"අගතිය" හි සංශෝධන අතර වෙනස්කම්
('ලෝකයෙහි සම්මත වූ යුක්තිධර්මය ඉක්මවා යෑම ''අගති...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
1 පේළිය: | 1 පේළිය: | ||
− | ලෝකයෙහි සම්මත වූ යුක්තිධර්මය ඉක්මවා යෑම | + | ලෝකයෙහි සම්මත වූ යුක්තිධර්මය ඉක්මවා යෑම "අගතිගමන" යයි කියනු ලැබේ. ඡන්ද, දෝස, භය, මෝහ යයි අගතියට පැමිණීමේ හේතු සතරෙකි. එහෙයින් අගතිය ද ඡන්දාගති, දෝසාගති, භයාගති, මෝහාගති යයි සිවුවැදෑරුම්ය. |
භාණ්ඩාදිය බෙදන තැන දී හෝ යුක්ති විසඳන අවස්ථායෙහි හෝ යමෙක් මේ තෙමේ මාගේ නෑයෙකැයි කියා හෝ මිතුරෙකැයි කියා හෝ අල්ලස් දිනැ යි හෝ සලකා ඡන්ද වශයෙන් ලෝභය හේතුකොටගෙන හිමියන් අහිමි කිරීම ආදී විසින් යුක්තිධර්මයට පිටුපා ක්‍රියා කරනුයේ ඡන්දයෙන් අගතියට යනුයේ නම් වෙයි. | භාණ්ඩාදිය බෙදන තැන දී හෝ යුක්ති විසඳන අවස්ථායෙහි හෝ යමෙක් මේ තෙමේ මාගේ නෑයෙකැයි කියා හෝ මිතුරෙකැයි කියා හෝ අල්ලස් දිනැ යි හෝ සලකා ඡන්ද වශයෙන් ලෝභය හේතුකොටගෙන හිමියන් අහිමි කිරීම ආදී විසින් යුක්තිධර්මයට පිටුපා ක්‍රියා කරනුයේ ඡන්දයෙන් අගතියට යනුයේ නම් වෙයි. | ||
− | යමෙක් | + | යමෙක් "මේ තෙමේ මාගේ සතුරෙකැ"යි ද, "මට අනර්‍ථ කෙළේය" යනාදි විසින් ද පියවීන් හටගත් වෛරය හේතුකොටගෙන හෝ එකෙණෙහි උපන් කෝපයකින් හෝ හිමියන් අහිමි කිරීම් ආදි නොපනත්කම් කරනුයේ ද්වේෂයෙන් අගතියට යනුයේ නම් වෙයි. |
− | යමෙක් | + | යමෙක් "මේ තෙමේ රාජවල්ලභය, විෂමයන් ඇසුරු කෙළේය, චණ්ඩ පරුෂය, බලවත් ය, එහෙයින් මට අනර්ථ හෝ කෙරේ ය"යි බියපත්ව හිමියන් අහිමි කිරීම් ආදීන් යුක්තිධර්මය ඉක්මවා යනුයේ භයින් අගතියට යනුයේ නම් වෙයි. |
යමෙක් තමා නුවණ මඳ බව හේතුකොටගෙන යම්තමින් මුළාවන බැවින් හිමියන් අහිමි කිරීම් ආදි නොකටයුතු කෙරේ නම් හේ මෝහයෙන් අගතියට යනුයේ නම් වේ. | යමෙක් තමා නුවණ මඳ බව හේතුකොටගෙන යම්තමින් මුළාවන බැවින් හිමියන් අහිමි කිරීම් ආදි නොකටයුතු කෙරේ නම් හේ මෝහයෙන් අගතියට යනුයේ නම් වේ. | ||
11 පේළිය: | 11 පේළිය: | ||
මේ සතර අගතිය සංක්ලේශපක්ෂයෙහි අකුශල ධර්මය. ඡන්දාගතිය ලෝභමූලයෙන් ද ද්වේෂා ගතිය දෝස මූලයෙන් ද භයාගතිය හා මෝහාගතිය මෝහමූලයෙන් ද උපදනේය. යමෙක් ඡන්දාදි සතර අගතියට යෑමෙන් හිමියන් අහිමි කොට සුදුස්සා නුසුදුසු කොට කුලීනයා අකුලීන කොට ධර්මන්‍යාය හෙවත් යුක්තිධර්මය ඉක්මවා ක්‍රියා කරයි නම්, ඔහුගේ කීර්ති සංඛ්‍යාත යශස් ද පරිවාරයශස් ද කළුවර පක්ෂයෙහි සඳ මෙන් දිනෙන් දින ම පිරිහීයෙයි වදාළහ. බුදුහු: | මේ සතර අගතිය සංක්ලේශපක්ෂයෙහි අකුශල ධර්මය. ඡන්දාගතිය ලෝභමූලයෙන් ද ද්වේෂා ගතිය දෝස මූලයෙන් ද භයාගතිය හා මෝහාගතිය මෝහමූලයෙන් ද උපදනේය. යමෙක් ඡන්දාදි සතර අගතියට යෑමෙන් හිමියන් අහිමි කොට සුදුස්සා නුසුදුසු කොට කුලීනයා අකුලීන කොට ධර්මන්‍යාය හෙවත් යුක්තිධර්මය ඉක්මවා ක්‍රියා කරයි නම්, ඔහුගේ කීර්ති සංඛ්‍යාත යශස් ද පරිවාරයශස් ද කළුවර පක්ෂයෙහි සඳ මෙන් දිනෙන් දින ම පිරිහීයෙයි වදාළහ. බුදුහු: | ||
− | + | "ඡන්දාදොසා භයා මොහා - යො ධම්මං අතිවත්තති | |
− | නිහීයති තස්ස යසො-කොළපක්ඛෙව චන්දිමා" යි යමෙක් ඡන්දාදි හේතුයෙන් අගයට නොයයි නම්, යුක්ති ධර්මය නොඉක්මවයි නම්, ඔහුගේ යශස් ශුක්ලපක්ෂයෙහි චන්ද්‍රයා සෙයින් හාත්පසින් වැඩේ යයි ද වදාළහ. තවද ඡන්දාදි සතර අගතියට නොපැමිණි මිනිසාගේ චිත්තසන්තානය පවිත්‍ර කරගැනීමට කාය, වේදනා, චිත්ත, ධම්ම යන සතර සතිපට්ඨාන ධර්මයෝ ඉවහල් වෙති. මේ අගතිය මාර්ගඥානයෙන් සමුච්ඡේද වශයෙන් නැසිය යුතුය. ආර්යපුද්ගලයා ලෝභාදිය (ඡන්දාදිය) නැසූ හෙයින් අගතියට නොයයි. ඡන්දාදියෙන් අගතියට නොයන ආර්‍ය්‍යපුද්ගලයා නාග (අගතියට නොයන්නා) යයි ද බුදුරදුන් විසින් හඳුන්වන ලද්දේය. | + | නිහීයති තස්ස යසො-කොළපක්ඛෙව චන්දිමා"යි යමෙක් ඡන්දාදි හේතුයෙන් අගයට නොයයි නම්, යුක්ති ධර්මය නොඉක්මවයි නම්, ඔහුගේ යශස් ශුක්ලපක්ෂයෙහි චන්ද්‍රයා සෙයින් හාත්පසින් වැඩේ යයි ද වදාළහ. තවද ඡන්දාදි සතර අගතියට නොපැමිණි මිනිසාගේ චිත්තසන්තානය පවිත්‍ර කරගැනීමට කාය, වේදනා, චිත්ත, ධම්ම යන සතර සතිපට්ඨාන ධර්මයෝ ඉවහල් වෙති. මේ අගතිය මාර්ගඥානයෙන් සමුච්ඡේද වශයෙන් නැසිය යුතුය. ආර්යපුද්ගලයා ලෝභාදිය (ඡන්දාදිය) නැසූ හෙයින් අගතියට නොයයි. ඡන්දාදියෙන් අගතියට නොයන ආර්‍ය්‍යපුද්ගලයා නාග (අගතියට නොයන්නා) යයි ද බුදුරදුන් විසින් හඳුන්වන ලද්දේය. |
(සංස්කරණය:1963) | (සංස්කරණය:1963) | ||
[[ප්‍රවර්ගය:අ]] | [[ප්‍රවර්ගය:අ]] |
15:16, 10 ජූලි 2023 වන විට නවතම සංශෝධනය
ලෝකයෙහි සම්මත වූ යුක්තිධර්මය ඉක්මවා යෑම "අගතිගමන" යයි කියනු ලැබේ. ඡන්ද, දෝස, භය, මෝහ යයි අගතියට පැමිණීමේ හේතු සතරෙකි. එහෙයින් අගතිය ද ඡන්දාගති, දෝසාගති, භයාගති, මෝහාගති යයි සිවුවැදෑරුම්ය.
භාණ්ඩාදිය බෙදන තැන දී හෝ යුක්ති විසඳන අවස්ථායෙහි හෝ යමෙක් මේ තෙමේ මාගේ නෑයෙකැයි කියා හෝ මිතුරෙකැයි කියා හෝ අල්ලස් දිනැ යි හෝ සලකා ඡන්ද වශයෙන් ලෝභය හේතුකොටගෙන හිමියන් අහිමි කිරීම ආදී විසින් යුක්තිධර්මයට පිටුපා ක්‍රියා කරනුයේ ඡන්දයෙන් අගතියට යනුයේ නම් වෙයි.
යමෙක් "මේ තෙමේ මාගේ සතුරෙකැ"යි ද, "මට අනර්‍ථ කෙළේය" යනාදි විසින් ද පියවීන් හටගත් වෛරය හේතුකොටගෙන හෝ එකෙණෙහි උපන් කෝපයකින් හෝ හිමියන් අහිමි කිරීම් ආදි නොපනත්කම් කරනුයේ ද්වේෂයෙන් අගතියට යනුයේ නම් වෙයි.
යමෙක් "මේ තෙමේ රාජවල්ලභය, විෂමයන් ඇසුරු කෙළේය, චණ්ඩ පරුෂය, බලවත් ය, එහෙයින් මට අනර්ථ හෝ කෙරේ ය"යි බියපත්ව හිමියන් අහිමි කිරීම් ආදීන් යුක්තිධර්මය ඉක්මවා යනුයේ භයින් අගතියට යනුයේ නම් වෙයි.
යමෙක් තමා නුවණ මඳ බව හේතුකොටගෙන යම්තමින් මුළාවන බැවින් හිමියන් අහිමි කිරීම් ආදි නොකටයුතු කෙරේ නම් හේ මෝහයෙන් අගතියට යනුයේ නම් වේ.
මේ සතර අගතිය සංක්ලේශපක්ෂයෙහි අකුශල ධර්මය. ඡන්දාගතිය ලෝභමූලයෙන් ද ද්වේෂා ගතිය දෝස මූලයෙන් ද භයාගතිය හා මෝහාගතිය මෝහමූලයෙන් ද උපදනේය. යමෙක් ඡන්දාදි සතර අගතියට යෑමෙන් හිමියන් අහිමි කොට සුදුස්සා නුසුදුසු කොට කුලීනයා අකුලීන කොට ධර්මන්‍යාය හෙවත් යුක්තිධර්මය ඉක්මවා ක්‍රියා කරයි නම්, ඔහුගේ කීර්ති සංඛ්‍යාත යශස් ද පරිවාරයශස් ද කළුවර පක්ෂයෙහි සඳ මෙන් දිනෙන් දින ම පිරිහීයෙයි වදාළහ. බුදුහු:
"ඡන්දාදොසා භයා මොහා - යො ධම්මං අතිවත්තති
නිහීයති තස්ස යසො-කොළපක්ඛෙව චන්දිමා"යි යමෙක් ඡන්දාදි හේතුයෙන් අගයට නොයයි නම්, යුක්ති ධර්මය නොඉක්මවයි නම්, ඔහුගේ යශස් ශුක්ලපක්ෂයෙහි චන්ද්‍රයා සෙයින් හාත්පසින් වැඩේ යයි ද වදාළහ. තවද ඡන්දාදි සතර අගතියට නොපැමිණි මිනිසාගේ චිත්තසන්තානය පවිත්‍ර කරගැනීමට කාය, වේදනා, චිත්ත, ධම්ම යන සතර සතිපට්ඨාන ධර්මයෝ ඉවහල් වෙති. මේ අගතිය මාර්ගඥානයෙන් සමුච්ඡේද වශයෙන් නැසිය යුතුය. ආර්යපුද්ගලයා ලෝභාදිය (ඡන්දාදිය) නැසූ හෙයින් අගතියට නොයයි. ඡන්දාදියෙන් අගතියට නොයන ආර්‍ය්‍යපුද්ගලයා නාග (අගතියට නොයන්නා) යයි ද බුදුරදුන් විසින් හඳුන්වන ලද්දේය.
(සංස්කරණය:1963)