"අඩ්යාර් (අඩෛයාරු)" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
('පරම විඥනාර්ථ (බ්‍රහ්මඥන) සමිතියේ ලෝක මධ්‍යස්ථ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
15:51, 1 ජූනි 2023 තෙක් සංශෝධනය
පරම විඥනාර්ථ (බ්‍රහ්මඥන) සමිතියේ ලෝක මධ්‍යස්ථානය පිහිටි අඩ්යාර් ග්‍රාමය ඇත්තේ මදුරාසිය අසලය. මෙහි දී පරම විඥනාර්ථ සමිතියේ ආදිකර්තෘවරයන් වූ බ්ලැවට්ස්කි මැතිණිය හා ක'නල් ඕල්කොට් මහතා ද විසින් 1886 දී ඉන්දියානු පරම විඥනාර්ථ සමිතිය පිහිටුවන ලදී. අඩ්යාර්හි අගනා පුස්තකාලයක් ද ඇත. අප රට බෞද්ධයන් ප්‍රබෝධ කරවීමෙහි පුරෝගාමියකු වූ ඕල්කොට් මහතා දිවංගත වූයේ ද මෙහි දීය.
අඩ්යාර් අසලින් ගලන කුඩා ගඟක් ද අඩ්යාර් නමින් ම හැදින්වේ. ලොව පැරණිතම ගසක් හැටියට ගැනෙන සුවිශාල නුග වෘක්ෂයක් නිසා ද අඩ්යාර් ප්‍රසිද්ධියට පැමිණ ඇත.
(සංස්කරණය:1963)