"ඉසිපතනය" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
8 පේළිය: 8 පේළිය:
 
[[ගොනුව:4-273-1.jpg|500px|right]]
 
[[ගොනුව:4-273-1.jpg|500px|right]]
 
ධර්මාශෝක රජතුමා බුදුන් විසූ තැන් දක්නට යාමේ දී ඉසිපතනයට ද ගොස් එහි ශිලාස්තම්භයක් පිහිටුවා දාගැබක් කරවූ බව දිව්‍යාවදානයෙහි සඳහන් වේ. ඉසිපතනය ඇතුළු සාරනාථ ප්‍රදේශයෙහි, විශේෂයෙන් ක්‍රි.පූ. 3 වන සියවසේ සිට ක්‍රි.ව. 12 වන සියවස දක්වා කාලය තුළ, විහාරාරාම රාශියක් බිහි වූ බවට සාධක තිබේ. ඉන් බොහොමයක් ම විනාශ වී ගොස් අද නටබුන් බවට පත් වී ඇත. එහෙත් හියුං සාං ස්වකීය ගමන් විස්තරයෙහි ලා මෙහි වූ විහාරාරාම රාශියක් ම සඳහන් කර තිබීම පුරාවස්තු ගවේෂකයනට මහත් පිහිටකි. එම නිර්මාණයන්ගෙන් ඇතැම් ඒවා අද හඳුනා ගැනීමට පවා නොහැකි තරමට නෂ්ටප්‍රායව තිබේ. ඉසිපතන භූමියෙන් සොයාගත් ශිලාලිපි හා වෙනත් පුරාවස්තු රාශියක් දැනට සාරනාථ කෞතුකාගාරයේ තැන්පත් කොට තිබේ. බුද්ධ, බෝධිසත්ව, දේව, දිව්‍යාංගනා ප්‍රතිමා හා නානාවිධ මැටි භාණ්ඩ ද කුඩා මැටි ථූප හා බුදුරූ සටහන් සහිත මැටිබඳුන් ද ගුප්ත සමයට අයත් කුලුනු ශිර්ෂ, ධර්ම චක්‍රය හා මුව රූ සටහන් සහිත මුද්‍රා ද කැටයම් සහිත ගඩොල් යනාදිය ද මෙහි හමු වූ පුරාවස්තූනට අයත් වේ ([[සාරනාථ]] ලිපිය ද බලන්න).  
 
+
[[ගොනුව:4-273-2.jpg|500px|left]]
 
ඉසිපතන ශුද්ධ භූමිය පිළිබඳ වර්තමාන බෞද්ධ ප්‍රබෝධයේ හා දියුණුවේ අසහාය පිතෘවරයාණෝ අනගාරික ධර්මපාල තුමාණෝ (පසුව ධර්මපාල ස්වාමීන්වහන්සේ) ය. අප්‍රමාණ තාඩන පීඩන හා දුක් කම්කටොලු මැද හුදකලාව ම වාගේ කලක් තිස්සේ එතුමා ගෙන ගිය උදාර සටනක ප්‍රතිඵලය වශයෙන් ඉසිපතන සාරනාථ ශුද්ධ භූමිය බෞද්ධයන් වෙනුවෙන් ලබාගැන්මටත් ඉන් පසු ඉන්දියානු රජයේත් බෞද්ධ ලෝකයාගේත් ආධාරයෙන් ස්ථානයේ අතිවිශාල දියුණුවක් ඇති කිරීමටත් පිළිවන් විය. ධර්මපාල තුමාගේ අප්‍රතිහත ධෛර්යය නිසා ම බටහිර මහා දානපතිනියකගේ ද බෞද්ධ ජනයාගේ ද ඉන්දියානු රජයේ ද ආධාරයෙන් දර්ශනීය ලෙස අලුතෙන් සාදාගත හැකි වූ මූලගන්ධකුටි විහාරය ඇතුළු එම ශුද්ධ භූමිය මහාබෝධි සමාගමේ ආරක්ෂාව හා පාලනය යටතේ බෞද්ධ පුනර්ජීවයක මධ්‍යස්ථානයව පවතී. නිබඳව ම ලොව සෑම බෞද්ධ රටකින් ම වන්දනාකරුවන් අද්දන ඉසිපතන ශුද්ධ භූමියේ ශාන්ත සුන්දර විවේකී පරිසරය අභිවර්ධනය කරවන්නකි, යාබද මිගදාය. එය වූකලි වත්මන් ඉන්දියා රජය විසින් වෙන් කර දී ඇති අක්කර පසළොසක පමණ බිමක එදා බුද්ධ කාලයේ පැවති මිගදාය සිහියට නංවන අයුරින් මුවන් උදෙසා පිහිටුවා ඇති උද්‍යානයකි. ඉසිපතනයේ දියුණුව පමණක් නොව මුළු භාරතයේ ම බෞද්ධ පුනර්ජීවය උදෙසා ආත්ම පරිත්‍යාගයෙන් ක්‍රියා කර දඹදිව දී ම අපවත් වූ සිරිදේවමිත්ත ධම්මපාල ස්වාමීන් වහන්සේගේ හස්මාවශේෂ තැන්පත් කර ඇත්තේ ද නව මිගදාය මධ්‍යයේය. උන්වහන්සේගේ ප්‍රතිරූපයක් අභිනව මූලගන්ධකුටි විහාරය අබියස ඉදි කොට ඇත.
 
13:10, 13 පෙබරවාරි 2026 තෙක් සංශෝධනය

4-271.jpg
බෞද්ධ ලෝකයාගේ සදාදර ගෞරවයට පාත්‍ර ශ්‍රෙෂ්ඨ සිද්ධස්ථානයක් වූ ඉසිපතනය බරණැස් නගරයට සැතැපුම් 6ක් පමණ දෑතින් පිහිටි මෙකල සාරනාථ නමින් දන්නා ප්‍රදේශයෙහි වේ. පුරාණයේ දී මෙය උරුවේලාහි සිට ගවු 18ක් දුරින් පිහිටියේය. වර්තමානයෙහි ඉසිපතන පූජාභූමිය සාරනාථ දුම්රිය පළේ සිට සැතැපුමක් ඈතින් පිහිටියේය. පුරාණ ඉසිපතනය වූකලි වර්තමාන සාරනාථ ප්‍රදේශය ම යයි කනිංහැම් පඬිවරයා සලකයි. එහි ධමේක් ථූපය හා චෞකණ්ඩි ථූපය අතර ප්‍රදේශය මිගදාය විය යනු ඔහුගේ නිගමනය වේ.

හිමාලයේ සිට අහසින් එන ඉසිවරුන් පොළොවට බැසීම ද පොළොවින් අහසට නැඟීම ද මෙහි දී සිදු වූයේ යයි ද එබැවින් ඉසිපතනයට එම නාමය වී යයි ද කියති. පසේ බුදුවරුන් ගන්ධමාදන පර්වතයේ සත් දිනක් ධ්‍යාන සුවයෙන් වැස අනෝතත්ත විලෙන් නහා භික්ෂාටනය පිණිස ඉසිපතනයේ දී බිමට බට බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. ඉසිපතනය හා සම්බන්ධ මිගදාය එනම් වූයේ එම ස්ථානය මුවන්ට රිසි සේ හැසිරෙන්නට ඉඩ දී තිබුණු තැනක් බැවිනැයි සැලකේ. හියුං සාං සඳහන් කරන අයුරු ඊට හේතු වූයේ නිග්‍රෝධ මිග ජාතකයේ සඳහන් බරණැස් රජු පළමුවරට මෙම ස්ථානය අභය භූමියක් කිරීමේ සිද්ධියයි.

4-272.jpg

ගෞතම බුදුන්වහන්සේ විසින් ස්වකීය ප්‍රථම ධර්ම දේශනය වූ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරන ලද්දේ ද ප්‍රථම වස්සාන කාලය ගෙවන ලද්දේ ද ඉසිපතන මිගදායේය. බුද්ධවංස අට්ඨකථාවේ කියැවෙන පරිදි සියලු බුදුවරුන් ස්වකීය ප්‍රථම ධර්මදේශනය පවත්වන්නේ මෙතන්හිය. එහෙයින් ඉසිපතන මිගදාය අවිජහිතට්ඨාන (නොහරනා ලද තැන්) හතරෙන් එකකි. ඉසිපතනය බෞද්ධයන් විසින් දැකීමට සුදුසු වූත් සංවේගය දනවන්නා වූත් ස්ථාන හතරෙන් ද එකකි. ධම්මචක්කය හැර අනත්ත ලක්ඛණ සුත්ත, රථකාර සුත්ත, පාස සුත්තද්වය, සමයසුත්ත, ධම්මදින්නසුත්ත ආදි සූත්‍ර කීපයක් ද බුදුරජාණන් වහන්සේ මෙහි දී දෙසූ සේක.

ලක්දිව මහාථූපය (රුවන්වැලි සෑය) සෑදීම පිළිබඳ ආරම්භක උත්සවය සඳහා ධම්මසේන ස්ථවිරයන් ප්‍රමුඛ භික්ෂූන් 12,000ක් ඉසිපතනයේ සිට වැඩම කළ බව මහාවංසයේ සදහන් වීමෙන් පෙනෙන්නේ පුරාණයේ දී මෙහි සංඝයාවහන්සේ බොහෝ දෙනකුන් විසූ බවයි. මෙහි භික්ෂූන් 1,500ක් ථෙරවාද බුදුදහම හදාරමින් සිටිනු තමා දුටු බව හියුං සාං වාර්තා කර ඇත.

4-273-1.jpg

ධර්මාශෝක රජතුමා බුදුන් විසූ තැන් දක්නට යාමේ දී ඉසිපතනයට ද ගොස් එහි ශිලාස්තම්භයක් පිහිටුවා දාගැබක් කරවූ බව දිව්‍යාවදානයෙහි සඳහන් වේ. ඉසිපතනය ඇතුළු සාරනාථ ප්‍රදේශයෙහි, විශේෂයෙන් ක්‍රි.පූ. 3 වන සියවසේ සිට ක්‍රි.ව. 12 වන සියවස දක්වා කාලය තුළ, විහාරාරාම රාශියක් බිහි වූ බවට සාධක තිබේ. ඉන් බොහොමයක් ම විනාශ වී ගොස් අද නටබුන් බවට පත් වී ඇත. එහෙත් හියුං සාං ස්වකීය ගමන් විස්තරයෙහි ලා මෙහි වූ විහාරාරාම රාශියක් ම සඳහන් කර තිබීම පුරාවස්තු ගවේෂකයනට මහත් පිහිටකි. එම නිර්මාණයන්ගෙන් ඇතැම් ඒවා අද හඳුනා ගැනීමට පවා නොහැකි තරමට නෂ්ටප්‍රායව තිබේ. ඉසිපතන භූමියෙන් සොයාගත් ශිලාලිපි හා වෙනත් පුරාවස්තු රාශියක් දැනට සාරනාථ කෞතුකාගාරයේ තැන්පත් කොට තිබේ. බුද්ධ, බෝධිසත්ව, දේව, දිව්‍යාංගනා ප්‍රතිමා හා නානාවිධ මැටි භාණ්ඩ ද කුඩා මැටි ථූප හා බුදුරූ සටහන් සහිත මැටිබඳුන් ද ගුප්ත සමයට අයත් කුලුනු ශිර්ෂ, ධර්ම චක්‍රය හා මුව රූ සටහන් සහිත මුද්‍රා ද කැටයම් සහිත ගඩොල් යනාදිය ද මෙහි හමු වූ පුරාවස්තූනට අයත් වේ (සාරනාථ ලිපිය ද බලන්න).

4-273-2.jpg

ඉසිපතන ශුද්ධ භූමිය පිළිබඳ වර්තමාන බෞද්ධ ප්‍රබෝධයේ හා දියුණුවේ අසහාය පිතෘවරයාණෝ අනගාරික ධර්මපාල තුමාණෝ (පසුව ධර්මපාල ස්වාමීන්වහන්සේ) ය. අප්‍රමාණ තාඩන පීඩන හා දුක් කම්කටොලු මැද හුදකලාව ම වාගේ කලක් තිස්සේ එතුමා ගෙන ගිය උදාර සටනක ප්‍රතිඵලය වශයෙන් ඉසිපතන සාරනාථ ශුද්ධ භූමිය බෞද්ධයන් වෙනුවෙන් ලබාගැන්මටත් ඉන් පසු ඉන්දියානු රජයේත් බෞද්ධ ලෝකයාගේත් ආධාරයෙන් ස්ථානයේ අතිවිශාල දියුණුවක් ඇති කිරීමටත් පිළිවන් විය. ධර්මපාල තුමාගේ අප්‍රතිහත ධෛර්යය නිසා ම බටහිර මහා දානපතිනියකගේ ද බෞද්ධ ජනයාගේ ද ඉන්දියානු රජයේ ද ආධාරයෙන් දර්ශනීය ලෙස අලුතෙන් සාදාගත හැකි වූ මූලගන්ධකුටි විහාරය ඇතුළු එම ශුද්ධ භූමිය මහාබෝධි සමාගමේ ආරක්ෂාව හා පාලනය යටතේ බෞද්ධ පුනර්ජීවයක මධ්‍යස්ථානයව පවතී. නිබඳව ම ලොව සෑම බෞද්ධ රටකින් ම වන්දනාකරුවන් අද්දන ඉසිපතන ශුද්ධ භූමියේ ශාන්ත සුන්දර විවේකී පරිසරය අභිවර්ධනය කරවන්නකි, යාබද මිගදාය. එය වූකලි වත්මන් ඉන්දියා රජය විසින් වෙන් කර දී ඇති අක්කර පසළොසක පමණ බිමක එදා බුද්ධ කාලයේ පැවති මිගදාය සිහියට නංවන අයුරින් මුවන් උදෙසා පිහිටුවා ඇති උද්‍යානයකි. ඉසිපතනයේ දියුණුව පමණක් නොව මුළු භාරතයේ ම බෞද්ධ පුනර්ජීවය උදෙසා ආත්ම පරිත්‍යාගයෙන් ක්‍රියා කර දඹදිව දී ම අපවත් වූ සිරිදේවමිත්ත ධම්මපාල ස්වාමීන් වහන්සේගේ හස්මාවශේෂ තැන්පත් කර ඇත්තේ ද නව මිගදාය මධ්‍යයේය. උන්වහන්සේගේ ප්‍රතිරූපයක් අභිනව මූලගන්ධකුටි විහාරය අබියස ඉදි කොට ඇත.

අද සාරනාථය දියුණු වූ කුඩා නගරයක සිරිය උසුලයි. සාරනාථ දුම්රියපළ සාංචි තොරණින් සුසැදි කුසිනාරා සෑයෙහි ආකෘතිය අනුව නිමවන ලද රමණීය වූ ද මගින්ට ගමන් පහසුකම් සලසා ඇත්තා වූ ද දුම්රිය ස්ථානයකි. මහාබෝධි සමාගම මගින් අරඹන ලද පාඨශාලා, ආරෝග්‍යශාලා, පොත්ගුල්, සංඝාවාස හා වන්දනාකරුවන් උදෙසා වූ විශ්‍රාමශාලා ද බුරුම, ටිබෙට් හා චීන බෞද්ධයන්ගේ සිද්ධස්ථාන හා විශ්‍රාමශාලා ද සල්පිල් හා භෝජනශාලා ද තැපැල්පළක් හා පුරාවිද්‍යා කෞතුකාගාරයක් ද සහිත සාරනාථය පුළුල් මහාමාර්ගවලින් ද සමලංකෘතය. ඒ අතර වූ ප්‍රධාන මාර්ගය 'ධර්මපාල පාර' යනුවෙන් සිංහලෙන් ම හඳුන්වා තිබීම ධර්මපාල හිමියන්ගේ නාමයට උපහාරයකි. පැරණි විහාරාරාමාදියේ හා අශෝකස්තම්භයක නටබුන් සහිත වූ, කැණීම් කර ඇති භූමිය ධර්මපාල මාවතෙන් උතුරෙහි වේ.

ශිව දෙවියන් නමට කැප වූ මහාදේව නම් කෝවිලක් ද ජෛන විහාරයක් ද ඇති සාරනාථයේ පූජනීය භූමියට යාබදව විශාල පොකුණක් පිහිටා ඇත.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉසිපතනය&oldid=10012" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි