"උරුලෑවා" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(විවෙරිකුලා ඉන්ඩිකා මයෝරි - Viverricula indica mayori Pocock). දිවයි...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | (විවෙරිකුලා ඉන්ඩිකා මයෝරි - Viverricula indica mayori Pocock). දිවයිනේ සෑම පළාත්වල ම වාගේ මේ සතා දක්නට ලැබේ. උගේ වාසය සාමාන්‍යයෙන් වන ලැහැබ්, අකුල් ආදි තැන්වලය. උගේ හිස පටුය; ඉතා උල්ය. වැඩුණු උරුලෑවාගේ ශරීරය අඟල් 22ක් පමණ දිගය. උගේ වලිගය අඟල් 14ක් පමණ වේ. මාරුවෙන් මාරුවට පිහිටා තිබෙන කළුපාට හා සුදුපාට මුදු 8ක් පමණ උගේ වලිගයේ දක්නට ලැබේ. කෙටි රළු කේශරවලින් උගේ ශරීරය වැසී තිබේ. වලිගයේ තිබෙන කේශර වඩා දිගය. උරුලෑවාගේ ශරීරය සාමාන්‍යයෙන් ළා අළුපාටය. පිටේ දිග අතට ඉරි 6ක් පමණ වැටී ඇත. කළුපාට ප්‍රකට ඉරි දෙකක් බෙල්ලේ දක්නට ලැබේ. කම්මුල් අළු පාටට හුරු සුදුපාටය. ශරීරයේ දිග හා සසඳා බලන විට උරුලෑවාගේ ගාත් කෙටි යයි කිව හැකිය. ගාත් අඟල් 4ක් පමණ දිගය. ඒවා තද කළු පාටය. හොඳින් විකසනය වූ පුරෝගුද ග්‍රන්ථි (preanal glands) උරුලෑවාට ඇත. මේවායින් ඉතා තද ගඳකින් යුත් ස්‍රාවයක් පිට කෙරේ ([[උරුලෑ සට්ටම්]] බ.) | + | [[ගොනුව:5-16.jpg|200px|left]](විවෙරිකුලා ඉන්ඩිකා මයෝරි - Viverricula indica mayori Pocock). දිවයිනේ සෑම පළාත්වල ම වාගේ මේ සතා දක්නට ලැබේ. උගේ වාසය සාමාන්‍යයෙන් වන ලැහැබ්, අකුල් ආදි තැන්වලය. උගේ හිස පටුය; ඉතා උල්ය. වැඩුණු උරුලෑවාගේ ශරීරය අඟල් 22ක් පමණ දිගය. උගේ වලිගය අඟල් 14ක් පමණ වේ. මාරුවෙන් මාරුවට පිහිටා තිබෙන කළුපාට හා සුදුපාට මුදු 8ක් පමණ උගේ වලිගයේ දක්නට ලැබේ. කෙටි රළු කේශරවලින් උගේ ශරීරය වැසී තිබේ. වලිගයේ තිබෙන කේශර වඩා දිගය. උරුලෑවාගේ ශරීරය සාමාන්‍යයෙන් ළා අළුපාටය. පිටේ දිග අතට ඉරි 6ක් පමණ වැටී ඇත. කළුපාට ප්‍රකට ඉරි දෙකක් බෙල්ලේ දක්නට ලැබේ. කම්මුල් අළු පාටට හුරු සුදුපාටය. ශරීරයේ දිග හා සසඳා බලන විට උරුලෑවාගේ ගාත් කෙටි යයි කිව හැකිය. ගාත් අඟල් 4ක් පමණ දිගය. ඒවා තද කළු පාටය. හොඳින් විකසනය වූ පුරෝගුද ග්‍රන්ථි (preanal glands) උරුලෑවාට ඇත. මේවායින් ඉතා තද ගඳකින් යුත් ස්‍රාවයක් පිට කෙරේ ([[උරුලෑ සට්ටම්]] බ.) |
ජනගහනය වැඩි පළාත්වල උරුලෑවා නිශාචර වුවත් ඌ කැළෑ පෙදෙස්වල දවල් කාලයේ දීත් ගොදුරු සොයමින් එහා මෙහා යයි. දවල් කාලයේ දී ඌ සාමාන්‍යයෙන් පඳුරක් හෝ ගොමුවක් අස්සක ලැග සිටියි. | ජනගහනය වැඩි පළාත්වල උරුලෑවා නිශාචර වුවත් ඌ කැළෑ පෙදෙස්වල දවල් කාලයේ දීත් ගොදුරු සොයමින් එහා මෙහා යයි. දවල් කාලයේ දී ඌ සාමාන්‍යයෙන් පඳුරක් හෝ ගොමුවක් අස්සක ලැග සිටියි. | ||
11:55, 12 මාර්තු 2026 තෙක් සංශෝධනය
(විවෙරිකුලා ඉන්ඩිකා මයෝරි - Viverricula indica mayori Pocock). දිවයිනේ සෑම පළාත්වල ම වාගේ මේ සතා දක්නට ලැබේ. උගේ වාසය සාමාන්‍යයෙන් වන ලැහැබ්, අකුල් ආදි තැන්වලය. උගේ හිස පටුය; ඉතා උල්ය. වැඩුණු උරුලෑවාගේ ශරීරය අඟල් 22ක් පමණ දිගය. උගේ වලිගය අඟල් 14ක් පමණ වේ. මාරුවෙන් මාරුවට පිහිටා තිබෙන කළුපාට හා සුදුපාට මුදු 8ක් පමණ උගේ වලිගයේ දක්නට ලැබේ. කෙටි රළු කේශරවලින් උගේ ශරීරය වැසී තිබේ. වලිගයේ තිබෙන කේශර වඩා දිගය. උරුලෑවාගේ ශරීරය සාමාන්‍යයෙන් ළා අළුපාටය. පිටේ දිග අතට ඉරි 6ක් පමණ වැටී ඇත. කළුපාට ප්‍රකට ඉරි දෙකක් බෙල්ලේ දක්නට ලැබේ. කම්මුල් අළු පාටට හුරු සුදුපාටය. ශරීරයේ දිග හා සසඳා බලන විට උරුලෑවාගේ ගාත් කෙටි යයි කිව හැකිය. ගාත් අඟල් 4ක් පමණ දිගය. ඒවා තද කළු පාටය. හොඳින් විකසනය වූ පුරෝගුද ග්‍රන්ථි (preanal glands) උරුලෑවාට ඇත. මේවායින් ඉතා තද ගඳකින් යුත් ස්‍රාවයක් පිට කෙරේ (උරුලෑ සට්ටම් බ.)ජනගහනය වැඩි පළාත්වල උරුලෑවා නිශාචර වුවත් ඌ කැළෑ පෙදෙස්වල දවල් කාලයේ දීත් ගොදුරු සොයමින් එහා මෙහා යයි. දවල් කාලයේ දී ඌ සාමාන්‍යයෙන් පඳුරක් හෝ ගොමුවක් අස්සක ලැග සිටියි.
උරුලෑවා කුඩා කුරුල්ලන්, මීයන්, ලේනුන්, ගෙම්බන් හා කෘමීන් වැනි සතුන් ආහාර කොටගනී. ඇතැම් පලතුරු වර්ග ද සමහර ශාකවල මුල් ද ඌ කයි. උරුලෑවාගේ බෝවීම අවුරුද්දේ විශේෂ කාලයකට සීමා වී නැත. ගෑනු සතාට වරකට පැටවුන් තුන්දෙනා පටන් පස්දෙනා දක්වා ලැබෙන්නට පුළුවන. කුඩා කාලයේ දී උරුලැවා හීලෑ කරගත හැකිය. හීලෑ උරුලෑවකු අවුරුදු 7කට වැඩි කාලයක් ජීවත් වූ බව වාර්තා වී තිබේ.
උරුලෑවා මමාලියා වංශයෙහි කානිවොරා ගෝත්‍රයෙහි විවෙරිඩෙ (Viverridae) කුලයට අයත්ය.
(සංස්කරණය: 1974)
