"අඩතැන්න (Peneplain)" හි සංශෝධන අතර වෙනස්කම්
('බොහෝ කලක් මුළුල්ලෙහි සිදු වු ඛාදනය නිසා භූවිෂ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
15:21, 1 ජූනි 2023 තෙක් සංශෝධනය
බොහෝ කලක් මුළුල්ලෙහි සිදු වු ඛාදනය නිසා භූවිෂමතාව අඩු වූද වඩා උස් නොවූ ද හෙල් සහිත වූද භූමිප්‍රදේශය අඩතැන්න නමි. සාමාන්‍ය ඛාදන චක්‍රයේ වෘද්ධ අවධියේ දී ඇති වන භූ ස්වරූපය අඩතැන්න යනුවෙන් ඇමෙරිකානු භූ විද්‍යාඥ ඩබ්ලිව්.ඇම්.ඩේවිස් මහතා හැඳින්විය. ඒ අනුව, වෘද්ධ අවධියට පැමිණීම නිසා විශාල වූ ද, භූවිෂමතාවන් මැකී ගියාවූ ද නිම්නයන් ඔස්සේ සෙමින් ගලා බන ගංගා ඇතිවීම අඩතැන්නක විශේෂ ලක්ෂණයකි. අඩතැන්නක ගංගා අතර හෙල්බිම් මිස උස් පෙදෙස් ඉතිරි නොවේ. විශාල අඩතැන්නකට අයත්, රටේ අභ්‍යන්තර පෙදෙස් මඳක් උස්ව පිහිටිය හැකි වුව ද, වෙරළට ආසන්න පෙදෙස් සාමාන්‍ය පර්යන්ත මට්ටමට වඩා උස්වනුයේ කලාතුරකිනි. අඩතැන්නක මුහුද දෙසට ඇති බැස්ම ඉතා ම ස්වල්පය. ඛාදනයට ඔරොත්තු දුන් ප්‍රතිරෝධක පාෂාණ ඛණ්ඩ හෝ යම්හෙයකින් ඛාදනය නොවූ කඳුගැට හෝ අඩ තැන්නක තැනින් තැන දක්නට ලැබේ. මේවා "මොනඩ්නොක්" (ප්‍රතිරෝධක කඳු) නමින් හැඳින්වේ.
නිතර ඇති වන භූචලන නිසා ඛාදන චක්‍රයක් සම්පූර්ණ වනුයේ කලාතුරකිනි. එහෙයින් ස්වාභාවික සිදුවීම් අනුව බලන කල අඩතැන්න යනු මන:කල්පිතයක් පමණකැයි සලකන භූවිද්‍යාඥයෝ ද සිටිති. කෙසේ නමුත් බටහිර සයිබීරියානුතැන්න සහ හඩ්සන් මහා බොක්ක අවට හෙල් සහිත පහත් බිම් අඩතැනිවලට වැදගත් නිදසුන් වශයෙන් ගිණිය හැකිය. භූලක්ෂණය අනුව අඩතැනි යයි සැලකිය හැකි තැනිතලා කීපයක් ම ඇති නමුත් ඒවා සාමාන්‍ය ඛාදනය නිසා ඇතිවීද නැතහොත් අන්‍ය වූ ඛාදනකාරකයන් නිසා ඇතිවී දැයි තව ම අවිනිශ්චිත ය.
ලංකාවේ භූමිනිර්මාණය පිළිබඳ පර්යේෂණ පැවැත්වූ ඇඩම්ස් හා වාඩියා යන විද්‍යාඥයෝ දිවයිනේ භූමිය මුහුදු මට්ටමේ සිට රට මැද කරා නැගී යන ආකාරය සලකා බලා එය මට්ටම් තුනකින් යුක්තව පිහිටා ඇතැයි ද ඊට හේතුව තෙවරක දී අඩතැනි තුනක් ඇතිවීම යයි ද කියත්.
කර්තෘ:එච්.ඇන්.සී. පොන්සේකා පොත්පත්:
Morgan, R. S. – An outlineof Geomorphology
(සංස්කරණය:1963)