"උද්දිගංශය" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(Azimuth). නක්ෂත්‍ර විද්‍යාවෙහි ලා කිසියම් ඛගෝල වස්...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | (Azimuth). නක්ෂත්‍ර විද්‍යාවෙහි ලා කිසියම් ඛගෝල වස්තුවක් හා නිරීක්ෂකයා මැදින් වැටෙන සිරස් තලයත් නිරීක්ෂකයා හා පෘථිවි ධ්‍රැව මැදින් වැටෙන තිරස් තලයත් අතර තිරස් තලය ඔස්සේ මනින කෝණික දුර උද්දිගංශය නමින් හැඳින්වේ. නක්ෂත්‍රානුකූලව උත්තර ධ්‍රැවයේ සිට දක්ෂිණාවර්තව අංශක 360 ඔස්සේ උද්දිගංශය මැනගනු ලැබේ. එහෙත් දක්ෂිණ ධ්‍රැවයේ සිට වුව ද කෝණික දුර මැනගත හැකිය. සාමාන්‍යයෙන් නිරීක්ෂකයාගේ පිහිටීමෙහි අක්ෂාංශය ද හෝරා කෝණය (hour angle) හා නිරීක්ෂණය කැරෙන වස්තුවෙහි ක්‍රාන්ති කෝණය (angle of declination) ද දන්නා විට ඒ ආශ්‍රිත නක්ෂත්‍ර ත්‍රිකෝණය විසඳා උද්දිගංශය නිගමනය කළ හැකි වේ. | + | [[ගොනුව:4-640.jpg|300px|right]](Azimuth). නක්ෂත්‍ර විද්‍යාවෙහි ලා කිසියම් ඛගෝල වස්තුවක් හා නිරීක්ෂකයා මැදින් වැටෙන සිරස් තලයත් නිරීක්ෂකයා හා පෘථිවි ධ්‍රැව මැදින් වැටෙන තිරස් තලයත් අතර තිරස් තලය ඔස්සේ මනින කෝණික දුර උද්දිගංශය නමින් හැඳින්වේ. නක්ෂත්‍රානුකූලව උත්තර ධ්‍රැවයේ සිට දක්ෂිණාවර්තව අංශක 360 ඔස්සේ උද්දිගංශය මැනගනු ලැබේ. එහෙත් දක්ෂිණ ධ්‍රැවයේ සිට වුව ද කෝණික දුර මැනගත හැකිය. සාමාන්‍යයෙන් නිරීක්ෂකයාගේ පිහිටීමෙහි අක්ෂාංශය ද හෝරා කෝණය (hour angle) හා නිරීක්ෂණය කැරෙන වස්තුවෙහි ක්‍රාන්ති කෝණය (angle of declination) ද දන්නා විට ඒ ආශ්‍රිත නක්ෂත්‍ර ත්‍රිකෝණය විසඳා උද්දිගංශය නිගමනය කළ හැකි වේ. |
විශේෂයෙන් ම සාගරික හා ගුවන් නැවියන්ට මාලිමා නිදොස් කරගැනීමටත් ඛගෝල වස්තූන්ට සාපේක්ෂව පිහිටීම් රේඛා ලකුණු කරගැනීමටත් උද්දිගංශය ඉතා වැදගත් වේ. මෙකල මොවුන්ගේ පහසුව සලකා කාලානුකූලව සූර්‍ය්‍ය, චන්ද්‍ර, ග්‍රහ, තාරකා ආදි ඛගෝල වස්තූන්ගේ උද්දිගංශය දක්වන සටහන් බහුලව සම්පාදනය කරනු ලැබේ. | විශේෂයෙන් ම සාගරික හා ගුවන් නැවියන්ට මාලිමා නිදොස් කරගැනීමටත් ඛගෝල වස්තූන්ට සාපේක්ෂව පිහිටීම් රේඛා ලකුණු කරගැනීමටත් උද්දිගංශය ඉතා වැදගත් වේ. මෙකල මොවුන්ගේ පහසුව සලකා කාලානුකූලව සූර්‍ය්‍ය, චන්ද්‍ර, ග්‍රහ, තාරකා ආදි ඛගෝල වස්තූන්ගේ උද්දිගංශය දක්වන සටහන් බහුලව සම්පාදනය කරනු ලැබේ. | ||
12:41, 18 පෙබරවාරි 2026 තෙක් සංශෝධනය
(Azimuth). නක්ෂත්‍ර විද්‍යාවෙහි ලා කිසියම් ඛගෝල වස්තුවක් හා නිරීක්ෂකයා මැදින් වැටෙන සිරස් තලයත් නිරීක්ෂකයා හා පෘථිවි ධ්‍රැව මැදින් වැටෙන තිරස් තලයත් අතර තිරස් තලය ඔස්සේ මනින කෝණික දුර උද්දිගංශය නමින් හැඳින්වේ. නක්ෂත්‍රානුකූලව උත්තර ධ්‍රැවයේ සිට දක්ෂිණාවර්තව අංශක 360 ඔස්සේ උද්දිගංශය මැනගනු ලැබේ. එහෙත් දක්ෂිණ ධ්‍රැවයේ සිට වුව ද කෝණික දුර මැනගත හැකිය. සාමාන්‍යයෙන් නිරීක්ෂකයාගේ පිහිටීමෙහි අක්ෂාංශය ද හෝරා කෝණය (hour angle) හා නිරීක්ෂණය කැරෙන වස්තුවෙහි ක්‍රාන්ති කෝණය (angle of declination) ද දන්නා විට ඒ ආශ්‍රිත නක්ෂත්‍ර ත්‍රිකෝණය විසඳා උද්දිගංශය නිගමනය කළ හැකි වේ.විශේෂයෙන් ම සාගරික හා ගුවන් නැවියන්ට මාලිමා නිදොස් කරගැනීමටත් ඛගෝල වස්තූන්ට සාපේක්ෂව පිහිටීම් රේඛා ලකුණු කරගැනීමටත් උද්දිගංශය ඉතා වැදගත් වේ. මෙකල මොවුන්ගේ පහසුව සලකා කාලානුකූලව සූර්‍ය්‍ය, චන්ද්‍ර, ග්‍රහ, තාරකා ආදි ඛගෝල වස්තූන්ගේ උද්දිගංශය දක්වන සටහන් බහුලව සම්පාදනය කරනු ලැබේ.
පරික්‍රමණ බිම් මැනුම් ලකුණු කිරීමේ දී ධ්‍රැව තරුවට (පෝලාරිස්) අනුකූල වූ උද්දිගංශය උපයෝගී කරගනු ලැබේ.
(සංස්කරණය: 1970)
