"ටෂ්කන්ට්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
3 පේළිය: 3 පේළිය:
 
   (උස්බෙකිස්ථානය හා ටෂ්කන්ට් සිතියම)
 
   (උස්බෙකිස්ථානය හා ටෂ්කන්ට් සිතියම)
  
ප‍්‍රදේශය : ටියන් ෂාන් කඳුවැටියේ බටහිර කොටස පාමුල පිහිටි ව.කිමී. 15,600ක භූමි ප‍්‍රමාණයක පැතිර පවතින ටෂ්කන්ට් ප‍්‍රදේශයේ ඊසානදිග කොටසේ පිහිටා ඇත. නිරිතදිග ප‍්‍රදේශයෙහි ඇත්තේ ආඛන්ගරාන් හා චර්චික්  යන ගංගාවන්ගෙන් හා කුඩා අතුගංගාවලින් සැදුම්ලත් තැනිතලාවකි. මහාද්වීපික දේශගුණයක් පවතින මෙහි වාර්ෂික වර්ෂාපතනය මිමි. 30-45 දක්වා වෙනස් වේ.
+
'''ප‍්‍රදේශය:''' ටියන් ෂාන් කඳුවැටියේ බටහිර කොටස පාමුල පිහිටි ව.කිමී. 15,600ක භූමි ප‍්‍රමාණයක පැතිර පවතින ටෂ්කන්ට් ප‍්‍රදේශයේ ඊසානදිග කොටසේ පිහිටා ඇත. නිරිතදිග ප‍්‍රදේශයෙහි ඇත්තේ ආඛන්ගරාන් හා චර්චික්  යන ගංගාවන්ගෙන් හා කුඩා අතුගංගාවලින් සැදුම්ලත් තැනිතලාවකි. මහාද්වීපික දේශගුණයක් පවතින මෙහි වාර්ෂික වර්ෂාපතනය මිමි. 30-45 දක්වා වෙනස් වේ.
 
කාර්මික වශයෙන් උස්බෙකිස්ථානයේ දියුණු ම පරිපාලන ප‍්‍රදේශය හා මධ්‍ය ආසියාවේ ප‍්‍රධාන ආර්ථික හා සංස්කෘතික කේන්ද්‍රය වන මෙහි උසස් අධ්‍යාපන ආයතන රැුසක් ඇත. රෙදි නිෂ්පාදනය, කපු වගාවට අවශ්‍ය යන්ත්‍රෝපකරණ තැනීම, ආහාර වර්ග සැකසීම හා පොහොර නිෂ්පාදනය මෙහි ප‍්‍රධාන කර්මාන්ත වේ. ගල්අඟුරු හා රන් ආකර තැනීම ද සිදු කෙරෙන අතර ජලවිදුලිය බලාගාර කීපයක් ද ඇත. ප‍්‍රධාන භෝගය කපු ය. ඉරිඟු, ජූට් හා එළවළු වගාකිරීම ද පටපණුවන් ඇති කිරීම ද සිදු කෙරේ. කඳු ආශි‍්‍රතව ගවයෝ ද කාන්තර හා අර්ධ කාන්තාර ප‍්‍රදේශවල බැටළුවෝ ද ඇති කෙරෙති. ප‍්‍රදේශයෙහි ජනසංඛ්‍යාව 1985 දී 3,874,000කි.
+
කාර්මික වශයෙන් උස්බෙකිස්ථානයේ දියුණු ම පරිපාලන ප‍්‍රදේශය හා මධ්‍ය ආසියාවේ ප‍්‍රධාන ආර්ථික හා සංස්කෘතික කේන්ද්‍රය වන මෙහි උසස් අධ්‍යාපන ආයතන රැසක් ඇත. රෙදි නිෂ්පාදනය, කපු වගාවට අවශ්‍ය යන්ත්‍රෝපකරණ තැනීම, ආහාර වර්ග සැකසීම හා පොහොර නිෂ්පාදනය මෙහි ප‍්‍රධාන කර්මාන්ත වේ. ගල්අඟුරු හා රන් ආකර තැනීම ද සිදු කෙරෙන අතර ජලවිදුලිය බලාගාර කීපයක් ද ඇත. ප‍්‍රධාන භෝගය කපු ය. ඉරිඟු, ජූට් හා එළවළු වගාකිරීම ද පටපණුවන් ඇති කිරීම ද සිදු කෙරේ. කඳු ආශ්‍රිතව ගවයෝ ද කාන්තර හා අර්ධ කාන්තාර ප‍්‍රදේශවල බැටළුවෝ ද ඇති කෙරෙති. ප‍්‍රදේශයෙහි ජනසංඛ්‍යාව 1985 දී 3,874,000කි.
නගරය : සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවට අයත් ව තිබී 1991 වර්ෂයෙහි අලූතින් ස්ථාපනය කරන ලද ස්වාධීන පොදුරාජ්‍ය මණ්ඩලයට එක් වූ උස්බෙකිස්ථාන් නිදහස් රාජ්‍යයේ අගනගරය ටෂ්කන්ට් නමින් හැඳින්වේ. රුසියාවේ නගර අතුරින් මෙය විශාලත්වයෙන් හතරවන ස්ථානය හිමිකරගනී. මුහුදු මට්ටමින් මී. 450-480 උසින් ඇති චර්චික් ගංගාව අසල මෙම නගරය පිහිටා ඇත.
+
 
 +
'''නගරය:''' සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවට අයත් ව තිබී 1991 වර්ෂයෙහි අලූතින් ස්ථාපනය කරන ලද ස්වාධීන පොදුරාජ්‍ය මණ්ඩලයට එක් වූ උස්බෙකිස්ථාන් නිදහස් රාජ්‍යයේ අගනගරය ටෂ්කන්ට් නමින් හැඳින්වේ. රුසියාවේ නගර අතුරින් මෙය විශාලත්වයෙන් හතරවන ස්ථානය හිමිකරගනී. මුහුදු මට්ටමින් මී.450-480 උසින් ඇති චර්චික් ගංගාව අසල මෙම නගරය පිහිටා ඇත.
 
මුල දී චර්චික් ගංමිටියාවතේ ක්ෂේම භූමියක් ව පැවතුණ ටෂ්කන්ට් නගරයේ ආරම්භය කි‍්‍ර.පූ. 1 හෝ 2 සියවසේ සිදු වූ බවට සාක්ෂ්‍ය තිබේ. ආරම්භක අවධියේ දී ‘චැච්’ නමින් හැඳින්වුණ මෙය පසුව චැච්කන්ඞ් සහ චැෂ්කන්ඞ් යන නම්වලින් හඳුන්වන ලදි. කි‍්‍ර.ව. 7 වන සියවසේ දී චීනයේ සිට ඉන්දියාවට ගමන් කළ හියුං සියෑං භික්ෂුව මෙම නගරය හඳුන්වා ඇත්තේ ශේෂි  යනුවෙනි. උස්බෙක් භාෂාවෙන් ‘ගල් ගම්මානය’ යන අරුතින් ‘ටෂ්කෙන්ට්’ යන්න ව්‍යහාරයට පැමිණියේ 11 වන සියවසේ පමණ සිට ය.
+
මුල දී චර්චික් ගංමිටියාවතේ ක්ෂේම භූමියක් ව පැවතුණ ටෂ්කන්ට් නගරයේ ආරම්භය ක්‍රි.පූ. 1 හෝ 2 සියවසේ සිදු වූ බවට සාක්ෂ්‍ය තිබේ. ආරම්භක අවධියේ දී 'චැච්' නමින් හැඳින්වුණ මෙය පසුව චැච්කන්ඞ් සහ චැෂ්කන්ඞ් යන නම්වලින් හඳුන්වන ලදි. ක්‍රි.ව. 7 වන සියවසේ දී චීනයේ සිට ඉන්දියාවට ගමන් කළ හියුං සියෑං භික්ෂුව මෙම නගරය හඳුන්වා ඇත්තේ ශේෂි  යනුවෙනි. උස්බෙක් භාෂාවෙන් 'ගල් ගම්මානය' යන අරුතින් 'ටෂ්කෙන්ට්' යන්න ව්‍යහාරයට පැමිණියේ 11 වන සියවසේ පමණ සිට ය.
 
යුරෝපයට හා නැගෙනහිරට යන ගැල් මාර්ගවල වැදගත් වෙළෙඳ මධ්‍යස්ථානයක් වූ මෙම නගරය 8 වන සියවසේ දී අරාබිවරුන් විසින් යටත් කර ගන්නා ලදි. ඉස්ලාම් භක්තිය පැතිරුණේ එතැන් සිට ය. 13 වන සියවසේ දී මොංගල්වරුන් යටතට පත් ටෂ්කන්ට් නගරය අනතුරුව ටිමුරිඞ් අධිරාජ්‍යය යටතේ තිබී 1814 කෝකන්ඞ හා බොන්වරුන් යටතට පත් විය. 1865 රුසියානු හමුදා විසින් යටත් කෙරුණ මෙය 1867 පටන් රුසියානු තුර්කිස්ථානයේ පරිපාලන මධ්‍යස්ථානය බවට පත් කරන ලදි. 1898 ට‍්‍රාන්ස්කැස්පියන් දුම්රිය මාර්ගය නගරය හරහා තනන ලද අතර පැරණි නගරය අසල ම නව නගරය ද ඉදි කරන ලදි.
 
16 පේළිය: 17 පේළිය:
 
1966 සිදු වූ භූමිකම්පාවෙන් නගරය විනාශ වී ගිය ද වර්තමානයේ එය නැවතත් දියුණු තත්ත්වයට පත් ව තිබේ. 2008 දී නගරයේ මිලියන 2.2ක් වුව ද 2012 වන විට එය මිලියන 4.4ක් පමණ වෙතැයි කියනු ලැබේ.   
 
1966 සිදු වූ භූමිකම්පාවෙන් නගරය විනාශ වී ගිය ද වර්තමානයේ එය නැවතත් දියුණු තත්ත්වයට පත් ව තිබේ. 2008 දී නගරයේ මිලියන 2.2ක් වුව ද 2012 වන විට එය මිලියන 4.4ක් පමණ වෙතැයි කියනු ලැබේ.   
  
+
දේවිකා ප්‍රියදර්ශනී එදිරිවීර
දේවිකා පි‍්‍රයදර්ශනී එදිරිවීර
 
<!--Categories-->
 
<!--Categories-->
 
<!--Interwiki-->
 
<!--Interwiki-->
 
[[ප්‍රවර්ගය: ට-ටෞ]]
 
[[ප්‍රවර්ගය: ට-ටෞ]]

16:55, 24 ජූනි 2023 තෙක් සංශෝධනය

සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවට අයත් ව තිබූ උස්බෙකිස්ථානයේ පරිපාලන ප‍්‍රදේශයක් හා එහි අගනගරය මෙනමින් හැඳින්විණ.

 (උස්බෙකිස්ථානය හා ටෂ්කන්ට් සිතියම)

ප‍්‍රදේශය: ටියන් ෂාන් කඳුවැටියේ බටහිර කොටස පාමුල පිහිටි ව.කිමී. 15,600ක භූමි ප‍්‍රමාණයක පැතිර පවතින ටෂ්කන්ට් ප‍්‍රදේශයේ ඊසානදිග කොටසේ පිහිටා ඇත. නිරිතදිග ප‍්‍රදේශයෙහි ඇත්තේ ආඛන්ගරාන් හා චර්චික් යන ගංගාවන්ගෙන් හා කුඩා අතුගංගාවලින් සැදුම්ලත් තැනිතලාවකි. මහාද්වීපික දේශගුණයක් පවතින මෙහි වාර්ෂික වර්ෂාපතනය මිමි. 30-45 දක්වා වෙනස් වේ.

කාර්මික වශයෙන් උස්බෙකිස්ථානයේ දියුණු ම පරිපාලන ප‍්‍රදේශය හා මධ්‍ය ආසියාවේ ප‍්‍රධාන ආර්ථික හා සංස්කෘතික කේන්ද්‍රය වන මෙහි උසස් අධ්‍යාපන ආයතන රැසක් ඇත. රෙදි නිෂ්පාදනය, කපු වගාවට අවශ්‍ය යන්ත්‍රෝපකරණ තැනීම, ආහාර වර්ග සැකසීම හා පොහොර නිෂ්පාදනය මෙහි ප‍්‍රධාන කර්මාන්ත වේ. ගල්අඟුරු හා රන් ආකර තැනීම ද සිදු කෙරෙන අතර ජලවිදුලිය බලාගාර කීපයක් ද ඇත. ප‍්‍රධාන භෝගය කපු ය. ඉරිඟු, ජූට් හා එළවළු වගාකිරීම ද පටපණුවන් ඇති කිරීම ද සිදු කෙරේ. කඳු ආශ්‍රිතව ගවයෝ ද කාන්තර හා අර්ධ කාන්තාර ප‍්‍රදේශවල බැටළුවෝ ද ඇති කෙරෙති. ප‍්‍රදේශයෙහි ජනසංඛ්‍යාව 1985 දී 3,874,000කි.

නගරය: සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවට අයත් ව තිබී 1991 වර්ෂයෙහි අලූතින් ස්ථාපනය කරන ලද ස්වාධීන පොදුරාජ්‍ය මණ්ඩලයට එක් වූ උස්බෙකිස්ථාන් නිදහස් රාජ්‍යයේ අගනගරය ටෂ්කන්ට් නමින් හැඳින්වේ. රුසියාවේ නගර අතුරින් මෙය විශාලත්වයෙන් හතරවන ස්ථානය හිමිකරගනී. මුහුදු මට්ටමින් මී.450-480 උසින් ඇති චර්චික් ගංගාව අසල මෙම නගරය පිහිටා ඇත.

මුල දී චර්චික් ගංමිටියාවතේ ක්ෂේම භූමියක් ව පැවතුණ ටෂ්කන්ට් නගරයේ ආරම්භය ක්‍රි.පූ. 1 හෝ 2 සියවසේ සිදු වූ බවට සාක්ෂ්‍ය තිබේ. ආරම්භක අවධියේ දී 'චැච්' නමින් හැඳින්වුණ මෙය පසුව චැච්කන්ඞ් සහ චැෂ්කන්ඞ් යන නම්වලින් හඳුන්වන ලදි. ක්‍රි.ව. 7 වන සියවසේ දී චීනයේ සිට ඉන්දියාවට ගමන් කළ හියුං සියෑං භික්ෂුව මෙම නගරය හඳුන්වා ඇත්තේ ශේෂි යනුවෙනි. උස්බෙක් භාෂාවෙන් 'ගල් ගම්මානය' යන අරුතින් 'ටෂ්කෙන්ට්' යන්න ව්‍යහාරයට පැමිණියේ 11 වන සියවසේ පමණ සිට ය.

යුරෝපයට හා නැගෙනහිරට යන ගැල් මාර්ගවල වැදගත් වෙළෙඳ මධ්‍යස්ථානයක් වූ මෙම නගරය 8 වන සියවසේ දී අරාබිවරුන් විසින් යටත් කර ගන්නා ලදි. ඉස්ලාම් භක්තිය පැතිරුණේ එතැන් සිට ය. 13 වන සියවසේ දී මොංගල්වරුන් යටතට පත් ටෂ්කන්ට් නගරය අනතුරුව ටිමුරිඞ් අධිරාජ්‍යය යටතේ තිබී 1814 කෝකන්ඞ හා බොන්වරුන් යටතට පත් විය. 1865 රුසියානු හමුදා විසින් යටත් කෙරුණ මෙය 1867 පටන් රුසියානු තුර්කිස්ථානයේ පරිපාලන මධ්‍යස්ථානය බවට පත් කරන ලදි. 1898 ට‍්‍රාන්ස්කැස්පියන් දුම්රිය මාර්ගය නගරය හරහා තනන ලද අතර පැරණි නගරය අසල ම නව නගරය ද ඉදි කරන ලදි.

1918-24 දක්වා තුර්කිස්ථාන ස්වාධීන සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවේ අගනුවර වූයේ මෙම නගරයයි. නමුත් 1924 දී තුර්කිස්ථානය දෙකඩ කිරීමත් සමග සමාකන්ඞ් අගනුවර වුව ද 1930 දී නැවතත් ටෂ්කන්ට් අගනුවර වශයෙන් තෝරාගන්නා ලදි. සෝවියට් පාලනය යටතේ මෙහි කර්මාන්තශාලා රාශියක් ආරම්භ වීමෙන් එය කාර්මික මධ්‍යස්ථානයක් බවට පත් විය. රුසියානු හා යුක්රේනියානු සංක‍්‍රමණිකයන්ගේ ශීඝ‍්‍ර ආගමනය නිසා ජනගහයනය දෙගුණ තෙගුණ විය.

1966 සිදු වූ භූමිකම්පාවෙන් නගරය විනාශ වී ගිය ද වර්තමානයේ එය නැවතත් දියුණු තත්ත්වයට පත් ව තිබේ. 2008 දී නගරයේ මිලියන 2.2ක් වුව ද 2012 වන විට එය මිලියන 4.4ක් පමණ වෙතැයි කියනු ලැබේ.

දේවිකා ප්‍රියදර්ශනී එදිරිවීර

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ටෂ්කන්ට්&oldid=2009" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි