"අඛ්‍යාතිවාදය" හි සංශෝධන අතර වෙනස්කම්
('අනිකුත් දාර්ශණිකයන් විසින් භ්‍රමය වශයෙන් සලක...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
1 පේළිය: | 1 පේළිය: | ||
අනිකුත් දාර්ශණිකයන් විසින් භ්‍රමය වශයෙන් සලකනු ලබන මිථ්‍යාඥානයට ප්‍රාභාකර මීමාංසකයෝ අඛ්‍යාතිවාද යයි නම් කරති. මෙයට විවේක අඛ්‍යාති යයි ද කියනු ලැබේ. එහි අදහස නම් එකට සම්බන්ධ වූවක් සේ පෙනෙන දැනීම් දෙකක භේදය හෙවත් වෙනස (විවේක) නොපෙනීම (අඛ්‍යාති) යනුයි. | අනිකුත් දාර්ශණිකයන් විසින් භ්‍රමය වශයෙන් සලකනු ලබන මිථ්‍යාඥානයට ප්‍රාභාකර මීමාංසකයෝ අඛ්‍යාතිවාද යයි නම් කරති. මෙයට විවේක අඛ්‍යාති යයි ද කියනු ලැබේ. එහි අදහස නම් එකට සම්බන්ධ වූවක් සේ පෙනෙන දැනීම් දෙකක භේදය හෙවත් වෙනස (විවේක) නොපෙනීම (අඛ්‍යාති) යනුයි. | ||
− | + | ප්‍රාභාකරයන්ට අයථාර්ථානුභවයක් නොමැත; එනම් අනුභවය යථාර්ථ අයථාර්ථ යයි දෙකකට නොබෙදති. ස්මෘතියෙන් පිටස්තර වූ සෑම දැනුමක් ම අනුභවයක් ම ය; යථාර්ථ අනුභවයක් ම ය. එම නිසා ප්‍රාභාකරයන්ට භ්‍රමය වශයෙන් සැලකිය හැකි දැනුමක් නැත්තේය. සිප්පිකටුවක් මුල් කොට ඇති වූ "මේ රිදීයකි" යන දැනුම එක දැනුමක් නොව දැනීම් දෙකකි. "මෙය මැයි" යනු එක දැනීමකි. එය ලැබුණේ කෙළින් ම ඉඳුරන්ට සම්බන්ධ වීමෙනි. "රිදී රිදීමයි" යනු තවත් දැනීමකි. එය අනුභවයක් නොව හුදු ස්මරණයකි. එකක් කොට ගත්තා වූ මේ දැනුම් දෙකේ වෙනස හෙවත් භේදය නොදිස්වීම (අඛ්‍යාත වීම) නිසා මුළාවූවක් (භ්‍රමයක්) සේ පෙනේ. එසේ පෙනීමට හේතු වන්නේ (1) ප්‍රමාතෘ (2) ප්‍රමාණ (3) ප්‍රමේය යන මේ ත්‍රිකය තුළ වූ ත්‍රිපුටී දෝෂයෝය. (1) බලන්නා තුළ ඇතිවන ලෝභාදි දෝෂ ද (2) චක්ෂුරාදි ඉන්ද්‍රිය ප්‍රමාණගත පිත්තාදි දෝෂ ද (3) අරමුණුගත සමානකම් වැනි දෝෂ ද ත්‍රිපුටී දෝෂයෝ වෙත්. ඔව්හු විවේකඥානයට යමක් වෙන්ව සලකා වටහා ගැනීමට බාධා පමුණුවති. මෙහි ද රිදීයකට සමාන බැබළීමකින් සිප්පි කටුව පෙනෙන හෙයින් සිප්පි කටුව පිළිබඳ සාමාන්‍ය දැනීම සමඟ අහක තිබෙන්නා වූ රිදීයක් පිළිබඳ ස්මෘතියක් ද පහළ වේ. | |
− | + | "මේ රිදීයකැ"යි වරදවා කෙරෙන ව්‍යවහාරයට ද හේතුවන්නේ දැනුම් දෙකෙහි වෙනස නොවැටහීමයි. "මේ රිදීයකි" යන දැනුමට අනතුරුව ඇතිවන "මේ රිදීයක් නොවේ"ය යන බාධක දැනුමෙන් කෙරෙන්නේත් "මේ" යන ප්‍රත්‍යක්ෂාත්මක හා "රිදීයකි"ය ස්මරණාත්මක ඥානද්වය එකිනෙකින් වෙන් කර ගැනීමට බාධා පැමිණවීම පමණකි. ස්ත්‍රියකගේ අතෙහි ඇති රිදීමය වළල්ලේ සත්‍ය රිදී ස්වරූපයට ඉන් බාධාවක් නොපැමිණේ. "රිදීයකැ"යි වරදවා ගත් සිප්පි කටුව ලබාගනු වස් පෙලෙඹෙන්නේත් යටකී දැනුම් දෙක වෙන් වශයෙන් වටහා නොගත් නිසාය. මෙහි වූයේ භේදය නොපෙනීමයි. විවේකාග්‍රහය යනු ද අඛ්‍යාතිය යනු ද එය මැයි. | |
− | කර්තෘ: ඇස්. අබේසිංහ | + | කර්තෘ:[[ඇස්.අබේසිංහ]] |
− | පොත්පත්: | + | '''පොත්පත්:''' |
− | මුක්තාවලී | + | |
+ | මුක්තාවලී | ||
(සංස්කරණය:1963) | (සංස්කරණය:1963) | ||
[[ප්‍රවර්ගය:අ]] | [[ප්‍රවර්ගය:අ]] |
15:14, 10 ජූලි 2023 වන විට නවතම සංශෝධනය
අනිකුත් දාර්ශණිකයන් විසින් භ්‍රමය වශයෙන් සලකනු ලබන මිථ්‍යාඥානයට ප්‍රාභාකර මීමාංසකයෝ අඛ්‍යාතිවාද යයි නම් කරති. මෙයට විවේක අඛ්‍යාති යයි ද කියනු ලැබේ. එහි අදහස නම් එකට සම්බන්ධ වූවක් සේ පෙනෙන දැනීම් දෙකක භේදය හෙවත් වෙනස (විවේක) නොපෙනීම (අඛ්‍යාති) යනුයි.
ප්‍රාභාකරයන්ට අයථාර්ථානුභවයක් නොමැත; එනම් අනුභවය යථාර්ථ අයථාර්ථ යයි දෙකකට නොබෙදති. ස්මෘතියෙන් පිටස්තර වූ සෑම දැනුමක් ම අනුභවයක් ම ය; යථාර්ථ අනුභවයක් ම ය. එම නිසා ප්‍රාභාකරයන්ට භ්‍රමය වශයෙන් සැලකිය හැකි දැනුමක් නැත්තේය. සිප්පිකටුවක් මුල් කොට ඇති වූ "මේ රිදීයකි" යන දැනුම එක දැනුමක් නොව දැනීම් දෙකකි. "මෙය මැයි" යනු එක දැනීමකි. එය ලැබුණේ කෙළින් ම ඉඳුරන්ට සම්බන්ධ වීමෙනි. "රිදී රිදීමයි" යනු තවත් දැනීමකි. එය අනුභවයක් නොව හුදු ස්මරණයකි. එකක් කොට ගත්තා වූ මේ දැනුම් දෙකේ වෙනස හෙවත් භේදය නොදිස්වීම (අඛ්‍යාත වීම) නිසා මුළාවූවක් (භ්‍රමයක්) සේ පෙනේ. එසේ පෙනීමට හේතු වන්නේ (1) ප්‍රමාතෘ (2) ප්‍රමාණ (3) ප්‍රමේය යන මේ ත්‍රිකය තුළ වූ ත්‍රිපුටී දෝෂයෝය. (1) බලන්නා තුළ ඇතිවන ලෝභාදි දෝෂ ද (2) චක්ෂුරාදි ඉන්ද්‍රිය ප්‍රමාණගත පිත්තාදි දෝෂ ද (3) අරමුණුගත සමානකම් වැනි දෝෂ ද ත්‍රිපුටී දෝෂයෝ වෙත්. ඔව්හු විවේකඥානයට යමක් වෙන්ව සලකා වටහා ගැනීමට බාධා පමුණුවති. මෙහි ද රිදීයකට සමාන බැබළීමකින් සිප්පි කටුව පෙනෙන හෙයින් සිප්පි කටුව පිළිබඳ සාමාන්‍ය දැනීම සමඟ අහක තිබෙන්නා වූ රිදීයක් පිළිබඳ ස්මෘතියක් ද පහළ වේ.
"මේ රිදීයකැ"යි වරදවා කෙරෙන ව්‍යවහාරයට ද හේතුවන්නේ දැනුම් දෙකෙහි වෙනස නොවැටහීමයි. "මේ රිදීයකි" යන දැනුමට අනතුරුව ඇතිවන "මේ රිදීයක් නොවේ"ය යන බාධක දැනුමෙන් කෙරෙන්නේත් "මේ" යන ප්‍රත්‍යක්ෂාත්මක හා "රිදීයකි"ය ස්මරණාත්මක ඥානද්වය එකිනෙකින් වෙන් කර ගැනීමට බාධා පැමිණවීම පමණකි. ස්ත්‍රියකගේ අතෙහි ඇති රිදීමය වළල්ලේ සත්‍ය රිදී ස්වරූපයට ඉන් බාධාවක් නොපැමිණේ. "රිදීයකැ"යි වරදවා ගත් සිප්පි කටුව ලබාගනු වස් පෙලෙඹෙන්නේත් යටකී දැනුම් දෙක වෙන් වශයෙන් වටහා නොගත් නිසාය. මෙහි වූයේ භේදය නොපෙනීමයි. විවේකාග්‍රහය යනු ද අඛ්‍යාතිය යනු ද එය මැයි.
කර්තෘ:ඇස්.අබේසිංහ
පොත්පත්:
මුක්තාවලී
(සංස්කරණය:1963)