"අත්තනගලු ඔය" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ලංකාවේ සබගරමු පළාතේ බටහිර දිසාවේ ගෝනගල්දෙණිය...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
1 පේළිය: 1 පේළිය:
 
ලංකාවේ සබගරමු පළාතේ බටහිර දිසාවේ ගෝනගල්දෙණිය, කුඩිම්බිකන්ද, මිනුවන්දෙණිය ආදි කඳු ආශ්‍රිත උස්බිම්වලින් පටන්ගන්නා ඇළදොළ එක්වීමෙන් සෑදෙන ඔයකි. වහරක ඔය, බස්නාගොඩ ඔය, අල්ගං ඔය හා දිය ඇල්ල ඔය මෙහි ප්‍රධාන අතු ගංගාවෝය. හෙල් ඔස්සේ වක්ව යෙමින් ගලන අත්තනගලු ඔයේ මුළු දිග සැතපුම් 47කි. මුහුදට වැටෙනුයේ මීගමු කලපුවෙනි. අත්තනගලු ඔයේ පහළ කොටස හැඳින්වෙනුයේ දඬුගම් ඔය නමිනි. ගම්පහ අසල දී අත්තනගලු ඔයට එක්වන ඌරු‍වල් ඔය ද වැදගත් අතු ගංගාවකි. ගම්පහ හා කොටුගොඩ අතර කොටසේ දී ශාඛා කිහිපයකට බෙදී නැවත එකිනෙකට සම්බන්ධ වන හෙයින් ඒ දියපාරවල් මෙන් ම ඒවා ආශ්‍රිත කුඹුරු ද දැලක් මෙන් පෙනේ. ඌරුවල් ඔය අත්තනගලු ඔයට එක්වීමට පෙර එයින් බෙදී යන ජාඇල ද මීගමු කලපුව දක්වා ගලයි.
 
+
[[ගොනුව:B - 2.jpg|200px|center]]
 
අත්තනගලු ඔය හා එහි අතු ගංගා ආශ්‍රිත අත්තනගලු නිම්නය දියළු පසින් පිරි සාරවත් ප්‍රදේශයකි. මෙහි වී ‍ගොවිතැන ඉතා දියුණුය. එහෙත් නිරිත දිග මෝසම් වැහි කාලයේ දී ජල ගැල්ම ඇතිවීම මෙන් ම නියං කාලයේ දී වී ගොවිතැනට ප්‍රමාණවත් ජලය නොලැබීම ද විසඳිය යුතු වූ ප්‍රශ්න හෙයින් 1937 දී පවත්වන ලද පරීක්ෂණවල ප්‍රතිඵලයක් වශයෙන් අත්තනගලු යෝජනා ක්‍රමය ආරම්භ කරන ලදි.
 
13:30, 20 සැප්තැම්බර් 2023 තෙක් සංශෝධනය

ලංකාවේ සබගරමු පළාතේ බටහිර දිසාවේ ගෝනගල්දෙණිය, කුඩිම්බිකන්ද, මිනුවන්දෙණිය ආදි කඳු ආශ්‍රිත උස්බිම්වලින් පටන්ගන්නා ඇළදොළ එක්වීමෙන් සෑදෙන ඔයකි. වහරක ඔය, බස්නාගොඩ ඔය, අල්ගං ඔය හා දිය ඇල්ල ඔය මෙහි ප්‍රධාන අතු ගංගාවෝය. හෙල් ඔස්සේ වක්ව යෙමින් ගලන අත්තනගලු ඔයේ මුළු දිග සැතපුම් 47කි. මුහුදට වැටෙනුයේ මීගමු කලපුවෙනි. අත්තනගලු ඔයේ පහළ කොටස හැඳින්වෙනුයේ දඬුගම් ඔය නමිනි. ගම්පහ අසල දී අත්තනගලු ඔයට එක්වන ඌරු‍වල් ඔය ද වැදගත් අතු ගංගාවකි. ගම්පහ හා කොටුගොඩ අතර කොටසේ දී ශාඛා කිහිපයකට බෙදී නැවත එකිනෙකට සම්බන්ධ වන හෙයින් ඒ දියපාරවල් මෙන් ම ඒවා ආශ්‍රිත කුඹුරු ද දැලක් මෙන් පෙනේ. ඌරුවල් ඔය අත්තනගලු ඔයට එක්වීමට පෙර එයින් බෙදී යන ජාඇල ද මීගමු කලපුව දක්වා ගලයි.

B - 2.jpg

අත්තනගලු ඔය හා එහි අතු ගංගා ආශ්‍රිත අත්තනගලු නිම්නය දියළු පසින් පිරි සාරවත් ප්‍රදේශයකි. මෙහි වී ‍ගොවිතැන ඉතා දියුණුය. එහෙත් නිරිත දිග මෝසම් වැහි කාලයේ දී ජල ගැල්ම ඇතිවීම මෙන් ම නියං කාලයේ දී වී ගොවිතැනට ප්‍රමාණවත් ජලය නොලැබීම ද විසඳිය යුතු වූ ප්‍රශ්න හෙයින් 1937 දී පවත්වන ලද පරීක්ෂණවල ප්‍රතිඵලයක් වශයෙන් අත්තනගලු යෝජනා ක්‍රමය ආරම්භ කරන ලදි.

අත්තනගලු ඔය වාරිමාර්ග ක්‍රමය කුඹුරු අක්කර 7,027කට ජලය සැපැයීම සඳහා සකස් වූවකි. මුරුතවෙල, මහඅමුණ, ඉදැල්ලවෙල, මොරැන්න, කිතවෙල, කිනිගම, වැලිකඩ, පණුගල හා කොටුගොඩ යන මධ්‍යස්ථාන ආශ්‍රයෙන් මෙම වාරිමාර්ග ක්‍රමය කොටස් නවයකින් සංවිධානය වී තිබේ.

මේ නිම්නය පිහිටා තිබෙන්නේ ඉතා සරු ජනාකීර්ණ තෙත් කලාපික ප්‍රදේශයක ය. එහි තැනිතලාවේ වී සහ එළවලු වැවේ. උස්බිම්වල පොල්, රබර් සහ පලතුරු වගාකරනු ලැබේ. වෙරළබඩ ප්‍රදේශයෙහි වී, ‍පොල් සහ කුරුඳු වැවෙයි. පොල් ආශ්‍රිත බොහෝ කර්මාන්ත ද කරනු ලැබේ. වේයන්ගොඩ, ගම්පහ, ජාඇල සහ සීදුව මේ නිම්නයේ පිහිටි වැදගත් නගර ය.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අත්තනගලු_ඔය&oldid=3130" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි