"ඉම්ඵාල්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ඉන්දියානු සමූහාණ්ඩුවේ මණිපූර් රාජ්‍ය ප්‍රදේ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
 
2 පේළිය: 2 පේළිය:
  
 
දෙවැනි ලෝක යුද්ධයේ දී බ්‍රිතාන්‍ය කඳවුරක් මෙය ජපන් හා බ්‍රිතාන්‍ය සේනාවන් අතර සටන් බිමක් වූයෙන් නගරය තරමක් විනාශ විය. ජනගහනය (1961) 677,117කි.
 
දෙවැනි ලෝක යුද්ධයේ දී බ්‍රිතාන්‍ය කඳවුරක් මෙය ජපන් හා බ්‍රිතාන්‍ය සේනාවන් අතර සටන් බිමක් වූයෙන් නගරය තරමක් විනාශ විය. ජනගහනය (1961) 677,117කි.
 +
 
(සංස්කරණය: 1970)
 
(සංස්කරණය: 1970)
  

10:07, 2 ජූනි 2025 වන විට නවතම සංශෝධනය

ඉන්දියානු සමූහාණ්ඩුවේ මණිපූර් රාජ්‍ය ප්‍රදේශයෙහි අගනුවර ඉම්ඵාල්ය. ඉන්දියා-බුරුම දේශ සීමාවට සැතපුම් 50ක් බටහිර දිගින් ද කල්කටා නගරයට සැ. 375ක් පමණ ඊසාන දිගින් ද මුහුදු මට්ටමේ සිට අඩි 2,620ක් පමණ උස් වූ සානුවක ඉම්ඵාල් නගරය පිහිටා තිබේ. සානුව වටා විහිදි නාග කඳුවැටිවලින් නගරය ආවරණය වී ඇත. අඟල් 40-80ක සා.වා. වර්ෂාපතනයක් සහිත වූ ඉම්ඵාල් නගරය අවට පෙදෙස්හි ප්‍රධාන වශයෙන් වී, දුම්, උක්, අබ ආදි බෝග වගා කරන සශ්‍රීක ගොවිබිම් ඇත. පාලන මධ්‍යස්ථානයක් වශයෙන් මෙන් ම මාර්ග හා වෙළෙඳ මධ්‍යස්ථානයක් වශයෙන් ද නගරය වැදගත් වේ.

දෙවැනි ලෝක යුද්ධයේ දී බ්‍රිතාන්‍ය කඳවුරක් මෙය ජපන් හා බ්‍රිතාන්‍ය සේනාවන් අතර සටන් බිමක් වූයෙන් නගරය තරමක් විනාශ විය. ජනගහනය (1961) 677,117කි.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉම්ඵාල්&oldid=8135" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි