"අඔතල චක්‍රය" හි සංශෝධන අතර වෙනස්කම්
1 පේළිය: | 1 පේළිය: | ||
ඉෂ්ටානිෂ්ට පද්‍ය බන්ධනයෙහි දී ඉවහල් කරගනු ලබන චක්‍රයකි. චක්‍ර නිර්මාණය මෙසේය. අර (ගරාදි) අටකින් යුත් චක්‍රයක් ඇඳ එහි මුදුන් අරයෙන් ආරම්භව අයන්නේ පටන් ඕයන්න දක්වා ඇති ස්වර ද කකාරය පටන් අනුස්වාරය දක්වා ඇති ව්‍යඤ්ජන ද පිළිවෙළින් ලියන්නේය. එකල (1) අ, ඹ, ත, ල (2) ආ, ඕ, ද, ව (3) ඉ, ක, න, ස (4) ඊ, ග, ප, හ (5) උ, ජ, බ, ළ (6) ඌ, ට, ම, අං (7) එ, ඩ, ය (8) ඒ, ණ. ර යන අකුරු අට අටෙහි පිළිවෙළින් සිටී. | ඉෂ්ටානිෂ්ට පද්‍ය බන්ධනයෙහි දී ඉවහල් කරගනු ලබන චක්‍රයකි. චක්‍ර නිර්මාණය මෙසේය. අර (ගරාදි) අටකින් යුත් චක්‍රයක් ඇඳ එහි මුදුන් අරයෙන් ආරම්භව අයන්නේ පටන් ඕයන්න දක්වා ඇති ස්වර ද කකාරය පටන් අනුස්වාරය දක්වා ඇති ව්‍යඤ්ජන ද පිළිවෙළින් ලියන්නේය. එකල (1) අ, ඹ, ත, ල (2) ආ, ඕ, ද, ව (3) ඉ, ක, න, ස (4) ඊ, ග, ප, හ (5) උ, ජ, බ, ළ (6) ඌ, ට, ම, අං (7) එ, ඩ, ය (8) ඒ, ණ. ර යන අකුරු අට අටෙහි පිළිවෙළින් සිටී. | ||
− | + | [[ගොනුව:1.jpg]] | |
එක් එක් අරයෙහි පිහිටි අකුරු ක්‍රමයෙන් මුගටි, මහිෂ, බකමුහුණු, ව්‍යාඝ්‍ර, සර්ප, තුරඟ, කාක, මුව යන යෝනි අටට අයත්ය. මෙයින් ප්‍රථම යෝනිය පස්වැන්නට ද, දෙවැන්න සවැන්නට ද, තුන්වැන්න සත්වැන්නට ද සිව්වැන්න අටවැන්නට ද විරුද්ධය. ගණන් කිරීම කොතැන සිට කොයි අතට කළත් එය ආරම්භ කළ යෝනිය ඉන් පස්වැන්න හා ප්‍රතිවිරුද්ධය. යෝනි විෂයෙහි පවත්නා මේ විරුද්ධතාව ඒ ඒ යෝනිවලට අයත් අක්ෂරයන් කෙරෙහි ද බලපවත්වයි. විරුද්ධ යෝනිය හැර සෙසු සියල්ල ඔවුනොවුන්ට උදාසීන යයි සඳහන් වුව ද සිව්වන යෝනිය මිත්‍ර වශයෙන් සලකනු ලැබේ. ගද්‍ය පද්‍යාරම්භයෙහි ද ඉෂ්ට කාව්‍යකරණයේ දී පද්‍යාරම්භයෙහි හා කාව්‍යනායක, කාව්‍යකර්තෘ නාමයන්ගේ උභයපාර්ශ්වයෙහි ද අවිරුද්ධයෝනිවලට අයත් අක්ෂර යෙදීම නියමිතය. අනිෂ්ටකාව්‍ය (වස්කව්) නිබන්ධනයේ දී යථෝක්ත ස්ථානයන්හි විරුද්ධ යෝනිවලට අයත් අකුරු යෙදිය යුතුය. චක්‍රය මුදුනෙහි වූ මුගටි යෝනියට අයත් අ ඹ ත ල යන අක්ෂර සතරෙන් මේ චක්‍රය හඳුන්වා තිබේ. | එක් එක් අරයෙහි පිහිටි අකුරු ක්‍රමයෙන් මුගටි, මහිෂ, බකමුහුණු, ව්‍යාඝ්‍ර, සර්ප, තුරඟ, කාක, මුව යන යෝනි අටට අයත්ය. මෙයින් ප්‍රථම යෝනිය පස්වැන්නට ද, දෙවැන්න සවැන්නට ද, තුන්වැන්න සත්වැන්නට ද සිව්වැන්න අටවැන්නට ද විරුද්ධය. ගණන් කිරීම කොතැන සිට කොයි අතට කළත් එය ආරම්භ කළ යෝනිය ඉන් පස්වැන්න හා ප්‍රතිවිරුද්ධය. යෝනි විෂයෙහි පවත්නා මේ විරුද්ධතාව ඒ ඒ යෝනිවලට අයත් අක්ෂරයන් කෙරෙහි ද බලපවත්වයි. විරුද්ධ යෝනිය හැර සෙසු සියල්ල ඔවුනොවුන්ට උදාසීන යයි සඳහන් වුව ද සිව්වන යෝනිය මිත්‍ර වශයෙන් සලකනු ලැබේ. ගද්‍ය පද්‍යාරම්භයෙහි ද ඉෂ්ට කාව්‍යකරණයේ දී පද්‍යාරම්භයෙහි හා කාව්‍යනායක, කාව්‍යකර්තෘ නාමයන්ගේ උභයපාර්ශ්වයෙහි ද අවිරුද්ධයෝනිවලට අයත් අක්ෂර යෙදීම නියමිතය. අනිෂ්ටකාව්‍ය (වස්කව්) නිබන්ධනයේ දී යථෝක්ත ස්ථානයන්හි විරුද්ධ යෝනිවලට අයත් අකුරු යෙදිය යුතුය. චක්‍රය මුදුනෙහි වූ මුගටි යෝනියට අයත් අ ඹ ත ල යන අක්ෂර සතරෙන් මේ චක්‍රය හඳුන්වා තිබේ. | ||
[[ප්‍රවර්ගය:අ]] | [[ප්‍රවර්ගය:අ]] |
22:36, 1 ජූනි 2023 තෙක් සංශෝධනය
ඉෂ්ටානිෂ්ට පද්‍ය බන්ධනයෙහි දී ඉවහල් කරගනු ලබන චක්‍රයකි. චක්‍ර නිර්මාණය මෙසේය. අර (ගරාදි) අටකින් යුත් චක්‍රයක් ඇඳ එහි මුදුන් අරයෙන් ආරම්භව අයන්නේ පටන් ඕයන්න දක්වා ඇති ස්වර ද කකාරය පටන් අනුස්වාරය දක්වා ඇති ව්‍යඤ්ජන ද පිළිවෙළින් ලියන්නේය. එකල (1) අ, ඹ, ත, ල (2) ආ, ඕ, ද, ව (3) ඉ, ක, න, ස (4) ඊ, ග, ප, හ (5) උ, ජ, බ, ළ (6) ඌ, ට, ම, අං (7) එ, ඩ, ය (8) ඒ, ණ. ර යන අකුරු අට අටෙහි පිළිවෙළින් සිටී.
එක් එක් අරයෙහි පිහිටි අකුරු ක්‍රමයෙන් මුගටි, මහිෂ, බකමුහුණු, ව්‍යාඝ්‍ර, සර්ප, තුරඟ, කාක, මුව යන යෝනි අටට අයත්ය. මෙයින් ප්‍රථම යෝනිය පස්වැන්නට ද, දෙවැන්න සවැන්නට ද, තුන්වැන්න සත්වැන්නට ද සිව්වැන්න අටවැන්නට ද විරුද්ධය. ගණන් කිරීම කොතැන සිට කොයි අතට කළත් එය ආරම්භ කළ යෝනිය ඉන් පස්වැන්න හා ප්‍රතිවිරුද්ධය. යෝනි විෂයෙහි පවත්නා මේ විරුද්ධතාව ඒ ඒ යෝනිවලට අයත් අක්ෂරයන් කෙරෙහි ද බලපවත්වයි. විරුද්ධ යෝනිය හැර සෙසු සියල්ල ඔවුනොවුන්ට උදාසීන යයි සඳහන් වුව ද සිව්වන යෝනිය මිත්‍ර වශයෙන් සලකනු ලැබේ. ගද්‍ය පද්‍යාරම්භයෙහි ද ඉෂ්ට කාව්‍යකරණයේ දී පද්‍යාරම්භයෙහි හා කාව්‍යනායක, කාව්‍යකර්තෘ නාමයන්ගේ උභයපාර්ශ්වයෙහි ද අවිරුද්ධයෝනිවලට අයත් අක්ෂර යෙදීම නියමිතය. අනිෂ්ටකාව්‍ය (වස්කව්) නිබන්ධනයේ දී යථෝක්ත ස්ථානයන්හි විරුද්ධ යෝනිවලට අයත් අකුරු යෙදිය යුතුය. චක්‍රය මුදුනෙහි වූ මුගටි යෝනියට අයත් අ ඹ ත ල යන අක්ෂර සතරෙන් මේ චක්‍රය හඳුන්වා තිබේ.