"ධ්‍යාන" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(රූපා රූපාවචර). ලෞකික සමාධි භාවනාව වඩන යොගාවචර...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
1 පේළිය: 1 පේළිය:
 
(රූපා රූපාවචර). ලෞකික සමාධි භාවනාව වඩන යොගාවචරයා ප්‍රාතිමොක්‍ෂ සංවරාදි චතුර් විධි ශීලය පිරිසිදු කොට සුපරිශුද්ධ ශීලයෙහි සිටියහු විසින් ආවාස පළිබොධාදි යම් පළිබොධයෙක් වී නම් ඒ පසිඳපියා කමටහන් දෙන කල්‍යාණ මිත්‍ර ආචාර්යවරයකු වෙත එළැඹ සතළිස් කමටහන් අතුරෙහි තමාගේ චරිතයට අනුකූල වූ එක්තරා කමටහනක් ඉගෙන සමාධි භාවනාවට අනුරූප වූ සෙනසුනෙක වසන්නහු කෙස්, නිය සිඳීම් ආදියෙන් කුඩා පළිබොධයනුදු පසිඳ සියලු භාවනා විධානය නොපිරිහෙලා වැඩිය යුතු ය.  
 
පඨවි කසිණාදි යම් කිසි නිමිත්තක් අරමුණු කොට ගෙන භාවනා යෙහි යෙදෙන්නහුට උද්ග්‍රහ නිමිත්ත උපදනේ ය. එය අරමුණු කොට භාවනා කරන්නහුට නීවරණ යටපත් ව කෙලෙස් සන්හිදී උපචාර සමාධියෙන් සිත එකඟ වෙයි. පටිභාග නිමිත්ත පමණ වෙයි. ඒ පටිභාග නිමිත්ත අරමුණු කොට භාවනායෙ හි යෙදෙන්නහුට එක් වැ චිත්ත වීථියෙක මතො ද්වාරාව ජෙනය දා ජවන් සිත් සතරක් පහක් හෝ උපදනේ ය. එහි පළමු වැන්න පරිකම්ම නම් වෙයි. දෙ වැන්න උපචාර යැ. තුන් වැන්න අනුලෝම යැ. සතර වැන්න ගොත්‍රභූ යැ. අවසානයෙ හි ධ්‍යාන අර්‍පණ යි ඒ අර්‍පණ බව අනතුරුව භවාඞගලාතය වෙයි. ඉක්බිති භාවාඞගය සිඳගෙන ධ්‍යාන ප්‍රත්‍යවේක්‍ෂා පිනිස මනෝ ද්වාරාවජ්නය වෙයි. ඉක්බිති ධ්‍යාන ප්‍රත්‍යවෙක්‍ෂා වන්නේ යි.  
+
පඨවි කසිණාදි යම් කිසි නිමිත්තක් අරමුණු කොට ගෙන භාවනායෙහි යෙදෙන්නහුට උද්ග්‍රහ නිමිත්ත උපදනේ ය. එය අරමුණු කොට භාවනා කරන්නහුට නීවරණ යටපත් ව කෙලෙස් සන්හිඳී උපචාර සමාධියෙන් සිත එකඟ වෙයි. පටිභාග නිමිත්ත පමණ වෙයි. ඒ පටිභාග නිමිත්ත අරමුණු කොට භාවනායෙහි යෙදෙන්නහුට එක් වැ චිත්ත වීථියෙක මනො ද්වාරාව ජෙනය දා ජවන් සිත් සතරක් පහක් හෝ උපදනේ ය. එහි පළමුවැන්න පරිකම්ම නම් වෙයි. දෙවැන්න උපචාර යැ. තුන්වැන්න අනුලෝම යැ. සතරවැන්න ගොත්‍රභූ යැ. අවසානයෙහි ධ්‍යාන අර්‍පණයි ඒ අර්‍පණ බව අනතුරුව භවාඞගලාතය වෙයි. ඉක්බිති භාවාඞගය සිඳගෙන ධ්‍යාන ප්‍රත්‍යවේක්‍ෂා පිනිස මනෝ ද්වාරාවජ්නය වෙයි. ඉක්බිති ධ්‍යාන ප්‍රත්‍යවෙක්‍ෂා වන්නේයි.  
  
මෙතෙකින් මේ යොගාවචර “විවිචච්ව කාමෙ හි විවිච්ච අකුසලෙ හි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං වීති සුඛං ප්‍යමං න්‍ධෘනං උපස්මප ජ්ජ විහරති” යී වදාළ පරිදි පඤච නීවරණයන්ගෙන් වෙන් ව විතර්‍ක විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීති සුඛ ඇති පළමු වන රූපාවචර ධ්‍යානය උපයා වෙසෙයි. මේ ප්‍රථම ධ්‍යානය වූ කලී කාමාච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා යන නීවරණ සංඛ්‍යාත පඤාඞගයෙන් තොර වූයේ විතක්ක, විචාර, පීති, සුඛ, චිතේතකගග්තා යන පඤචාඞගයෙන් සමන්විත වූයේ ආදි මධ්‍ය පර්‍ය්‍යවසාන වශයෙන් ත්‍රිවිධ කල්‍යණතායෙන් යුක්ත වූයේ ත්‍රිවිධ කල්‍යාණයන්ගේ වශයෙන් විශුද්ධ චිත්තතාදි දශ ලක්‍ෂණයෙකින් යුක්ත වූයේ වේ.  
+
මෙතෙකින් මේ යොගාවචර “විවිචච්ව කාමෙ හි විවිච්ච අකුසලෙ හි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං වීති සුඛං ප්‍යමං න්‍ධෘනං උපස්මප ජ්ජ විහරති”යී වදාළ පරිදි පඤච නීවරණයන්ගෙන් වෙන් ව විතර්‍ක විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීති සුඛ ඇති පළමු වන රූපාවචර ධ්‍යානය උපයා වෙසෙයි. මේ ප්‍රථම ධ්‍යානය වූ කලී කාමාච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා යන නීවරණ සංඛ්‍යාත පඤාඞගයෙන් තොර වූයේ විතක්ක, විචාර, පීති, සුඛ, චිතේතකගග්තා යන පඤචාඞගයෙන් සමන්විත වූයේ ආදි මධ්‍ය පර්‍ය්‍යවසාන වශයෙන් ත්‍රිවිධ කල්‍යණතායෙන් යුක්ත වූයේ ත්‍රිවිධ කල්‍යාණයන්ගේ වශයෙන් විශුද්ධ චිත්තතාදි දශ ලක්‍ෂණයෙකින් යුක්ත වූයේ වේ.  
  
මෙසේ උපන් ප්‍රථම ධ්‍යානය ආවජ්ජන, සමාපජ්ජන, අධිට්ඨාන, වුට්ඨාන, පච්චවෙකඞණ යන පස් වැදෑරුම් වශීතායෙන් වසඟ බවට පමණුවා ප්‍රගුණ වූ ප්‍රථම ධ්‍යානයෙන් නැගී සිට මේ ප්‍රථම ධ්‍යාන සමාපත්තිය ආසන්න වූ නීවරණ සතුරන් ඇති බැවින් ද විතර්‍ක විචාරයන් ඖදාරික යෙහින් අඞග දුර්වල යයි ද එහි දොස් දැක ද්විතීය ධ්‍යානය ශාන්න වශයෙන් මෙනෙහි කොට ප්‍රථම ධ්‍යානයෙ හි නිකාන්තිය හැරපියා ද්විතීය ධ්‍යානාධි යාමයට වෑයම් කටයුතු ය. ඖදාරික වූ විතර්‍ක, විචාරයන් ප්‍රහාණය පිනිස ශාන්ත වූ ප්‍රීති සුඛ ඒකාග්‍රතා ප්‍රතිලාභය පිනිස ඒ පඨවිකසිණාදි නිමිත්ත පුන පුනා මෙනෙහි කළ යුතු ය. ඔහුට ඒ අරමුණෙ හි ප්‍රථම ධ්‍යානයෙ හි කී සෙයින් රූපාවචර ද්විතීය ධ්‍යානය උපදනේ ය. මෙතෙකින් ඒ යොගාවචර විතර්‍ක විචාරයන්ගේ සන්හිදීමෙන් ස්ව සන්තානයෙ හි සම්ප්‍රසාදනය ඇති චිත්තයාගේ එතොදිභාවය ඇති අවිතර්‍ක අවිචාර වූ සමාධියෙ හි උපන් ප්‍රීතිය හා සුඛය ඇති ද්විතීය ධ්‍යානය උපයා වෙසෙයි. මේ ද්විතීය ධ්‍යානය විතර්‍ක, විචාර යන අඞග දෙකින් ප්‍රහීණ වූයේ පීති, සුඛ, ඒකග්ගතා යන අඞග තුනින් සමන්විත වූයේ යට කී ත්‍රිවිධ කල්‍යාණතායෙන් හා දශ ලක්‍ෂණයෙන් යුක්ත වූයේ වේ.  
+
මෙසේ උපන් ප්‍රථම ධ්‍යානය ආවජ්ජන, සමාපජ්ජන, අධිට්ඨාන, වුට්ඨාන, පච්චවෙකඞණ යන පස් වැදෑරුම් වශීතායෙන් වසඟ බවට පමණුවා ප්‍රගුණ වූ ප්‍රථම ධ්‍යානයෙන් නැගී සිට මේ ප්‍රථම ධ්‍යාන සමාපත්තිය ආසන්න වූ නීවරණ සතුරන් ඇති බැවින් ද විතර්‍ක විචාරයන් ඖදාරිකයෙහින් අඞග දුර්වල යයි ද එහි දොස් දැක ද්විතීය ධ්‍යානය ශාන්න වශයෙන් මෙනෙහි කොට ප්‍රථම ධ්‍යානයෙහි නිකාන්තිය හැරපියා ද්විතීය ධ්‍යානාධි යාමයට වෑයම් කටයුතු ය. ඖදාරික වූ විතර්‍ක, විචාරයන් ප්‍රහාණය පිණිස ශාන්ත වූ ප්‍රීති සුඛ ඒකාග්‍රතා ප්‍රතිලාභය පිණිස ඒ පඨවිකසිණාදි නිමිත්ත පුන පුනා මෙනෙහි කළ යුතු ය. ඔහුට ඒ අරමුණෙහි ප්‍රථම ධ්‍යානයෙහි කී සෙයින් රූපාවචර ද්විතීය ධ්‍යානය උපදනේ ය. මෙතෙකින් ඒ යොගාවචර විතර්‍ක විචාරයන්ගේ සන්හිදීමෙන් ස්වසන්තානයෙහි සම්ප්‍රසාදනය ඇති චිත්තයාගේ එතොදිභාවය ඇති අවිතර්‍ක අවිචාර වූ සමාධියෙහි උපන් ප්‍රීතිය හා සුඛය ඇති ද්විතීය ධ්‍යානය උපයා වෙසෙයි. මේ ද්විතීය ධ්‍යානය විතර්‍ක, විචාර යන අඞග දෙකින් ප්‍රහීණ වූයේ පීති, සුඛ, ඒකග්ගතා යන අඞග තුනින් සමන්විත වූයේ යට කී ත්‍රිවිධ කල්‍යාණතායෙන් හා දශ ලක්‍ෂණයෙන් යුක්ත වූයේ වේ.  
  
යට කී සෙයින් පඤච වසීභාවයෙන් යුක්තව ද්විතීය ධ්‍යානයෙන් නැගී සිට ආසන්නව සිටි විතර්‍ක, විචාර සතුරන් ඇතැයි ද සලකා එහි නිකාන්තිය හැරපියා තෘතීය ධ්‍යානය සඳහා යොග වඩන්නහුට යථා කාලයෙ හි ප්‍රීති විරාගයෙන් උපෙක්‍ෂකව වෙසෙයි. සිහි ඇති ව නුවණැති ව කයින් සුවය ද විදී. යම් ධ්‍යානයක් හේතු කොට ගෙන ඒ ධ්‍යාන සමඞගී පුද්ගලයා උපෙක්‍ෂා ඇත්තේ ය, සිහි ඇත්තේ ය, සුඛවිහරණ ඇත්තේ යයි ආර්‍ය්‍යයෝ ප්‍රකාශ කෙරෙත් නම් ඒ තෘතීය ධ්‍යානය උපයා වෙසෙයි. මේ තෘතීය ධ්‍යානය ප්‍රීති සංඛ්‍යාත එක් අඞගයකින් ප්‍රහීණ වූයේ සුඛ එකග්ගතා යන අඞග දෙකින් සමන්විත වූයේ ත්‍රිවිධ කල්‍යාණ දශ ලක්‍ෂණ සම්පන්න වූයේ වේ.  
+
යට කී සෙයින් පඤච වසීභාවයෙන් යුක්තව ද්විතීය ධ්‍යානයෙන් නැගී සිට ආසන්නව සිටි විතර්‍ක, විචාර සතුරන් ඇතැයි ද සලකා එහි නිකාන්තිය හැරපියා තෘතීය ධ්‍යානය සඳහා යොග වඩන්නහුට යථා කාලයෙහි ප්‍රීති විරාගයෙන් උපෙක්‍ෂකව වෙසෙයි. සිහි ඇති ව නුවණැති ව කයින් සුවය ද විඳී. යම් ධ්‍යානයක් හේතු කොට ගෙන ඒ ධ්‍යාන සමඞගී පුද්ගලයා උපෙක්‍ෂා ඇත්තේ ය, සිහි ඇත්තේ ය, සුඛවිහරණ ඇත්තේ යයි ආර්‍ය්‍යයෝ ප්‍රකාශ කෙරෙත් නම් ඒ තෘතීය ධ්‍යානය උපයා වෙසෙයි. මේ තෘතීය ධ්‍යානය ප්‍රීති සංඛ්‍යාත එක් අඞගයකින් ප්‍රහීණ වූයේ සුඛ එකග්ගතා යන අඞග දෙකින් සමන්විත වූයේ ත්‍රිවිධ කල්‍යාණ දශ ලක්‍ෂණ සම්පන්න වූයේ වේ.  
  
අනතුරුව තෘතීය ධ්‍යානයෙ හි චීර්‍ණ වශී භාවය ඇති ව එහි ආසන්න වූ ප්‍රීතිය ඇතැයි ද සුඛය ඖදාරික යයි ද සලකා චතුත්‍ර්‍ථ ධ්‍යාන ලාභයට යොග කෙරෙයි. ඔහුට අනුක්‍රමයෙන් කායික සුඛ දු:ඛයන්ගේ ප්‍රහාණයෙන් පළමු උපචාරක්‍ෂණයෙ හි ම සොම්නස් දොම්නසුන්ගේ අස්තඞගමයෙන් උපෙක්‍ෂායෙන් උපන් සිහියෙන් පරිශුද්ධ බාවය ඇති සතර වැනි ධ්‍යානය උපයා වෙසෙයි. චතුත්‍ර්‍ථ ධ්‍යානය සුඛ ප්‍රහීණ වූයේ උපෙක්ඛා එකග්ගතා යන අඞග දෙකින් යුක්ත වුයේ ද ත්‍රියිධ කල්‍යාණ දශ ලක්‍ෂණ සම්පන්න වූයේ ද වේ.  
+
අනතුරුව තෘතීය ධ්‍යානයෙහි චීර්‍ණ වශීභාවය ඇති ව එහි ආසන්න වූ ප්‍රීතිය ඇතැයි ද සුඛය ඖදාරික යයි ද සලකා චතුත්‍ථ ධ්‍යාන ලාභයට යොග කෙරෙයි. ඔහුට අනුක්‍රමයෙන් කායික සුඛ දු ඃඛයන්ගේ ප්‍රහාණයෙන් පළමු උපචාරක්‍ෂණයෙහි ම සොම්නස් දොම්නසුන්ගේ අස්තඞගමයෙන් උපෙක්‍ෂායෙන් උපන් සිහියෙන් පරිශුද්ධභාවය ඇති සතර වැනි ධ්‍යානය උපයා වෙසෙයි. චතුත්‍ථ ධ්‍යානය සුඛ ප්‍රහීණ වූයේ උපෙක්ඛා එකග්ගතා යන අඞග දෙකින් යුක්ත වුයේ ද ත්‍රිවිධ කල්‍යාණ දශ ලක්‍ෂණ සම්පන්න වූයේ ද වේ.  
  
මේ චතුක්කතයෙ හි වදාල රූපාවචර ධ්‍යාන සතර යැ. (මෙහි විස්තර විභාගය පඥචකනයෙ හි වෙනස ද විසුද්ධිමග්ග - පඨවිකසිනනි දෙදසයෙන් දන්නේ ය.) (අකාසාක ඤමායතනාදි අරූපාවචර ධ්‍යාන සතර “අරූපාවචර ශීර්ෂයෙහි” බලන්න.)   
+
මේ චතුක්කතයෙහි වදාල රූපාවචර ධ්‍යාන සතර යැ. (මෙහි විස්තර විභාගය පඥචකනයෙහි වෙනස ද විසුද්ධිමග්ග - පඨවිකසිනනි දෙදසයෙන් දන්නේ ය.) (අකාසාක ඤමායතනාදි අරූපාවචර ධ්‍යාන සතර “අරූපාවචර ශීර්ෂයෙහි” බලන්න.)   
  
(කර්තෘ: [[ලබුගම ලංකානන්ද හිමි]])
 
(කර්තෘ: [[ලබුගම ලංකානන්ද හිමි]])

15:36, 19 මාර්තු 2024 වන විට නවතම සංශෝධනය

(රූපා රූපාවචර). ලෞකික සමාධි භාවනාව වඩන යොගාවචරයා ප්‍රාතිමොක්‍ෂ සංවරාදි චතුර් විධි ශීලය පිරිසිදු කොට සුපරිශුද්ධ ශීලයෙහි සිටියහු විසින් ආවාස පළිබොධාදි යම් පළිබොධයෙක් වී නම් ඒ පසිඳපියා කමටහන් දෙන කල්‍යාණ මිත්‍ර ආචාර්යවරයකු වෙත එළැඹ සතළිස් කමටහන් අතුරෙහි තමාගේ චරිතයට අනුකූල වූ එක්තරා කමටහනක් ඉගෙන සමාධි භාවනාවට අනුරූප වූ සෙනසුනෙක වසන්නහු කෙස්, නිය සිඳීම් ආදියෙන් කුඩා පළිබොධයනුදු පසිඳ සියලු භාවනා විධානය නොපිරිහෙලා වැඩිය යුතු ය.

පඨවි කසිණාදි යම් කිසි නිමිත්තක් අරමුණු කොට ගෙන භාවනායෙහි යෙදෙන්නහුට උද්ග්‍රහ නිමිත්ත උපදනේ ය. එය අරමුණු කොට භාවනා කරන්නහුට නීවරණ යටපත් ව කෙලෙස් සන්හිඳී උපචාර සමාධියෙන් සිත එකඟ වෙයි. පටිභාග නිමිත්ත පමණ වෙයි. ඒ පටිභාග නිමිත්ත අරමුණු කොට භාවනායෙහි යෙදෙන්නහුට එක් වැ චිත්ත වීථියෙක මනො ද්වාරාව ජෙනය දා ජවන් සිත් සතරක් පහක් හෝ උපදනේ ය. එහි පළමුවැන්න පරිකම්ම නම් වෙයි. දෙවැන්න උපචාර යැ. තුන්වැන්න අනුලෝම යැ. සතරවැන්න ගොත්‍රභූ යැ. අවසානයෙහි ධ්‍යාන අර්‍පණයි ඒ අර්‍පණ බව අනතුරුව භවාඞගලාතය වෙයි. ඉක්බිති භාවාඞගය සිඳගෙන ධ්‍යාන ප්‍රත්‍යවේක්‍ෂා පිනිස මනෝ ද්වාරාවජ්නය වෙයි. ඉක්බිති ධ්‍යාන ප්‍රත්‍යවෙක්‍ෂා වන්නේයි.

මෙතෙකින් මේ යොගාවචර “විවිචච්ව කාමෙ හි විවිච්ච අකුසලෙ හි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං වීති සුඛං ප්‍යමං න්‍ධෘනං උපස්මප ජ්ජ විහරති”යී වදාළ පරිදි පඤච නීවරණයන්ගෙන් වෙන් ව විතර්‍ක විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීති සුඛ ඇති පළමු වන රූපාවචර ධ්‍යානය උපයා වෙසෙයි. මේ ප්‍රථම ධ්‍යානය වූ කලී කාමාච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා යන නීවරණ සංඛ්‍යාත පඤාඞගයෙන් තොර වූයේ විතක්ක, විචාර, පීති, සුඛ, චිතේතකගග්තා යන පඤචාඞගයෙන් සමන්විත වූයේ ආදි මධ්‍ය පර්‍ය්‍යවසාන වශයෙන් ත්‍රිවිධ කල්‍යණතායෙන් යුක්ත වූයේ ත්‍රිවිධ කල්‍යාණයන්ගේ වශයෙන් විශුද්ධ චිත්තතාදි දශ ලක්‍ෂණයෙකින් යුක්ත වූයේ වේ.

මෙසේ උපන් ප්‍රථම ධ්‍යානය ආවජ්ජන, සමාපජ්ජන, අධිට්ඨාන, වුට්ඨාන, පච්චවෙකඞණ යන පස් වැදෑරුම් වශීතායෙන් වසඟ බවට පමණුවා ප්‍රගුණ වූ ප්‍රථම ධ්‍යානයෙන් නැගී සිට මේ ප්‍රථම ධ්‍යාන සමාපත්තිය ආසන්න වූ නීවරණ සතුරන් ඇති බැවින් ද විතර්‍ක විචාරයන් ඖදාරිකයෙහින් අඞග දුර්වල යයි ද එහි දොස් දැක ද්විතීය ධ්‍යානය ශාන්න වශයෙන් මෙනෙහි කොට ප්‍රථම ධ්‍යානයෙහි නිකාන්තිය හැරපියා ද්විතීය ධ්‍යානාධි යාමයට වෑයම් කටයුතු ය. ඖදාරික වූ විතර්‍ක, විචාරයන් ප්‍රහාණය පිණිස ශාන්ත වූ ප්‍රීති සුඛ ඒකාග්‍රතා ප්‍රතිලාභය පිණිස ඒ පඨවිකසිණාදි නිමිත්ත පුන පුනා මෙනෙහි කළ යුතු ය. ඔහුට ඒ අරමුණෙහි ප්‍රථම ධ්‍යානයෙහි කී සෙයින් රූපාවචර ද්විතීය ධ්‍යානය උපදනේ ය. මෙතෙකින් ඒ යොගාවචර විතර්‍ක විචාරයන්ගේ සන්හිදීමෙන් ස්වසන්තානයෙහි සම්ප්‍රසාදනය ඇති චිත්තයාගේ එතොදිභාවය ඇති අවිතර්‍ක අවිචාර වූ සමාධියෙහි උපන් ප්‍රීතිය හා සුඛය ඇති ද්විතීය ධ්‍යානය උපයා වෙසෙයි. මේ ද්විතීය ධ්‍යානය විතර්‍ක, විචාර යන අඞග දෙකින් ප්‍රහීණ වූයේ පීති, සුඛ, ඒකග්ගතා යන අඞග තුනින් සමන්විත වූයේ යට කී ත්‍රිවිධ කල්‍යාණතායෙන් හා දශ ලක්‍ෂණයෙන් යුක්ත වූයේ වේ.

යට කී සෙයින් පඤච වසීභාවයෙන් යුක්තව ද්විතීය ධ්‍යානයෙන් නැගී සිට ආසන්නව සිටි විතර්‍ක, විචාර සතුරන් ඇතැයි ද සලකා එහි නිකාන්තිය හැරපියා තෘතීය ධ්‍යානය සඳහා යොග වඩන්නහුට යථා කාලයෙහි ප්‍රීති විරාගයෙන් උපෙක්‍ෂකව වෙසෙයි. සිහි ඇති ව නුවණැති ව කයින් සුවය ද විඳී. යම් ධ්‍යානයක් හේතු කොට ගෙන ඒ ධ්‍යාන සමඞගී පුද්ගලයා උපෙක්‍ෂා ඇත්තේ ය, සිහි ඇත්තේ ය, සුඛවිහරණ ඇත්තේ යයි ආර්‍ය්‍යයෝ ප්‍රකාශ කෙරෙත් නම් ඒ තෘතීය ධ්‍යානය උපයා වෙසෙයි. මේ තෘතීය ධ්‍යානය ප්‍රීති සංඛ්‍යාත එක් අඞගයකින් ප්‍රහීණ වූයේ සුඛ එකග්ගතා යන අඞග දෙකින් සමන්විත වූයේ ත්‍රිවිධ කල්‍යාණ දශ ලක්‍ෂණ සම්පන්න වූයේ වේ.

අනතුරුව තෘතීය ධ්‍යානයෙහි චීර්‍ණ වශීභාවය ඇති ව එහි ආසන්න වූ ප්‍රීතිය ඇතැයි ද සුඛය ඖදාරික යයි ද සලකා චතුත්‍ථ ධ්‍යාන ලාභයට යොග කෙරෙයි. ඔහුට අනුක්‍රමයෙන් කායික සුඛ දු ඃඛයන්ගේ ප්‍රහාණයෙන් පළමු උපචාරක්‍ෂණයෙහි ම සොම්නස් දොම්නසුන්ගේ අස්තඞගමයෙන් උපෙක්‍ෂායෙන් උපන් සිහියෙන් පරිශුද්ධභාවය ඇති සතර වැනි ධ්‍යානය උපයා වෙසෙයි. චතුත්‍ථ ධ්‍යානය සුඛ ප්‍රහීණ වූයේ උපෙක්ඛා එකග්ගතා යන අඞග දෙකින් යුක්ත වුයේ ද ත්‍රිවිධ කල්‍යාණ දශ ලක්‍ෂණ සම්පන්න වූයේ ද වේ.

මේ චතුක්කතයෙහි වදාල රූපාවචර ධ්‍යාන සතර යැ. (මෙහි විස්තර විභාගය පඥචකනයෙහි වෙනස ද විසුද්ධිමග්ග - පඨවිකසිනනි දෙදසයෙන් දන්නේ ය.) (අකාසාක ඤමායතනාදි අරූපාවචර ධ්‍යාන සතර “අරූපාවචර ශීර්ෂයෙහි” බලන්න.)

(කර්තෘ: ලබුගම ලංකානන්ද හිමි)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ධ්‍යාන&oldid=5293" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි