"ඇත්අඩිය" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(එලෙෆන්ටොපුස් ස්කාබෙර් - Elephantopus scaber L). මුඩු බිම්වල...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 8 පේළිය: | 8 පේළිය: | ||
(සංස්කරණය: 1967) | (සංස්කරණය: 1967) | ||
| − | [[ප්‍රවර්ගය: | + | [[ප්‍රවර්ගය: උද්භිද විද්‍යාව]] |
[[ප්‍රවර්ගය: ඇ]] | [[ප්‍රවර්ගය: ඇ]] | ||
10:43, 14 මැයි 2025 තෙක් සංශෝධනය
(එලෙෆන්ටොපුස් ස්කාබෙර් - Elephantopus scaber L). මුඩු බිම්වල වැවෙන කොම්පොසිටෙ කුලයට අයත් පැළෑටියකි. පසට තද වී පිහිටා තිබෙන කුඩා පැතලි කඳක් ද බොහෝ හීන් මුල් සහිත වූ කෙටි මුදුන් මුලක් ද මේ ශාකයට තිබේ. අඟල් 4ක් හෝ 5ක් පමණ දිග ඇති ලංසාකාර කොළ සෙව්වන්දියක් (rosette) ලෙසට පිහිටා ඇත. කොළයේ දෙපැත්ත ම බූ සහිතය. අඟල් 6 සිට 18 දක්වා දික් වූ අතු බෙදී ගිය අක්ෂයක ළා දම්පාට මල් ඇති ශීර්ෂක රාශියක් තිබේ. මේ ශීර්ෂකයකින් අඟලක් පමණ පළල් වූ පුෂ්ප මංජරියක් සෑදේ. ඵලය චර්මලයකි (achene). එය වාතය මගින් ව්‍යාප්ත වීම පිණිස කෙඳි කුඩිම්බියක් වූ බූමණියකින් යුක්තය.
ආසියාවේත් ඇමෙරිකාවේත් නිවර්තන ප්‍රදේශවල මේ ශාකය වල් පැළෑටියක් වශයෙන් බහුලව වැවේ. ඊට ඇති ශක්තිමත් මුල් නිසා එය උදුරා දැමීම දුෂ්කරය.
ආයුර්වේද මතය
ඇත් අඩිය ගෝජිහ්වා, ඛරපර්ණි යන සකු නම් දෙකින් ද හඳුන්වනු ලබයි. වාතය වඩයි; සෙම් පිත් නසයි. අතීසාර, කාස, රක්ත දෝෂ, වණ සහ ජ්වර සඳහා ද යොදනු ලැබේ.
(සංස්කරණය: 1967)