"අජැසියෝ (ආයාච්චෝ)" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ප්‍රංශයට හිමි කෝර්සිකා දූපතේ අගනුවරයි. බටහිර...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

12:29, 1 ජූනි 2023 වන විට නවතම සංශෝධනය

ප්‍රංශයට හිමි කෝර්සිකා දූපතේ අගනුවරයි. බටහිර වෙරළෙහි එහි ලොකු නැව්වලට පවා වරාය පහසුකම් සැලැස්විය හැක්කාවූ ස්වාභාවික වරායක් ඇත. 1492දී ජිනීවා වාසීන් විසින් මුල් නරගය ඉදිකළ ස්ථානයට සැතැපුම් දෙකක් පමණ දකුණෙන් පිහිටි වර්තමාන නගරය 1553දී ප්‍රංශයටත් හිමිවිය. නැපෝලියන් බොනපාට් උපන්නේ මේ නගරයෙහිය. ඔහු උපන් ගෙය දැන් කෞතුකාගාරයෙකි. 1943 සැප්තැම්බර් මාසයේ දී ජර්මනුන්ගෙන් නිදහස් වූ ප්‍රථම කෝර්සිකානු නගරය මෙය යි. සාඩින් මසුන් සහ කොරල් ගැන මේ නගරය ප්‍රසිද්ධය. කර්මාන්ත වශයෙන් මෙහි සුරුට්ටු සහ මැකරෝනි සෑදීමත් නැව් තැනීම සහ මසුන් මැරීමත් කරනු ලැබේ. දොඩම්, දැව සහ සම් මේ තොටින් පිටරට යවන ප්‍රධාන ද්‍රව්‍යයි. ජනගහනය (1954) 28,732කි.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අජැසියෝ_(ආයාච්චෝ)&oldid=1350" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි