"ඌරු හොටා" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(ලෙත්රිනෙලා මිනියාටා - Lethrinella miniata Schneider). තරමක් ගැඹුර...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | (ලෙත්රිනෙලා මිනියාටා - Lethrinella miniata Schneider). තරමක් ගැඹුරු මුහුදේ ජීවත් වන මත්ස්‍යයෙකි. ඌ සාමාන්‍යයෙන් අඟල් 15ක් පමණ දිගය. උගේ ශරීරයේ පළල දිගින් ¼ක් පමණි. උගේ හොට ඉතා දිගය; උල්ය. හොටේ උඩුපැත්ත යටි පැත්තට වඩා දුඹුරු පාටය. ඌරුහොටාගේ මුඛයේ ඇතුල් පැත්ත තැඹිලි පාටය. අන්තරක්ෂි කූප ප්‍රදේශය බොහෝ දුරට පැතැළිය. ඉස්සරහ නාස්පුඩුවේ පහළට වන තුරු ම උඩුහනුව දික් වේ. හනුවල කුඩා දත් ඇත. උගේ කොරපොතු ලොකුය. හොටේ කොරපොතු නැත. පිධානය (spiracle) මත ලොකු පැල්ලමකි. ඇසෙහි හා පිධානයෙහි සිට උඩුහනුව දක්වා තදපාට පටු ඉරි තිබේ. පෘෂ්ඨීය වරලේ කටු 10ක් ද නාරටි 8ක් ද පමණ ඇත. 4 වැනි පෘෂ්ඨීය කටුව ලොකු ම කටුව වේ. පෞච්ඡ වරල කරුවක් සේ දෙකට බෙදී ඇත. | + | [[ගොනුව:5-116.jpg|350px|right]](ලෙත්රිනෙලා මිනියාටා - Lethrinella miniata Schneider). තරමක් ගැඹුරු මුහුදේ ජීවත් වන මත්ස්‍යයෙකි. ඌ සාමාන්‍යයෙන් අඟල් 15ක් පමණ දිගය. උගේ ශරීරයේ පළල දිගින් ¼ක් පමණි. උගේ හොට ඉතා දිගය; උල්ය. හොටේ උඩුපැත්ත යටි පැත්තට වඩා දුඹුරු පාටය. ඌරුහොටාගේ මුඛයේ ඇතුල් පැත්ත තැඹිලි පාටය. අන්තරක්ෂි කූප ප්‍රදේශය බොහෝ දුරට පැතැළිය. ඉස්සරහ නාස්පුඩුවේ පහළට වන තුරු ම උඩුහනුව දික් වේ. හනුවල කුඩා දත් ඇත. උගේ කොරපොතු ලොකුය. හොටේ කොරපොතු නැත. පිධානය (spiracle) මත ලොකු පැල්ලමකි. ඇසෙහි හා පිධානයෙහි සිට උඩුහනුව දක්වා තදපාට පටු ඉරි තිබේ. පෘෂ්ඨීය වරලේ කටු 10ක් ද නාරටි 8ක් ද පමණ ඇත. 4 වැනි පෘෂ්ඨීය කටුව ලොකු ම කටුව වේ. පෞච්ඡ වරල කරුවක් සේ දෙකට බෙදී ඇත. |
ඉන්දියන් සාගරයෙහි ලංකාව අවට මුහුදෙහි හා මලයාව අවට මුහුදෙහි ද රතු මුහුදෙහි ද ඌරු හොටා දක්නට ලැබේ. ඌරු හොටා පෙර්සිෆෝමේස් (Perciformes) ගෝත්‍රයෙහි ලෙත්රිනිඩෙ(Lethrinidae) කුලයට අයත්ය. ඌරු හොටාගේ මාංසය කෑමට ගනු ලැබේ. | ඉන්දියන් සාගරයෙහි ලංකාව අවට මුහුදෙහි හා මලයාව අවට මුහුදෙහි ද රතු මුහුදෙහි ද ඌරු හොටා දක්නට ලැබේ. ඌරු හොටා පෙර්සිෆෝමේස් (Perciformes) ගෝත්‍රයෙහි ලෙත්රිනිඩෙ(Lethrinidae) කුලයට අයත්ය. ඌරු හොටාගේ මාංසය කෑමට ගනු ලැබේ. | ||
15:14, 16 අප්‍රේල් 2026 වන විට නවතම සංශෝධනය
(ලෙත්රිනෙලා මිනියාටා - Lethrinella miniata Schneider). තරමක් ගැඹුරු මුහුදේ ජීවත් වන මත්ස්‍යයෙකි. ඌ සාමාන්‍යයෙන් අඟල් 15ක් පමණ දිගය. උගේ ශරීරයේ පළල දිගින් ¼ක් පමණි. උගේ හොට ඉතා දිගය; උල්ය. හොටේ උඩුපැත්ත යටි පැත්තට වඩා දුඹුරු පාටය. ඌරුහොටාගේ මුඛයේ ඇතුල් පැත්ත තැඹිලි පාටය. අන්තරක්ෂි කූප ප්‍රදේශය බොහෝ දුරට පැතැළිය. ඉස්සරහ නාස්පුඩුවේ පහළට වන තුරු ම උඩුහනුව දික් වේ. හනුවල කුඩා දත් ඇත. උගේ කොරපොතු ලොකුය. හොටේ කොරපොතු නැත. පිධානය (spiracle) මත ලොකු පැල්ලමකි. ඇසෙහි හා පිධානයෙහි සිට උඩුහනුව දක්වා තදපාට පටු ඉරි තිබේ. පෘෂ්ඨීය වරලේ කටු 10ක් ද නාරටි 8ක් ද පමණ ඇත. 4 වැනි පෘෂ්ඨීය කටුව ලොකු ම කටුව වේ. පෞච්ඡ වරල කරුවක් සේ දෙකට බෙදී ඇත.ඉන්දියන් සාගරයෙහි ලංකාව අවට මුහුදෙහි හා මලයාව අවට මුහුදෙහි ද රතු මුහුදෙහි ද ඌරු හොටා දක්නට ලැබේ. ඌරු හොටා පෙර්සිෆෝමේස් (Perciformes) ගෝත්‍රයෙහි ලෙත්රිනිඩෙ(Lethrinidae) කුලයට අයත්ය. ඌරු හොටාගේ මාංසය කෑමට ගනු ලැබේ.
(සංස්කරණය: 1974)
