"ඊරි විල" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('උතුරු ඇමෙරිකාවේ පංච මහා විල් අතුරින් විශාලත්...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | උතුරු ඇමෙරිකාවේ පංච මහා විල් අතුරින් විශාලත්වයෙන් සිව්වැන්නයි. ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය හා කැනඩාව අතර මායිම මේ විල හරහා වැටී ඇත. ඇ.එ.ජ.රා.හි මිචිගන්, ඔහායෝ, පෙන්සිල්වේනියා හා නිව් යෝක් යන ජනපද ද කැනඩාවේ ඔන්ටේරියෝ පළාත ද විල අවට පිහිටා තිබේ. දිගින් සැ. 241ක් ද පළලින් සැ. 57ක් ද විශාලත්වයෙන් ව.සැ. 9,940ක් ද වන මෙහි ජල ප්‍රදේශයෙන් ව.සැ. 4,990ක් ඇ.එ.ජ.රා. සතුය. ව.සැ. 4,950ක් කැනඩාව සතුය. හ්යුරොන් විල් දිය ඩෙට්රොයිට් ගඟ ඔස්සේ ඊරි විලට ද ඊරි විල් දිය නයගරා ගඟ ඔස්සේ ඔන්ටේරියෝ විලට ද ගලා බසී. සාමාන්‍ය මුහුදු මට්ටමේ සිට අඩි 572ක් පමණ උසින් ජල මට්ටම පවත්නා මෙහි සාමාන්‍ය ගැඹුර අඩි 210කි. මෙම විල ඩෙවෝනියානු පාෂාණයෙහි ග්ලැසියර ඛාදනය නිසා හෑරී සෑදුණක් බව භූවිද්‍යාඥ මතයයි. | + | [[ගොනුව:4-326.jpg|400px|right]]උතුරු ඇමෙරිකාවේ පංච මහා විල් අතුරින් විශාලත්වයෙන් සිව්වැන්නයි. ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය හා කැනඩාව අතර මායිම මේ විල හරහා වැටී ඇත. ඇ.එ.ජ.රා.හි මිචිගන්, ඔහායෝ, පෙන්සිල්වේනියා හා නිව් යෝක් යන ජනපද ද කැනඩාවේ ඔන්ටේරියෝ පළාත ද විල අවට පිහිටා තිබේ. දිගින් සැ. 241ක් ද පළලින් සැ. 57ක් ද විශාලත්වයෙන් ව.සැ. 9,940ක් ද වන මෙහි ජල ප්‍රදේශයෙන් ව.සැ. 4,990ක් ඇ.එ.ජ.රා. සතුය. ව.සැ. 4,950ක් කැනඩාව සතුය. හ්යුරොන් විල් දිය ඩෙට්රොයිට් ගඟ ඔස්සේ ඊරි විලට ද ඊරි විල් දිය නයගරා ගඟ ඔස්සේ ඔන්ටේරියෝ විලට ද ගලා බසී. සාමාන්‍ය මුහුදු මට්ටමේ සිට අඩි 572ක් පමණ උසින් ජල මට්ටම පවත්නා මෙහි සාමාන්‍ය ගැඹුර අඩි 210කි. මෙම විල ඩෙවෝනියානු පාෂාණයෙහි ග්ලැසියර ඛාදනය නිසා හෑරී සෑදුණක් බව භූවිද්‍යාඥ මතයයි. |
[[ඊරි ඇළ]] (බ.) නිසා ඊරි විලේ සිට නිව් යෝක් දක්වා ම ජල මාර්ග පහසුකම් ඇත. වර්තමාන නැව් ගමනාගමනය සඳහා නවීන අංගෝපාංගයන්ගෙන් යුත් වරායවල් රාශියක් ඊරි විල වටා ඇත. | [[ඊරි ඇළ]] (බ.) නිසා ඊරි විලේ සිට නිව් යෝක් දක්වා ම ජල මාර්ග පහසුකම් ඇත. වර්තමාන නැව් ගමනාගමනය සඳහා නවීන අංගෝපාංගයන්ගෙන් යුත් වරායවල් රාශියක් ඊරි විල වටා ඇත. | ||
14:47, 16 පෙබරවාරි 2026 තෙක් සංශෝධනය
උතුරු ඇමෙරිකාවේ පංච මහා විල් අතුරින් විශාලත්වයෙන් සිව්වැන්නයි. ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය හා කැනඩාව අතර මායිම මේ විල හරහා වැටී ඇත. ඇ.එ.ජ.රා.හි මිචිගන්, ඔහායෝ, පෙන්සිල්වේනියා හා නිව් යෝක් යන ජනපද ද කැනඩාවේ ඔන්ටේරියෝ පළාත ද විල අවට පිහිටා තිබේ. දිගින් සැ. 241ක් ද පළලින් සැ. 57ක් ද විශාලත්වයෙන් ව.සැ. 9,940ක් ද වන මෙහි ජල ප්‍රදේශයෙන් ව.සැ. 4,990ක් ඇ.එ.ජ.රා. සතුය. ව.සැ. 4,950ක් කැනඩාව සතුය. හ්යුරොන් විල් දිය ඩෙට්රොයිට් ගඟ ඔස්සේ ඊරි විලට ද ඊරි විල් දිය නයගරා ගඟ ඔස්සේ ඔන්ටේරියෝ විලට ද ගලා බසී. සාමාන්‍ය මුහුදු මට්ටමේ සිට අඩි 572ක් පමණ උසින් ජල මට්ටම පවත්නා මෙහි සාමාන්‍ය ගැඹුර අඩි 210කි. මෙම විල ඩෙවෝනියානු පාෂාණයෙහි ග්ලැසියර ඛාදනය නිසා හෑරී සෑදුණක් බව භූවිද්‍යාඥ මතයයි.ඊරි ඇළ (බ.) නිසා ඊරි විලේ සිට නිව් යෝක් දක්වා ම ජල මාර්ග පහසුකම් ඇත. වර්තමාන නැව් ගමනාගමනය සඳහා නවීන අංගෝපාංගයන්ගෙන් යුත් වරායවල් රාශියක් ඊරි විල වටා ඇත.
සුපීරියර් විල් ප්‍රදේශයෙන් පංච මහා විල් ආශ්රිත ජල මාර්ගය ඔස්සේ ගෙනෙන යපස් ද පෙන්සිල්වේනියානු ප්‍රදේශයෙන් සැපැයෙන ගල් අඟුරු ද ඊරි විල්බඩ එක්රැස් වීම මේ ප්‍රදේශය වැදගත් කර්මාන්ත මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය වීමට හේතු විය. ඊරි විල අවට පෙදෙස්හි හිරිගල් පහසුවෙන් සපයා ගත හැකි වීම ද මෙහි මහා පරිමාණ යකඩ හා වානේ කර්මාන්තයන්හි ශීඝ්‍ර දියුණුවට සාධක විය.
ඊරි විල පළමුවෙන් (1669) සොයාගත් යුරෝපීයයා ප්රංස ජාතික ලුවී ෂොලියේ නමැත්තාය. ඉන්පසු ඒ වටා බලකොටු සහ වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩ නඟනු ලැබීය. එක්සත් ජනපද රාජ්‍යයත් කැනඩාවත් අතර දේශ සීමාව මෙහි මැදින් දිවෙන සේ පිළිගැනෙනුයේ 1812 දී සිටය. 1813 දී ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය නැව් හමුදා අතර මේ විලේ දී හටගත් සටනකින් ඇමෙරිකානුන්ට ජය අත් විය.
(සංස්කරණය: 1970)
