"අකඩම චක්‍රය" හි සංශෝධන අතර වෙනස්කම්
('මෙය මන්ත්‍රයක් ජප කිරීමේ දී එය සඵල වේ ද නැද්දැ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
09:04, 30 මැයි 2023 තෙක් සංශෝධනය
මෙය මන්ත්‍රයක් ජප කිරීමේ දී එය සඵල වේ ද නැද්දැයි නිගමනය කර ගැනීමට ඉවහල් වන චක්‍රයකි. මේ චක්‍රයේ පළමුවන කොටුවට ඇතුළත් අ. ක. ඩ. ම යන අකුරු සතර එක්කොට අකඩම චක්‍රය යන නාමය දී තිබේ. චක්‍ර නිර්මාණය මෙසේය. කොටු දොළසක් ඇති කවාකාර චක්‍රයක් ඇඳ ඍ. ඎ. යන නපුංසක ස්වර හැර අකාරය පටන් හකාරය දක්වා ඇති අකුරු නැගෙනහිර සිට ඊශාන කොන දක්වා පිළිවෙළින් ලියනු ලැබේ. මන්ත්‍රය ජප කරන්නාගේ නාමයෙහි මුලකුර පිහිටි කොටුවෙහි පටන් මන්ත්‍රයාගේ මුලකුර පිහිටි කොටුව දක්වා පිළිවෙළින් සිද්ධ, සාධ්‍ය, සුසිද්ධ, අරි යයි දක්ෂිණාවෘතව ගණන් කළ විට නාමාක්ෂරය පිහිටි කොටුවෙහි හා ඉන් 5, 9 යන කොටුවල පිහිටි අකුරු සිද්ධයි. නාමාක්ෂරය පිහිටි කොටුවෙන් 2, 6, 10 යන කොටුවල පිහිටි අකුරු සාධ්‍යයි ද 3, 7, 11 යන කොටුවල වූ අකුරු සුසිද්ධයයි ද 4, 8, 12 යන කොටුවල වූ අකුරු රිපු හෙවත් අරි යයි ද සැලකිය යුතුයි.
මීට නිදර්ශනයක් :- මන්ත්‍රය ජප කරන්නාගේ හෝ මන්ත්‍රය ඉගෙනීමට අදහස් කරන ශිෂ්‍යයාගේ හෝ නාමය අමරනාථ යයි ද මන්ත්‍රයාගේ මුලකුර හ්‍රීං" යයි ද සැලැකූ විට අමරනාථ යන නමේ මුලකුර වූ අකාරය අකඩම යන අකුරු පිහිටි මුදුන් කොටුවේ ඇති බව පෙනේ. එතැන් පටන් සිද්ධාදි වශයෙන් ගිණූ කල මන්ත්‍රයේ මුලකුර පිහිටි ඔ ඣ ප හ" යන අකුරු ඇති කොටුව සිද්ධ ගණයට වැටේ. සෙස්ස ද මෙම නයින් සැලකිය යුතුයි. සිද්ධ මන්ත්‍රයෙන් කල් ඉක්මී කාර්‍ය්‍ය සිද්ධිය වේ. වහා සිද්ධිය ගෙන දෙන අක්ෂර යොදා වැඩි වාර ගණනක් සාධ්‍ය මන්ත්‍රයෙන් ජප කිරීම හා හෝම කිරීම හේතු කොටගෙන සිද්ධිය වේ. සුසිද්ධ මන්ත්‍රය ජප කළ ක්ෂණයෙහිම සිද්ධිය වේ. අරි මන්ත්‍රය ජප කරන්නා නසන්නේය. (සංස්කරණය:1963)