"අග්‍රබෝධි (අග්බෝ)" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
('අනුරාධපුර යුගයේ දී ලංකාවේ රජකළ රජවරුන් නවදෙන...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
14:44, 31 මැයි 2023 තෙක් සංශෝධනය
අනුරාධපුර යුගයේ දී ලංකාවේ රජකළ රජවරුන් නවදෙනෙකුන් හැඳින්වුණේ මේ නමිනි. අග්බෝ, අක්බෝ, අග්බොයි ආදි වශයෙන් ද මේ නම භාවිත වේ. අග්‍රබෝධි නමින් හැඳින්වුණු කුමාරවරුන් කිහිපදෙනෙකුන් ගැන ද චූලවංසයෙහි සඳහන් වෙයි. දෙවන දාඨෝපතිස්ස රජුගේ ඥාති සොහොයුරකු වූ ද, ඔහු යටතේ දක්ෂිණදේශය පාලනය කළා වූ ද කුමාරයා හැඳින්වුණේත් අග්‍රබෝධි නමිනි. රුහුණෙහි ස්වාධීන පාලකයකු වූ, ඔකාවස් පරපුරෙන් බව මහාතිස්ස කුමරුගේ පුත්‍රයා ද හැඳින්වුණේ මේ නමිනි. තුන්වන සේන රජුගේ ඇමතියකු වූ මලය ප්‍රදේශය පාලනය කළ කුමරු ද අග්‍රබෝධි නමින් දන්නා ලදි.
අග්‍රබෝධි නමින් මෙරට රජකළ රජවරුන් නවදෙනා පිළිබඳ විස්තර පහත සඳහන් වේ.
(සංස්කරණය:1963)