"ඔරියා සාහිත්යය" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('භාරතවර්ෂයේ ඔරියා සාහිත්යයේ පුරාණතම කෘති බෞද...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 35 පේළිය: | 35 පේළිය: | ||
මේ කාලයේ ඔරියා සාහිත්ය ලෝකයේ මහා විප්ලවයක් ඇති කළ ගත්කරුවෙකි පණ්ඩිත ගෝපාලබන්ධුදාස (1877-1928). ප්රතිචීන ලෝකයෙන් ගලා ආ ආභාසය ස්වජාත්යභිවෘද්ධියට හානිකර යැයි සලකා, එය තුච්ඡ කොට සිය රැටියන් ලවා සලකවන්නට තැත් කළ හේ ස්වභාෂා සාහිත්යයේ විස්මයජනක විපර්යාසයක් ද ස්වජාතියේ අපූර්ව අභිමානයක් ද ඇතිකිරීමේ සමත් විය. එදවස කඩ කඩ කොට, පළාත් සතරක් අතරේ බෙදා වෙන් කොට විනාශ කර දමා තිබුණු උත්කල රාජ්යය හෙවත් ඔරිස්සාව යළිත් එක් රටක් කරවන ලෙස ඉංග්රීසි පාලකයන්ගෙන් ඉල්ලනු සඳහා ඔරිස්සාවේ කුදු මහත් සෑම දෙනා ම එක්ව 1903 දී උත්කල සම්මීලනී නමැති සංවිධානයක් පිහිටුවාලූහ. මේ සංවිධානයෙන් කැරුණු ඉල්ලීම් මහහඬින් ම කියා පෑ මහාවීරයා මේ ගෝපාලබන්ධුදාස නමැති දේශප්රේමී කවියාය. පූරි නගරය අසල වූ සඛීගෝපාල නමැති ගමේ සත්යවාදී විහාර යන නමින් ජාතික විද්යායතනයක් පිහිටුවා, ස්වජාතියේ පුනරුත්ථානය සඳහා කාර්යාරම්භ කළ ඔහුට සහාය වනු පිණිස නීලකණ්ඨදාස, ගෝදාවරීශ මිශ්ර, කෘපාසින්ධු මිශ්ර ආදි සුප්රකට ජාතිහිතෛෂි කවීහු ඉදිරිපත් වූහ. භගවත් ගීතාවේ දර්ශිත මාර්ගය ස්වජාතිකයනට හුරු පුරුදු කරවීම එක් පරමාර්ථයක් කැර ගත් මොහු, එය ඉටු කැර ගනු සඳහා සත්යවාදී නමැති මාසික සඟරාවක් ද සමාජ නමැති සප්තාහකයක් ද ආරම්භ කළහ. සත්යවාදී නිකාය යන නමින් පතළ වූ මේ ජාතික කවි සමාජයේ ගෝපාලබන්ධුදාස මුල් තැන ගනී. ඔහු කළ බන්ධිර ආත්මකථා (සිරකරුවකුගේ ජීවිත කථාව) නමැති කව තමා සත්යග්රාහියකු වශයෙන් සිර අඩස්සියේ සිටි කාලය විස්තර කරයි. ස්වදේශයට ස්වාධීනත්වය ලබා දෙනු සඳහා මහාත්මා ගාන්ධි ආරම්භ කළ සත්යග්රහ ව්යාපාරයට ආත්ම පරිත්යාගයෙන් සේවා කරමින් වෙහෙසුණු ගෝපාලබන්ධුදාස සිය සොහොයුරු සත්යග්රාහීන් අමතා | මේ කාලයේ ඔරියා සාහිත්ය ලෝකයේ මහා විප්ලවයක් ඇති කළ ගත්කරුවෙකි පණ්ඩිත ගෝපාලබන්ධුදාස (1877-1928). ප්රතිචීන ලෝකයෙන් ගලා ආ ආභාසය ස්වජාත්යභිවෘද්ධියට හානිකර යැයි සලකා, එය තුච්ඡ කොට සිය රැටියන් ලවා සලකවන්නට තැත් කළ හේ ස්වභාෂා සාහිත්යයේ විස්මයජනක විපර්යාසයක් ද ස්වජාතියේ අපූර්ව අභිමානයක් ද ඇතිකිරීමේ සමත් විය. එදවස කඩ කඩ කොට, පළාත් සතරක් අතරේ බෙදා වෙන් කොට විනාශ කර දමා තිබුණු උත්කල රාජ්යය හෙවත් ඔරිස්සාව යළිත් එක් රටක් කරවන ලෙස ඉංග්රීසි පාලකයන්ගෙන් ඉල්ලනු සඳහා ඔරිස්සාවේ කුදු මහත් සෑම දෙනා ම එක්ව 1903 දී උත්කල සම්මීලනී නමැති සංවිධානයක් පිහිටුවාලූහ. මේ සංවිධානයෙන් කැරුණු ඉල්ලීම් මහහඬින් ම කියා පෑ මහාවීරයා මේ ගෝපාලබන්ධුදාස නමැති දේශප්රේමී කවියාය. පූරි නගරය අසල වූ සඛීගෝපාල නමැති ගමේ සත්යවාදී විහාර යන නමින් ජාතික විද්යායතනයක් පිහිටුවා, ස්වජාතියේ පුනරුත්ථානය සඳහා කාර්යාරම්භ කළ ඔහුට සහාය වනු පිණිස නීලකණ්ඨදාස, ගෝදාවරීශ මිශ්ර, කෘපාසින්ධු මිශ්ර ආදි සුප්රකට ජාතිහිතෛෂි කවීහු ඉදිරිපත් වූහ. භගවත් ගීතාවේ දර්ශිත මාර්ගය ස්වජාතිකයනට හුරු පුරුදු කරවීම එක් පරමාර්ථයක් කැර ගත් මොහු, එය ඉටු කැර ගනු සඳහා සත්යවාදී නමැති මාසික සඟරාවක් ද සමාජ නමැති සප්තාහකයක් ද ආරම්භ කළහ. සත්යවාදී නිකාය යන නමින් පතළ වූ මේ ජාතික කවි සමාජයේ ගෝපාලබන්ධුදාස මුල් තැන ගනී. ඔහු කළ බන්ධිර ආත්මකථා (සිරකරුවකුගේ ජීවිත කථාව) නමැති කව තමා සත්යග්රාහියකු වශයෙන් සිර අඩස්සියේ සිටි කාලය විස්තර කරයි. ස්වදේශයට ස්වාධීනත්වය ලබා දෙනු සඳහා මහාත්මා ගාන්ධි ආරම්භ කළ සත්යග්රහ ව්යාපාරයට ආත්ම පරිත්යාගයෙන් සේවා කරමින් වෙහෙසුණු ගෝපාලබන්ධුදාස සිය සොහොයුරු සත්යග්රාහීන් අමතා | ||
| − | නිදහස ලැබුමට ඉදිරියට’ඩියක් | + | "නිදහස ලැබුමට ඉදිරියට’ඩියක් |
තැබුමට ඔබහට කිසියම් වහලක් | තැබුමට ඔබහට කිසියම් වහලක් | ||
| 41 පේළිය: | 41 පේළිය: | ||
මගෙ දිවි පිදුමෙන් වේවා යනු මගෙ | මගෙ දිවි පිදුමෙන් වේවා යනු මගෙ | ||
| − | අවසන් පැතුම ද යැදුම ද වේ, සකි | + | අවසන් පැතුම ද යැදුම ද වේ, සකි" |
යැයි කියයි. කිසි විටෙකවත් නායකත්වයක් සඳහා තරඟ නොකළ මේ වීරයා ස්වදේශයේ නිදහස් සටනේ අග්රගණ්ය වීරයකු වූවා පමණක් නොව සෙසු ස්වදේශිකයන් ජාත්යනුරාගයෙන් උදම් කිරීමෙහි ද සමත් විය. | යැයි කියයි. කිසි විටෙකවත් නායකත්වයක් සඳහා තරඟ නොකළ මේ වීරයා ස්වදේශයේ නිදහස් සටනේ අග්රගණ්ය වීරයකු වූවා පමණක් නොව සෙසු ස්වදේශිකයන් ජාත්යනුරාගයෙන් උදම් කිරීමෙහි ද සමත් විය. | ||
| 47 පේළිය: | 47 පේළිය: | ||
ඔහුගේ සාහිත්ය කෘති කෙරෙන් වෙසෙසි තැනක් ගන්නා එකක් ද වේ. ඒ වනාහි බෝධිසත්ව චරිතාපදානයකි. ඔරියා ජනකථාවක් වටා රචිත එහි වීරයා ධර්මපාද නමැති ළදරුවෙකි. එක්තරා ශිල්පියකුගේ එක ම පුතු වූ ඒ ළදරුවා සිය පියාගේත් ඔහුගේ පිරිවර ශිල්පීන් එක්දාස් දෙසීයයකගේත් ජීවිත රකිනු සඳහා ස්වකීය ජීවිතය පූජා කරයි. දිවි පුදන්නට සැරැසුණු ළදරු වීරයා සිය පියා සනසනු සඳහා ඔහු අමතා, උත්පත්තිය හා සමග ම මරණය ද නියමයෙන් එන වග මෙසේ කියයි: | ඔහුගේ සාහිත්ය කෘති කෙරෙන් වෙසෙසි තැනක් ගන්නා එකක් ද වේ. ඒ වනාහි බෝධිසත්ව චරිතාපදානයකි. ඔරියා ජනකථාවක් වටා රචිත එහි වීරයා ධර්මපාද නමැති ළදරුවෙකි. එක්තරා ශිල්පියකුගේ එක ම පුතු වූ ඒ ළදරුවා සිය පියාගේත් ඔහුගේ පිරිවර ශිල්පීන් එක්දාස් දෙසීයයකගේත් ජීවිත රකිනු සඳහා ස්වකීය ජීවිතය පූජා කරයි. දිවි පුදන්නට සැරැසුණු ළදරු වීරයා සිය පියා සනසනු සඳහා ඔහු අමතා, උත්පත්තිය හා සමග ම මරණය ද නියමයෙන් එන වග මෙසේ කියයි: | ||
| − | මරණය දිවිය යනු නිති පිළිවෙළකි, පියේ. | + | "මරණය දිවිය යනු නිති පිළිවෙළකි, පියේ. |
මරණය උපන් කෙණෙහි ම හිමි වේ මෙ දියේ. | මරණය උපන් කෙණෙහි ම හිමි වේ මෙ දියේ. | ||
| 53 පේළිය: | 53 පේළිය: | ||
ගෝපාලබන්ධු දෘඪ කර්මවාදියෙකි. එහෙයින් හේ සිය වීරයා ලවා - | ගෝපාලබන්ධු දෘඪ කර්මවාදියෙකි. එහෙයින් හේ සිය වීරයා ලවා - | ||
| − | කම යැ දිවිය මිනුමේ එකමෙක දංඩ | + | කම යැ දිවිය මිනුමේ එකමෙක දංඩ" |
යැයි කියවයි. | යැයි කියවයි. | ||
09:28, 5 ඔක්තෝබර් 2026 වන විට නවතම සංශෝධනය
භාරතවර්ෂයේ ඔරියා සාහිත්යයේ පුරාණතම කෘති බෞද්ධ ග්රන්ථ වේ. පුරාතන හස්ත ලිඛිත ග්රන්ථ සෙවීමෙහි යෙදුණු මහාමහෝපාධ්යාය හරප්රසාද ශාස්ත්රීට නේපාලයේ තිබී කාලිපාද, කෘෂ්ණපාද, ගම්භීරවජ්ර, ගෝරක්ෂ නාථ, ඥානවජ්ර, තථාගතරක්ෂිත, දීපංකර ශ්රී ඥාන, මත්ස්යෙන්ද්රනාථ ආදි පුරාණ ඔරියා බෞද්ධ කවීන්ගේ ප්රබන්ධ රාශියක් ම ලැබිණ. ඒ මහාමහෝපාධ්යායතුමන් විසින් නේපාලයෙන් ගෙන එන ලද බෞද්ධ-ගාන්-ඕ-දෝහා නමැති ප්රබන්ධාවලියේ මේ කවීන් කෙරෙන් ඇතැමුන්ගේ කෘති ද වේ. ක්රිස්තු වර්ෂයෙන් හත්වැනි ශතකයත් දස වැනි ශතකයත් අතරේ වැජඹුණු සේ සැලකෙන මේ කවීන්ගේ ප්රබන්ධ ඔරියා සාහිත්යයේ පුරාණතම කෘති සේ සැලකේ. ඒ කෘති සියල්ල ම පද්ය ප්රබන්ධ වේ. ඉපැරණි ඔරියා ගද්ය ප්රබන්ධ රැසක් ලැබෙනුයේ පූරි නගරයේ ජගන්නාථ කෝවිලේ බමුණු පූජකයන් විසින් එකොළොස් වැනි ශතකයේ සිට නොකඩවා පවත්වා ගෙන එනු ලබන ‘මාදලා පාඤ්ජි’ යන නමින් හැඳින්වෙන ලේකම්මිටිවලිනි. මේ ලේකම්මිටි වනාහි යටගිය අවුරුදු අටසීය තුළ ඔරියා භාෂාව වැඩුණු සැටි විදහා පාන කැටපත් වැනිය.
ඔරියා සාහිත්යය යුග වශයෙන් පුරාතන (800-1500), මධ්යතන (1500-1850), නූතන (1850-) යැයි තුනකට බෙදිය හැකිය. එහි මධ්යතනය පංච ශඛ (1500-1700)යැ, උපේන්ද්ර භංජ (1700-1850) යැයි උපයුග දෙකකට ද බෙදේ.
පුරාතන යුගයේ මහා කවියා සාරළාදාසය. තුදුස් වැනි ශතකයේ වැජැඹි ඔහුගේ ප්රධාන සාහිත්ය කෘතිය වනුයේ ඔරියා මහාභාරතයයි. සාරළාදාස සංස්කෘත භාෂාවෙහි කිසි ම ඇසුරක් නොලැබූ ගම්බද ගොවියෙක් විය. ඔහු ද්රෝණ, කර්ණ, අර්ජුන, කෘෂ්ණ ආදීන්ගේ වගතුග දැන ගත්තේ ගමේ කෝවිලේ බමුණු කපුවන් කී කථා ශ්රවණය කිරීමෙනි. එහෙයින් කරුණු කීපයකින් ම සාරළාදාසගේ මහාභාරතය ව්යාසගේ මහාභාරතයට බෙහෙවින් ම අමුතු වේ. එහි කථා පිළිවෙළ පවා මූලග්රන්ථයේ එන පරිද්දෙන් නොඒ. එහි ඔරියා ජනකථා සමුදායකට නම් ලොකු තැනක් ලැබේ. එයින් ඔරියා ජාතික කාව්යයක නියම ස්වරූපය ඊට ආරෝපිත වේ. එයින් එහි ජනප්රියත්වය ද වැඩි වේ. මෑත භාගයේ විසූ පණ්ඩිත කවීන් මහාභාරතයට කළ ඔරියා අනුවාද කීපයක් ම ඇතත්, ඒ එකකටවත් සාරළාදාසගේ කෘතියට ලැබෙන ආදර සැලකිලි ඔරියා ජනතාවගෙන් නොලැබේ. සාරළාදාස සිය රටේ විශිෂ්ට ජනසාහිත්යයක ආදිකර්තෘ විය.
මාර්කණ්ඩදාස මේ යුගය එළිය කළ තවත් කිවියෙකි. තෙළෙස් වැනි ශතකයේ වැජැඹි ඔහුගේ ප්රබන්ධ කෙරෙන් අද ශේෂව ඇත්තේ ද්විපාද පද්ය සූතිසකින් යුක්ත කේශබ කෝඉළි (කේශව කෝකිල) නමැති කුඩා ප්රබන්ධයකි. මෙය අදත් හැම ඔරියා දරුවකු විසින් වනපොත් කරනු ලබන්නකි. ජෛමිනී මහාභාරතයත් පද්ම පුරාණයත් සංස්කෘත භාෂාවෙන් ඔරියා භාෂාවට පරිවර්තනය කළ නීලාම්බරදාසත් කාර්තික මාහාත්ම්ය නමැති භක්ති කාව්යය කළ මහාදේවදාසත් මේ යුගය හෙළි කළ තවත් කිවිවරු දෙදෙනෙකි. මේ ලිපියේ ආරම්භයේ නම් කෙරුණු කාලිපාදාදීහු ද මේ යුගයෙහි ම ලා ගැනෙන්නෝ වෙති.
මධ්යතන යුගය පංච ශඛ යැ උපේන්ද්ර භංජ යැයි උපයුග දෙකකට බෙදන වග යට පැවසිණි. එයින් ප්රථමය පංච ශඛ නම් වනුයේ එය බලරාමදාස, ජගන්නාථදාස, අනන්තදාස, යශෝවන්තදාස, අච්යුතානන්දදාස යන මිත්ර කවීන් පස් දෙනකුන් විසින් බබුළුවනු ලැබුණු හෙයිනි. ද්විතීයය උපේන්ද්ර භංජ නම් වනුයේ එය ඒ නම ඇති මහ කිවියා විසින් බබුළුවනු ලැබුණු කාලපරිච්ඡේදයක් හෙයිනි.
පංච ශඛයන් (පස් යහළුවන්) කෙරෙන් මුල් තැන වැජඹෙන්නේ ජගන්නාථදාසය. ඔහු සංස්කෘත භගවත් පුරාණය පරිවර්තනය කරමින් ලියූ ඔරියා භාගවතය සිය රටවැසියන්ගේ ප්රධාන ධර්ම පුස්තකය වේ. හැම ඔරියා ගමක ම එහි පුස්කොළ පිටපතක් තැන්පත් කෙරුණු ශාලාවක් වේ. භාගවත ඝර යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබෙන එම ශාලාවට දිනපතා සවස් භාගයේ ගම් වැසියෝ රැස් වෙති. එසේ රැස් වූ ජනයාට ගමේ කෝවිලේ කපු තැන හෝ පාසලේ ගුරුතැන හෝ ඒ මහා පුණ්ය ග්රන්ථයෙන් කොටසක් කියවයි. අවුරුදු සාරසීයකට වැඩි කලක් තිස්සේ නොකඩවා අද දක්වා පවත්වාගෙන එනු ලබන මේ සිරිත ඔරියා ජනයාගේ ගුණ ධර්ම පමණක් නොව ඔරියා භාෂාවේ නිර්මලභාවය ද රැකෙන්නට ඉමහත් උපකාරයක් විය. ජගන්නාථදාසගේ භාගවතය සංස්කෘත මූල ග්රන්ථයේ නිරවද්ය පරිවර්තනයකි; එසේ ම නිර්මල, ශිථිල භාෂාවෙන් සැපැයුණකි. එහෙයින් ඒ ගත් රුවන පණ්ඩිතාපණ්ඩිත දෙපක්ෂයේ ම ඉමහත් හරසරයට පාත්රව පවතී. මේ පස් යහළු හවුලේ දෙවැනි තැන වැජඹෙනුයේ බලරාමදාසය. ඔහු කළ ඔරියා රාමායණය සාරළාදාසගේ මහාභාරතය තරම් ම ජනප්රිය වේ. එ ද නියම ඔරියා ඌරුවෙන් අනූන ගත් රුවනකි. ඉන් මෑත භාගයේ නොයෙක් වියතුන් රාමායණයේ අනුවාද කොට ඇතත් ඒ එක ද අනුවාදයකටවත් බලරාමදාසගේ කෘතියට ලැබෙන මහජන ප්රසාදය නොලැබේ. අනන්තදාස, යශෝවන්තදාස හා අච්යුතානන්දදාස යන තුන්දෙනා ද නොයෙක් භක්ති ප්රබන්ධයන්ගෙන් ඔරියා සාහිත්යයත් එම භාෂාවත් පුෂ්ටිමත් කළහ.
ගෝපී භාෂා නමැති භක්ති කාව්යය කළ ජනාර්දනදාස, අධ්යාත්ම රාමායණය පරිවර්තනය කළ භලධරදාස, විචිත්ර රාමායණය නමැති ගීත කාව්යය කළ විශ්වනාථ කුංඨි, රඝුනාථ විලාසය කළ ධනංජය භංජ, භගවත් ගීතාව පරිවර්තනය කළ ජයසිංහ, මහා භාරතයට සුප්රකට පද්යානුවාදයක් කළ කෘෂ්ණසිංහ යනාදීහු ද මේ උපයුගය බබුළුවා ලූ කිවියෝ වෙති.
මධ්යතන යුගයේ අපර භාගය (1700-1850) හෙබ වූ මහාකවියා උපේන්ද්ර භංජ වේ. එහෙයින් ඔහුගේ ආභාසයෙන් දිලි එම කාලපරිච්ඡේදය ද ඔහුගේ නමින් ම හඳුන්වනු ලැබේ. මෙතෙක් කල් අන්යතර භාරතීය සාහිත්යයන් හා තරගයට පොර බිමට නොඑළඹි ඔරියා සාහිත්යය, සංස්කෘත සාහිත්යය හා පොරට යවන්නට මෙන් තැත් කළ උපේන්ද්ර භංජ ස්වකීය ප්රබන්ධයන් යමකාදී විවිධ ශබ්දාලංකාරයන්ගෙන් ද ශ්ලේෂාදි විවිධ අර්ථාලංකාරයන්ගෙන් ද, විවිධ චිත්රබන්ධනයන්ගෙන් ද සැරසීය. ඔහු කළ ප්රබන්ධයන් කෙරෙන් චිත්ර කාව්ය බන්ධෝදය නමැති කාව්යය සාහිත්ය ලෝකයෙහි අන් තැනක දකින්නට නොලැබෙන තරම් විස්මයජනක විචිත්ර ප්රබන්ධයකි; වෛදේහී විලාසය ද විවිධ වෘත්තයන්ගෙන් හෙබි චමත්කාරජනක කාව්යයකි. එහි වස්තුව සුප්රකට රාම සීතා කථාවයි. යමක චෞතිසා නමැති ප්රබන්ධය යමක බන්ධන සිව් තිසකින් සැදුණකි; ගීතාභිධාන නමැති ග්රන්ථය ගීතයෙන් කෙරුණු නිඝණ්ඩුවකි; ලාවණ්යවතිය සිංහල අපට වෙසෙසින් කුහුල් ඇති කරවන ජනප්රිය කාව්යයකි. එහි කාව්ය නායකයා කර්ණාට කුමාරයෙකි; නායිකාව සිංහල කුමාරිකාවකි.
උපේන්ද්ර භංජගේ ප්රබන්ධ සංඛ්යාව අතිවිශාල වේ. ඒ නැතක් පබඳ කෙරෙන් ප්රකටතර අන්ය කෘති වනාහි කෝටි බ්රහ්මාණ්ඩසුන්දරී, සුවර්ණරේඛා, ප්රේමසුධානිධි, රසිකහාරාවලී, සුභද්රාපරිණය, රාම ලීලාමෘත යන කාව්ය වේ. මේ හැම කවක් ම විවිධ අලංකාරයන්ගෙන් ද විවිධ චිත්ර බන්ධනයන්ගෙන් ද විභූෂිතය. එසේ ම එහි භාෂාව සංස්කෘතයෙන් ගත් තත්සම පදයන්ගෙන් ද ගහනය. මේ වනාහි උපේන්ද්ර භංජගේ පමණක් නොව, මේ යුගයෙහි ඔහු අනුව ගිය හැම කිවියකුගේ ම ප්රබන්ධයන්හි පෙනෙන ලක්ෂණයකි. එහෙයින් ඒ කෘතිවල රස විඳුම පහසුවෙන් කළ හැකි වනුයේ සාමාන්යයනට නොව, “පෙදෙහි රස හවු” දන්නා ව්යක්තයනට පමණකි.
උපේන්ද්ර භංජත් ඔහුගේ සගයනුත් ස්වභාෂා සාහිත්යයෙන් එක්තරා විනෝදයක් ලබමින් එය අන්යයන්ටත් දෙත් ම, සුමධුර ජනප්රිය සරල භාෂාවෙන් විවිධ භක්ති ප්රබන්ධයන් කෙරෙමින් මහජනයා ප්රබෝධ කළ කිවි ගණයක් ද විය. ඔවුන් කෙරෙන් දිනකෘෂ්ණදාස, අභිමන්යු සමන්ත සිංහාර, කවිසූර්ය්ය බලදේවරථ හා ගෝපාල කෘෂ්ණදාස ප්රකට කීර්ති ඇත්තෝ වෙති. ඔවුන් රචනා කළ ගීත, භජන, කීර්තන ආදිය නොදන්නෝ ඔරිස්සාවේ විරලයහ.
ව්රජනාථ බදජේන මේ යුගයේ විසූ කවීන් කෙරෙන් අමුතු ම තැනක් ගන්නෙකි. ඔහු කළ සමරතරංග නැමැති කවට ද ඔරියා සාහිත්යයේ අමුතු ම තැනක් හිමි වේ. ඔරියා ජාතික වීරයන් මහාරාෂ්ට්රයන් කළ ආක්රමණය මර්දනය කරනු සඳහා කළ වීර යුද්ධයේ විත්තිය චමත්කාරජනක භාෂාවෙන් ප්රකාශ කරන මේ කව සකල භාරතීය සාහිත්ය ලෝකයට ම භූෂණයකි.
1803 දී ඔරිස්සාව මහාරාෂ්ට්රීය පාලනයෙන් මිදී ඉංග්රීසි පාලනයට යට විය. රටට වුණු මේ විපර්යාසය එහි සාහිත්යයට නව යුගයක් උදා කරවීමෙහි සමත් විය. ඉංග්රීසීන් එත් ම බැප්ටිස්ට් නිකායේ ක්රිස්තියානි මිෂනාරීහු ද පැමිණියහ. ස්වකීය ආගම ධර්මය පතුරුවාලීමෙහි උත්සුක වූ ඔව්හු, එරට තන්හි තන්හි පාසැලුත් කටක් නගරයෙහි මුද්රණාලයකුත් පිහිටුවාලූහ. සිය පාසැල්හි භාවිතය සඳහා පාඩම් පොතුත් ධර්මප්රචාරය සදහා දහම් පොතුත් එම මුද්රණාලයෙන් නිකුත් කරන්නට පටන්ගත්හ. මේ දවස්වල ම උත්කල දීපිකා නමැති මාසික සඟරාවක් ද ඇරැඹිණ. මේ හේතූන් නිසා ඔරියා ජනතාවට ද ප්රතිචීන භාෂාශාස්ත්රාදියේ ආභාසය ලැබෙන්නට විය. පුරා සතලිස් අවුරුද්දක් මුළුල්ලේ ඒ උත්කල දීපිකා නමැති සඟරාවේ මාර්ගයෙන් ස්වභාෂාවත් ස්වසාහිත්යයත් පෝෂණය කිරීමෙහි පුරෝගාමී වූයේ එහි සංස්කාරක වූ ගෞරීශංකරරාය නමැති පඬිවරයෙකි. වර්තමාන ඔරියා ප්රබෝධය මල්පල ගන්වනු සඳහා වෙහෙසුණු ස්වභාෂා ප්රේමීන් කෙරෙන් මේ පඬිවරයා අග්රගණ්ය වේ. 1857 දී සකල භාරතය කම්පා කළ මහ කැරැල්ල භාරතීය මහජනකාය තුළ ස්වජාත්යනුරාගය දැනැවීමේ උපකරණයක් විය. උත්තර භාරතයේ අන්යතර ප්රදේශයන්හි මෙන් ඔරිස්සාවේ ද මේ පෙරළිය නිසා ස්වභාෂා ප්රේමයත් ස්වජාත්යනුරාගයත් වැඩෙන්නට විය. මේ කලබලකාරී සමය ඔරියා සාහිත්යයේ නවයුගය ද උදා කැරැවී.
මේ අරුණාලෝකයේ දිලියෙන්නට පහළ වූ නව කිවිවරුන් කෙරෙන් ඵකීර මෝහන සේනාපති (1843-1919) නමැති මහ ගත්කරුවා අග්රගණ්ය වේ. ඔරියා ගද්යයේ පිතෘවරයා ලෙස සැලැකෙන ඵකීර මෝහන පද්යකරණයෙහි ද අද්විතීය සාමර්ථ්යයක් දැක්වීය. ඔහු කළ බෞද්ධාවතාර කාව්ය නමැති ග්රන්ථය එයට සාක්ෂි දරයි. බුදු සිරිතත් බුදු දහමත් සුලලිත සුමධුර භාෂාවෙන් ප්රකාශ කරන එයට සම වන අන් මහ කවක් නූතන ඔරියා සාහිත්යයේ නැත. ඔහු කළ අන්ය පද්ය කෘති කෙරෙන් ඔහුගේ මහාභාරත අනුවාදයත් රාමායණ අනුවාදයත් මෙහි දී වෙසෙසින් සඳහන් කළ යුතු වේ.
ඵකීර මෝහනගේ ගද්ය කෘති කෙරෙන් ඔහුගේ නවකථා ගන්නේ ඉහළ තැනකි. ඔරිස්සාවට යාව පිහිටි වංගයේ බංකීම් චන්ද්ර ඡට්ටෝපාධ්යාය වැනි දේශප්රේමී ජාතිහිතෛෂී මහා ලේඛකයන් පවා රාජරාජමහාමාත්යාදි ප්රභූවරයන්ගේ චරිත ස්වකීය නවකථා මාධ්යයෙන් පිළිබිඹු කරවද්දී, ඵකීර මෝහන තැත් කළේ දුප්පත් කම්කරුවන් හා දිළිඳු ගොවීන් විඳි නැතක් කම්කටොලු ස්ව නවකථා මාධ්යයෙන් පිළිබිඹු කරවන්නටය. ඔහු කළ ඡමානා අඨගුංඨ නමැති නවකථාව එයට ප්රමාණවත් නිදර්ශනයකි. ඒ වනාහි පිටිසර වැසි අසරණ කම්කරු පවුලක් ඉඩම්හිමි ධනවතකුගේ ග්රහණයට හසු වී කාළකණ්ණි වුණු සැටි පළකරන දුඃඛාලාපයකි. මෙහි කථා ප්රවෘත්තිය කොතරම් සත්යස්වරූප වී දැයි කිවහොත්, එය කියවූ බොහෝ දෙනා එහි චරිත පාත්රයන් දකිනු පිණිස කටක් නගරයට එන්නට වූහ. මාමු හා ප්රායශ්චිත්ත ඔහු ලියූ තවත් නවකථා දෙකකි.
ඵකීර මෝහන පොහොසත් කුලයක උපන්නෙක් නොවේ. තුන් හතර අවුරුද්දකට වැඩි කලක් පාඨශාලා අධ්යාපනයක් ලැබීමේ භාග්යවත් නොතුබුණු හේ පරණ රුවල් අලුත් වැඩියා කරන කම්මලක කංකානම් කෙනකු වූ සිය මාමාගේ සහායකයකු හැටියට ජීවිතය ආරම්භ කළ කෙනෙකි. එසේ සේවාව කරන අතර සංස්කෘත, අරාබි, පාරසික, ඉංග්රීසි ආදි භාෂා කිහිපයක ප්රවීණත්වය මහත් උත්සාහයෙන් ලබා ගත්තේය. ආරම්භය මෙසේ වුව ද ඵකීර මෝහනගේ ජීවිතයේ අපරභාගය සෞභාග්යයෙන් ඌන නොවීය. සිය රටේ මහාරාජයන් කිහිපදෙනකුන්ට අගමැතිව සේවා කිරීමේ අවස්ථාවත් භාග්යයත් ඔහුට ලැබිණි.
ඵකීර මෝහනගේ සමකාලීනයකු වූ රාධා නාථරාය (1849-1908) ජනප්රිය කවියෙක් විය. මහායාත්රා නමැති කාව්යය ඔහුගේ ප්රධාන කෘතිය වේ. යුධිෂ්ඨිරගේ අවසාන ගමන වස්තු කැරගත් එය සම එළි නැති ඡන්දසින් බැඳුණකි. සිය අවසන් ගමනෙහි යෙදුණු යුධිෂ්ඨිර ඔරිස්සාවට ද එයි. එහි පූරි නගරයේ ජගන්නාථ කෝවිලේ දී ඔහුට ගිනිදෙවියා හමු වේ. ගිනිදෙවියා ඔහුට භාරතවර්ෂයේ අනාගත ඉතිහාසය අනාවරණය කරයි. මෙසේ සිය රටේ ඉතිහාසය විස්තර කරන්නට ඉඩවර ලබාගන්නා රාධානාථ මුහමද්ඝෝරී අතින් පෘථිවිරාජ නමැති අන්තිම හින්දු අධිරාජයාගේ පරාජයවීම දක්වා ඇති භාරතීය ඉතිහාස කථාව මධුර මනෝහර පද්යයෙන් කියයි. ඵකීර මෝහන, රාධානාථ යන දෙදෙනාට සමකැලි තවත් මහ කවියෙක් වී. ඒ මධුසූදන රාවය (1853-1912). භක්ති කවියකු වූ මධුසූදන බ්රහ්ම සමාජයෙහි උද්යෝගී සභිකයෙක් ද වී. ඔහුගේ ප්රධාන කෘතිය වනාහි ඍෂි ප්රාණේ දේවාවතාර නමැති භක්ති කාව්යයයි.
සරල බසිනුදු හොඳ පබඳ කළ හැකි බව ඔරියා රසඥයනට පෙන්වා දුන් මහ කිවියෙක් ද මේ කාලයේ ඔරිස්සාවේ පහළ විය. නන්ද කිශෝර බල නමැති මේ කිවියා ඔරියා පොඩිත්තනට ප්රශස්ත ළමා සාහිත්යයක් ඇති කිරීමෙහි සමත් විය.
මේ කාලයේ ඔරියා සාහිත්ය ලෝකයේ මහා විප්ලවයක් ඇති කළ ගත්කරුවෙකි පණ්ඩිත ගෝපාලබන්ධුදාස (1877-1928). ප්රතිචීන ලෝකයෙන් ගලා ආ ආභාසය ස්වජාත්යභිවෘද්ධියට හානිකර යැයි සලකා, එය තුච්ඡ කොට සිය රැටියන් ලවා සලකවන්නට තැත් කළ හේ ස්වභාෂා සාහිත්යයේ විස්මයජනක විපර්යාසයක් ද ස්වජාතියේ අපූර්ව අභිමානයක් ද ඇතිකිරීමේ සමත් විය. එදවස කඩ කඩ කොට, පළාත් සතරක් අතරේ බෙදා වෙන් කොට විනාශ කර දමා තිබුණු උත්කල රාජ්යය හෙවත් ඔරිස්සාව යළිත් එක් රටක් කරවන ලෙස ඉංග්රීසි පාලකයන්ගෙන් ඉල්ලනු සඳහා ඔරිස්සාවේ කුදු මහත් සෑම දෙනා ම එක්ව 1903 දී උත්කල සම්මීලනී නමැති සංවිධානයක් පිහිටුවාලූහ. මේ සංවිධානයෙන් කැරුණු ඉල්ලීම් මහහඬින් ම කියා පෑ මහාවීරයා මේ ගෝපාලබන්ධුදාස නමැති දේශප්රේමී කවියාය. පූරි නගරය අසල වූ සඛීගෝපාල නමැති ගමේ සත්යවාදී විහාර යන නමින් ජාතික විද්යායතනයක් පිහිටුවා, ස්වජාතියේ පුනරුත්ථානය සඳහා කාර්යාරම්භ කළ ඔහුට සහාය වනු පිණිස නීලකණ්ඨදාස, ගෝදාවරීශ මිශ්ර, කෘපාසින්ධු මිශ්ර ආදි සුප්රකට ජාතිහිතෛෂි කවීහු ඉදිරිපත් වූහ. භගවත් ගීතාවේ දර්ශිත මාර්ගය ස්වජාතිකයනට හුරු පුරුදු කරවීම එක් පරමාර්ථයක් කැර ගත් මොහු, එය ඉටු කැර ගනු සඳහා සත්යවාදී නමැති මාසික සඟරාවක් ද සමාජ නමැති සප්තාහකයක් ද ආරම්භ කළහ. සත්යවාදී නිකාය යන නමින් පතළ වූ මේ ජාතික කවි සමාජයේ ගෝපාලබන්ධුදාස මුල් තැන ගනී. ඔහු කළ බන්ධිර ආත්මකථා (සිරකරුවකුගේ ජීවිත කථාව) නමැති කව තමා සත්යග්රාහියකු වශයෙන් සිර අඩස්සියේ සිටි කාලය විස්තර කරයි. ස්වදේශයට ස්වාධීනත්වය ලබා දෙනු සඳහා මහාත්මා ගාන්ධි ආරම්භ කළ සත්යග්රහ ව්යාපාරයට ආත්ම පරිත්යාගයෙන් සේවා කරමින් වෙහෙසුණු ගෝපාලබන්ධුදාස සිය සොහොයුරු සත්යග්රාහීන් අමතා
"නිදහස ලැබුමට ඉදිරියට’ඩියක්
තැබුමට ඔබහට කිසියම් වහලක්
මගෙ දිවි පිදුමෙන් වේවා යනු මගෙ
අවසන් පැතුම ද යැදුම ද වේ, සකි"
යැයි කියයි. කිසි විටෙකවත් නායකත්වයක් සඳහා තරඟ නොකළ මේ වීරයා ස්වදේශයේ නිදහස් සටනේ අග්රගණ්ය වීරයකු වූවා පමණක් නොව සෙසු ස්වදේශිකයන් ජාත්යනුරාගයෙන් උදම් කිරීමෙහි ද සමත් විය.
ඔහුගේ සාහිත්ය කෘති කෙරෙන් වෙසෙසි තැනක් ගන්නා එකක් ද වේ. ඒ වනාහි බෝධිසත්ව චරිතාපදානයකි. ඔරියා ජනකථාවක් වටා රචිත එහි වීරයා ධර්මපාද නමැති ළදරුවෙකි. එක්තරා ශිල්පියකුගේ එක ම පුතු වූ ඒ ළදරුවා සිය පියාගේත් ඔහුගේ පිරිවර ශිල්පීන් එක්දාස් දෙසීයයකගේත් ජීවිත රකිනු සඳහා ස්වකීය ජීවිතය පූජා කරයි. දිවි පුදන්නට සැරැසුණු ළදරු වීරයා සිය පියා සනසනු සඳහා ඔහු අමතා, උත්පත්තිය හා සමග ම මරණය ද නියමයෙන් එන වග මෙසේ කියයි:
"මරණය දිවිය යනු නිති පිළිවෙළකි, පියේ.
මරණය උපන් කෙණෙහි ම හිමි වේ මෙ දියේ.
ගෝපාලබන්ධු දෘඪ කර්මවාදියෙකි. එහෙයින් හේ සිය වීරයා ලවා -
කම යැ දිවිය මිනුමේ එකමෙක දංඩ"
යැයි කියවයි.
නීලකංඨදාස ආදි සත්යවාදි නිකායේ අන්ය කවීහු ද නොයෙක් ප්රබන්ධයෙන් ස්වභාෂා සාහිත්යය පුෂ්ටිමත් කළහ. නීලකංඨදාසගේ කෝනාර්ක නමැති ප්රබන්ධය සුප්රකට මහා කාව්යයකි. ගෝදාවරීශ මිශ්රගේ අලේඛික, කිශලය යන ගීත ප්රබන්ධ දෙක ගීත සාහිත්යයේ අද්විතීය කෘති වේ. එහෙත් ඔහුගේ නම සාහිත්ය ලෝකයේ වැජැඹෙනුයේ නාට්යකාරයකු වශයෙනි. ඔහු කළ පුරුෂෝත්තම දේව හා මුකුන්ද දේව යන ඓතිහාසික නාට්ය දෙක ඔරියා සාහිත්යයේ ස්ව වර්ගයේ මුඛ්ය ස්ථානය ගන්නා ප්රබන්ධ දෙකකි. පණ්ඩිත කෘපා සින්ධු මිශ්ර ද කෝනාර්කය මාතෘකා කැර මහාර්හ ප්රබන්ධයක් කෙළේය. එ ද ඉතා ඉහළ කවක් සැටියට සැලැකෙන ග්රන්ථයකි.
පුරාතන සම්ප්රදාය ද භක්තියෙන් රැකීමෙහි උත්සුක වූ කවීන් ද නූතන යුගයේ නුවූයේ නැති. රාධා මෝහන ගද්නායක ඒ ගණයේ නායක කවියෙකි.
මේ කාලයේ මෙතෙකට නුවූ විරූ අලුත් ම පන්නයේ ජනකවි සම්ප්රදායක් ද ලේඛක නිකායක් ද ඔරියා සාහිත්ය ලෝකයෙහි පහළ විය. තමන් ප්රගතිශීල යැයි තමන් ම තමනට කියාගන්නා මොහු මාක්ස්වාදීහු වෙති. මොවුන් ආහාසය ලබන්නේ රුසියාවෙනි. මේ නූතන කවි නිකායේ මුල් තැන වැජඹෙන දෙදෙනෙකි. ශචී රෞත්රාය හා අනන්ත පට්නායකයැ ඒ දෙදෙනා නවකථාකරණයෙහිදු නව මඟක් ගත්තෝ වෙති. කණ්හුචරණ මහන්තී හා ඔහු මල් බෑ ගෝපිනාථ මහන්තී ඒ ශ්රේණියේ මුල් තැන ගනිති. නාට්යකරණයෙහි අශ්විනී කුමාර ඝෝෂ හා කාලීචර්ණ පට්නායක යන දෙදෙනා ගෝදාවරීශ මිශ්ර හෙළි කළ මඟ ගමන් කරති. වර්තමාන ලේඛිකාවන් කෙරෙන් මුල් තැන ගන්නේ කුන්තලා කුමාරිත් විද්යුත් ප්රභා දේවීත්ය. බාල වියෙහි දී ම පරලෝ සැපත් කුන්තලා නවකථා කතුවරියක හැටියට ද ජාතිප්රේමී කිවිවරියක සැටියට ද අමරණීය කීර්තියක් දිනා ගත් තැනැත්තියකි. සුලලිත සුමධුර ගීත රචනයෙහි විද්යුත් ප්රභාදේවීට ඇත්තේ ද අද්විතීය ස්ථානයකි.
වර්තමාන ඔරිස්සාවේ භාෂා සාහිත්ය වර්ධනය පරපීඩනාදියෙන් බාධා නැතිව දියුණු වන බව පෙනේ. මේ සංවර්ධනයෙහි කටක් නගරයෙහි උත්කල සාහිත්ය සමාජය පුරෝගාමීව ක්රියා කරයි. අද ඔරියා භාෂාවෙන් පළ කැරෙන මාසික සඟරා කිහිපයක් ද දෛනික ප්රවෘත්ති පත්ර ගණනක් ද වේ. ඔරියා භාෂාවටත් සාහිත්යයටත් ඇත්තේ ඉතා දීප්තිමත් අනාගතයකි.
(සංස්කරණය: 1974)