"ආපත්ති" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
7 පේළිය: | 7 පේළිය: | ||
උපසම්පන්න පැවිද්දන්ගේ වැරැදි හෙවත් ආපත්ති ඡෙජ්ජගාමිනී හෙවත් ඡේද්යගාමිනී, වුට්ඨානගාමිනී, දේසනාගාමිනී යැයි ත්‍රිවිධ වේ. | උපසම්පන්න පැවිද්දන්ගේ වැරැදි හෙවත් ආපත්ති ඡෙජ්ජගාමිනී හෙවත් ඡේද්යගාමිනී, වුට්ඨානගාමිනී, දේසනාගාමිනී යැයි ත්‍රිවිධ වේ. | ||
− | (1) ඡෙජ්ජගාමිනී ඇවැත් යනු භික්ෂුත්වය සහ මුලින් ඡේද්යවන - සිඳීයන - ආපත්තීහුය. එනම් පාරාජිකාවෝය. භික්ෂුභාවය නැතිවී යන එබඳු පාරාජිකා සතරකි. එනම් මෛථුනය, වියට විස්සක් බර රත්රන්වලට සමාන වටිනාකම් ඇති ද්‍රව්‍යයක් හෝ මුදලක් සොරකම් කිරීම, මිනීමැරීම, තමා කෙරෙහි නැති ධ්‍යාන විදර්ශනාදි උතුරු මිනිස්දහමක් ඇතැයි ඉඳුරා කීම යන මේ සතරයි. මේ සතරින් එකකුදු කළ භික්ෂුවක් දෙකට කැඩූ ගලක් සේ ද, මුදුනින් කැපූ තල් ගසක් සේ ද, හිස ගහදමනු ලැබූ මිනිසකු සේ ද නැවැත පිළියම් නොකළහැකි සේ ගුණ ජීවිතයෙන් තොර වෙයි. එබැවින් මෙම වරදවලට ඡෙජ්ජගාමිනී ආපත්ති යයි කියනු ලැබේ. ශ්‍රමණභාවයෙන් පරාජය (පැරැදීම) කරන හෙයින් මේවාට | + | (1) ඡෙජ්ජගාමිනී ඇවැත් යනු භික්ෂුත්වය සහ මුලින් ඡේද්යවන - සිඳීයන - ආපත්තීහුය. එනම් පාරාජිකාවෝය. භික්ෂුභාවය නැතිවී යන එබඳු පාරාජිකා සතරකි. එනම් මෛථුනය, වියට විස්සක් බර රත්රන්වලට සමාන වටිනාකම් ඇති ද්‍රව්‍යයක් හෝ මුදලක් සොරකම් කිරීම, මිනීමැරීම, තමා කෙරෙහි නැති ධ්‍යාන විදර්ශනාදි උතුරු මිනිස්දහමක් ඇතැයි ඉඳුරා කීම යන මේ සතරයි. මේ සතරින් එකකුදු කළ භික්ෂුවක් දෙකට කැඩූ ගලක් සේ ද, මුදුනින් කැපූ තල් ගසක් සේ ද, හිස ගහදමනු ලැබූ මිනිසකු සේ ද නැවැත පිළියම් නොකළහැකි සේ ගුණ ජීවිතයෙන් තොර වෙයි. එබැවින් මෙම වරදවලට ඡෙජ්ජගාමිනී ආපත්ති යයි කියනු ලැබේ. ශ්‍රමණභාවයෙන් පරාජය (පැරැදීම) කරන හෙයින් මේවාට 'පාරාජිකා'යී ද ව්‍යවහාරයි. ඡේද්යගාමිනී ඇවැතකට හෙවත් පාරාජිකාවට පැමිණි පැවිද්දකු ඉන් පසු සාමණේර තත්ත්වයෙන් හෝ ගිහිභාවයෙන් හෝ ජීවත්වනු මිස එම ජීවිතයේ දී නැවැත වරක් ඔහුට උපසම්පදාව ලැබිය නොහැකියි. හෙතෙම භික්ෂු ශාසනයෙන් චුත වූ, පරාජිත වූ පුද්ගලයෙකි. |
(2) වුට්ඨානගාමිනී ඇවැත් යනු භික්ෂුත්වය මුළුමනින් විනාශ නොවන, පිළියම් කොට නැවත නැඟීසිටිය හැකි ආපත්තීහුය. එනම් සංඝාදි සේසයෝයි. සංඝාදිසේස (සඟවෙසෙස්) තෙළෙසකි. එනම් අයථාශුක්රමෝචනය, අනුරාග වශයෙන් මාගමකගේ ශරීරාවයවයක් ස්පර්ශ කිරීම, මාගමකට අසභ්‍ය බිණීම, තමාට මෛථුනයෙන් මෙහෙ කිරීමෙහි අනුසස් මාගමකට කියා පෑම, ස්ත්‍රී පුරුෂයන් අතර කාමුක පණිවුඩ එහා මෙහා ගෙනයෑම, විනයවිරෝධී ලෙස තමා පිණිස කුටියක් සාදාගැනීම, විහාරයක් සාදාගැනීම, සිල්වත් භික්ෂුවකට පාරාජිකාවකට පැමිණියේ යැයි අමූලික චෝදනාවක් කිරීම, කිසියම් ලේශයක් වහල් කොට ගෙන පාරාජිකාපත්තියෙන් චෝදනා කිරීම, සංඝභේදය, සංඝභේදකයන්ට අනුවර්තනය වීම, ශික්ෂාපදයක් පෙන්වා අවවාද කරන විට එය ප්‍රතික්ෂේප කිරීම, කුලදූෂණය යන මේයි. මේ ඇවැත් අතුරින් යමකට පැමිණි භික්ෂුවක් එයින් නැඟිට යළිත් ප්රකෘතිශීලයෙහි පිහිටීමට නම් පළමු කොට ඔහු විසින් නියමිත දින ගණනක් පරිවාස (පිරිවෙස්) විසිය යුත්තේය. “පිරිවෙස් විසීම” නම් ප්‍රකෘති භික්ෂූන් හා විනයකර්මාදියට සහභාගි නොවී වෙන ම විසීමයි. මෙය සංඝයා විසින් ඔහුට දෙනු ලබන දඬුවමකි. පිරිවෙස් කාල සීමාව ඉකුත් වු පසු සංඝයාට බුහුමන් කිරීම පිණිස තවත් සදවසක් එලෙසින් ම වෙන්ව විසිය යුතුයි. එයට මානත්ත (මානත්) යැයි කියනු ලැබේ. මාන (පූජායං) යන ධාතුයි. පිරිවෙස් හා මානත් රකින කාලය තුළ එම භික්ෂුවට සෙසු භික්ෂූන්ට ඇති සැපපහසුකම් ද අයිතිවාසිකම් ද නැති වේ. සෙසු භික්ෂූන් හා එක සේනාසනයෙහි නිදා ගැනීමට ද අවකාශ නැත. වෙන ම කුටියක නිහතමානව විසිය යුතුය. ආරාමයට එන එන භික්ෂූනට තමා සඟවෙසෙස් ඇවතකට පිරිවෙස් හෝ මානත් පුරන බව උත්කුටිකව හිඳ කියා සිටිය යුතුය. මෙම අවස්ථා දෙක ඉකුත්වූ පසු විසිනමකට අඩු නොවූ භික්ෂු සංඛ්‍යාවක් විසින් එම භික්ෂුව නැවැත ප්‍රකෘති භික්ෂූන් අතරට විනයානුකූල කර්මවාක්යයෙන් ඇතුළත් කරගැනීම කටයුතුයි. එයට “අබ්භාන” කර්මය යැයි කියනු ලැබේ. මුල දී පිරිවෙස් දීමත් අග දී අබ්භානය කිරීමත් සංඝයා විසින් ම කටයුතුය. පිරිවෙස් හා මානත් දීමට යටත්පිරිසෙයින් සතර නමක් සෑහෙයි. එහෙත් අබ්භානයට යටත් පිරිසෙයින් විසිනමක් සිටිය යුතුයි. මෙසේ මෙම ඇවැත්වලින් නැඟී සිටීම සඳහා මුල දීත් අග දී නොහොත් සෙස්සෙහි දීත් සංඝයා සිටීම අවශ්‍ය බැවින් මේවාට සංඝාදිසේස (සඟවෙසෙස්) යැයි ද කියනු ලැබේ (සංඝො ආදිම්හි චෙව සෙසෙ ච ඉච්ඡිතබ්බං අස්සාති සංඝාදිසේසො). පාරාජිකාවන්ගෙන් මෙන් සංඝාදිසේසයන්ගෙන් පැවිද්ද සහමුලින් ගිළිහී නොයන බැවින්ද වත්මානත් පුරා යථාවිධීන් නැවත සීලය ප්‍රකෘතිමත් කර ගත හැකි බැවින් ද මේවා වුට්ඨානගාමිනී ඇවැත් යන නමින් ව්‍යවහාර වෙයි. | (2) වුට්ඨානගාමිනී ඇවැත් යනු භික්ෂුත්වය මුළුමනින් විනාශ නොවන, පිළියම් කොට නැවත නැඟීසිටිය හැකි ආපත්තීහුය. එනම් සංඝාදි සේසයෝයි. සංඝාදිසේස (සඟවෙසෙස්) තෙළෙසකි. එනම් අයථාශුක්රමෝචනය, අනුරාග වශයෙන් මාගමකගේ ශරීරාවයවයක් ස්පර්ශ කිරීම, මාගමකට අසභ්‍ය බිණීම, තමාට මෛථුනයෙන් මෙහෙ කිරීමෙහි අනුසස් මාගමකට කියා පෑම, ස්ත්‍රී පුරුෂයන් අතර කාමුක පණිවුඩ එහා මෙහා ගෙනයෑම, විනයවිරෝධී ලෙස තමා පිණිස කුටියක් සාදාගැනීම, විහාරයක් සාදාගැනීම, සිල්වත් භික්ෂුවකට පාරාජිකාවකට පැමිණියේ යැයි අමූලික චෝදනාවක් කිරීම, කිසියම් ලේශයක් වහල් කොට ගෙන පාරාජිකාපත්තියෙන් චෝදනා කිරීම, සංඝභේදය, සංඝභේදකයන්ට අනුවර්තනය වීම, ශික්ෂාපදයක් පෙන්වා අවවාද කරන විට එය ප්‍රතික්ෂේප කිරීම, කුලදූෂණය යන මේයි. මේ ඇවැත් අතුරින් යමකට පැමිණි භික්ෂුවක් එයින් නැඟිට යළිත් ප්රකෘතිශීලයෙහි පිහිටීමට නම් පළමු කොට ඔහු විසින් නියමිත දින ගණනක් පරිවාස (පිරිවෙස්) විසිය යුත්තේය. “පිරිවෙස් විසීම” නම් ප්‍රකෘති භික්ෂූන් හා විනයකර්මාදියට සහභාගි නොවී වෙන ම විසීමයි. මෙය සංඝයා විසින් ඔහුට දෙනු ලබන දඬුවමකි. පිරිවෙස් කාල සීමාව ඉකුත් වු පසු සංඝයාට බුහුමන් කිරීම පිණිස තවත් සදවසක් එලෙසින් ම වෙන්ව විසිය යුතුයි. එයට මානත්ත (මානත්) යැයි කියනු ලැබේ. මාන (පූජායං) යන ධාතුයි. පිරිවෙස් හා මානත් රකින කාලය තුළ එම භික්ෂුවට සෙසු භික්ෂූන්ට ඇති සැපපහසුකම් ද අයිතිවාසිකම් ද නැති වේ. සෙසු භික්ෂූන් හා එක සේනාසනයෙහි නිදා ගැනීමට ද අවකාශ නැත. වෙන ම කුටියක නිහතමානව විසිය යුතුය. ආරාමයට එන එන භික්ෂූනට තමා සඟවෙසෙස් ඇවතකට පිරිවෙස් හෝ මානත් පුරන බව උත්කුටිකව හිඳ කියා සිටිය යුතුය. මෙම අවස්ථා දෙක ඉකුත්වූ පසු විසිනමකට අඩු නොවූ භික්ෂු සංඛ්‍යාවක් විසින් එම භික්ෂුව නැවැත ප්‍රකෘති භික්ෂූන් අතරට විනයානුකූල කර්මවාක්යයෙන් ඇතුළත් කරගැනීම කටයුතුයි. එයට “අබ්භාන” කර්මය යැයි කියනු ලැබේ. මුල දී පිරිවෙස් දීමත් අග දී අබ්භානය කිරීමත් සංඝයා විසින් ම කටයුතුය. පිරිවෙස් හා මානත් දීමට යටත්පිරිසෙයින් සතර නමක් සෑහෙයි. එහෙත් අබ්භානයට යටත් පිරිසෙයින් විසිනමක් සිටිය යුතුයි. මෙසේ මෙම ඇවැත්වලින් නැඟී සිටීම සඳහා මුල දීත් අග දී නොහොත් සෙස්සෙහි දීත් සංඝයා සිටීම අවශ්‍ය බැවින් මේවාට සංඝාදිසේස (සඟවෙසෙස්) යැයි ද කියනු ලැබේ (සංඝො ආදිම්හි චෙව සෙසෙ ච ඉච්ඡිතබ්බං අස්සාති සංඝාදිසේසො). පාරාජිකාවන්ගෙන් මෙන් සංඝාදිසේසයන්ගෙන් පැවිද්ද සහමුලින් ගිළිහී නොයන බැවින්ද වත්මානත් පුරා යථාවිධීන් නැවත සීලය ප්‍රකෘතිමත් කර ගත හැකි බැවින් ද මේවා වුට්ඨානගාමිනී ඇවැත් යන නමින් ව්‍යවහාර වෙයි. |
14:26, 12 සැප්තැම්බර් 2024 තෙක් සංශෝධනය
(ඇවැත්).'ආපත්ති' යනු පැමිණීමයි. කුමකට පැමිණීම ද? වරදකට පැමිණීමයි. වචනාර්ථය එසේ වුව ද 'ආපත්ති' යන්නෙන් සාමාන්‍යයෙන් 'වැරැදි' යන අර්ථය ප්‍රකාශ වේ. එහෙත් අවිශේෂයෙන් කාගේ වුවත් වරදකට ආපත්තියකැයි කියනු නොලැබේ. හුදෙක් බෞද්ධ භික්ෂූන්ගේ හා භික්ෂුණීන්ගේ වැරැදි පමණක් 'ආපත්ති' යන නමින් ව්‍යවහාර වේ. ඇවැත් යනු එම වචනය සිංහලයෙහි ව්‍යවහාර වන පරිදියි. බුදුරජාණන්වහන්සේ පනවා වදාළ භික්ෂු භික්ෂුණී ප්රාතිමෝක්ෂ දෙකෙහි සංගෘහීත වූ උභය විභංගයට අයත් ශික්ෂාපද අතුරින් යම් සිකපදයක් හෝ බන්ධකයන්හි ඇතුළත් වන විවිධ වත් අතුරින් යම් වතක් හෝ යම් භික්ෂුවක් එසේ නැතහොත් භික්ෂුණියක් ඉක්මවී නම් එම භික්ෂුව හෝ භික්ෂුණිය 'ආපත්තියකට' පැමිණිණැයි කියනු ලැබේ. තවද 'ආපත්ති' යන නාමය උපසම්පන්නයන්ගේ වැරැදිවලට මිස අනුපසම්පන්නයන්ගේ වැරැදිවලට ව්‍යවහාර නොවේ.
අනුපසම්පන්නයෝ නම් ගිහියන් හා සාමණේර පැවිද්දෝයි. ගිහියෝ විනය නීතිවලින් පාලනය කරනු නොලැබෙති. සාමණේර පැවිද්දෝ නම් කහවත් දරා දසසිල් රකින්නෝය. ඔව්හු 'භික්ෂුහු' නොවෙති. ඔවුනට විනය කර්ම ද නැත. සාමණේර පැවිද්දකු සිකපදයක් කැඩූ කල්හි හෝ වත් සිරිත් ඉක්ම වූ කල්හි ගිහි පිළි අන්දවා ඔහු යළි මහණ කිරීම හෝ ගිහිබවට නොපමුණුවා නැවතත් ඔහුට සිකපද දීම හෝ හුදෙක් අවවාද හා දඬුවම් දී ආයතිසංවරයෙහි පිහිටුවීම හෝ උපාධ්යායයන්වහන්සේගේ යුතුකමකි. ඒ විනා සාමණේර පැවිද්දෙක් අසුවල් ආපත්තියට පැමිණියේ යැයි යන ව්‍යවහාරයක් හෝ සාමණේර පැවිද්දකුගේ වරදකට ප්‍රතිකර්ම කර ගැනීමේ දී සංඝයාගේ සම්බන්ධතාවක් හෝ නැත්තේය.
උපසම්පන්නයන් විනයනීති කඩ කිරීමෙන් පැමිණෙන වැරැදිවලට පමණක් 'ආපත්ති' යන නම ව්‍යවහාර වන බව ඉහත සඳහන් විය. උපසම්පන්නයෝ භික්ෂූන් හා භික්ෂුණීහුය. භික්ෂුණී විභංගයෙහි ඇතැම් අතිරේක ශික්ෂාපද ඇතුළත් වුව ද භික්ෂු භික්ෂුණී දෙපක්ෂයේ ම පැවිද්දන්ගේ ආපත්තිවල තත්ත්වය එකාකාරය. ඒ කාරණය නිසා ද මේ කාලයෙහි වැඩි වශයෙන් උද්ග්රහණධාරණය කරනු ලබන්නේ භික්ඛුවිභංගය බැවින් ද මෙම විස්තරය විශේෂයෙන් ම භික්ෂූන්ගේ සිකපද හා ඛන්ධක ඇසුරින් සපයනු ලැබේ.
උපසම්පන්න පැවිද්දන්ගේ වැරැදි හෙවත් ආපත්ති ඡෙජ්ජගාමිනී හෙවත් ඡේද්යගාමිනී, වුට්ඨානගාමිනී, දේසනාගාමිනී යැයි ත්‍රිවිධ වේ.
(1) ඡෙජ්ජගාමිනී ඇවැත් යනු භික්ෂුත්වය සහ මුලින් ඡේද්යවන - සිඳීයන - ආපත්තීහුය. එනම් පාරාජිකාවෝය. භික්ෂුභාවය නැතිවී යන එබඳු පාරාජිකා සතරකි. එනම් මෛථුනය, වියට විස්සක් බර රත්රන්වලට සමාන වටිනාකම් ඇති ද්‍රව්‍යයක් හෝ මුදලක් සොරකම් කිරීම, මිනීමැරීම, තමා කෙරෙහි නැති ධ්‍යාන විදර්ශනාදි උතුරු මිනිස්දහමක් ඇතැයි ඉඳුරා කීම යන මේ සතරයි. මේ සතරින් එකකුදු කළ භික්ෂුවක් දෙකට කැඩූ ගලක් සේ ද, මුදුනින් කැපූ තල් ගසක් සේ ද, හිස ගහදමනු ලැබූ මිනිසකු සේ ද නැවැත පිළියම් නොකළහැකි සේ ගුණ ජීවිතයෙන් තොර වෙයි. එබැවින් මෙම වරදවලට ඡෙජ්ජගාමිනී ආපත්ති යයි කියනු ලැබේ. ශ්‍රමණභාවයෙන් පරාජය (පැරැදීම) කරන හෙයින් මේවාට 'පාරාජිකා'යී ද ව්‍යවහාරයි. ඡේද්යගාමිනී ඇවැතකට හෙවත් පාරාජිකාවට පැමිණි පැවිද්දකු ඉන් පසු සාමණේර තත්ත්වයෙන් හෝ ගිහිභාවයෙන් හෝ ජීවත්වනු මිස එම ජීවිතයේ දී නැවැත වරක් ඔහුට උපසම්පදාව ලැබිය නොහැකියි. හෙතෙම භික්ෂු ශාසනයෙන් චුත වූ, පරාජිත වූ පුද්ගලයෙකි.
(2) වුට්ඨානගාමිනී ඇවැත් යනු භික්ෂුත්වය මුළුමනින් විනාශ නොවන, පිළියම් කොට නැවත නැඟීසිටිය හැකි ආපත්තීහුය. එනම් සංඝාදි සේසයෝයි. සංඝාදිසේස (සඟවෙසෙස්) තෙළෙසකි. එනම් අයථාශුක්රමෝචනය, අනුරාග වශයෙන් මාගමකගේ ශරීරාවයවයක් ස්පර්ශ කිරීම, මාගමකට අසභ්‍ය බිණීම, තමාට මෛථුනයෙන් මෙහෙ කිරීමෙහි අනුසස් මාගමකට කියා පෑම, ස්ත්‍රී පුරුෂයන් අතර කාමුක පණිවුඩ එහා මෙහා ගෙනයෑම, විනයවිරෝධී ලෙස තමා පිණිස කුටියක් සාදාගැනීම, විහාරයක් සාදාගැනීම, සිල්වත් භික්ෂුවකට පාරාජිකාවකට පැමිණියේ යැයි අමූලික චෝදනාවක් කිරීම, කිසියම් ලේශයක් වහල් කොට ගෙන පාරාජිකාපත්තියෙන් චෝදනා කිරීම, සංඝභේදය, සංඝභේදකයන්ට අනුවර්තනය වීම, ශික්ෂාපදයක් පෙන්වා අවවාද කරන විට එය ප්‍රතික්ෂේප කිරීම, කුලදූෂණය යන මේයි. මේ ඇවැත් අතුරින් යමකට පැමිණි භික්ෂුවක් එයින් නැඟිට යළිත් ප්රකෘතිශීලයෙහි පිහිටීමට නම් පළමු කොට ඔහු විසින් නියමිත දින ගණනක් පරිවාස (පිරිවෙස්) විසිය යුත්තේය. “පිරිවෙස් විසීම” නම් ප්‍රකෘති භික්ෂූන් හා විනයකර්මාදියට සහභාගි නොවී වෙන ම විසීමයි. මෙය සංඝයා විසින් ඔහුට දෙනු ලබන දඬුවමකි. පිරිවෙස් කාල සීමාව ඉකුත් වු පසු සංඝයාට බුහුමන් කිරීම පිණිස තවත් සදවසක් එලෙසින් ම වෙන්ව විසිය යුතුයි. එයට මානත්ත (මානත්) යැයි කියනු ලැබේ. මාන (පූජායං) යන ධාතුයි. පිරිවෙස් හා මානත් රකින කාලය තුළ එම භික්ෂුවට සෙසු භික්ෂූන්ට ඇති සැපපහසුකම් ද අයිතිවාසිකම් ද නැති වේ. සෙසු භික්ෂූන් හා එක සේනාසනයෙහි නිදා ගැනීමට ද අවකාශ නැත. වෙන ම කුටියක නිහතමානව විසිය යුතුය. ආරාමයට එන එන භික්ෂූනට තමා සඟවෙසෙස් ඇවතකට පිරිවෙස් හෝ මානත් පුරන බව උත්කුටිකව හිඳ කියා සිටිය යුතුය. මෙම අවස්ථා දෙක ඉකුත්වූ පසු විසිනමකට අඩු නොවූ භික්ෂු සංඛ්‍යාවක් විසින් එම භික්ෂුව නැවැත ප්‍රකෘති භික්ෂූන් අතරට විනයානුකූල කර්මවාක්යයෙන් ඇතුළත් කරගැනීම කටයුතුයි. එයට “අබ්භාන” කර්මය යැයි කියනු ලැබේ. මුල දී පිරිවෙස් දීමත් අග දී අබ්භානය කිරීමත් සංඝයා විසින් ම කටයුතුය. පිරිවෙස් හා මානත් දීමට යටත්පිරිසෙයින් සතර නමක් සෑහෙයි. එහෙත් අබ්භානයට යටත් පිරිසෙයින් විසිනමක් සිටිය යුතුයි. මෙසේ මෙම ඇවැත්වලින් නැඟී සිටීම සඳහා මුල දීත් අග දී නොහොත් සෙස්සෙහි දීත් සංඝයා සිටීම අවශ්‍ය බැවින් මේවාට සංඝාදිසේස (සඟවෙසෙස්) යැයි ද කියනු ලැබේ (සංඝො ආදිම්හි චෙව සෙසෙ ච ඉච්ඡිතබ්බං අස්සාති සංඝාදිසේසො). පාරාජිකාවන්ගෙන් මෙන් සංඝාදිසේසයන්ගෙන් පැවිද්ද සහමුලින් ගිළිහී නොයන බැවින්ද වත්මානත් පුරා යථාවිධීන් නැවත සීලය ප්‍රකෘතිමත් කර ගත හැකි බැවින් ද මේවා වුට්ඨානගාමිනී ඇවැත් යන නමින් ව්‍යවහාර වෙයි.
(3) දේසනාගාමිනී ඇවැත් යනු වුට්ඨානගාමිනී ඇවත්වල දී මෙන් පිරිවෙස් විසීමාදියක් නැතිව තවත් උපසම්පන්න භික්ෂු නමක් වෙත පැමිණ තමාට සිදුවූ වරද උච්චාරණය කොට "නැවත එබන්දක් නොකරනු මැනවැ" යි එම භික්ෂුව විසින් දෙනු ලබන අවවාදය පිළිගත් කල්හි ශුද්ධිය ලැබිය හැකි ඇවැත්ය. එම ඇවැත් ථුල්ලච්චය, පාවිත්තිය, පාටිදේසනීය, දුක්කටය, දුබ්හාසිත යැයි පස්වැදෑරුම් වේ.
i. ථුල්ලච්චය (ථුලැසි) යනු “මහවරද” (ථුල්ල + අච්ච) යන අදහසිනි. දෙසීමෙන් ශුද්ධිය ලබාගත හැකි ඇවැත් අතුරින් බර ම ඇවැත මෙය වේ. ථුලසි ඇවැත් සඳහා පනවන ලද ශික්ෂාපද යැයි අමුතු සිකපද කොටසක් ප්රාතිමෝක්ෂයෙහි නොඑයි. එහෙත් සඟසතු බඩු තමා අධිපතියාය යන බලය පිට පිහිටා ගෙන අනුන්ට දීම, තීර්ථක පිරිකර පාවිච්චි කිරීම, නොනිසි තැන සැත්කම් කරවා ගැනීම, වත්කම් කරවා ගැනීම, මිනීමස් කෑම යන ආදි වැරැදි මේ නාමයෙන් ගැනේ. තව ද ථුලැසිය පාරාජිකායෙහි සාමන්තාපත්තියයි, හෙවත් පාරාජිකාවට පැමිණීමේ දී ඊට මුලින් පැමිණෙන වරදයි. ඒ මෙසේයි : සොරකම් කිරීමේ දී පාරාජිකාවකට වස්තු වූ ද්‍රව්‍යයක් ඇල්ලූ කල එය සෙලවීමේ දී ථුලැසි ඇවැත් වේ; තුබූ තැනින් කෙසගක් පමණකුදු වෙන්වූ විට පරිජි ඇවැත් වේ. මේ ආදි වශයෙනි.
ii. පාචිත්තිය (පචිති) යනු පවක් රැස් කෙරෙයි (පාපං චිනොති) යන අරුතින් ව්‍යවහාර වන වැරැදි කොටසකි. නිස්සග්ගිය පාචිත්තිය යන නමින් එන ශික්ෂාපද තිහ ද “සුද්ධපාචිත්තිය” යන නමින් එන ශික්ෂාපද දෙයානූව ද ඉක්මවීම නිසා සිදුවන වැරැදිවලට මේ නම යෙදේ. නිස්සග්ගිය පාචිත්තිය (නිසඟිපචිති) නම් අතිරේක සිවුරක් දසදිනකට වඩා තමා ළඟ තබාගැනීමේ දී එකොළොස්වැනි දිනට අරුණු නඟින වේලෙහි එම සිවුර නිසඟි වනු සමඟ ම සිදුවන පචිති ඇවැත ආදි ඒ ඒ නිස්සග්ගිය ශික්ෂාපද කැඩීමෙන් අවදින පචිති ඇවැත් තිහයි. සුද්ධපචිති නම් බොරුකීම, ඵරුසවචන බිණීම, කේළාම් කීම ආදි අනූදෙකක් ශික්ෂාපද කැඩීමෙන් පැමිණෙන පචිති ඇවැත් දෙයානූවයි. “නිස්සග්ගිය” යනු විනය කර්මයෙකි. නිසැඟි වූ පාසිවුරු ආදි පිරිකර සඟනට, ගණයාට හෝ පුද්ගලයකුට විනයෙහි කී සෙයින් නිස්සජනය කොට හෙවත් හැරපියා ඇවැත් දෙසා ශුද්ධියට පැමිණිය යුතු හෙයින් නිස්සග්ගිය පාචිත්තිය සුද්ධපාචිත්තියෙන් වෙනස් වෙයි. සුද්ධ පාචිත්තිය හුදු දේශනායෙන් ම ශුද්ධියට පැමිණෙයි. මේ පචිති දෙවර්ගයෙහි එකිනෙකට ඇති වෙනසයි.
iii. පාටිදේසනීය (පිළිදෙස්නි) ඇවැත් නම් ගාරය්හං ආවුසො ධම්මං ආපජ්ජි අසප්පායං තං පටිදෙසෙමි (ආයුෂ්මතුනි, ගැරහිය යුතු වූ වරදකට මම පැමිණියෙමි, එය ඔබ ඉදිරියෙහි ප්‍රකාශ කෙරෙමි) යි භික්ෂුවක් ඉදිරියෙහි දී කියා සිටිය යුතු වූ වැරැදි කොටසකි. ඒවා සතරකි. එනම් : ඇතුළුගම දී නොනෑ මෙහෙණින්නක අතින් ආහාර පාන වර්ගයක් පිළිගෙන අනුභව කිරීම, දායකයාගේ ආරාධනාවෙන් පැමිණි යම් ගෙදරක දී දන් වළඳමින් හිඳින භික්ෂූන් වෙත භික්ෂුණියක් පැමිණ මෙතැනට බත් බෙදනු මැනව, මෙතැනට ව්‍යංජන බෙදනු මැනව යනාදි විසින් විධාන කෙරේ නම් එවිට එම භික්ෂුණිය එතැනින් පලවා නොහැරීම, සේඛසම්මත පවුල්වලට තමා නොගිලන්ව සිට ගෙන ආරාධනාත් නොලැබ ගොස් ඒ ගෙවලින් ආහාර පානවර්ග පිළිගෙන වැළැඳීම, සොරබිය නිසා සැක සහිත වූ ආරණ්‍ය සේනාසනයක වෙසෙන විට කලින් නොදන්වා දායකයන් විසින් එහි ගෙනවුත් දෙනු ලබන ආහාරපාන වර්ගයක් තමා නොගිලන්ව සිට ගෙන පිළිගෙන වැළැඳීම යන මේයි.
iv. දුක්කට (දුකුළා) යන්නෙහි “නොනිසිසේ කරන ලද්ද” (දු+කත) යනු වචනාර්ථයි. දුකුළා ඇවැත් නම් ශිෂ්ටත්වය, ආචාරය ඉක්මවා කරන වැරැදියි. ඇත්, අස්, වලස්, සිංහ, කොටි ආදි සතුන්ගේ මස් අනුභව කිරීම, මැණික්, ධාන්‍ය වර්ග, ස්ත්‍රී රූප ආදිය ස්පර්ශ කිරීම. නැටීම් බැලීම, නැටවීම, ගී කියනු අසා සිටීම, ගී කියවීම, දික්කෙස් දැරීම, බිම හිඳීම, සේටියා සිඛපද කැඩීම යනාදි නොමනා දේ කරන භික්ෂුව දුකුළා ඇවැත් අවදී.
v. දුබ්භාසිත (දුබැසි) යන්නෙහි "නොනිසිසේ කියන ලද්ද (දු+භාසිත) යනු වචනාර්ථයි. දුබැසි නම් අසභ්‍ය තෙපුල් ( කුණුසරුප) බිණීමේ දී වන ඇවැතයි. ථුලැසි, පචිති, පිළිදෙස්නි, දුකුළා, දුබැසි යන මේ ඇවැත්වර්ග පස ද ඉහත සඳහන් කළ පරිජි, සඟවෙසෙස් යන ඇවැත්වර්ග දෙක ද එක්කොට ගන්නා කල්හි සප්තාපත්තිස්කන්‍ධ යැයි ද පචිති, දුබැසි දෙවගය හැර ඉතිරි පස පඤ්චාපත්ති ස්කන්ධ යැයි ද විනයෙහි ව්‍යවහාර වෙයි.
සප්තාපත්තිස්කන්ධයට අයත් සියලු ම ඇවැත් සචිත්තක අචිත්තක වශයෙන් ද දෙවැදෑරුම් වේ. සමහර සිකපද ඉක්මවීම “සිකපදයක් ඉක්මවමි” යි යන සිහියෙන් තොරව සිදුවිය හැකි වෙයි. එබැවින් ඒවා අචිත්තක සිකපද යී ද එසේ ඉක්මවීම නිසා පැමිණෙන ඇවැත් අචිත්තකාපත්ති යී ද ව්‍යවහාර වේ. සෙස්ස සචිත්තකයි. පාරාජිකා ඇවැත් සියල්ල ම සචිත්තකාපත්තීහුය. සංඝාදිසේස අතුරින් සඤ්චරිත්ත සංඝාදිසේසය (ස්ත්‍රීපුරුෂයන් අතර කාමුක හසුන් එහා මෙහා ගෙන යෑම) අචිත්තකව ද විය හැකියි. සෙසු ඒවා සවිත්තකයි. මේ ආදි වශයෙන් ආපත්තීන්ගේ සචිත්තක අචිත්තක භේදය ඒ ඒ ශික්ෂාපදය පිළිබඳ අටුවා විස්තරය අනුව දතයුතු වේ.
තවද සප්තාපත්තිස්කන්‍ධය අතුරින් ඡේද්‍ය ගාමිනී ඇවැත් හෙවත් පරිජි ඇවැත් අනවසෙසාපත්ති යන නමින් ද වුට්ඨානගාමිනී ඇවැත් (සඟවෙසෙස්) හා දේසනාගාමිනී ඇවැත් (ථුලැසි ආදි පස) යන මේ සවැදෑරුම් ඇවැත් සාවසෙසාපත්ති යන නමින් ද ව්‍යවහාර වේ. අනවසෙසාපත්ති (න+අවසෙස+ආපත්ති) යනු සිල් ඉතිරි නොවී මුළුමනින් ම නැති වන ඇවැත්ය. ඡේද්යගාමිනී ඇවැත්වලට මේ නම ව්‍යවහාර වන්නේ එබැවිනි. වුට්ඨානගාමිනී. දේසනාගාමිනී ඇවැත්වලට පැමිණි භික්ෂු වගේ සීලය කිලිටිවන නමුදු සම්පූර්ණයෙන් නැති නොවේ. ඉතිරියක් සහිත ඇවැත් (ස+අවසෙස+ආපත්ති) යැයි ව්‍යවහාර වන්නේ එහෙයිනි.
යම් භික්ෂුවක් සාවසේසාපත්තියකට හෝ අනවසේසාපත්තියකට හෝ පැමිණියේ නම් හෙතෙම පාපයක් සිද්ධකර ගත්තේ නම් වේ. පාප දෙවැදෑරුමි. පණ්ණත්තිවජ්ජපාප, ලොකවජ්ජ පාප කියායි. “පණ්ණත්තිවජ්ජ’’ යනු හුදෙක් විනය නීතියෙන් පමණක් වරදැයි සම්මත ක්‍රියාවකි. ලොකවජ්ජ යනු ලෝක සම්මත වරදකි. මේ දෙවැදෑරුම් වැරැදි ක්‍රියාවලින් සිදුවන පාපයන්ගේ වෙනස මෙසේයි : පණ්ණත්තිවජ්ජපාපය හෙවත් විනය නීතියෙන් පමණක් ම වරදැයි සම්මතව ඇති ක්‍රියාවක් කිරීමෙන් සිදුවන පාපය එම ක්‍රියාව නිසා අවන් ඇවැතට ප්‍රතිකර්ම කරගැනීමෙන් පසු අහෝසි බවට පැමිණෙයි. පරලොව විපාක ගෙන දීමක් නැත. එහෙත් ලෝකවජ්ජපාපය හෙවත් ලෝකසම්මත වරදක් කිරීම නිසා සිදුවන පාපය එසේ නොවේ. ඇවැතට ප්‍රතිකර්ම කරගත් කල සීලය පිරිසිදු වෙතත් එම පාපයේ විපාක පරලොව දී ලැබේ. උදාහරණයක් මෙසේයි : යම්කිසි භික්ෂුවක් දැන දැන තිරිසන් සතකු මැරුයේ නම් එම භික්ෂුව පචිති ඇවැතට පැමිණේ. තවත් භික්ෂුවක් දැන දැන ගසක්, වැලක් හෝ තණපතක් කැඩීම, කැපීම, පිලිස්සීම හෝ කෙණෙහීම හෝ කෙළේ නම් හෙතෙමේ ද පචිති ඇවතට පැමිණේ. පචිති ඇවැත දේසනා ගාමිනී ඇවැතකි. එබැවින් ප්‍රථම භික්ෂුව තමා අවන් පචිති ඇවැත අනෙක් භික්ෂුවක් ඉදිරියෙහි දෙසා සිල් පිරිසිදු කරගනී. එහෙත් ප්‍රාණඝාත පාපයේ විපාක ඔහු විසින් පරලොව දී විඳිය යුතුය. ඔහු විසින් කරන ලද්දේ ලෝකවජ්ජපාපයක් හෙයිනි. දෙවැනි භික්ෂුව ද තමාගේ පචිති ඇවැත අනෙක් භික්ෂුවක් ඉදිරියේ දෙසීමෙන් සීලය පිරිසිදු කරගනී. ඕහට පරලොව ගෙන යන පවක් නැත. දෙසීමෙන් ම ඔහුගේ පාපය ගෙවී යයි. පරලොව විපාකයක් නැත. ඔහු විසින් කරන ලද්දේ පණ්ණත්ති වජ්ජපාපයක් බැවිනි. මේ දෙකෙහි වෙනස මෙසේ වුව ද පණ්ණත්තිවජ්ජපාපයකින් වුව ද ඇවැත් දෙසා ගැනීමෙන් ශුද්ධියක් නොලබා සාපත්තිකව කාලක්‍රියා කරන භික්ෂුව පරලොව දුගතියට පැමිණෙයි. කසුප් බුදුන් සමයෙහි විසි දහසක් අවුරුදු මුළුල්ලේ මහණදම් පිරූ භික්ෂුවක් එරු කොළයක් සිඳීම නිසා අවන් පචිති ඇවැතක් යථාකාලයේ දෙසා නොගත් වරදින් මරණින් මතු ඒරකපත්ත නම් නාරජව උපන් කථා පුවත ඊට නිදසුනකි. එබැවින් අවන් ඇවැත මහවරදක් හෝ වේවා සුළු වරදක් හෝ වේවා වහා ම ඉන් ශුද්ධියක් ලබා ගැනීම ලජ්ජී පේසල ශාසනාවචරයන්ගේ සිරිති.
අනවසේසාපත්තියකට පැමිණි භික්ෂුවකට ලැබිය හැකි ශුද්ධිය නම් සාමණේර වීම හෝ ගිහි වීමයි. වත්මානත් පිරීමෙන් හා ඇවැත් දෙසීමෙන් ද සාවසේසාපත්තිවලින් ශුද්ධිය ලබාගත හැකි වෙයි. අවන් ඇවැතින් යථාවිධීන් ශුද්ධියක් නොලබා සාපත්තිකව කාලක්‍රියා කරන භික්ෂුව නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ උපදී.
එක් එක් ආපත්තියක් පිළිබඳ විනිශ්චය සතළොස් ආකාරයකින් කටයුතු බව විනය නියමයි. ඒ පිළිබඳ සියලු විස්තර ද එක එක ශික්ෂාපදය පිළිබඳ ආපත්ති අනාපත්ති ආදි සියුම් භේද ද විනය පාලියෙන් හා අටුවාටීකා නයින් දතයුතු වේ.
(සංස්කරණය: 1965)