"අෂාන්ති-1" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ඝානා රාජ්‍යයෙහි පිහිටි වර්ග සැතැපුම් 24,379ක් වි...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
 
1 පේළිය: 1 පේළිය:
ඝානා රාජ්‍යයෙහි පිහිටි වර්ග සැතැපුම් 24,379ක් විශාල පළාතකි. වෝල්ටා ගඟට බටහිරින් ඝානා මධ්‍ය ප්‍රදේශයෙහි පැතිර සිටිනා මේ පළාත සාමාන්‍යයෙන් මුහුදු මට්ටමින් අඩි 1,000ක් පමණ උස්ය. අඩි 1,500–2,500 දක්වා උස් ප්‍රපාතාකාර කඳු පෙළක් අෂාන්ති පළාතෙහි වයඹ දිග සිට ගිනිකොන දිගට වැටී තිබේ. ක්වාහූ නම් වූ මෙම කඳුපෙළට නිරිත දිගින් වූ පෙදෙස සානු සහිත හෙල් බිමකි. ඝන වනාන්තර වලින් වැසී තිබේ. පළාතේ ඊශාන දිග තැනි තලාවෙන් විශාල කොටසක් තණ බිම්වලින් වැසී ඇත්තේය. මෙහි ගංගා ගලායන්නේ වැසි කාලයේ දී පමණකි. අෂාන්ති උෂ්ණ පළාතකි. ජනවාරි - පෙබරවාරි මාසයන්හි සහරා කාන්තාරයෙන් වියළි දූලි සහිත සුළඟක් හමයි. වැසි ලැබෙන්නේ ජූනි හා සැප්තැම්බර් අතර කාලයේ දී නිරිත දිගින් හමා එන සුළඟිනි. අඩි 800ක් පමණ උස් වූ ඉවුරක් ද සැතපුම් පහක පමණ විෂ්කම්භයක් ද ඇති බොසුමිටිවී නම් විස්මයජනක විල පළාතේ දකුණෙහි පිහිටා තිබේ.
+
ඝානා රාජ්‍යයෙහි පිහිටි වර්ග සැතැපුම් 24,379ක් විශාල පළාතකි. වෝල්ටා ගඟට බටහිරින් ඝානා මධ්‍ය ප්‍රදේශයෙහි පැතිර සිටිනා මේ පළාත සාමාන්‍යයෙන් මුහුදු මට්ටමින් අඩි 1,000ක් පමණ උස්ය. අඩි 1,500–2,500 දක්වා උස් ප්‍රපාතාකාර කඳු පෙළක් අෂාන්ති පළාතෙහි වයඹ දිග සිට ගිනිකොන දිගට වැටී තිබේ. ක්වාහූ නම් වූ මෙම කඳුපෙළට නිරිත දිගින් වූ පෙදෙස සානු සහිත හෙල් බිමකි. ඝන වනාන්තරවලින් වැසී තිබේ. පළාතේ ඊශාන දිග තැනි තලාවෙන් විශාල කොටසක් තණ බිම්වලින් වැසී ඇත්තේය. මෙහි ගංගා ගලායන්නේ වැසි කාලයේ දී පමණකි. අෂාන්ති උෂ්ණ පළාතකි. ජනවාරි-පෙබරවාරි මාසයන්හි සහරා කාන්තාරයෙන් වියළි දූලි සහිත සුළඟක් හමයි. වැසි ලැබෙන්නේ ජූනි හා සැප්තැම්බර් අතර කාලයේ දී නිරිත දිගින් හමා එන සුළඟිනි. අඩි 800ක් පමණ උස් වූ ඉවුරක් ද සැතපුම් පහක පමණ විෂ්කම්භයක් ද ඇති බොසුම්ටිවී නම් විස්මයජනක විල පළාතේ දකුණෙහි පිහිටා තිබේ.
  
තැනිතලාවල ගවයන් ඇති කිරීම හා ඉරිඟු කෙසෙල්, අලවර්ග ආදිය වගාකිරීම අෂාන්ති වාසීන්ගේ ජීවනෝපාය මාර්ග වෙයි. රන්, දියමන්ති හා මැංගනීස් ආකර කීපයක් ද අෂාන්ති පළාතෙහි තිබේ. ඝානා රාජ්‍යයෙන් පිටරට යවන ඉහත සඳහන් ඛනිජ වර්ග ද, දව, රබර් හා හම් ද ඇතුළත් වේ.
+
තැනිතලාවල ගවයන් ඇති කිරීම හා ඉරිඟු, කෙසෙල්, අලවර්ග ආදිය වගාකිරීම අෂාන්තිවාසීන්ගේ ජීවනෝපාය මාර්ග වෙයි. රන්, දියමන්ති හා මැංගනීස් ආකර කීපයක් ද අෂාන්ති පළාතෙහි තිබේ. ඝානා රාජ්‍යයෙන් පිටරට යවන ද්‍රව්‍යයන්ට ඉහත සඳහන් ඛනිජ වර්ග ද, දැව, රබර් හා හම් ද ඇතුළත් වේ.
  
ජනගහනය (1960) 11,08,548 කි. අගනුවර කුමාසි (1,90,323) ය. කින්ටම්පෝ, බෙක්වායි, සුන්යානි හා ඔවාසි වැදගත් නගරය.
+
ජනගහනය (1960) 1,108,548කි. අගනුවර කුමාසි (190,323) ය. කින්ටම්පෝ, බෙක්වායි, සුන්යානි හා ඔබ්වාසි වැදගත් නගරය.
  
 
(සංස්කරණය: 1965)
 
(සංස්කරණය: 1965)
  
[[ප්‍රවර්ගය:]]  
+
[[ප්‍රවර්ගය: භූගෝල විද්‍යාව]]  
  
[[ප්‍රවර්ගය:]]
+
[[ප්‍රවර්ගය: ]]

13:26, 28 පෙබරවාරි 2025 වන විට නවතම සංශෝධනය

ඝානා රාජ්‍යයෙහි පිහිටි වර්ග සැතැපුම් 24,379ක් විශාල පළාතකි. වෝල්ටා ගඟට බටහිරින් ඝානා මධ්‍ය ප්‍රදේශයෙහි පැතිර සිටිනා මේ පළාත සාමාන්‍යයෙන් මුහුදු මට්ටමින් අඩි 1,000ක් පමණ උස්ය. අඩි 1,500–2,500 දක්වා උස් ප්‍රපාතාකාර කඳු පෙළක් අෂාන්ති පළාතෙහි වයඹ දිග සිට ගිනිකොන දිගට වැටී තිබේ. ක්වාහූ නම් වූ මෙම කඳුපෙළට නිරිත දිගින් වූ පෙදෙස සානු සහිත හෙල් බිමකි. ඝන වනාන්තරවලින් වැසී තිබේ. පළාතේ ඊශාන දිග තැනි තලාවෙන් විශාල කොටසක් තණ බිම්වලින් වැසී ඇත්තේය. මෙහි ගංගා ගලායන්නේ වැසි කාලයේ දී පමණකි. අෂාන්ති උෂ්ණ පළාතකි. ජනවාරි-පෙබරවාරි මාසයන්හි සහරා කාන්තාරයෙන් වියළි දූලි සහිත සුළඟක් හමයි. වැසි ලැබෙන්නේ ජූනි හා සැප්තැම්බර් අතර කාලයේ දී නිරිත දිගින් හමා එන සුළඟිනි. අඩි 800ක් පමණ උස් වූ ඉවුරක් ද සැතපුම් පහක පමණ විෂ්කම්භයක් ද ඇති බොසුම්ටිවී නම් විස්මයජනක විල පළාතේ දකුණෙහි පිහිටා තිබේ.

තැනිතලාවල ගවයන් ඇති කිරීම හා ඉරිඟු, කෙසෙල්, අලවර්ග ආදිය වගාකිරීම අෂාන්තිවාසීන්ගේ ජීවනෝපාය මාර්ග වෙයි. රන්, දියමන්ති හා මැංගනීස් ආකර කීපයක් ද අෂාන්ති පළාතෙහි තිබේ. ඝානා රාජ්‍යයෙන් පිටරට යවන ද්‍රව්‍යයන්ට ඉහත සඳහන් ඛනිජ වර්ග ද, දැව, රබර් හා හම් ද ඇතුළත් වේ.

ජනගහනය (1960) 1,108,548කි. අගනුවර කුමාසි (190,323) ය. කින්ටම්පෝ, බෙක්වායි, සුන්යානි හා ඔබ්වාසි වැදගත් නගරය.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අෂාන්ති-1&oldid=7526" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි