"ආඬිමාලය" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('පද්‍ය 98කින් යුත් කුඩා රචනයෙකි. මෙහි රචනා කාලය ද...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
සුළු (Senasinghe විසින් ආධිමාලය සිට ආඬිමාලය වෙත පිටුව ගෙන යන ලදී)
(වෙනසක් නොමැත)

16:03, 1 ඔක්තෝබර් 2024 තෙක් සංශෝධනය

පද්‍ය 98කින් යුත් කුඩා රචනයෙකි. මෙහි රචනා කාලය දක්වා නැත. කතුවරයා කොළඹ පදිංචිව සිටියේ යයි කියන අඹන්වෙල යාපා මැතිඳු නමැත්තකුගේ පුත්‍රයෙකි. හෙතෙම ගල් ගණයේ යතිඳුන්ගේ හා සෙනරත් රජුගේ අගමැති වූ ගාලේගොඩ මහමැතිඳුන්ගේ ද මුනුබුරෙකැයි පැවසේ.

මේ කවියා විවිධ උපමාවලින් සැරසූ මේ රචනා වෙන් සීතාවක රාජසිංහ කාලයෙහි ලක්දිවට පැමිණි ආඬින්ගේ පරපුරෙහි උපන් රාජ වංශයට නෑකම් කියමින් සිටි වීර බැස්මා නම් අධිපතියකු ද ඔහු අනුව ගොස් යකුන් පුදමින් විසූ කීපදෙනෙකුන් ද උපහාසයට ලක් කොට ඇත්තේය. මුල සිට ම රසවත් උපමාවලින් සැරසී සිටිනා හෙයින් මේ රචනය “ උපමා තරඟ මාලය ' නම් ද විය. මෙහි කථානායකයා ආඬියකු වූ හෙයින් ග්‍රන්ථය “ ආධි මාලය ” යයි සම්මත වූයේය.

(සංස්කරණය: 1965)

[[ප්‍රවර්ගය:]]

[[ප්‍රවර්ගය:]]

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආඬිමාලය&oldid=6242" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි