"උඩරට නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('ලංකාවේ උඩරට පළාත්වාසී ජනතාවගෙන් ප්‍රධාන කොටස...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 21 පේළිය: | 21 පේළිය: | ||
'''1. විවාහය''' | '''1. විවාහය''' | ||
| + | |||
උඩරැටියන් අතර විවාහය දීග, බින්න (බිනි, බීණි) වශයෙන් ද්විප්‍රකාර වේ. සිය දෙමව්පියන්ගේ නිවසින් පිටව තමා විවාහ වූ සැමියාගේ ගෙදර පදිංචි වීමට යෑම දීග විවාහයයි. වැඩි වශයෙන් කෙරෙන විවාහය මෙයයි. බින්න විවාහයේ දී සැමියා මණමාළියගේ නිවසේ පදිංචියට යයි. | උඩරැටියන් අතර විවාහය දීග, බින්න (බිනි, බීණි) වශයෙන් ද්විප්‍රකාර වේ. සිය දෙමව්පියන්ගේ නිවසින් පිටව තමා විවාහ වූ සැමියාගේ ගෙදර පදිංචි වීමට යෑම දීග විවාහයයි. වැඩි වශයෙන් කෙරෙන විවාහය මෙයයි. බින්න විවාහයේ දී සැමියා මණමාළියගේ නිවසේ පදිංචියට යයි. | ||
| 49 පේළිය: | 50 පේළිය: | ||
'''2. උරුමය සහ අනුප්‍රාප්තිය''' | '''2. උරුමය සහ අනුප්‍රාප්තිය''' | ||
| + | |||
උරුම හිමිකම්වල ඉතා වැදගත් අංගය ලෙස සැලකිය හැක්කේ ප්රවේණි (පරවේණි) දේපළ සහ සපය ගත් දේපළ වශයෙන් දේපළ දෙකොටසකට බෙදීමය. අනුප්‍රාප්ති නීතිය සහමුලින් ම රඳා පවත්නේ මේ බෙදීම උඩය. 1938 අංක 39 දරන ‘උඩරට නීති ප්‍රකාශන සහ සංශෝධන ආඥාපනත’ අනුව ප්රවේණි දේපළ මෙලෙස විස්තර කර තිබේ. | උරුම හිමිකම්වල ඉතා වැදගත් අංගය ලෙස සැලකිය හැක්කේ ප්රවේණි (පරවේණි) දේපළ සහ සපය ගත් දේපළ වශයෙන් දේපළ දෙකොටසකට බෙදීමය. අනුප්‍රාප්ති නීතිය සහමුලින් ම රඳා පවත්නේ මේ බෙදීම උඩය. 1938 අංක 39 දරන ‘උඩරට නීති ප්‍රකාශන සහ සංශෝධන ආඥාපනත’ අනුව ප්රවේණි දේපළ මෙලෙස විස්තර කර තිබේ. | ||
| 143 පේළිය: | 145 පේළිය: | ||
'''3. ලත්හිමිය''' | '''3. ලත්හිමිය''' | ||
| + | |||
මෙයින් හැඳින්වෙන්නේ තෑගි දීමනාවකින්, අන්තිම කැමති පත්‍රයකින්, මිල දී ගැනීමෙන්, බුත්ති විඳීමෙන් හෝ වෙනත් විධියකින් අත් කර ගැනීම වේ. | මෙයින් හැඳින්වෙන්නේ තෑගි දීමනාවකින්, අන්තිම කැමති පත්‍රයකින්, මිල දී ගැනීමෙන්, බුත්ති විඳීමෙන් හෝ වෙනත් විධියකින් අත් කර ගැනීම වේ. | ||
08:52, 17 ඔක්තෝබර් 2025 වන විට නවතම සංශෝධනය
ලංකාවේ උඩරට පළාත්වාසී ජනතාවගෙන් ප්‍රධාන කොටස වන උඩරට සිංහලයන්ට අනුගමනය කිරීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුව නිදහස දී තුබුණු සම්මත සිරිත් උඩරට නීතිය යන්නෙන් හඳුන්වනු ලැබේ.
උඩරට නීතිය වනාහි එක්තරා ප්‍රදේශයක වෙසෙන සියලු දෙනා කෙරෙහි ම බලපවත්වන ප්‍රාදේශීය නීතියක් නොවේ. එය සිංහලයන්ගෙන් එක් කොටසක් කෙරෙහි බලපවත්වන පෞද්ගලික නීතියකි. කෙනකු උඩරට පළාතක ඉපදීම හෝ විසීම පමණකින් ඔහු කෙරෙහි උඩරට නීතිය බලපාන්නේ නැත. අධිකරණ තීන්දුවලින් මේ බව පැහැදිලි වේ.
උඩරට පළාත්
උඩරට පළාත් වශයෙන් හදුන්වන ප්‍රදේශ මොනවා දැයි 1870 අංක 3 දරන උඩරට විවාහ ආඥා පනතේ ද 1952 අංක 44 දරන උඩරට විවාහ හා දික්කසාද ආඥාපනතේ ද සඳහන් වී ඇත (උඩරට බ.).
නීති සංග්‍රහ, ව්‍යවස්ථා සහ අධිකරණ තීරණ
සිංහල රජු දවස ලියන ලද නීති සංග්‍රහ අද අපට ලැබී නැත. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය පිහිටුවීමෙන් පසු සයිමන් සෝවර්ස් නමැත්තෙක් 1821 පමණේ දී සකස් කොට 1839 දී ප්‍රසිද්ධ කළ නීති සාරය (Sawers’ Digest) ඇත. 1842 දී ජෝන් ආමර් විසින් ප්‍රසිද්ධියට පත් කරවන ලද සංක්ෂිප්ත වූ උඩරට නීති සංග්‍රහයක් (Grammar of Kandyan Law) තිබේ. සිංහලෙන් සකස් කරන ලද නීති නිඝණ්ඩුව නමැති පොතක් 1880 දී ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලදි. 1902 දී The Principles of Kandyan Law (උඩරට නීති පිළිබඳ මූලධර්ම) නමැති පොත ෆ්රෑංක් මොඩර් විසින් ප්‍රසිද්ධ කරන ලදි. Laws and Customs of the Sinhalese (සිංහලයන්ගේ නීති සහ සම්මත සිරිත්) නම් පොත 1923 දී එෆ්.ඒ. හේලි විසින් පළ කරන ලදි. A Short Digest of Kandyan Law (උඩරට නීති පිළිබඳ කෙටි සංග්‍රහයක්) නම් පොත 1945 දී ඒ.බී. කොලින් ද සොයිසා විසින් ප්‍රසිද්ධ කරන ලදි. ඊට පසු ටී.බී. දිසානායක සහ ඒ.බී. කොලින් ද සොයිසා විසින් සම්පාදිත Kandyan Law and Buddhist Ecclesiastical Law (උඩරට නීතිය සහ බෞද්ධ ශාසනානුගත නීතිය) නමැති පොත 1963 දී ප්‍රකාශයට පමුණුවන ලදි.
උඩරට සිංහලයන් පිළිබඳ නොයෙක් නීති කලින් කල පනවා ඇත. 1938 අංක 39 දරන ‘උඩරට නීති ප්‍රකාශන සහ සංශෝධන ආඥාපනත’ ද 1952 අංක 44 දරන ‘උඩරට විවාහ සහ දික්කසාද ආඥාපනත’ ද මේ පිළිබඳ ඇති අලුත් ම ආඥාපනත් වේ. මේ හැර පුරාණ නීති ගැනත් ඊට පසු ඇති කළ ආඥාපනත් ගැනත් කරන ලද අධිකරණ තීරණ බොහොමයක් ද ඇත.
උඩරට නීති බලපැවැත්වීම සීමා කිරීම
ඉංග්‍රීසි නීති බලපැවැත්වීම වැඩි වීයෑම නිසා උඩරට නීති දැනට බලපැවැත්වීම පහත සදහන් කාරණයන්ට සීමා වී ඇත.
1. විවාහය (මෙය බොහෝ දුරට මෙරට ව්‍යවස්ථාවලින් සීමා වී ඇත.)
2. උරුමය සහ අනුප්‍රාප්තිය (දරුකමට හදා ගැනීම ඇතුළුව)
3. ලත්හිමිය (ප්‍රධාන වශයෙන් ඔප්පු පිට)
1. විවාහය
උඩරැටියන් අතර විවාහය දීග, බින්න (බිනි, බීණි) වශයෙන් ද්විප්‍රකාර වේ. සිය දෙමව්පියන්ගේ නිවසින් පිටව තමා විවාහ වූ සැමියාගේ ගෙදර පදිංචි වීමට යෑම දීග විවාහයයි. වැඩි වශයෙන් කෙරෙන විවාහය මෙයයි. බින්න විවාහයේ දී සැමියා මණමාළියගේ නිවසේ පදිංචියට යයි.
දීග විවාහයකින් දුවක් පිය සන්තක වස්තුවට අහිමි වේ. බිනි විවාහයකට ඇතුළත් වූ දුවකට පිය සන්තක වස්තුව එලෙස අහිමි නොවේ.
එහෙත් පැරණි විවාහ නීතියට අනුව දීග විවාහක දුවකට පිය සතු දේපළට හිමිකම් හෙවත් බිනි අයිතිවාසිකම් ලබාගැනීමේ ක්‍රම ද ඇත. ඊට නිදසුන් වශයෙන් පහත සඳහන් අවස්ථා සඳහන් කළ හැකිය.
(1) පියා විසින් තම නිවසට කැඳවා දුව නැවත බිනි සිරිත් අනුව විවාහ කරදීම.
(ii) තම නිවසට පැමිණි දුවට සහ ඇගේ හිමියාට පියා විසින් මුල් ගෙදරින් කොටසක් වෙන් කරදීම.
(iii) තම හිමියා සමග මුල් ගෙදරට අවුත් පියාගේ මරණය දක්වා සාත්තු සප්පායම් කිරීම.
(iv) මුල් ගෙදරට පැමිණ පියාගේ අවසන් අසනීපයේ දී සාත්තු සප්පායම් කිරීම සහ පියා මරණ මංචකයේ දී තම දුවට ඉඩකඩම්වලින් කොටසක් දීමට කැමැත්ත ප්‍රකාශ කිරීම.
1938 අංක 39 දරන උඩරට නීති ප්‍රකාශන සහ සංශෝධන ආඥාපනත අනුව දීග ගිය දුවකට බිනි හිමිකම් ලබාගැනීමට නොහැකිය. මේ නීතිය වළංගු වූ දා සිට බිනි හෝ දීග විවාහයක් කරගත් දුවකට එම විවාහය අනුව දික්කසාද වන තුරු ඉඩම් හිමිකම් ලැබීම කරගත් විවාහය අනුව විය යුතුයි. බිනි හෝ දීග විවාහයකට ඇතුළත් වූ කිසිවකුට බිනි හෝ දීග සිරිත් අනුව ඉඩම් ආදියට හිමිකම් අයිති වනු මිස, එම විවාහයෙන් පසුව පදිංචිය වෙනස් කිරීම නිසා හෝ තමන්ගේ වෙනයම් පැවැත්මක් නිසා හෝ තම අයිතිවාසිකම්වලට කිසි ම වෙනසක් කළ නොහැකියි. බිනි විවාහයකින් ඇති වන හිමිකම් දීග විවාහයකින් ඇති වන හිමිකම්වලට පෙරළාගැනීමක් හෝ දීග විවාහයකින් ඇති වන හිමිකම් බිනි විවාහයකින් ඇති වන හිමිකම්වලට පෙරළාගැනීමක් හෝ කිසි ලෙසකින් වත් කළ නොහැකිය.
විවාහයකට අවශ්‍ය අංග මුල් උඩරට නීතිය අනුව විවාහයක වළංගුකම රඳා පැවැත්තේ විශේෂ සිරිත් උඩ හෝ පුරුදු චාරිත්‍ර පිළිපැදීම උඩ හෝ නොව දෙපක්ෂයේ සමාජ තත්වය සහ පවුල් දෙකේ කැමැත්ත උඩය.
විවාහ නීති වෙනස් කිරීම 1859 අංක 13 දරන ‘උඩරට පළාත්වල විවාහ නීති සංශෝධන ආඥා පනත’ අනුව සියලු ම බහුභාර්යයා පරිහරණ සිරිත් නීතියෙන් තහනම් කොට විවාහ ලියාපදිංචි කිරීම ඇති කරන ලදි. එහි 2 වැනි ඡේදයෙන් සිරිත් ප්‍රකාර විවාහ තහනම් කොට විවාහ රෙජිස්ට්‍රාර් කෙනකු විසින් ලියාපදිංචි කිරීම නීත්‍යනුකූල විවාහයක අවශ්‍ය අංගයක් කරන ලදි. 28 වැනි ඡේදයෙන් එවකට සිරිත් ප්‍රකාර පවත්වා තුබුණු විවාහ නීත්‍යනුකූල විවාහයන් ලෙස පිළිගන්නා ලදි.
1859 ආඥාපනතේ අවශ්‍ය අංග ඇතුළත් කොට පනවන ලද 1870 අංක 3 දරන ආඥා පනතින් ‘ලියාපදිංචි නොකළ විවාහ’ නීත්‍යනුකූල නොවන බව ප්‍රකාශ කරන ලදි. මෙම ආඥාපනත වෙනුවට 1952 අංක 44 දරන ‘උඩරට විවාහ සහ දික්කසාද ආඥාපනත’ පනවන ලදි. එහි ප්‍රධාන අදහස වූයේ උඩරට විවාහ ලියාපදිංචි කිරීමේ ක්‍රමය 1907 පොදු විවාහ ආඥාපනතේ විවාහ ලියාපදිංචි කිරීමේ ක්‍රමයට ගෙන ඒමයි. මේ පනත මුස්ලිම්වරුන් හැර අනික් සියලු දෙනා කෙරෙහි ම සාධාරණ ලෙස බලපවත්වයි.
1907 අංක 19 දරන පනත අනුව උඩරැටියන් අතර නීත්‍යනුකූල විවාහ සිදු කළ හැකිය. විවාහයට ඇතුළු වන දෙපක්ෂයේ සුදුසුකම් ද දික්කසාදවීමට පිළිගත් හේතූන් ද වෙනත් සියලු කරුණු ද මේ පනතේ ප්‍රකාර බලපැවැත්වූ නමුත් මේ නීතිය අනුව විවාහයට පත් වූ උඩරැටියන්ට තමන්ට අයිති සියලු ම හිමිකම් ද ඉඩම් ආදියට ඇති උරුම ද උඩරට නීතියට යටත්ව පවතී. මේ පනත අනුව උඩරට විවාහ නීතිය සහ ලංකාවේ පොදු විවාහ නීතිය එක විට ම හෝ එකක් වෙනුවට අනික වශයෙන් හෝ උඩරට පළාත්වල වළංගු විය යුතුය යනු ව්‍යවස්ථාදායකයන්ගේ අදහස විය.
2. උරුමය සහ අනුප්‍රාප්තිය
උරුම හිමිකම්වල ඉතා වැදගත් අංගය ලෙස සැලකිය හැක්කේ ප්රවේණි (පරවේණි) දේපළ සහ සපය ගත් දේපළ වශයෙන් දේපළ දෙකොටසකට බෙදීමය. අනුප්‍රාප්ති නීතිය සහමුලින් ම රඳා පවත්නේ මේ බෙදීම උඩය. 1938 අංක 39 දරන ‘උඩරට නීති ප්‍රකාශන සහ සංශෝධන ආඥාපනත’ අනුව ප්රවේණි දේපළ මෙලෙස විස්තර කර තිබේ.
ප්රවේණි දේපළ, පාරම්පරික දේපළ, උරුම දේපළ යන ප්රකාශනයන්ගෙන් හෝ එයට සමාන අර්ථ ඇති ප්රකාශනයන්ගෙන් හෝ අදහස් කරනු ලබන්නේ මිය ගිය කෙනකුට -
(අ) අන්තිම කැමති පත්‍රයක් නොතබා මියගිය කෙනකුගෙන් අනුප්රාප්තියෙන් හෝ
(ආ) ත්යාගදායකයකු තෑගි ඔප්පුව ලියා අත්සන් කිරීමට පුර්වාසන්නව අන්තිම කැමති පත්‍රයක් නොතබා මිය ගියේ නම් ඔහුගේ බූදලය හෝ ඉන් කොටසක් උරුමයෙන් ලබන්නට තමාට අයිතියක් තිබුණු තැන, එබඳු ත්යාගදායකයකුගේ තෑගි ඔප්පුවකින් හෝ
(ඉ) අන්තිම කැමතිකරු අන්තිම කැමති පත්‍රයක් නොතබා මිය ගියේ නම් ඔහුගේ බූදලය හෝ ඉන් කොටසක් හෝ උරුමයෙන් ලබන්නට තමාට අයිතියක් තිබුණු තැන, එබඳු අන්තිම කැමතිකරුවකුගේ අන්තිම කැමති පත්‍රයෙන් හෝ
පැවැරී හිමිකම් ඇති වුණු නිශ්චල දේපළයි.
ඉහත සඳහන් කොටස්වලට අයිති නොවන දේපළ සපයාගත් දේපළ ලෙස සලකනු ලැබේ.
වැන්දඹුවකගේ අයිතිවාසිකම් දීග හෝ බිනි වැන්දඹුවකට මියගිය හිමියා සපයාගත් දේපළවලට ජීවිත බුත්තියක් ඇති බව පිළිගත් නීතියකි. එහෙත් තම ස්වාමියාට ප්‍රවේණියෙන් අයත් වූ හෝ පරම්පරාගත වූ හෝ දේපළවලට ඇයට හිමිකමක් නැත. තම හිමියා සපයාගත් දේපළ තමන්ගේ යැපීමට පමණ නොවේ නම් ප්රවේණි දේපළවලින් තමන්ගේ යැපීමට සෑහෙන ප්‍රමාණයක් ලැබීමට ඇයට හිමිකමක් තිබේ. දීග හෝ බිති විවාහයකට ඇතුළත් වූ වැන්දඹුවකට තම හිමියාගේ චංචල දේපළවලින් කොටසක් ඔහුගේ සහජාතක දරුවකුට මෙන් අයිති වේ.
වැන්දඹු පුරුෂයකුගේ අයිතිවාසිකම් බිනි විවාහක පුරුෂයකුට තම බිරිඳගේ ඇවෑමෙන් ඇගේ ප්රවේණි දේපළට හෝ සපයාගත් දේපළට හිමිකමක් නැති බව පිළිගත් නීතියකි.
දීග විවාහක වැන්දඹු පුරුෂයකුට තම බිරිඳගේ ප්රවේණි දේපළට හිමිකම් නැත. දීග විවාහක වැන්දඹු ස්ත්‍රියකට දරුවන් සිටිය දී තම පුරුෂයා සපයාගත් දේපළට ජීවිත බුත්තියක් ඇත්තාක් මෙන් ම දීග විවාහක වැන්දඹු පුරුෂයකුට දරුවන් සිටිය දී තම බිරිඳ සපයාගත් දේපළට ජීවිත බුත්තියක් ඇත.
වදාහිමි අයිතිවාසිකම් නම් (අ) මව් උරුමය - මවගේ දේපළ හෝ මවගේ නෑයන්ගෙන් මවට අයිති වූ දේපළට දරුවන්ට ඇති හිමිකම;
(ආ) දරු උරුමය - මියගිය තම දරුවාගේ දේපළට මව උරුමක්කාරියක් වීම යන මේයි.
මව් උරුමය මෙය දරුවන්ට ඇති වන්නේ මවගේ මරණින් පසුවය. මවගේ ජීවිත කාලය තුළ දී කිසි ම දරුවකුට මවගේ දේපළට හෝ ඉන් කොටසකට අයිතියක් නැත. මවගේ ජීවිත කාලය තුළ දී දේපළ බෙදා ගැනීමකට හෝ මව කැමති ලෙසකට එය අන්සන්තක කිරීම වැළැක්වීමට හෝ දරුවන්ට බලයක් නැත.
ස්ත්‍රියක මියගිය විට ඇගේ ඉඩම් සහ අනික් දේපළ සියලු ම දරුවන්ට එකාකාරව බෙදේ. ඇගේ පුත්‍රයාට ද බිනි විවාහයකට පත් දුවට ද දීග විවාහයක ගිය දුවට ද වෙන පවුලකට හදාගැනීම පිණිස දුන් තම දරුවාට ද කිසි ම වෙනසක් නොමැතිව ඇගේ දේපළ එකාකාරව බෙදේ.
විවාහ කීපයක දරුවෝ නීති නිඝණ්ඩුව සහ ආමර්ගේ නීති සංග්‍රහය අනුව කෙනකුගේ දේපළ පුරාණ නීතිය යටතේ එක සේ පුද්ගලිකව බෙදේ. පුරාණ නීති සංග්‍රහ කළ වියත්හු මවගේ හෝ පියාගේ හෝ විවාහ කීපයක දරුවන් ගැන වෙනසක් නොදක්වත්. එහෙත් ශ්‍රෙෂ්ඨාධිකරණයේ තීන්දු අනුව මියගිය අයගේ දේපළ දරුවන්ට පවුල් අනුව බෙදේ. මියගිය පියාගේ හෝ මවගේ හෝ දේපළ පවුල් අනුව දරුවන්ට හිමි වේ. මවගේ දේපළ ඇගේ පවුල් අනුව බෙදීම ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගත් කරුණකි.
1938 අංක 39 දරන පනතට ප්‍රථම වළංගුව පැවති නීතිය මෙයයි. එහෙත් මේ පනතින් දරුවන් අතර දේපළ එක සමානව බෙදිය යුතුය යන පුරාණ නීතිය නැවතත් වළංගු කරන ලදි.
අවජාතක දරුවෝ විවාහ නොවූ ස්ත්‍රියකට දුවක සහ පුතකු සිටිය දී ඇය මියගිය හොත්, ඒ දරු දෙදෙනාට පිළිගත් පියෙක් නොසිටියේ නම්, මවගේ දේපළ දරු දෙදෙනා අතරේ එක සමානව බෙදේ. දුව දීග ගොස් සිටිය ද ඊට බාධාවක් නොවේ.
ආමර්ගේ කෘතියේ පෙරේරා සංස්කරණයෙන් පැහැදිලි වන කරුණක් නම් මියගිය මවගේ ප්රවේණි දේපළ හා සපයාගත් දේපළ අවජාතක දරුවන්ට හිමි වන බවය. ඔවුන්ගේ පියා යැයි පිළිගත් තැනැත්තෙක් නොසිටියේ වුව ද ඔව්හු හිමිකම් ලැබීමට සුදුස්සෝ වෙත්. සහජාතක දරුවන්ට මෙන් ම අවජාතක දරුවන්ට ද එක ලෙස මවගේ සපයාගත් දේපළට හිමිකමක් ඇති බව පිළිගත් නීතියකි.
1938 අංක 39 දරන ආඥාපනතින් අවජාතක දරුවන්ට මවගේ දේපළට ඇති අයිතිවාසිකම් මෙලෙස වෙනස් කර තිබේ:
1939 ජනවාරි 1 වැනි දා හෝ ඊට පසු මියගිය විවාපත් නොවූ හෝ දීග විවාහයකට පත් වූ ස්ත්‍රියකගේ අවජාතක දරුවන්ට සහජාතක දරුවන්ට මෙන් එක ලෙස ඇගේ දේපළට හිමිකම් ඇත.
මවගේ හෝ පියාගේ ඉඩමේ පදිංචි බිනි විවාහයකට පත් ස්ත්‍රියකගේ අවජාතක දරුවන්ට හිමිකම් ඇත්තේ ඇගේ සපයාගත් දේපළට සහ චංචල දේපළට පමණය. මේ හිමිකම් සහජාතක දරුවන් සමඟ ඇති එක සමාන අයිතියකි. අවජාතක දරුවන්ට ප්රවේණි දේපළට හිමිකම් නැත.
දරු උරුමය හෙවත් මව්කම නිසා ඇති වන උරුමය දරුවකු විවාහයකට පත් නොවී, අන්තිම කැමැත්තක් නොලියා, දරුවන් ද නැතිව මියගිය විට එම දරුවාගේ දේපළ මවට හිමි වේ. මව තම දරුවන්ගේ උරුමක්කාරිය වේ. තම හිමියාගේ ප්රවේණි දේපළට පවා මෙලෙස දරුවන් මගින් මවට උරුම ඇති වේ.
දාහිමි උරුමය නම් පියාගේ දේපළ හෝ පියා හා නෑ සම්බන්ධකමින් ලත් දේපළ හෝ පිය උරුමයෙන් දරුවන්ට අත්වීමය.
පිය උරුමය පිය උරුමය දරුවකුට හිමි වන්නේ පියාගේ මරණින් පසුවය. ඊට ප්‍රථම නොවේ. පියාගේ ජීවිත කාලය තුළ දී දරුවකුට පියා සන්තක දේපළ හෝ ඉන් කොටසක් මොන ම ක්රමයකින්වත් අන් සන්තක කිරීමට බලයක් නැත.
අවජාතක දරුවන්ට පරම්පරාගත හෝ ප්රවේණි ඉඩම්වලට හිමිකමක් නැත. 1938 අංක 39 දරන පනතින් අවජාතක දරුවන්ට ප්රවේණි දේපළවලට කිසි ම අයිතියක් නැතැයි යන පුරාණ නීතිය නැවතත් වළංගු කරන ලදි.
අවජාතක දරුවන්ට පියා සපයාගත් ඉඩම්වලට හිමිකම් ඇත. පියා අන්තිම කැමති පත්‍රයක් නැතුව මියගිය විට මවගේ ප්‍රාණ බුත්තියට යටත්ව අයිතිවාසිකම් තිබේ. සහජාතක සහ අවජාතක දරුවන් ඇති කල සපයාගත් දේපළ ඔවුන් අතර පවුල් වශයෙන් බෙදේ.
සහජාතක දරුවන් සහ එක ම අවජාතක දුවක සිටිය දී මියගිය පියකුගේ සපයාගත් ඉඩම්වලින් එම අවජාතක දුව දීග විවාහයක ගොස් සිටියත් ඇගේ කොටස ඈට අහිමි නොවේ.
1938 අංක 39 දරන පනත අනුව අවජාතක දරුවන්ට ජීවත්ව සිටින මවගේ හෝ පියාගේ හෝ ප්‍රාණ බුත්තියට යටත්ව මියගිය අයගේ සපයාගත් දේපළවලට සහජාතක දරුවකු හෝ ඔහුගෙන් පැවත එන්නකු නැති කල හිමිකම් ඇති වේ. අවජාතක දරුවකුට හෝ දරුවන්ට සහජාතක දරුවන්ට සමාන කොටසක් සපයාගත් දේපළවලින් අයිති වේ. මේ පිළිගත් නීතියයි. ඒ අයිතිය ලැබෙන්නේ -
(අ) අන්තිම කැමති පත්‍රයක් නොතබා මියගිය පියා දරුවාගේ උප්පැන්නය ලියාපදිංචි කිරීමේ දී ඔහු තමන්ගේ අවජාතක දරුවා ලෙස ප්‍රකාශයක් කර ඇත් නම් හෝ
(ආ) එසේ මියගිය අයගේ ජීවිත කාලයේ දී උසාවියකින් ඔහු ඒ දරුවාගේ පියා හැටියට තීන්දු කර තිබේ නම් හෝ පමණකි.
මෙයින් නීතියේ වැදගත් වෙනසක් ඇති වී තිබේ. මේ පනත අනුව අවජාතක දරුවන්ට හෝ දරුවාට සහජාතක දරුවන්ට මෙන් සපයාගත් ඉඩම්වලින් සමාන කොටසක් අයිති වේ.
ජාතක උරුමය නම් සමහර අවස්ථාවන්හි පියකු මියගිය තම දරුවාගේ දේපළට හිමිකාරයා වීමයි. 1938 අංක 39 දරන සංශෝධන පනත අනුව දරුවකුගේ ප්රවේණි දේපළ ඒ දරුවාගෙන් පැවතෙන්නන් නැති කල ද ඔහු අන්තිම කැමති පත්‍රයක් නොතබා මියගිය කල ද පියා ජීවත්ව සිටී නම් සම්පූර්ණයෙන් ම ඔහුට අයිති වේ. නැතිනම් දුර වුවත් ලේ නෑයන්ට අයිති වේ. මවට අයිති නොවේ.
මවගේ ප්රවේණි දේපළ මව ජීවත්ව සිටී නම් ඇයට ද නැති නම් ලේ නෑයන්ට ද අයිති වේ. පියාට අයිති නොවේ. පිය පාර්ශ්වයේ නෑයන් නැති කල පමණක් පිය ප්රවේණි දේපළ මවට අයිති වේ. එලෙස ම මවු පාර්ශ්වයේ නෑයන් නැති කල පමණක් පියාට මවගේ ප්රවේණි දේපළ අයිති වේ. සපයාගත් නිශ්චල දේපළවලට පියාට සහ මවට ප්‍රාණ බුත්තියක් තිබේ. පියෙක් හෝ මවක් පමණක් ජීවත්ව සිටී නම් ඒ අයට සපයාගත් දේපළවලට ප්‍රාණ බුත්තියක් තිබේ. සහෝදර සහෝදරියන් හෝ දරුවන් නැති කල ද ළඟ හෝ දුර නෑයන් වත් නැති කල ද පියාගේ හෝ මවගේ ප්‍රාණ බුත්තිය සම්පූර්ණ හිමිකමට පෙරළේ.
දරුකමට ඇති කරගැනීම නෑයන් නොමැතිව බොහෝ වස්තුව ඇතිව සිටි අය දරුකමට ළමයින් ඇති කරගැනීම උඩරට බහුල වශයෙන් පැවති සිරිතකි.
දරුකමට ළමයකු ඇති කරගත් පියකුට, තමාට දාව උපන් දරුවන් නැති කල, ඒ පියාගේ දේපළ සියල්ල ම ඇති කරගත් දරුවාට අයිති වේ. පියාට දාව උපන් ගෑනු ළමයෙක් හෝ පිරිමි ළමයෙක් සිටී නම් දරුකමට ඇති කරගත් අයට හිමි වන්නේ දේපළවලින් සුළු කොටසකි.
නියම දරුකමට ඇති කරගැනීමක් වීමට එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ යුතුවා පමණක් නොව ඒ දරුවාට පියාගේ දේපළවලින් කොටසක් අයිති වන බවට පොදු හැඟීමක් ද තිබිය යුතුයි. හදාගත් ළමයා ඔහු හදාගත් පියාගේ කුලයේ ම විය යුතුයි. නොඑසේ නම් පියාගේ ප්රවේණි දේපළට හිමිකමක් නැත. කිට්ටු නෑ ළමයකු වුව ද ඔහු හදාගැනීම පමණක් නොව දේපළ හිමිකම් දීමේ බලාපොරොත්තුවෙන් හදාගත් බව ගැන පොදු හැඟීමක් ද ඇති විය යුතුයි.
නියම දරුකමට හදාගැනීම පිළිබඳ ප්‍රතිපත්ති නීති නිඝණ්ඩුවේ ඇති ප්‍රකාශ යයි ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගෙන තිබේ. හදාගැනීම ගැන වචනයෙන් පැවසීම හෝ ප්‍රසිද්ධ ප්රස්තාවවල දී ප්‍රකාශ කිරිම අනවශ්‍ය බවත් අවශ්‍ය වනුයේ මියගිය අය තුළ හදාගත් තැනැත්තාට තම දේපළට හිමිකම් දීමට අදහසක් තිබුණ බවට පැහැදිලි සාක්ෂි ඇතිවීම පමණක් බවත් පිළිගැනී තිබේ.
නීති නිඝණ්ඩුවේ නීති ප්‍රකාශ කොට ඇත්තේ ඒ නීති භාරකාරයන්ගේ ම භාෂාවෙනැයි මෙහි දී පිළිගැනිණ. ‘Publicly declared’ (ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට) යනුවෙන් සෝවර්ස් සහ ආමර් පරිවර්තනය කොට ඇත්තේ නීති නිඝණ්ඩුවේ එන ‘ලොවට දන්වා’ යන වචනයි.
දරුකමට හදාගැනීම ගැන ප්‍රසිද්ධියේ වචනවලින් ප්‍රකාශයක් කිරීම අවශ්‍ය නොවේ. දරුකමට හදාගැනීම කිසියම් වැරදීමකින් වත් ලොවට දැන්වීම පමණක් සෑහේ.
දරුකමට හදාගැනීමේ දී පිළිපැදිය යුතු සිරිත් අංග වශයෙන් නියම කර නැත. අනාථ දරුවකු හෝ වෙන අයකුගේ අතදරුවකු බාල කාලයේ දී භාරගෙන ඇතිදැඩි කිරීම දරුකමට හදාගැනීමක් ලෙසට පිළිගත නොහැකිය. මෙය ඒ දරුවාගේ ආරක්ෂකකම විය හැකියි.
1938 අංක 39 දරන පනතින් දරුකමට හදාගැනීම සම්බන්ධයෙන් පිළිපැදිය යුතු අංග නියම කොට තිබේ. දරුකමට හදාගැනීම ඊට සම්බන්ධ දෙපක්ෂය අත්සන් කොට ඇති ලියවිල්ලක් පිට විය යුතුයි. එම ලියවිල්ල දිස්ත්‍රික් විනිශ්චයකරුවකු හෝ රික්වැස්ට් කොමසාරිස් කෙනකු හෝ ගම්බද උසාවි සභාපති කෙනකු හෝ බලය ලත් නොතාරිස් කෙනකු හා සාක්ෂිකරුවන් දෙදෙනකු හෝ ඉදිරිපිට අත්සන් කළ යුතුය.
3. ලත්හිමිය
මෙයින් හැඳින්වෙන්නේ තෑගි දීමනාවකින්, අන්තිම කැමති පත්‍රයකින්, මිල දී ගැනීමෙන්, බුත්ති විඳීමෙන් හෝ වෙනත් විධියකින් අත් කර ගැනීම වේ.
සියලු ම තෑගි දීමනා අවළංගු කළ හැකිය යනු සාමාන්‍ය නීතියයි. මීට විරුද්ධ තෑගි දීම් ඇති නම් ඒවා අවළංගු නොකළ හැකි බව එහි ම සඳහන් විය යුතුයි.
නූතන නීතිය අනුව අවළංගු කළ නොහැකි තෑගි දීමනා පහත සඳහන් වේ.
(අ) විහාරාධිපතීන්ගේ හෝ එම භාරකාරයන්ගේ පෞද්ගලික ප්‍රයෝජනය පිණිස නොවන දීමනා
(ආ) ඇති වන්නට යන විවාහයක් උදෙසා දෙන ලද තෑගි දීමනා (එම විවාහය ඉන් පසුව සිදු වී ඇති නම්)
(ඉ) 1917 අංක 9 දරන භාරකාර මණ්ඩල පිළිබඳ පනතේ 99 වැනි ඡේදය අනුව ඇති කරනු ලබන පුණ්යභාරකාර මණ්ඩලවලට දෙන ලද තෑගි දීමනා
(ඊ) නැවත අවළංගු කළ නොහැකි යයි දීමනාකාරයා විසින් සඳහන් කොට ඇති දීමනා යන මේවායි.
(කර්තෘ: ටී.බී. දිසානායක)
(සංස්කරණය: 1970)