"අංකොට හටන" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('වල්ලභ නම් රජකුගේ කාලයෙහි සොළීන් ලංකාව ආක්‍රම...' යොදමින් නව පිටුවක් තනන ලදි)
(වෙනසක් නොමැත)

14:35, 29 මැයි 2023 තෙක් සංශෝධනය

වල්ලභ නම් රජකුගේ කාලයෙහි සොළීන් ලංකාව ආක්‍රමණය කිරීමට මුල් වී යයි කියනු ලබන එක්තරා අං කොට මීමකු පිළිබඳ සටනක් ගැන මේ ග්‍රන්ථයෙන් කියැවේ. මෙය කාගේ කෘතියක් දැයි නොකිව හැකිය. හවුරුදු තුන් සියයකට පමණ පෙර කරන ලද්දක් සේ පෙනේ. ලංකාවෙහි රජය කළ වල්ලභ රජුගේ කාලයෙහි යුක්තිය ඉටු නොවීය. හිතුමනාප දෙයක් කිරීමට කිසිවකුට බාධාවක් නොතිබුණේය. එයින් එක් ගම් වැසියකුට විඳින්නට වූයේ බලවත් හිරිහැරයෙකි. ඔහුට අයිතිව සිටි එක ම මීමා-අංකොට මීමා-දුටහට ගෙන ගොස් ඔහුගේ පොහොසත් නෑදෑයෝ සී සෑම් ආදි වැඩගත්හ. අයිතිකරුට කීමට හෝ මීමාට විවේකයක් දීමට හෝ වුවමනා බව කිසිවෙක් නොසිතීය. මේ අයුක්තිය පහදා දුන් දුප්පතා දිනක් පොහොසතුන්ගේ තාඩන පීඩනවලට ගොදුරු වූයේය. රජුට පැමිණිලි කළ නමුත් යුක්තිය ඉටු නොවිණ. එබැවින් හේ සොළී රටට ගොස් එහි ලී කපන්නකු මෙන් ජීවිතය ගත කරන්නට වනි. දොළොස් වසක් දුක් ගෙන සිටීමෙන් පසු ඔහුගේ තොරතුරු දැනගත් සොළී රට ස්ත්‍රීහු ඔහු ගැන අනුකම්පාවක් දක්වනු මැනැවැයි සිය ස්වාමි පුරුෂයන්ට කීහ. ඔවුහු කාරණය රජුට සැල කළහ. එහි ප්‍රතිඵලය වශයෙන් ලක්දිව ආක්‍රමණය කළ සොළී රජු වල්ලභ රජුත්, බිසවත් සිරභාරයට ගත් බව කීමෙන් පොත හමාර වෙයි.

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අංකොට_හටන&oldid=1149" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි