"අඞ්ගීරස 1" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('මෙය බුදුරජාණන්වහන්සේ හැඳින්වීමට භාවිත කෙරෙන...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
 
1 පේළිය: 1 පේළිය:
මෙය බුදුරජාණන්වහන්සේ හැඳින්වීමට භාවිත කෙරෙන සංඥානාමයකි. ‘‘සබ්බද බ්‍යාමප්පහා කායතො නිච්ඡරණ වසෙන අඞ්ගීරසො ‘‘හැමකල්හි සිරුරින් බ්‍යාමප්‍රභාව නික්මෙන හෙයින් බුදුරදුන්ට අඞ්ගීරසයයි පැවසුණු බව මෙයින් කියැවේ. ථෙරගාථායෙහි (කාළුදායි) බුදුරජාණන්වහන්සේ හඳුන්වා ඇත්තේ අඞ්ගීරස යනුවෙනි. ‘‘ශරිරයෙන් නැගෙන රස් ඇති හෙයින් අඞ්ගීරස යයි කියන ලද නො‍හොත් අඞ්ගීරස නම් සර්වඥයන්'' යයි ජාතක අටුවා ගැටපදයෙහි දැක්වෙයි. නොයෙකුත් වර්ණ රශ්මින් ශ්‍රි ශරිරයෙන් නිකුත් වන බැවින් මේ නාමය සෑම බුදුවරයකුට ම භාවිත කළ හැකි බව බුදුගොස් හිමියන් සුමංගල විලාසිනියෙහි සඳහන් කොට ඇත. අභිධානප්ප දීපිකායෙහි ද මෙය බුදුවරුන්ට සාධාරණ නාමයක් ලෙස දක්වන ලද්දේ ය. සුචරිතාදී ගුණ දහමින් පිරුණු හෙයින් මේ නම බුදුන්ට ලැබුණු බව හැ‍ඟෙතත් මෙය සුදොවුන් මහරජාණන් විසින් සිද්ධාර්ථ නාමයට අමතරව එතුමන්ට කුඩා කාලයේ දී දෙන ලද පෞද්ගලික නාමයක් බව ධම්මපාල හිමියන්ගේ ථෙරගාථා අට්ඨකථාවේ දැක්වෙයි.
+
මෙය බුදුරජාණන්වහන්සේ හැඳින්වීමට භාවිත කෙරෙන සංඥානාමයකි. "සබ්බද බ්‍යාමප්පහා කායතො නිච්ඡරණ වසෙන අඞ්ගීරසො" හැමකල්හි සිරුරින් බ්‍යාමප්‍රභාව නික්මෙන හෙයින් බුදුරදුන්ට අඞ්ගීරසයයි පැවසුණු බව මෙයින් කියැවේ. ථෙරගාථායෙහි (කාළුදායි) බුදුරජාණන්වහන්සේ හඳුන්වා ඇත්තේ අඞ්ගීරස යනුවෙනි. "ශරිරයෙන් නැගෙන රස් ඇති හෙයින් අඞ්ගීරස යයි කියන ලද නො‍හොත් අඞ්ගීරස නම් සර්වඥයන්" යයි ජාතක අටුවා ගැටපදයෙහි දැක්වෙයි. නොයෙකුත් වර්ණ රශ්මින් ශ්‍රි ශරිරයෙන් නිකුත් වන බැවින් මේ නාමය සෑම බුදුවරයකුට ම භාවිත කළ හැකි බව බුදුගොස් හිමියන් සුමංගල විලාසිනියෙහි සඳහන් කොට ඇත. අභිධානප්ප දීපිකායෙහි ද මෙය බුදුවරුන්ට සාධාරණ නාමයක් ලෙස දක්වන ලද්දේ ය. සුචරිතාදී ගුණ දහමින් පිරුණු හෙයින් මේ නම බුදුන්ට ලැබුණු බව හැ‍ඟෙතත් මෙය සුදොවුන් මහරජාණන් විසින් සිද්ධාර්ථ නාමයට අමතරව එතුමන්ට කුඩා කාලයේ දී දෙන ලද පෞද්ගලික නාමයක් බව ධම්මපාල හිමියන්ගේ ථෙරගාථා අට්ඨකථාවේ දැක්වෙයි.
  
මනෝරථපූරණියෙහි එක් තැනෙක සිදුහත් කුමරු හඳුන්වා ඇත්තේ "අඞ්ගීරස කුමාර" යනුවෙනි. වෛදික මතය අනුව ගෞතමවරු අඞ්ගීරස ගෝත්‍රයට අයිති වෙති. ඒ අයුරින් සලකතොත් මෙය ගෞතම ගෝත්‍රයේ වූ බුදුරදුන්ට තමාගේ පිය පරම්පරාවෙන් උරුම වූ නමක් හැටියට ගත හැකියයි ඊ. ජේ තෝමස් පඬිතුමා කියයි.
+
මනෝරථපූරණියෙහි එක් තැනෙක සිදුහත් කුමරු හඳුන්වා ඇත්තේ "අඞ්ගීරස කුමාර" යනුවෙනි. වෛදික මතය අනුව ගෞතමවරු අඞ්ගීරස ගෝත්‍රයට අයිති වෙති. ඒ අයුරින් සලකතොත් මෙය ගෞතම ගෝත්‍රයේ වූ බුදුරදුන්ට තමාගේ පිය පරම්පරාවෙන් උරුම වූ නමක් හැටියට ගත හැකියයි ඊ.ජේ. තෝමස් පඬිතුමා කියයි.
  
 
(සංස්කරණය:1963)
 
(සංස්කරණය:1963)
 
[[ප්‍රවර්ගය:අ]]
 
[[ප්‍රවර්ගය:අ]]

11:04, 12 ජූලි 2023 වන විට නවතම සංශෝධනය

මෙය බුදුරජාණන්වහන්සේ හැඳින්වීමට භාවිත කෙරෙන සංඥානාමයකි. "සබ්බද බ්‍යාමප්පහා කායතො නිච්ඡරණ වසෙන අඞ්ගීරසො" හැමකල්හි සිරුරින් බ්‍යාමප්‍රභාව නික්මෙන හෙයින් බුදුරදුන්ට අඞ්ගීරසයයි පැවසුණු බව මෙයින් කියැවේ. ථෙරගාථායෙහි (කාළුදායි) බුදුරජාණන්වහන්සේ හඳුන්වා ඇත්තේ අඞ්ගීරස යනුවෙනි. "ශරිරයෙන් නැගෙන රස් ඇති හෙයින් අඞ්ගීරස යයි කියන ලද නො‍හොත් අඞ්ගීරස නම් සර්වඥයන්" යයි ජාතක අටුවා ගැටපදයෙහි දැක්වෙයි. නොයෙකුත් වර්ණ රශ්මින් ශ්‍රි ශරිරයෙන් නිකුත් වන බැවින් මේ නාමය සෑම බුදුවරයකුට ම භාවිත කළ හැකි බව බුදුගොස් හිමියන් සුමංගල විලාසිනියෙහි සඳහන් කොට ඇත. අභිධානප්ප දීපිකායෙහි ද මෙය බුදුවරුන්ට සාධාරණ නාමයක් ලෙස දක්වන ලද්දේ ය. සුචරිතාදී ගුණ දහමින් පිරුණු හෙයින් මේ නම බුදුන්ට ලැබුණු බව හැ‍ඟෙතත් මෙය සුදොවුන් මහරජාණන් විසින් සිද්ධාර්ථ නාමයට අමතරව එතුමන්ට කුඩා කාලයේ දී දෙන ලද පෞද්ගලික නාමයක් බව ධම්මපාල හිමියන්ගේ ථෙරගාථා අට්ඨකථාවේ දැක්වෙයි.

මනෝරථපූරණියෙහි එක් තැනෙක සිදුහත් කුමරු හඳුන්වා ඇත්තේ "අඞ්ගීරස කුමාර" යනුවෙනි. වෛදික මතය අනුව ගෞතමවරු අඞ්ගීරස ගෝත්‍රයට අයිති වෙති. ඒ අයුරින් සලකතොත් මෙය ගෞතම ගෝත්‍රයේ වූ බුදුරදුන්ට තමාගේ පිය පරම්පරාවෙන් උරුම වූ නමක් හැටියට ගත හැකියයි ඊ.ජේ. තෝමස් පඬිතුමා කියයි.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අඞ්ගීරස_1&oldid=2617" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි