"අග්ගිබ්‍රහ්මා" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('දඹදිව අශෝක (ක්‍රි.පු. 273-232) අධිරාජයන්ගේ සහෝදරියක...' යොදමින් නව පිටුවක් තනන ලදි)
(වෙනසක් නොමැත)

14:13, 31 මැයි 2023 තෙක් සංශෝධනය

දඹදිව අශෝක (ක්‍රි.පු. 273-232) අධිරාජයන්ගේ සහෝදරියකගේ පුත්‍ර‍යෙකි. අශෝක රජුගේ දියණිය වූ සංඝමිත්‍රා (බ.) කුමරිය විවාහ වී සිටියේ මේ කුමාරයා සමඟය. මිහිඳු මාහිමියන් සමග ලක්දිවට පැමිණි සුමන සාමණේරයන් වහන්සේ අග්ගිබ්‍රහ්මා කුමාරයාගේ හා සංඝමිත්‍රා කුමරියගේ පුත්‍රයාය. අශෝක රජතුමා ඔටුනු පැලඳි සතරවැනි අවුරුද්දේ එතුමාගේ සොහොයුරු වූ යුවරජ තනතුරෙහි සිටි තිස්ස කුමාරයා ද සසුන් වැද මහණව රහත් ඵලය ලැබු බව සමන්තපාසාදිකාවෙහි හා මහාවංසයෙහි සඳහන් වේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අග්ගිබ්‍රහ්මා&oldid=1269" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි