"අවන්තිපූර්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('පුරාණ කාශ්මීර රාජ්‍යයේ වුලර් පර්ගනාහි විතස්ත...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
4 පේළිය: 4 පේළිය:
  
මේ නගරය පිහිටුවූ අවන්තිවර්මන් රජු විසින් තමාගේ රාජභිෂේකයට පෙර මෙහි අවන්තිස්වාමි නම් විෂ්ණු දේවාලයක් ද, රාජපදප්‍රාප්තියෙන් පසු අවන්තීශ්වර නම් ශිව දේවාලයක් ද කරවන ලද බව රාජතරඞ්ගිණියෙහි සඳහන් වෙයි. මේ දෙවොල් දෙකේ නටබුන් 1913 දී පමණ කරන ලද පුරාවිද්‍යාත්මක කැණීම්වල දී සොයා ගෙන ඇත. විෂ්ණු, ශිව, ගණේෂ ආදි දෙවිවරුන්ගේ ප්‍රතිමා කිහිපයක් හා වෙනත් ප්‍රතිමා රාශියක් ද පැරණි කාසි රාශියක් ද ඒහි තිබී හමුවූ පුරාවස්තු අතර ඇත.
 
 +
 +
(සංස්කරණය: 1965)
 +
 +
[[ප්‍රවර්ගය: භාරතීය පුරාවිද්‍යාව]]
 +
 +
[[ප්‍රවර්ගය: අ]]

12:15, 17 පෙබරවාරි 2025 තෙක් සංශෝධනය

පුරාණ කාශ්මීර රාජ්‍යයේ වුලර් පර්ගනාහි විතස්තා (වර්තමාන ඣේලම්) නදියේ දකුණු ඉවුරේ පිහිටා තුබුණු පැරණි නගරයකි. කාශ්මීරයේ ශ්‍රී නගරයට සැතපුම් 18ක් පමණ ගිනිකොනින් ඣේලම් නදියේ දකුණු ඉවුරේ පිහිටා ඇති වාන්තිපූර් නමැති ග්‍රාමය පැරණි අවන්තිපූර් නගරය ලෙස සලකනු ලැබේ.

කාශ්මීරයේ උත්පල රාජවංශයේ අවන්තිවර්මන් රජු (855-883) විසින් එකල විශෛවකසාර නමින් හැඳින්වුණු ස්ථානයක මේ නගරය ගොඩ නංවන ලද බවත් රාජතරඞ්ගිනියේ පංචම තරඞ්ගයෙන් ලැබෙන තොරතුරුවලින් පෙනේ. පුරාවිද්‍යා කැණීම්වල දී හමුවී ඇති නෂ්ටාවශේෂ දෙසත් රාජතරඞ්ගිණියේ ද සමයමාතෘකාහි ද එන විස්තර දෙසත් බලන විට මෙය එකල ඉතා විශාල නගරයක් වූ බව පැහැදිලි වෙයි. නව වන සියවසේ දී මේ නගරය කාශ්මීරයේ තුබුණු ප්‍රධාන වෙළෙඳ මධ්‍යස්ථානයක් විය.

මේ නගරය පිහිටුවූ අවන්තිවර්මන් රජු විසින් තමාගේ රාජභිෂේකයට පෙර මෙහි අවන්තිස්වාමි නම් විෂ්ණු දේවාලයක් ද, රාජපදප්‍රාප්තියෙන් පසු අවන්තීශ්වර නම් ශිව දේවාලයක් ද කරවන ලද බව රාජතරඞ්ගිණියෙහි සඳහන් වෙයි. මේ දෙවොල් දෙකේ නටබුන් 1913 දී පමණ කරන ලද පුරාවිද්‍යාත්මක කැණීම්වල දී සොයා ගෙන ඇත. විෂ්ණු, ශිව, ගණේෂ ආදි දෙවිවරුන්ගේ ප්‍රතිමා කිහිපයක් හා වෙනත් ප්‍රතිමා රාශියක් ද පැරණි කාසි රාශියක් ද ඒහි තිබී හමුවූ පුරාවස්තු අතර ඇත.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අවන්තිපූර්&oldid=7344" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි