදභාගය සිහින් බැවිනි. එය දිගින් වියතක් පමණ වේ. මුඛවල (බෙර ඇස්වල) විෂ්කම්භය අඟල් අටක් පමණය. මැටි, දැව, පිත්තල යන මින් කිසිවකින් එහි කඳ තනාගනු ලැබේ. සමින් වැසූ ඇස් දෙක රැලි ආදියෙන් තොරව ස්ථිර ලෙස පිහිටන සේ ශක්තිමත් වළලු දෙකක් උභය පාර්ශවයෙහි සවි කර තිබේ. ලණු දැමීම සඳහා කරන ලද සිදුරු ඇති එම වළලු එකිනෙකට තද වන සේ දිග රැහැනක් එම සිදුරු අතරෙන් යොදා ගැටගසා ඇත. ඝන වූ පටියක් ලණුවලට පිටින් ඒවාට සම්බන්ධ කර උඩැක්කි කඳේ මැදභාගය හාත්පස වැසෙන සේ සවි කර ඇත. එය නාදයේ ආරෝහණ අවරෝහණ කාර්‍ය්‍යයන් සඳහා උවමනා වූ විටක තද කිරීම හා බුරුල් කිරීම උදෙසා යොදන ලද්දකි. ඇතැම් උඩැක්කිවල එක් බෙර ඇසක් හරහා විහිදුවන ලද ලණුවක් ද ඇතැමෙක දෙඇසෙහි ම එබඳු වූ ලණුව බැගින් ද යොදා ඇත. එම ලණු තද කිරීමෙන් මීමැස්සන්ගේ ගුමු ගුමු නාදයට සමාන ධ්වනියක් උඩැක්කි මුඛයෙන් නිකුත් වෙයි. සමහර උඩැක්කිවල කණ්ණි නමින් හැඳින්වෙන අස්ලොමක් එක් ඇසක් හරහට යොදා ඇත. අනික් ඇසට ගැසූ විට අස්ලොම ඇති ඇසින් මධුර ධ්වනියක් නිකුත් වේ.

මේ වාද්‍ය භාණ්ඩය වමතින් ග්‍රහණය කර දකුණතේ ඇඟිලිවලින් වාදනය කරනු ලැබේ. මෙය වැයීමේ දී දෝංකාරය හැර අනිකුත් විංශතිවිධ හස්තපාටයන් (බෙරපද) යෙදීමට නියමිතය. ඉන්දියාවේ මාරිඅම්මන් කෝවිල්වල ද ග්‍රාමදේවතා කෝවිල්වල ද උඩැක්කිය භාවිත වේ. අප රට මහනුවර ඇසළ පෙරහැරේ සහ අන් පෙරහරවල ද උඩැක්කි වයමින් නාටන නාට්‍ය කණ්ඩායම් දක්නට ලැබෙත්. ලංකාවේ දේවපූජාවන්හි දී ද දෙවොල්මඩු ආදියෙහි දී ද උඩැක්කිය භාවිත කරනු ලැබේ.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උඩැක්කිය&oldid=10197" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි