"අට්ටික්කා (දිඹුල්)" හි සංශෝධන අතර වෙනස්කම්
('[ෆිකුස් රසෙමෝසා Ficus racemosa L.) (ෆි. ග්ලොමරාටා] මොරාසේ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
1 පේළිය: | 1 පේළිය: | ||
− | [ෆිකුස් රසෙමෝසා Ficus racemosa L.) | + | [ෆිකුස් රසෙමෝසා Ficus racemosa L.) (ෆි. ග්ලොමරාටා] මොරාසේ කුලයට අයත්, ඉක්මනින් වැඩෙන, සදාහරිත ගසකි. එය සාමාන්‍යයෙන් දක්නට ලැබෙන්නේ ගංඉවුරුවලය. අඩි 60 දක්වා උසට වැවෙන මේ ගසේ අඟල් 4 සිට 7 දක්වා දිග කොළ තිබේ. කොළ ඉදී ගිය පසු දින කීපයක් ඇතුළත දී හැළීයනසුලුය. මහජනයා අතර අට්ටික්කාවල මල් නැතැයි විශ්වාසයක් ඇතත් නිපත්‍රවලින් (bracts) වැහුණු මුඛයක් ඇති මාංසල ග්‍රාහයක (receptacle) ඇතුළු බිත්තිවල නිපත්‍රිකාවන් (bracteoles) සහිත මල් විශාල සංඛ්‍යාවක් තිබේ. මේ ග්‍රාහ සෑදෙන්නේ කුඩා අතුවල කෙටිවෘන්තයන්හිය. පුෂ්ප මංජරියේ තිබෙන කුඩා මල් පුමංගී (male), ජායාංගී (Female) හා අසම්පූර්ණ (imperfect) ජායාංගී යයි වර්ග තුනකි. මේ මල්වල පරාගණය සිදුවන්නේ කෝඳුරුවන් වැනි කෘමSන් මගිනි. පුෂ්පමංජරිය ඵලයක් බවට පත් වූ පසු මේ කෘමීන් එම ඵලය තුළ දක්නට ඇත. කොළ රහිත ශල්ක සහිත අතුවල පොකුරු වශයෙන් ඵල හටගනී. ඵලයක් අඟල් 1 1/4ක් පමණ ඝනය, රතුපාටය, බඹරයක හැඩයෙන් යුක්තය. පුෂ්පමංජරියකින් සෑදෙන මේ සංයුක්ත ඵලය උදුම්බරය (syconus) නමින් හැඳින්වේ. |
− | ආයුර්වේද මතය: | + | '''ආයුර්වේද මතය:''' මේ ශාකය ඉන්දියාව, බුරුමය හා ලංකාව ආදි රටවල වැවේ. ලංකාවේ පහතරට තෙතමන සහිත ප්‍රදේශයේ බහුලව ඇත. අට්ටික්කා ගසේ පොත්ත, මුලේ යුෂය, ඵලය හා කොළවල සෑදෙන ගැට යනාදිය ආයුර්වේද ඖෂධ වශයෙන් ගනු ලැබේ. කෑරීමේ දී ලේ යෑමට ද මූත්‍ර රෝගවලට ද ඒවා ගුණදායකයි. දකුණු ඉන්දියානු වැසියෝ කඳේ යුෂයෙන් සුරා වර්ගයක් සාදාගෙන එය දියවැඩියාවට පිළිමයක් වශයෙන් පාවිච්චි කරති. |
− | + | අට්ටික්කා (සං. උදුම්බර) ස්තම්භකාරකයි, තික්ත කෂායරසයි, ශීතවීර්ය්යයි. සෙම් පිත් ව්රණ ශ්විත්‍ර කුෂ්ඨ පාණ්ඩු අර්ශස් කාමලා නසයි. අට්ටික්කා මුලෙන් ලබා ගන්නා ද්‍රව විශේෂය ශරීර ශක්ති වර්ධනයට හා මූත්‍ර දෝෂයන්ට ද හිතකරය. | |
(සංස්කරණය:1963) | (සංස්කරණය:1963) | ||
[[ප්‍රවර්ගය:අ]] | [[ප්‍රවර්ගය:අ]] |
12:59, 13 ජූලි 2023 තෙක් සංශෝධනය
[ෆිකුස් රසෙමෝසා Ficus racemosa L.) (ෆි. ග්ලොමරාටා] මොරාසේ කුලයට අයත්, ඉක්මනින් වැඩෙන, සදාහරිත ගසකි. එය සාමාන්‍යයෙන් දක්නට ලැබෙන්නේ ගංඉවුරුවලය. අඩි 60 දක්වා උසට වැවෙන මේ ගසේ අඟල් 4 සිට 7 දක්වා දිග කොළ තිබේ. කොළ ඉදී ගිය පසු දින කීපයක් ඇතුළත දී හැළීයනසුලුය. මහජනයා අතර අට්ටික්කාවල මල් නැතැයි විශ්වාසයක් ඇතත් නිපත්‍රවලින් (bracts) වැහුණු මුඛයක් ඇති මාංසල ග්‍රාහයක (receptacle) ඇතුළු බිත්තිවල නිපත්‍රිකාවන් (bracteoles) සහිත මල් විශාල සංඛ්‍යාවක් තිබේ. මේ ග්‍රාහ සෑදෙන්නේ කුඩා අතුවල කෙටිවෘන්තයන්හිය. පුෂ්ප මංජරියේ තිබෙන කුඩා මල් පුමංගී (male), ජායාංගී (Female) හා අසම්පූර්ණ (imperfect) ජායාංගී යයි වර්ග තුනකි. මේ මල්වල පරාගණය සිදුවන්නේ කෝඳුරුවන් වැනි කෘමSන් මගිනි. පුෂ්පමංජරිය ඵලයක් බවට පත් වූ පසු මේ කෘමීන් එම ඵලය තුළ දක්නට ඇත. කොළ රහිත ශල්ක සහිත අතුවල පොකුරු වශයෙන් ඵල හටගනී. ඵලයක් අඟල් 1 1/4ක් පමණ ඝනය, රතුපාටය, බඹරයක හැඩයෙන් යුක්තය. පුෂ්පමංජරියකින් සෑදෙන මේ සංයුක්ත ඵලය උදුම්බරය (syconus) නමින් හැඳින්වේ.
ආයුර්වේද මතය: මේ ශාකය ඉන්දියාව, බුරුමය හා ලංකාව ආදි රටවල වැවේ. ලංකාවේ පහතරට තෙතමන සහිත ප්‍රදේශයේ බහුලව ඇත. අට්ටික්කා ගසේ පොත්ත, මුලේ යුෂය, ඵලය හා කොළවල සෑදෙන ගැට යනාදිය ආයුර්වේද ඖෂධ වශයෙන් ගනු ලැබේ. කෑරීමේ දී ලේ යෑමට ද මූත්‍ර රෝගවලට ද ඒවා ගුණදායකයි. දකුණු ඉන්දියානු වැසියෝ කඳේ යුෂයෙන් සුරා වර්ගයක් සාදාගෙන එය දියවැඩියාවට පිළිමයක් වශයෙන් පාවිච්චි කරති.
අට්ටික්කා (සං. උදුම්බර) ස්තම්භකාරකයි, තික්ත කෂායරසයි, ශීතවීර්ය්යයි. සෙම් පිත් ව්රණ ශ්විත්‍ර කුෂ්ඨ පාණ්ඩු අර්ශස් කාමලා නසයි. අට්ටික්කා මුලෙන් ලබා ගන්නා ද්‍රව විශේෂය ශරීර ශක්ති වර්ධනයට හා මූත්‍ර දෝෂයන්ට ද හිතකරය.
(සංස්කරණය:1963)