"ඌනෝෂ්ඨය" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
 
6 පේළිය: 6 පේළිය:
  
වක්‍රපාද, සෞෂුම්න ජලශෝථය (spina bifida) වැනි වෙනත් ආජන්මජ විකෘති ද ඌනෝෂ්ඨය හා එක්ව ඇති වීම විරල නොවේ.  
 
වක්‍රපාද, සෞෂුම්න ජලශෝථය (spina bifida) වැනි වෙනත් ආජන්මජ විකෘති ද ඌනෝෂ්ඨය හා එක්ව ඇති වීම විරල නොවේ.  
 
+
[[ගොනුව:5-103.jpg|800px|center]]
 
ඌනෝෂ්ඨය වැනි විකෘතියක් පුන පුනා හට ගැනෙන සේ කලල ජීවිතයේ එක්තරා අවස්ථාවක දී වක්ත්‍ර විදලිත අසම්පූර්ණ ලෙස වැසී යෑමට හේතු පැහැදිලි නැත. මේ සම්බන්ධයෙන් ප්‍රවේණි බලපෑම් ඇතැයි හඟවනසුලු නිශ්චිත මෙන්ඩලීය උරුම රටාවක් නොමැති වුව ද ඌනෝෂ්ඨය පොදුජනගහනය අතර දක්නට ඇති ප්‍රමාණයට වැඩි ප්‍රමාණයකින් එම විකෘතිය ඇති අයගේ නෑදෑයන් අතර දක්නට ලැබීමෙන් එහි ප්‍රාවේණික සම්බන්ධතාවක් ඇත්තා සේ පෙනේ.  
 
14:51, 16 අප්‍රේල් 2026 වන විට නවතම සංශෝධනය

(ශශෝෂ්ඨය - Harelip). ඌනෝෂ්ඨය යනු උඩු තොල එහි මැද රේඛාවේ එක් පසකින් හෝ දෙපසින් ම සිරස් අතට පැළීයාමෙන් ඇති වන ආජන්මජ ‍විකෘතියයි. මෙහි සාවකුගේ තොලට සමාන බවක් දැක ඉංග්‍රීසියෙන් ඊට harelip (ශශෝෂ්ඨය) යයි කියත්.

මේ විකෘතිය සිදුවන්නේ ගර්භාශයාභ්‍යන්තර ජීවිතයේ පස් වැනි සතියේ සිට අටවැනි සතිය තෙක් වූ කාලපරිච්ඡේදය තුළ ප්‍රධාන වශයෙන් සිදුවන මුහුණ හැඩ ගැසීමේ කාලය අතරතුරේ දී කලල විදලිතයන් (embryonic clefts) අපරිපූර්ණව වැසී යෑම හේතු කොට ගෙනය. මුහුණ වර්ධනය වීමේ අවස්ථා 1, 2, 3 රූපවලින් දැක්වේ. ලලාට ප්‍රසරයෙන් නළල ද ත්‍රිකෝණ ප්‍රදේශයෙන් නාස්පොල්ල හා නාසයේ මැද කොටස ද සෑදේ. මාධ්‍යම නාසික ප්‍රසරයෙන් නාසිකාවාරය (nasal septum) ද ප්‍රකුංජය (premaxilla) ද විදුරුමස්වල හා උඩුතොලේ මැද කොටස ද සෑදේ. නාසයේ පැති, නාසා වාජ (alae nasi) සහ නාස්පුඩු සෑදෙන්නේ පාර්ශ්වීය නාසික ප්‍රසරවලිනි. තොල්වල පාර්ශ්වීය අර්ධ විදුරුමස් හා කපෝල සෑදෙන්නේ කුංජක (maxillary) ප්‍රසරවලිනි. මේ කුංජක ප්‍රසර දෙපසින් ම වර්ධනය වී මාධ්‍යම නාසික ප්‍රසරය හා සම්බන්ධ වේ. පීචක (mandibular) ප්‍රසර එක් එක් පසින් ඒකාබද්ධ වීමෙන් යටි හනුව, යටි තොල හා විදුරුමස් සෑදේ.

5-102.jpg

ඌනෝෂ්ඨය ඇති වනුයේ මාධ්‍යම නාසික ප්‍රසරය කුංජක ප්‍රසරය හා ඒකාබද්ධ වීමට අසමත් වූ විටය. මේ ඒකාබද්ධ නොවීම සිදු වනුයේ එක් පසෙකින් ද නොඑසේ නම් දෙපසින් ම ද යන්න අනුව ඌනෝෂ්ඨය එක් පසෙක පමණක් හෝ දෙපසෙහි ම ඇති වන්නේය. එක් පසෙක ඇති වන ඌනෝෂ්ඨය සාමාන්‍ය වශයෙන් දක්නට ලැබෙන්නේ වම් පසෙහිය. එක් පසෙක වේවා, දෙපසෙහි ම වේවා, විකෘතිය සම්පූර්ණ හෝ අසම්පූර්ණ විය හැකිය. සම්පූර්ණ ඌනෝෂ්ඨය නාස්පුඩු දක්වා විස්තීර්ණ වන අතර (5 රූපය) අසම්පූර්ණ ඌනෝෂ්ඨය තොලේ ශ්ලේෂ්මල පෘෂ්ඨයෙහි ඇති වන ඇලියක පටන් තොල මුළුල්ලේ ම පාහේ පැතිර පවත්නා ගැඹුරු කපොල්ලක් දක්වා වූ විකෘතියක් විය හැකිය (4 රූපය). එක් පසෙකින් ඇති වන සම්පූර්ණ ඌනෝෂ්ඨයක දී මාධ්‍යම නාසික ප්‍රසරයෙහි සෑදෙන ප්‍රකුංජය බොහෝ විට හරස්ව පිහිටා බුන් තල්ලක් (cleft palate) ද ඇති කරමින් ඉදිරියට ඇල වී තිබේ. දෙපසින් ම ඇති වන සම්පූර්ණ ඌනෝෂ්ඨයේ දී (කෘන්තක දත් දරා සිටින) ප්‍රකුංජය සිනිඳු පටකවලින් වැසී පවතී. පුරඃ ඕෂ්ඨයේ (pro-labium) හම නාසිකාවාරයට සම්බන්ධ වූ අශෝභන ගුළියක් මෙන් ඉදිරියට නෙරා සිටී (6 රූපය). මේ ස්වභාවය 'වෘක හොම්බ' (wolf snout) යනුවෙන් හඳුන්වා තිබේ. දැඩි තල්ලේ සහ මොළොක් තල්ලේ විවරයක් ද බොහෝ විට ඒ සමඟ ඇති වේ. නාස්පුඩු පුළුල්ව ඇලේට පිහිටා ඇත.

වක්‍රපාද, සෞෂුම්න ජලශෝථය (spina bifida) වැනි වෙනත් ආජන්මජ විකෘති ද ඌනෝෂ්ඨය හා එක්ව ඇති වීම විරල නොවේ.

5-103.jpg

ඌනෝෂ්ඨය වැනි විකෘතියක් පුන පුනා හට ගැනෙන සේ කලල ජීවිතයේ එක්තරා අවස්ථාවක දී වක්ත්‍ර විදලිත අසම්පූර්ණ ලෙස වැසී යෑමට හේතු පැහැදිලි නැත. මේ සම්බන්ධයෙන් ප්‍රවේණි බලපෑම් ඇතැයි හඟවනසුලු නිශ්චිත මෙන්ඩලීය උරුම රටාවක් නොමැති වුව ද ඌනෝෂ්ඨය පොදුජනගහනය අතර දක්නට ඇති ප්‍රමාණයට වැඩි ප්‍රමාණයකින් එම විකෘතිය ඇති අයගේ නෑදෑයන් අතර දක්නට ලැබීමෙන් එහි ප්‍රාවේණික සම්බන්ධතාවක් ඇත්තා සේ පෙනේ.

ඌනෝෂ්ඨය, කිරි ඉරීම වළකාලීමෙන් දරුවකු හාමතේ තබා ඊට අනුබද්ධ උපද්‍රවයන්ට ගොදුරු කිරීමට තරම් තදබල වීමට ඉඩ තිබේ. උච්ඡ්වසන නියුමෝනියාව ද මේ හේතුකොටගෙන ඇති විය හැකි තවත් භයානක උපද්‍රවයකි. ඌනෝෂ්ඨය එතරම් තදබල නොවන විට පවා උච්චාරණයේ අඩුපාඩුකම් විරල නොවේ.

ඌනෝෂ්ඨයට එක ම ප්‍රතිකාරය ශල්‍යකර්මයයි. මෙකල කල්ප්‍ය ශල්‍යකර්මයෙන් ඉතා හොඳ ප්‍රතිඵල ලැබේ. හැකිතාක් ඉක්මනින් ඌනෝෂ්ඨය හරිගස්සාගත යුතු බව වෛද්‍යවරුන්ගේ ඒකමතික පිළිගැනීමයි. එහෙත් බුන් තල්ල සම්බන්ධයෙන් නම් ප්‍රතිකර්ම යෙදීම ළමයාට වයස අවුරුදු තුන පමණ වන තුරු පමා කිරීම මැනවැයි යනු ඇතැම් ශල්‍ය වෛද්‍යවරුන්ගේ අදහසයි.

(කර්තෘ: ආර්.ඩී. ද ඒ. සෙනෙවිරත්න)

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඌනෝෂ්ඨය&oldid=10773" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි