"නිම්රූඩ්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(Nimrud). ක්‍රි.පූ. 9 වන හා 8 වන සියවස්හි දී ඇසිරියානු අ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
21 පේළිය: 21 පේළිය:
 
3 වන ෂල්මනේසර් රජු ක්‍රි.පූ. 844 දී යුද අවි ගබඩාවක් හා බලකොටුවක් වශයෙන් ඉදිකළ ‘ෂල්මනේසර් බලකොටුව’ නිම්රූඩ්හි බහි නගරයේ හමු වූ ඉතාම වටිනා ගෘහ නිර්මාණයයි. අක්කර දොළහක පෙදෙසක් වසා මෙම ගොඩනැඟිල්ල පිහිටියේ ය. හතරැස් හැඩය ගන්නා මෙම බලකොටුව ගෘහකොට්ඨාස හතරකින් සමන්විත ය. ඒ එක එකක මධ්‍ය අංගනයක්, ගබඩා කාමර හා බැරැක්ක රාශියක් විය. යකඩ ඊ හිස් හා වෙනත් ආයුධ රැසක් ද මනා නිමාවෙන් හා ප්‍රසන්න භාවයෙන් යුත් ඇත්දත් නිර්මාණ රැසක් ද මෙහි හමුවිය. මෙකී ඇත්දත් නිර්මාණ බොහොමයක් ම ඉතා උසස් ගණයේ කලා කෘති වේ. ‘කවුළුව ළඟ ගණිකාව’ දක්වන නිර්මාණය නිදසුනකි. නෙළුම් දණ්ඩක් හෝ වෘක්ෂ ශාකාවක් අතින් ඩැහැගන්නා සිත්කලු ඇඳුමෙන් සැරසුණු දිග රැවුල සහිත පුරුෂයකු දක්වන පුවරු විශේෂයක් ද අලංකාර වස්ත්‍රාභරණයෙන් විභූෂිත ව සිහසුනක හිඳ සිටින කාන්තාවක් ද ඇය ඉදිරිපසින් කැම්බීම් සහිත මේසයක් දරා සිටින වෘක්ෂයක් ද නිරූපිත පුවරු වෙසෙසක් ද මුව, වෘෂභ, සිංහ ආදි සතුන් නිරූපිත පුවරු විශේෂයක් හා මිථ්‍යා සත්ත්වයින් කැටයම් කළ පුවරු විශේෂයක් ද මෙම නිර්මාණ අතුරෙහි වේ. මෙයින් පුරුෂ රූප හා ස්ත්‍රී රූප දක්වන පුවරු දෙවර්ගය තමූෂ් හා ඉෂ්තාර් යන දෙවිවරුන් ප්‍රණාමය කිරීමේ සිරිත හා සම්බන්ධ කැටයම් විශේෂයක් බැව් පෙනෙයි.  
 
(කර්තෘ: [[එම්.බී.ඩබ්ලිව්.]])
+
(කර්තෘ: [[එම්.බී.ඩබ්ලිව්.]]: 1967)
  
(සංස්කරණය නොකළ)
 
(සංස්කරණය නොකළ)

15:23, 15 මාර්තු 2024 වන විට නවතම සංශෝධනය

(Nimrud). ක්‍රි.පූ. 9 වන හා 8 වන සියවස්හි දී ඇසිරියානු අධිරාජ්‍යයේ අගනුවර වශයෙන් පැවති ඓතිහාසික ස්ථානයයි. වර්තමාන උතුරු ඉරාකයේ මෝසුල් නගරයට සැතපුම් 20ක් පමණ ඈතින් ටයිග්‍රීස් හා සැබ් (Great Zab) යන ගංගා එකිනෙක හමුවන තැනට සමීපව ස්වභාවික වශයෙන් ආරක්ෂා සහිත ස්ථානයක නිම්රූඩ් පිහිටා ඇත. පුරාණයේ දී මෙම ස්ථානය හඳුන්වන ලද්දේ කල්හු (Kalḫu) යන නමිනි. පරණ තෙස්තමේන්තුවේ ඊට යෙදී ඇති නම කලා (Calah) යනුයි. ක්‍රි.පූ. 800 පමණ වන තෙක් මෙහි ප්‍රධාන ආරක්ෂක දෙවියා වශයෙන් සලකනු ලැබූ නිනුර්තාගේ නාමය ඇසුරුකොට ගෙන ඊට නිම්රූඩ් යන නාමය වී යැයි සැලකීමට ඉඩ තිබේ. එකී අවධියට පසුව විද්‍යාශාස්ත්‍රයනට අධිපති නාබු දෙවියා මෙහි ප්‍රමුඛ දෙවියා වශයෙන් සලකන්නට යෙදිණි.

නිම්රූඩ් නගරය ආරම්භ කරන ලද්දේ ක්‍රි.පූ. 13 වන සියවසේ විසූ 1 වන ෂල්මනේසර් රජු විසිනි. එහෙත් එය ශ්‍රී විභූතියෙන් යුතු නගරයක් බවට පත්වූයේ ක්‍රි.පූ. 883 දී 2 වන අසුර්නසිර්පාල් නම් ඇසිරියානු රජතුමා අසුර් නම් වූ මුල් අගනුවර අතහැර මෙම ස්ථානය අගනුවර බවට පත් කළාට පසුව ය. එතැන් සිට ක්‍රි.පූ. 7 වන සියවස අවසානය පමණ වෙන තෙක් නිම්රූඩ් බලසම්පන්න නගරයක් ව පැවතියේ ය. ක්‍රි.පූ. 612 දී නිනවේ නගරය මීඩ්වරුන්ගේ හා බැබිලෝනියන්වරුන්ගේ එක්සත් හමුදාවට යටත් විය. එම අවධියේ ම ඊට ආසන්න ව පිහිටි නිම්රූඩ්හි ද ඇසිරියානු පාලනය අවසන් වූ බව පෙනෙයි. ඊට අවුරුදු තුනකට පමණ පෙර එනම් ක්‍රි.පූ. 615 දී පමණ නිම්රූඩ් නගරය ගින්නෙන් විනාශ කරන ලද බව ෂල්මනේසර් බලකොටුවෙන් හමුවූ ඇතැම් පුරාවස්තූන්ගෙන් පැහැදිලි වේ. නිම්රූඩ්හි ඓතිහාසික වටිනාකම පළමුවෙන් ම තේරුම්ගත්තේ ශ්‍රීමත් හෙන්රි ලෙයාඩ් (ඉරාක පුරාවිද්‍යාව බ.)ය. 1845-51 කාලයේ දී මෙහි කැණීම් කොට ඇසිරියානු රජ මාලිගා කිහිපයක් ද චිත්තාකර්ෂණීය මූර්ති හා කීලාකාර ලේඛන රාශියක් ද සොයාගැනීමෙන් ඔහු ලෝකයා පුදුමයට පත් කෙළේ ය. 2 වන අසුර්නසිර්පාල් රජු (883-859) ගොඩනැඟූ වයඹදිග මාලිගයේ සිංහාසන මණ්ඩපය, සභා ශාලාව හා වෙනත් ගෘහා‍ංග රැසක් ද 3 වන සැල්මනේෂර් රජුගේ (859-824) සුප්‍රසිද්ධ කාළ වර්ණ චතුරශ්‍ර ස්තම්භ ශූලය (), 2 වන අසුර්නසිර්පාල් දක්වන සම්භාවනීය මූර්තිය හා අල්පෝන්නත කැටයම් කිහිපයක් ලෙයාර්ඩ් සොයාගත්තේ ය. 1853 දී නිම්රූඩ්හි නාබු දේවාලය හෑරූ හෝර්මුස්ඩ් රසාමිට මූර්ති කිහිපයක් සොයාගත හැකි විය. 1854-55 දී ඩබ්ලිව්.එච්.ලොෆ්ටස් ‘දැවුණු මාලිගය’ නමැති ඊසානදිග මාලිගය කැණ ඇත්දත් නිර්මාණ රැසක් සොයා ගත්තේ ය. 1878 දී රසාම් මෙහි සිගුරට් ප්‍රාසාදය අසල ඉෂ්තාර් දේවාලය වශයෙන් ගිණිය හැකි ගොඩනැඟිල්ලකට අයත් නටබුන් හාරා මතු කෙළේ ය. මෙම ප්‍රාරම්භක කැණීම්වලට පසු මෙම ස්ථානය ක්‍රමවත් පුරාවිද්‍යා කැණීමකට භාජන කරන ලද්දේ 1949 දී ය. බැග්ඩෑඩ්හි පුරාවිද්‍යා ශාස්ත්‍රායතනයෙහි මහාචාර්ය එම්.ඊ.එල්. මැලෝවන් 1949 සිට වාර 12ක් තුළ කළ කැණීම්වල ප්‍රතිඵල වශයෙන් යට කී පුරෝගාමීන්ට සොයාගත නොහැකි වූ ඉතා වටිනා කලා කෘති, ඓතිහාසික මැටි පුවරු ලේඛන හා වෙනත් නෂ්ටාවශේෂ රැසක් අනාවරණය කළ හැකි විය.

නිම්රූඩ්හි කරන ලද පුරාවිද්‍යා ගවේෂණයන්ගෙන් හෙළිවී ඇති පරිදි ක්‍රි.පූ. 9 වන සියවසේ දී මෙහි මඩ ගඩොල් ප්‍රාකාරයකින් වටකරන ලද අක්කර 900ක පමණ ප්‍රදේශයක් අන්තර්ගත නගරයක් වූ බව පෙනේ. මෙහි නිරිතදිග කෙළවර අක්කර 60ක් පමණ වූ භූමි භාගයක මැනවින් ආරක්ෂිත බලකොටු පෙදෙසක් () විය. එහි නැගෙනහිර පැත්තේ අඩි 100ක් පමණ පළලින් හා අඩි 60ක් පමණ උසින් යුක්ත වූ ශෛලමය වාරිබන්ධයක් වූ බව හෙළිවී තිබේ (). අද මෙන් නොව එකල ටයිග්‍රීස් නදිය මෙම වාරිබන්ධය හා ගැටෙමින් ගලා ගිය බව පෙනේ. අඩි 26ක් උසට තවමත් පවතින මෙම වාරිබන්ධය ඇසිරියානු ඉංජිනේරු ශිල්පයේ වික්‍රමාන්විත නිර්මාණයකි. හතර පැත්තෙන් ම පැවති ප්‍රාකාරයට අතිරේකව දෙපැත්තකින් ටයිග්‍රීස් හා සැබ් යන ගංගාවන්ගෙන් ද නිම්රූඩ් නගරය ආරක්ෂිත විය. ක්‍රි.පූ. 800 පමණ වන තෙක් ම යට කී බලකොටු පෙදෙස තුළ සිද්ධස්ථාන, රජමාලිගා, ප්‍රභූමන්දිර ඒකරාශී ව පැවති නමුත් ඊට පසුව ඉන් බැහැර කොටසේ ද එබඳු ගෘහයක් නිර්මාණය වූ බවට සාධක ඇත. ස්නාන තටාක ආදියෙන් යුක්ත වූ මාලිගයක හා විශාල ගොඩනැඟිලි තුනක නටබුන් එම පෙදෙසින් සොයාගත් නෂ්ටාවශේෂ අතර වේ. නිනුර්තා දේවාලය (ක්‍රි.පූ. 9 සියවස), නාබු දේවාලය, සිගුරට් ප්‍රාසාදය (ක්‍රි.පූ. 9 සියවස) හා රජමාලිගා යන ප්‍රධාන ගොඩනැගිලි බලකොටු පෙදෙසේ විය. ඒ අතුරෙන් වැදගත් රජමාලිගා 2 වන අසුර්නසිර්පාල්, 3 වන තිග්ලත්පිලේසර්, එසාර්හැඩන් යන රජුන් ගොඩනැඟූ ඒවා වෙයි. 3 වන අදද් නිරාරි, සාර්ගොන් යන රජුන් ප්‍රතිසංස්කරණය කළ ගොඩනැඟිලි ද එහි වේ.

2 වන අසුර්නසිර්පාල්ගේ වයඹදිග මාලිගය කණින ලදුව එහි විවිධ ගණයේ පුරාවස්තු හමුවී තිබේ. හාස්‍යය හෝ ප්‍රසාදය උපදවන පුරාවස්තු ද සෞන්දර්යාත්මක කලාකෘති ද ඓතිහාසික තොරතුරු හෝ පෞද්ගලික කරුණු හෙළිකරන පුරාවස්තු ද ඒ අතර වේ. ඇඟිලි පවා පෙන්නුම් කරන හස්තයක හැඩයෙන් යුත් කිරිගරුඬ පත්‍රය සිත්ගන්නා නිර්මාණයකි. තෙදවක් පෙනුමක් ගෙන දෙන පරිදි 2 වන අසුර්නසිර්පාල් රූපය මුහුණතේ කැටයම් කර ඇති අඩි 4,1/2X3 ප්‍රමාණයේ වැලිගල් ඵලකය ද මැලෝවන් සොයාගත් අගනා පුරාවස්තුවකි. රූපයේ හිස වටා සින්, අසුර්, ඉෂ්තාර්, එන්ලිල්, අදද් යන ඇසිරියානු දෙවිවරුන්ගේ ලාඤ්ඡන ද තරු ලකුණු හතක් ද වේ. ඵලකයේ ඉතිරි කොටසෙහි රජුගේ ප්‍රථම පස් වසරේ රාජ්‍ය කටයුතු සඳහන් කරන පේළි 154ක ලිපියක් තිබීම නිසා මෙම ඵලකය ඓතිහාසික වශයෙන් ද මහත් සේ ප්‍රයෝජනවත් එකක් වෙයි. ඇත්දතින් නිම කරන ලද අඟල් 10, 1/2ක් පමණ උසැති අසුර්නසිර්පාල් මූර්තියක් ද යුදසිරකරුවන්, පක්ෂීන් ආදීන් නිරූපනය කරන ඇත්දත් පුවරු රාශියක් ද මෙම මාලිගා භූමියෙන් හමු වී ඇත.

යාර 150X30 පමණ විශාල වූ සන්නිපාත ශාලාවෙන් හමු වූ පුරාවස්තු අතර මුල් පස් වස තුළ රජුගේ යුද කටයුතු විස්තර කරන ලිපියක් සහිත පදනම් පුවරුවක් ද බිතුසිතුවම්හි නෂ්ටාවශේෂ ද ඇත්දත් නිර්මාණ ද වේ. යටිරැවුල සහිත වීර නග්න පුරුෂයකු පොරවෙන් ගසක් කපා පෙරළන අයුරු දැක්වෙන කැටයම සිත්කලු නිර්මාණයකි. වෙනත් කුටියක තිබුණු අඩි 83, 1/2ක් ගැඹුරැති ළිඳක් හෑරීමේ දී ඉතා අගනා පුරාවස්තු කිහිපයක් හමු විය. ඒ අතුරෙන් ‘නිම්රූඩ් මොනාලිසා රූපය’ නම් වූ ඇත් දතින් නිම කළා වූ කාන්තා වක්ත්‍රයක් පියුම් කෙතක සිංහ ධෙනුවක් මිනිසකු මරණ අයුරු නිරූපනය කෙරෙන ඇත්දත් පුවරු දෙකක් ශ්‍රේෂ්ඨ ගණයේ කලාකෘති හැටියට සලකනු ලැබේ. කාන්තා වක්ත්‍රය අඟල් 6ක් පමණ උස ඇත්දත් පුවරුවක කපා තිබේ. අනෙක් කැටයම් දෙක ඊට තරමක් කුඩා ය. මෙම ළිඳෙන් හා ‘දැවුණු මාලිගයෙන්’ ප්‍රසන්න කාන්තා රූප ආදිය ඇතුළත් ඇත්දත් කැටයම් රැසක් සොයාගෙන තිබේ. වයඹදිග මාලිගයේ දෙවන දොරටුව අසලින් හමුවූ කැටයම් රාශියකි. ඒවා වැඩි ගණනකින් නිරුපනය වන්නේ ඇසිරියානු (810-782) රජුගේ මාලිගයේ නටබුන් නිම්රූඩ්හි බහි නගරයේ හමුවිය. අක්කරයක පමණ පෙදෙසක් වසා සිටින මෙම මාලිගයෙහි බිත්ති අලංකරණයෙන් විභූෂිතව පැවති බව පෙනේ. ‘දැවුණු මාලිගයේ’ පදනමට යටින් ඇති වෙනත් පැරණි මාලිගයකට අයත් ප්‍රස්තරයෙහි තිබී ආරක්ෂක රූප සහිත ගඩොළු පෙට්ටි කිහිපයක් හමුවිය. එහි රූප පැවතියේ තනි තනිව හෝ හත් දෙනකු සහිත කණ්ඩයෙම් වශයෙනි. තනි රූප බොහොමයක් ම ආයුධධාරී යුද්ධ සෙබළුන්ගේ ස්වභාවය ගනී. රූප සප්තකය උවදුරු දුරුකරන ඍෂිවරුන් වශයෙන් හෝ භූතයන් වශයෙන් හෝ සලකන ලද බව පෙනේ.

‘දැවුණු මාලිගය’ අසල වූ නාබු දේවාලය නිම්රූඩ්හි ප්‍රධාන ගොඩනැඟිල්ලක් විය. මෙම දේවාලයේ ප්‍රධාන ගර්භගෘහය 100-150 දෙනකුට පමණ රැස්වීමට ඉඩකඩ ඇති එකකි. ටෂ්මේතුම් නම් වූ නාබු පත්තියට කැපකරන ලදැයි සිතිය හැකි තවත් දේවාලයක නටබුන් නාබු දේවාලයට ම යාව දක්නට ලැබේ. නාබු දෙවොලට යාබද ව මාලිගයක නටබුන් ද ඇත. ඉන් හමු වූ වැදගත් ම පුරාවස්තු ඇත්දත් කැටයම් පුවරු හා ලේඛන සහිත විශාල පුවරු වේ. ඇත්දත් පුවරු වැඩි ගණනකින් මිඩියානු යුද හිරකරුවන් කැඳවාගෙන ඒමේ දර්ශන ද තවත් සමහර ඒවායින් පියාපත් හා දිගු යටි රැවුල සහිත රූප ආදි වූ ආරක්ෂක රූප ද නිරූපිත ය. මැටිපුවරු ලේඛන ඉහත නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ යුද සිරකරුවන් කැඳවාගෙන ඒමේ දර්ශනයෝයි.

මාලිගයේ පරිපාලන අංශයට අයත් කොටසේ තිබී ප්‍රයෝජනවත් වාණිජමය වාර්තා අඩංගු මැටි පුවරු රැසක් සොයාගෙන ඇත. මෙහි හමුවූ වෙනත් වස්තු අතරින් මැරෝබාක් බලදාන් (2 වන මාර්ඩුක් අපලිද්දන) නම් බැබිලෝනියානු රජු හා ඇසිරියාවේ සාර්ගොන් රජු යන දෙදෙනාගේ යුද කටයුතු ගැන කියැවෙන ලිපි සහිත වූ මැටි සිලින්ඩරය හා විශාල මැටි ප්‍රිස්මය ඉතා වටිනා ඓතිහාසික පුරාලේඛන දෙකකි.

බලකොටු පෙදෙසේ වාසස්ථාන අංශයේ එක් කුටියක තිබී ධනවත් වෙළෙන්ඳකු 40 වසක් තුළ කළ ගනුදෙනු කියාපාන වාණිජමය වාර්තා අඩංගු මැටි පුවරු රාශියක් හමු වී ඇත. මෙම පෙදෙසේ හමු වූ ක්‍රි.පූ. 7 වන සියවසට අයත් ප්‍රසන්න ඇත්දත් නිර්මාණ රාශිය අතුරෙන් ඇත්දත් බඳුනක් දරා සිටි රූප වී යැයි සැලකිය හැකි ඇත්දත් වෘෂභ රුප පහ ඉතා ම සිත්කලු නිර්මාණ වේ.

අවසාන ඇසිරියානු රජුට පෙර විසූ අසූර් එතිලිලානි (633-629) රජුට අයත් යැයි සලකනු ලබන විශාල මාලිගයක නටබුන් ද බලකොටු පෙදෙසේ වේ. එය ඇසිරියාව දුර්වල වෙමින් පැවති අවධියක කරන ලද නිර්මාණයක් බැව් කැටයම් විරල වීම යනාදී ලක්ෂණයන්ගෙන් පිළිබිඹු වේ.

සුප්‍රසිද්ධ සුමුරාටක් (සෙමිරාමිස්) බිසවගේ පුත්‍රයා වූ 3 වන අදද් නිරාරි ප්‍රයෝජනවත් ඓතිහාසික ලේඛන වෙසෙසකි. ඒවා එසාර්හැඩන් රජු විසින් සිය පුත්‍ර අසුර්බනිපාල් ඔටුන්න හිමි කුමරු හැටියට පත් කොට මීඩියානු රජකු හා වෙනත් යටත් රජුන් වෙත පවරන ලද ගිවිසුමක කොටස් වේ.

3 වන ෂල්මනේසර් රජු ක්‍රි.පූ. 844 දී යුද අවි ගබඩාවක් හා බලකොටුවක් වශයෙන් ඉදිකළ ‘ෂල්මනේසර් බලකොටුව’ නිම්රූඩ්හි බහි නගරයේ හමු වූ ඉතාම වටිනා ගෘහ නිර්මාණයයි. අක්කර දොළහක පෙදෙසක් වසා මෙම ගොඩනැඟිල්ල පිහිටියේ ය. හතරැස් හැඩය ගන්නා මෙම බලකොටුව ගෘහකොට්ඨාස හතරකින් සමන්විත ය. ඒ එක එකක මධ්‍ය අංගනයක්, ගබඩා කාමර හා බැරැක්ක රාශියක් විය. යකඩ ඊ හිස් හා වෙනත් ආයුධ රැසක් ද මනා නිමාවෙන් හා ප්‍රසන්න භාවයෙන් යුත් ඇත්දත් නිර්මාණ රැසක් ද මෙහි හමුවිය. මෙකී ඇත්දත් නිර්මාණ බොහොමයක් ම ඉතා උසස් ගණයේ කලා කෘති වේ. ‘කවුළුව ළඟ ගණිකාව’ දක්වන නිර්මාණය නිදසුනකි. නෙළුම් දණ්ඩක් හෝ වෘක්ෂ ශාකාවක් අතින් ඩැහැගන්නා සිත්කලු ඇඳුමෙන් සැරසුණු දිග රැවුල සහිත පුරුෂයකු දක්වන පුවරු විශේෂයක් ද අලංකාර වස්ත්‍රාභරණයෙන් විභූෂිත ව සිහසුනක හිඳ සිටින කාන්තාවක් ද ඇය ඉදිරිපසින් කැම්බීම් සහිත මේසයක් දරා සිටින වෘක්ෂයක් ද නිරූපිත පුවරු වෙසෙසක් ද මුව, වෘෂභ, සිංහ ආදි සතුන් නිරූපිත පුවරු විශේෂයක් හා මිථ්‍යා සත්ත්වයින් කැටයම් කළ පුවරු විශේෂයක් ද මෙම නිර්මාණ අතුරෙහි වේ. මෙයින් පුරුෂ රූප හා ස්ත්‍රී රූප දක්වන පුවරු දෙවර්ගය තමූෂ් හා ඉෂ්තාර් යන දෙවිවරුන් ප්‍රණාමය කිරීමේ සිරිත හා සම්බන්ධ කැටයම් විශේෂයක් බැව් පෙනෙයි.

(කර්තෘ: එම්.බී.ඩබ්ලිව්.: 1967)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=නිම්රූඩ්&oldid=5221" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි