"අංශපාද මංගල්ලය" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
1 පේළිය: | 1 පේළිය: | ||
− | සත් අඩිය කැපීම, වැල්වළලු පැලැන්දීම යන අංග දෙකකින් යුත් සූනියම් කැපීම නමැති ශාන්තිකර්මයේ දී යකැදුරන් විසින් කියනු ලබන කවි හා දැහැන (මන්ත්ර) ඇතුළත් කුඩා පොතක් අංශපාද | + | සත් අඩිය කැපීම, වැල්වළලු පැලැන්දීම යන අංග දෙකකින් යුත් සූනියම් කැපීම නමැති ශාන්තිකර්මයේ දී යකැදුරන් විසින් කියනු ලබන කවි හා දැහැන (මන්ත්ර) ඇතුළත් කුඩා පොතක් 'අංශපාද මංගල්ලය' යන නමින් හැඳින්වේ. ආතුරයාට වැදී තිබෙන විනදොස් බුද්ධශරීරයෙහි වූ මඟුල් ලකුණු පවසා ඒ අනුහසින් හිස පටන් පාදාන්තය දක්වා පහතට බැස්වීම පිණිස මේ කවි රචිත බව පෙනේ. ග්රන්ථකර්තෘහුගේ නාමය අප්රකට ය. රචනා කාලය ද පැරණි නොවූවත් අවිනිශ්චිත ය. යාග ඇදුරන්ට යථෝක්ත ශාන්තිකර්ම ගැන අවබෝධයක් ලබාදීමත් ඔවුන්ට එය කටපාඩම් කරගැනීමේ පහසුව සලසාදීමත් කර්තෘහුගේ අදහස වී යැයි සැලැකිය හැකි ය. |
− | ආතුරයා සත් පියවරකින් අටමඟලය මැදිකොට තනා ඇති පන්දලමට ඇතුළු | + | ආතුරයා සත් පියවරකින් අටමඟලය මැදිකොට තනා ඇති පන්දලමට ඇතුළු කරවන්නේ ය. ඒ ගමනෙහි දී පිය තබන තැන් කෙසෙල් බඩ හා ගොක් කොළයෙන් සාදාගත් පියුම් සතක් තැබීමෙන් නිල කෙරේ. සිදුහත් කුමරු මවු කුසින් බිහිව සත් පියවරක් පියුම් පිටින් වැඩීම නිමිති කොට සකස් කරගෙන ඇති බව පෙනෙන මේ යාගක්රමයෙන් ආතුරයාට වැදී තිබෙන වස් දොස් පහකිරීම අපේක්ෂා කරනු ලැබේ. පියුම් ගැබ්හි පහන්, බුලත්, පඬුරු, දෙසි, දොළ බත් තැබීමත් යළි ඒ දෙසි කපමින් පියුමින් පියුමට ආතුරයා ගමන් කරවීමත් ඔඩ්ඩිස, කඳකුමරු, රාම, ඊශ්වර, මිහිකත, නාථ යන දෙවිදේවතාවන්ගේ අණගුණ කියමින් විනදොස් පහකිරීමත් මින් සිදු කෙරේ. |
− | නැකත්, මොහොත්, යෝග, ග්රහ, වස විෂ, හදිහූනියම් වශයෙන් වන දොස් සියල්ල ද සඳහන් | + | නැකත්, මොහොත්, යෝග, ග්රහ, වස විෂ, හදිහූනියම් වශයෙන් වන දොස් සියල්ල ද සඳහන් වන්නේ ය. මඟුල් ලකුණු පැවැසෙන්නේ වැල් වළලු පැලැන්දීමේ දී ය. ඔටුන්නේ පටන් වළල්ල දක්වා කළ ආභරණවලට ගන්නා වැල් වර්ග 108ක නම් එහි දී කියැවේ. |
− | (සංස්කරණය:1963) | + | (සංස්කරණය: 1963) |
− | [[ප්රවර්ගය:අ]] | + | |
+ | [[ප්රවර්ගය: අ]] |
08:31, 25 ඔක්තෝබර් 2023 තෙක් සංශෝධනය
සත් අඩිය කැපීම, වැල්වළලු පැලැන්දීම යන අංග දෙකකින් යුත් සූනියම් කැපීම නමැති ශාන්තිකර්මයේ දී යකැදුරන් විසින් කියනු ලබන කවි හා දැහැන (මන්ත්ර) ඇතුළත් කුඩා පොතක් 'අංශපාද මංගල්ලය' යන නමින් හැඳින්වේ. ආතුරයාට වැදී තිබෙන විනදොස් බුද්ධශරීරයෙහි වූ මඟුල් ලකුණු පවසා ඒ අනුහසින් හිස පටන් පාදාන්තය දක්වා පහතට බැස්වීම පිණිස මේ කවි රචිත බව පෙනේ. ග්රන්ථකර්තෘහුගේ නාමය අප්රකට ය. රචනා කාලය ද පැරණි නොවූවත් අවිනිශ්චිත ය. යාග ඇදුරන්ට යථෝක්ත ශාන්තිකර්ම ගැන අවබෝධයක් ලබාදීමත් ඔවුන්ට එය කටපාඩම් කරගැනීමේ පහසුව සලසාදීමත් කර්තෘහුගේ අදහස වී යැයි සැලැකිය හැකි ය.
ආතුරයා සත් පියවරකින් අටමඟලය මැදිකොට තනා ඇති පන්දලමට ඇතුළු කරවන්නේ ය. ඒ ගමනෙහි දී පිය තබන තැන් කෙසෙල් බඩ හා ගොක් කොළයෙන් සාදාගත් පියුම් සතක් තැබීමෙන් නිල කෙරේ. සිදුහත් කුමරු මවු කුසින් බිහිව සත් පියවරක් පියුම් පිටින් වැඩීම නිමිති කොට සකස් කරගෙන ඇති බව පෙනෙන මේ යාගක්රමයෙන් ආතුරයාට වැදී තිබෙන වස් දොස් පහකිරීම අපේක්ෂා කරනු ලැබේ. පියුම් ගැබ්හි පහන්, බුලත්, පඬුරු, දෙසි, දොළ බත් තැබීමත් යළි ඒ දෙසි කපමින් පියුමින් පියුමට ආතුරයා ගමන් කරවීමත් ඔඩ්ඩිස, කඳකුමරු, රාම, ඊශ්වර, මිහිකත, නාථ යන දෙවිදේවතාවන්ගේ අණගුණ කියමින් විනදොස් පහකිරීමත් මින් සිදු කෙරේ.
නැකත්, මොහොත්, යෝග, ග්රහ, වස විෂ, හදිහූනියම් වශයෙන් වන දොස් සියල්ල ද සඳහන් වන්නේ ය. මඟුල් ලකුණු පැවැසෙන්නේ වැල් වළලු පැලැන්දීමේ දී ය. ඔටුන්නේ පටන් වළල්ල දක්වා කළ ආභරණවලට ගන්නා වැල් වර්ග 108ක නම් එහි දී කියැවේ.
(සංස්කරණය: 1963)