"ආර්යදේව-1" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ක්‍රිස්තු වර්ෂයෙන් තුන්වන සියවසේ දී ජීවත්ව ස...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
1 පේළිය: 1 පේළිය:
ක්‍රිස්තු වර්ෂයෙන් තුන්වන සියවසේ දී ජීවත්ව සිටි මහායාන බෞද්ධාචාර්‍ය්‍යවරයෙකි. නාගාර්ජුන තෙරුන්ගේ ශ්‍රෙෂ්ඨතම ශිෂ්‍යවරයා හැටියට හැඳින්වෙන මොහු වාදයෙහි දක්ෂයෙක් විය. දේව, ආර්යදේව, කාණදේව, දේවාචාර්‍ය්‍ය යන නම්වලින් ද මොහු හඳුන්වා තිබේ. මොහු ලක්දිව පියුම් ගැබකින් උපන්නේ යයි ද එරට රජු විසින් පුත්‍රස්ථානයෙහි තබා වඩනා ලද්දේ යයි ද ටිබැට් ග්‍රන්ථ වල සඳහන් වේ. ඇතැමෙක් ඔහු ලක්දිව රජකුගේ පුත්‍රයෙකැයි ද කියති. සිංහපුරයෙහි ඉපිද සිංහලද්වීපය වාසභූමි කොට ගත් මොහු අනාර්‍ය්‍ය වුව ද ආර්ය නාමයෙන් හැඳින්වෙතැ යි මංජුශ්‍රී මූලතන්ත්‍රයේ සඳහන් වේ.
+
ක්‍රිස්තු වර්ෂයෙන් තුන්වන සියවසේ දී ජීවත්ව සිටි මහායාන බෞද්ධාචාර්‍ය්‍යවරයෙකි. නාගාර්ජුන තෙරුන්ගේ ශ්‍රෙෂ්ඨතම ශිෂ්‍යවරයා හැටියට හැඳින්වෙන මොහු වාදයෙහි දක්ෂයෙක් විය. දේව, ආර්යදේව, කාණදේව, දේවාචාර්‍ය්‍ය යන නම්වලින් ද මොහු හඳුන්වා තිබේ. මොහු ලක්දිව පියුම් ගැබකින් උපන්නේ යයි ද එරට රජු විසින් පුත්‍රස්ථානයෙහි තබා වඩනා ලද්දේ යයි ද ටිබැට් ග්‍රන්ථවල සඳහන් වේ. ඇතැමෙක් ඔහු ලක්දිව රජකුගේ පුත්‍රයෙකැයි ද කියති. සිංහපුරයෙහි ඉපිද සිංහලද්වීපය වාසභූමි කොට ගත් මොහු අනාර්‍ය්‍ය වුව ද ආර්ය නාමයෙන් හැඳින්වෙතැ යි මංජුශ්‍රී මූලතන්ත්‍රයේ සඳහන් වේ.
ආර්යදේව ලක්දිව උපනෙකැයි සඳහන් කරන හියුං සාංතුමා ආර්‍ය්‍යදේවයන් නාගාර්ජුන තෙරුන් හමුවීම පිළිබඳව ද තීර්ථකයන් හා වාද කර ජය ගැනීම ගැන ද කරුණු සඳහන් කරයි. ආර්යදේව නාලන්දා විශ්වවිද්‍යාලයේ විසූ උසස් පඬිවරයකු හැටියට ඉන්දියානු බෞද්ධ ඉතිහාසය නමැති ග්‍රන්ථයේ කර්‍තෘ වූ තාරානාථ සලකයි. ඔහුගේ ප්‍රකාශයන්ට අනුව ආර්යදේව දෙවන චන්ද්‍රගුප්ත රජු හා සමකාලිකය. විවිධ ග්‍රන්ථ වල දැක්වෙන එකිනෙකට විරුද්ධ ප්‍රකාශයන් නිසා ඔහු ජීවත්ව සිටි කාලය නිශ්චය වශයෙන් කිව නොහැක. ආර්යදේව අතින් ලියැවුණු ග්‍රන්ථ බොහෝ ගණනකි. මාධ්‍යමික චතුඃශතිකා, මාධ්‍යමික හස්තවාල ප්‍රකරණ, ප්‍රාණ්‍යමූල ශාස්ත්‍රටීකා, ශතශාස්ත්‍ර, මාධ්‍යමික භ්‍රමඝාතනාම ආදිය මින් සමහරකි.  
+
 
 +
ආර්යදේව ලක්දිව උපනෙකැයි සඳහන් කරන හියුං සාංතුමා ආර්‍ය්‍යදේවයන් නාගාර්ජුන තෙරුන් හමුවීම පිළිබඳව ද තීර්ථකයන් හා වාද කර ජය ගැනීම ගැන ද කරුණු සඳහන් කරයි. ආර්යදේව නාලන්දා විශ්වවිද්‍යාලයේ විසූ උසස් පඬිවරයකු හැටියට ඉන්දියානු බෞද්ධ ඉතිහාසය නමැති ග්‍රන්ථයේ කර්‍තෘ වූ තාරානාථ සලකයි. ඔහුගේ ප්‍රකාශයන්ට අනුව ආර්යදේව දෙවන චන්ද්‍රගුප්ත රජු හා සමකාලිකය. විවිධ ග්‍රන්ථවල දැක්වෙන එකිනෙකට විරුද්ධ ප්‍රකාශයන් නිසා ඔහු ජීවත්ව සිටි කාලය නිශ්චය වශයෙන් කිව නොහැක. ආර්යදේව අතින් ලියැවුණු ග්‍රන්ථ බොහෝ ගණනකි. මාධ්‍යමික චතුඃශතිකා, මාධ්‍යමික හස්තවාල ප්‍රකරණ, ප්‍රාණ්‍යමූල ශාස්ත්‍රටීකා, ශතශාස්ත්‍ර, මාධ්‍යමික භ්‍රමඝාතනාම ආදිය මින් සමහරකි.  
  
චීන ග්‍රන්ථවල සඳහන් වන හැටියට ආර්යදේවයන්ගේ මරණය සිදු වූයේ තීර්ථකයකු විසින් පපුවට අනින ලද කඩුපහරකිනි.
 
14:26, 2 ජනවාරි 2025 වන විට නවතම සංශෝධනය

ක්‍රිස්තු වර්ෂයෙන් තුන්වන සියවසේ දී ජීවත්ව සිටි මහායාන බෞද්ධාචාර්‍ය්‍යවරයෙකි. නාගාර්ජුන තෙරුන්ගේ ශ්‍රෙෂ්ඨතම ශිෂ්‍යවරයා හැටියට හැඳින්වෙන මොහු වාදයෙහි දක්ෂයෙක් විය. දේව, ආර්යදේව, කාණදේව, දේවාචාර්‍ය්‍ය යන නම්වලින් ද මොහු හඳුන්වා තිබේ. මොහු ලක්දිව පියුම් ගැබකින් උපන්නේ යයි ද එරට රජු විසින් පුත්‍රස්ථානයෙහි තබා වඩනා ලද්දේ යයි ද ටිබැට් ග්‍රන්ථවල සඳහන් වේ. ඇතැමෙක් ඔහු ලක්දිව රජකුගේ පුත්‍රයෙකැයි ද කියති. සිංහපුරයෙහි ඉපිද සිංහලද්වීපය වාසභූමි කොට ගත් මොහු අනාර්‍ය්‍ය වුව ද ආර්ය නාමයෙන් හැඳින්වෙතැ යි මංජුශ්‍රී මූලතන්ත්‍රයේ සඳහන් වේ.

ආර්යදේව ලක්දිව උපනෙකැයි සඳහන් කරන හියුං සාංතුමා ආර්‍ය්‍යදේවයන් නාගාර්ජුන තෙරුන් හමුවීම පිළිබඳව ද තීර්ථකයන් හා වාද කර ජය ගැනීම ගැන ද කරුණු සඳහන් කරයි. ආර්යදේව නාලන්දා විශ්වවිද්‍යාලයේ විසූ උසස් පඬිවරයකු හැටියට ඉන්දියානු බෞද්ධ ඉතිහාසය නමැති ග්‍රන්ථයේ කර්‍තෘ වූ තාරානාථ සලකයි. ඔහුගේ ප්‍රකාශයන්ට අනුව ආර්යදේව දෙවන චන්ද්‍රගුප්ත රජු හා සමකාලිකය. විවිධ ග්‍රන්ථවල දැක්වෙන එකිනෙකට විරුද්ධ ප්‍රකාශයන් නිසා ඔහු ජීවත්ව සිටි කාලය නිශ්චය වශයෙන් කිව නොහැක. ආර්යදේව අතින් ලියැවුණු ග්‍රන්ථ බොහෝ ගණනකි. මාධ්‍යමික චතුඃශතිකා, මාධ්‍යමික හස්තවාල ප්‍රකරණ, ප්‍රාණ්‍යමූල ශාස්ත්‍රටීකා, ශතශාස්ත්‍ර, මාධ්‍යමික භ්‍රමඝාතනාම ආදිය මින් සමහරකි.

චීන ග්‍රන්ථවල සඳහන් වන හැටියට ආර්යදේවයන්ගේ මරණය සිදු වූයේ තීර්ථකයකු විසින් පපුවට අනින ලද කඩුපහරකිනි.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආර්යදේව-1&oldid=6838" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි