"අගස්ති මුනි ශාස්ත්‍රය" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('මේ වනාහි අගස්ති ඍෂිවරයා විසින් ලෝකයාගේ හිතවැ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

12:00, 30 මැයි 2023 වන විට නවතම සංශෝධනය

මේ වනාහි අගස්ති ඍෂිවරයා විසින් ලෝකයාගේ හිතවැඩ පිණිස ප්‍රකාශ කරන ලදැයි කියන නිමිති ශාස්ත්‍රයකි. සතරැස් සුදුහඳුන් කැටයක් සාදා එහි පැති හතරක 1-2-10-3 යන අංක සටහන් කළ යුතුයි. ඉන්පසු එම සඳුන් කැටය දකුණතින් ගෙන දැනගත යුතු කාරණය සිත තබාගෙන තුන්විටක් බිම හෙළා මතු වී සිටි සංඛ්‍යා තුන අනුව ඉෂ්ටානිෂ්ට ඵල දැනගැනීම මෙහි ප්‍රයෝජනයි. මේ පිළිබඳ විස්තර අගස්ති මුනි ශාස්ත්‍රය නමැති පොතෙහි සඳහන් වේ.

(සංස්කරණය:1963)